පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-02-25

චරිත තුනක්.


මීදුමට අපුරු චරිත තුනක් මතක් වුනා. තුන්දෙනාම මීදුමගේ අසල්වාසීන්.

නම් කියන්න හොද නැහැනේ.

අපි නම් තුනක් හදා ගනිමු.

දෙන්නෙක්ට තිබුනේ එකම නම. වැඩේ ලේසි වෙන්නත් එක්ක ඒ දෙන්නට “ පුංචි මහත්තයා “ කියමු.

ඒ දෙන්නා ගමේ අය හදුනාගත්තේ කොණ්ඩෙන්.

එක්කෙනෙක් කොණ්ඩේ බැදලා . අනිත් එක්කෙනා කොණ්ඩේ කපලා.

කොණ්ඩේ බැදලා හිටපු එක්කෙනාට ද්‍රවිඩ සහෝදරවරු කිව්වේ “ කොණ්ඩ කට්ටි “ කියලා.

එතකොට කොණ්ඩේ කපපු එක්කෙනා “ කොණ්ඩ වෙට්ටි “ වුනා

දෙන්නාම පදිංචි වෙලා හිටියේ පාරෙන් වෙන්වුන ඉඩම් දෙකක මුහුණට මුහුණලා හදපු ගෙවල් දෙකක.

මේ දෙන්නා නෑ කමට අමතරව හරිම යාලුවෝ. 

දෙන්නම ඉර හැරෙන යාමෙට යන ගමනක් තිබුනා. ආපහු ආවම කොණ්ඩ කට්ටි නිශ්ශබ්දයි. ඉරියව් වල අමතර වෙනසක් තියෙන්නේ වැඩියෙන් හිනා වෙන එක, වෙනත් වෙලාවට දකින්න නැති ලෙන්ගතු කමක් ආරූඩ වෙනවා.

කොණ්ඩ කට්ටි එහෙම නෙමෙයි. ගෙදර ෂන් ෂේඩි එක යටට ඇවිදින් මුලු ගමම අමතනවා. 

ආරච්චි මහත්තයා, වෙල් විදානේ මහත්තයා, ස්කොලේ ලොකු මහත්තයා, මුදලාලි මහත්තුරු කී නොකී ගමේ චරිත සෝදා සෝදා මඩේ දානවා.

හැමදාමත් හිරු ගිලෙන හැන්දෑවට කොණ්ඩවෙට්ටිගේ ප්‍රහාරයට මේ චරිත වලින් එකක් දෙකක් ලක්වෙනවා.

මතක නැතිවුනානේ කොණ්ඩවෙට්ටි දෙවන ලෝක මහා යුද්ධයට හමුදාවට බැදී සිංගප්පූරුවට ගිහින් ආපු විශ්‍රාමික යුද සෙබලෙක් .

ඉතින් , වීරයා වගේ අමතන්න අමුතු හයියකුත් තියෙනවා නේ.

මේ ඩෝප් සීන් එක එවරවුනාම මිනිහා පූසා වගෙයි. කාටවත් හිරිහැරයක් නැහැ.

තුන්වැන්නා එහෙම චරිතයක් නෙමෙයි.

රතු ලේ ඇග පුරා ගලන තදබල මාක්ස්වාදියෙක්, සමාජවාදියෙක්.  ( වෙනස් මතවාදි වෙනසකට පත්වු අවස්ථාවක් තිබුනත් ).

නමින් ජුවානිස්.

වැඩිහිටියෙක් නිසා කවුරුත් කිව්වේ ජුවානිස් අයියා කියලා. මෙච්චර කාලයක් හිටියානම් දැන් වයස සීයයකට ආසන්නයි. 

මීදුම එහෙම ලීවේ සියයක් වසරක් ඉදලා ජුවානිස් අයියාගේ දේශපාලන අභිමාර්ථය කිරුල පලන්දන් ඉන්නවා දැකලා සතුටු වෙයි ජයටම කියලා හිතලා. 

ඒත් දුක්වෙන්නත් වෙයි කියලා මීදුමට හිතුනා මේ විකෘතියට.

ගමේ තිබුණා කම්හලක් . පිහිය මන්න කැති වගේ උපකරණ හදන. මේ කම්හලේ ලිපට ඕන කරන දර සදහා යොදා ගත්තේ ප්‍රදේශයේ තිබුන “මරන් “ කියන ගස් වර්ගයෙන්. 

“මරන් “ කිව්වාම ආදියේදී බලංගොඩ යකඩ නිස්සාරණ යේදී  මේ දැව වර්ගය.යොදා ගෙන තිබුනා . මේ දැව බහුලව තිබුන ගම් ප්‍රදේශ “ මරන්ගොඩ, මරන්ගහවෙල “ වගේ නම් වලින් අදත් හදුන්වනවා. 

ජුවානිස් අයියා ගැන කියාගෙන ඇවිත් අතුරු කතාවකටත් ආවා.

ජණගහණය වැඩිවෙන්න වැඩිවෙන්න ජනාවාස වෙන කොට කැලෑ එළිවුනා. මරන් වැනි ශාඛ ක්‍රමයෙන් වදවෙලා ගියා.

අපි දන්නා කාලයේ ඉතාමත් සීමිත ඉඩම් පුමාණයක තමයි මරන් ගස් තිබුනේ. අවසානයේ ප්‍රදේශයෙන් මේ ගස් වර්ගය වද වෙන තුරු ම දර සපයන්න ජීවිත කාලය ම කැප කර ජුවානිස් අයියා මියයන වකවානුව වන විට අර යකඩ වැඩ කල කම්හලත් නවීකරණය වෙලා.

මීට අමතරව පාන් බේකරියට ටිකක් යමක් කමක් තියෙන ගෙවල් වල උදවියත් ජුවානිස් අයියාගෙන් දර මිළදී ගත්තා. 

මුල් කාලයේ කැලේ දර විකුණන්න පුළුවන් වුනත් කාලයක් යන විට දර සොයා ගන්න අපහසු වුනා. ගමේ ජනගහනය පසු ගිය දශක පහේ දස ගුණයකින් විතර වැඩි වුනා. කාලයක් යන විට වැඩි වුන ජනගහනය ට නිවාස ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවේ කැලෑව වැසියන් අතර බෙදා දුන්නා. නැත්නම් ඉඩම් අනවසරයෙන් අල්ලා ගෙන පැල් කොටයක් අටවා ගෙන පදිංචි වුනා. ගම විසින් ගිල ගත් කැලෑව ජනා වාස වුනා.

කැලේ දවසින් දවස අඩු වුනා. අපේ කථානායකයා වන - ජුවානිස් අයියට දර සොයා ගන්න බැරි අවස්ථාව ආවාත් ඔහු රස්සාව අත් හැරියේ නෑ. කැලේ ගස් කපලා දර බවට පත් වෙන්න හැරලා ඉන් පස්සේ විකුණන්න පටන් ගත්තා. අන්තිමේ කැලේ නැත්තට ම නැති වුනා. වන සංරක්ෂණ‍ය උදෙසා වගා කර තිබූ වන වගාව ආක්‍රමණය කරලා දරට විකුණා දමමින් පොලිසි උසාවි ගානේ යාමිනුත් මරණය තෙක් ම තම රක්ෂාව නම් අත් හැරියේ ම නැහැ. රජයේ නිලධාරියන්ගෙන් රැකියාවට පීඩන වැඩි වෙන කොට තාවකාලික රැකියාවකට ගමෙන් බැහැර වුනත් ටික දවසකින් ගමට ආ විට ආයෙත් පරන රස්සාවට බැස්සා.

ඔහුගේ දේශපාලනය හැමදා මත් ප්‍රතිසංස්කරනවාදියි. 

අප දැනුම් තේරුම් ඇති කාලයේ සිටම තදබල සමසමාජ පාක්ෂිකයෙක්. 

අවුරුදු හත අටකට ඉස්සර සමෘද්ධි සහනාධාර පිළි බද ප්‍රශ්ණයක් ඇතිවී එජාපයට ගිය ඔහු තද බල එජාප වාදියෙක් වුනා. 

ඔහු ගම් වැසියන් දරන හැම මතයම දැක්කේ ඔහුගේ  කෝණයෙන් වැරදි මතයක් ලෙසයි.දැන් කාලෙත් ඔය ඉන්නේ තම දේශපාලන මතයට අභියෝග කරන මතවාද දරන්නන් අපහාසයට උපහාසයට දක්වන අය.

 ඒ හැම මතයට ම ප්‍රති විරුද්ධ මතවාදයක් ඔහු ට තිබුණා. කැලේ විනාශ කිරීම හැර. ඒ ඔහු ගේ රස්සාව නිසා කරන වැඩේ වැරැද්දක් දුටුවේ නෑ. නිතරම කතා කලේ ගමේ සිදු වන දේවල් ගැන විරුද්ධ මතයක සිට ඔහු සෑහීමකට පත්වෙන මතවාදයක් ගමේ කවදාවත් තිබුණේ නැහැ. පාරක් හැදුවත්, ළිඳක් හැදුවත් ,ජල නල මාර්ගයක් එළුවත්, ඒ වැඩේ කරන අන්දම ගැන වැරදි පැත්තක් තමයි ඔහු දුටුවේ.හැමදේම විවේචනය කලා.

මොහු හොද කියවන්නෙක් . දිනපතා ම පුවත් පතක් කොයි තරම් අමාරු කම් මැද්දේ උනත් මිළ දි ගැණීමේ පුරුද්දක් ඔහු ට තිබුණා. කලින් “ඇත්ත , රාවය , දිවයින ,හිරු වගේ විකල්ප පුවත් පත් , පසු කාලයක ලංකාදීපය වැනි පුවත් පත් කියවන බව ගම් වැසියන් නිරීක්ෂණ‍ය කරලා තිබුණා. මේ පුවත්පත අකුරක් නෑරම කියවීම ඔහුගේ පුරුද්ද. මේවායින් ඔහු දැනුවත් වුනා.

කේන්ති කාරයෙක් වුන ජුවානිස් අයියා සමග වාද විවාදවල පැටලෙන්න නම් කවුරුත් කැමති වුනේ නැහැ.

ආයෙත් දවසක හමුවෙමු .

අපේ ගමේ විත්තිත් සමග.

A day in the life

2025-02-24

බුරුවෝ . - නස්රුදීන්ගේ කතා.







"මීදුම" නස්රුදීන්ගේ කතා ලියලා තියෙනවා. මේ දවස් වල වැඩි වැඩියෙන් බූරුවෝ ගැන කතා වෙනවා.ස්ට්‍රෙස් එක රතු කට්ට පැනපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් තම බූරුවා හොයන රූපවාහිණි දර්ශණ පහුගිය දවස් වල ප්‍රවෘත්ති අතර ජනප්‍රිය  මාතෘකාවක් වුනා. 

කලබල වුනහම ඔහොම තමයි. 

නස්රුදීන් ගේ කතාවල හැම එකකම වගේ බූරුවා හමුවෙනවා. උන්නැහේගේ කාලෙ ජනප්‍රිය වාහනය වුනේ බූරුවා. දැන් කාලේ රථවාහන පදවන්නේ බුරුවෝ.

නස්රුදීන් ගුරුවරයෙකු ලෙස හදුන්වනවා. නිතර නිතර රාජ්‍ය පාලකයින් සමග සහසම්බන්ධතා තිබුන කෙනෙක් හැටියටත් කතාන්දර වලදී මුණ ගැහෙනවා.

නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. 

එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. 

ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. 

 කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා.මෙහෙම කිව්වේ නස්රුදීන් තේ කතා සිංහල අප අතරට ගෙනා පර්සි ජයමාන්න මහත්තයා

නස්රුදීන් තමන්ගේ කර ගන්නා බොහෝ රටවල් ලෝකයේ තියෙනවා. රුසියාවෙ සලකන්නේ ජනතා වීරයෙක් ලෙසට. චීනයේදී ඔහු “ නස්රුදීන් අවන්ති “ වෙනවා. “නස්රුදීන් ගෝභා” ලෙසයි යුගොස්ලාවියාවෙදි හමුවෙන්නේ.

ග්‍රීසිය, ප‍්‍රංශය ආදී රටවල  ජනකතා අතරත් ශ්‍රී  ලංකාවේ අන්දරේගේ කතා අතරත් නස්රුදින්ගේ කතා තියෙනවා.නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන රටවල් ලොව පුරා තිබුණත් ඔහු වෙනුවෙන් සොහොනක් ප‍්‍රදර්ශනය කරන එක එකම රට තුර්කියයි. ඒ රටේ නස්රුදින් උපන්නා යැයි කියන එස්කිෂෙයර්වල වාර්ෂික උත්සවයකුත් පැවැත් වෙනවා. නස්රුදින්ගේ ප‍්‍රතිමාවක් ඉදි කරපු උයනකුත් තියෙනවා

නස්රුදීන් සංචාරකයෙක්. සංචාරය කරන ගමන් පුංචි පුංචි ව්‍යාපාරත් කරලා තියෙනවා.

කලක් ග්‍රීසියට බූරුවන් අපනයනය කිරීම තහනම් වෙලා තිබුනා.

නස්රුදීන්ගේ වාහනය වුනේ බූරුවෙක්. බුරුවෙක් පදවපු වාහනයක් නෙමෙයි. ඉතින් පර්සියාවේ සිට ග්‍රීසියට යන නස්රුදීන් දේශසීමාවෙදි රැකවලුන්ගේ පරීක්ෂාවට ලක්වෙනවා.අපේ රටේදී රේගුව කරන පරීක්ෂා දන්නවනේ. සමහරවිට පරීක්ෂණවලට ලක් නොවීත් කන්ටේනර් දෙතුන්සීය ඉගිලෙන වෙලා වලුත් තියෙන්නේ.

ඒවා කෘතිම බුද්ධියට යටත් වුනත් ග්‍රීසියේ ඒ තක්ෂණය තිබුනේ නැහැ.

ඉතින් ……..

නස්රුදීන් නිතර නිතර දේශසීමාව හරහා එහා මෙහා යනවා. දේශසීමා රැකවලුන් ඔහු  ගෙන යන  බඩු බාහිරාදිය හොදින් පරීක්ෂා කරනවා.ඔහුවත් පරීක්ෂා කරනවා.  හැමදාමත් බූරුවගේ පිටේ ලොකු ගෝණියක දාලා බැදලා පටවලා තියෙන්නේ පිදුරු .

එකවතාවකවත් සැක කටයුතු කිසිවක් නස්රුදීන්ගේ බඩුබාහිරාදිය අතර තිබුනේ නැහැ.

ආරක්ෂකයින් නස්රුදීන්ගේ ප්‍රශ්න කරනවා.

“ තමුන් හැමදාමත් ග්‍රීසියට  මේ ගෙන යන්නේ මොනවද ?.

නස්රුදීන් උත්තර බදිනවා.

“ මොනවද ? . හොරබඩු මිසක් !”

මේ විහිලුව දිගටම කෙරෙනවා. නස්රුදීන් පිදුරු පටවාගත්ත බූරුවෙක් එක්ක නිතර නිතර දේශසීමාව පහු කරගෙන නිරුප්‍රදිතව ග්‍රීසියට යනවා එනවා.

හැබැයි එන්නේ පයින්.

කාලය මෙහෙම ගෙවීගියා. පර්සියාවත් ග්‍රීසියත් අතර තිබුන වෙළද සම්බන්ධතාවය අහවර වෙලා නස්රුදීන් ඊජිප්තුවට ගියා.

විවේකයක් ගන්න. ඊජිප්තුවේ සංචාරය කරමින් ඉන්න අතර තුර එක් දිනක් ඔහුට පර්සියාණු දේශසීමාවේ රැකවල් කර සිටි නිළදාරියෙක් හමුවුනා. 

ඔහු මේ වනවිට විශ්‍රාමිකයෙක්.

දෙදෙනා දැන හදුනාගෙන සතුටු සාමිචියේ යෙදිලා ඉන්න අතර විශ්‍රාමික නිළදාරියා අහනවා.

“ඔයා ඒ දවස්වල දේශසීමාව පහුකරන කොට මොනවා හරි හොර බඩු ගෙන යන බව අප සැක කලා. ඒත් අල්ල ගන්න නවදාවත් බැරිවුනා 

දැන් මෙහෙ ධනවතෙක් වගේ සංචාරය කරනවා.

ඒ නීති මෙහෙ බලපාන්නෙත් නෑ.

හැබෑට මෙනවද පර්සියාවේ ඉදන් ග්‍රිසියට අරන ගිය හොරබඩු ?.

කියන්නකෝ දැන්වත් .

ස්ට්‍රෙස් එක නැතිවම නස්රුදීන් උත්තර බැන්දා. 

“බුරුවෝ “.

A day in the life