පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-11-14

ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසු කණුව.






රුපියල් 3500කින් ඉදිකෙරූ ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසු කණුව.


ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු කොටුවේ කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.
සම්පූර්ණ ගලෙන් නිමවා ඇති මෙය ශ්‍රී ලංකාවේ ඇති විශාලතම සහ දර්ශනීයම හෝරා ස්ථම්භය වේ.
1883 වැඩ අවසන් කළ මෙය කැප කරන ලද්දේ වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා විසින් සිදුකල සේවය සිහිවීම පිණිසයි.
බැලූ බැල්මට ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටු බැම්මත්, ඔරලෝසු කණුවත් එකම කාලයකදී සිදුකල නිර්මාණයන් ලෙස පෙනුනත් , ගාලු කොටුව ඔරලෝසු කණුව පසුකාලීනව ඊට එකතු කරන ලද්දකි.
මෙය කොස්ගොඩ උපන් දේශීය සිංහල ධනපතියකුගේ ධන පරිත්‍යාගයකි. 19 වන සියවසේ අවසන් සමය තුල, මෙරට ගාලු දිසාවේ ජනතාවට සේවය කරමින් ඉමහත් ජනතා ප්‍රසාදයක් දිනාසිටි, ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක්‌ වූ පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා සිය සේවා කාලය නිමාකරමින් සමුගැනීමට සූදානම් වූ අවස්ථාවේදී, ඔහුගේ සේවය අගයා යම් දෙයක් සිදු කල යුතු යැයි එකල ගාල්ලේ ජන ප්‍රධානීහූ සාකච්ඡා කළහ. එහිදී පැමිණි යෝජනාවකට අනූව, පීටර් ඩැනියෙල් මහතාගේ සේවය අගයා ඔරලෝසු කණුවක්‌ ඉදිකිරීම සුදුසු යැයි තීරණය විණි.
මෙවැනි ඔරලෝසු කණුවක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් තුන්දහස්‌ පන්සියයක්‌ පමණ වියදම් වෙතැයි ඇස්තතමේන්තු කල අතර, එම මුදල් ප්‍රමාණය ගාලු නාගරික ජනතාවගෙන් අයකර ගැනීමට මුලදී තීරණය විණි.
නමුත් එසේ සිදු කිරීම සුදුසු නොවන බව පවසමින් වාසල මහ මුදලි කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්‍ෂ මහතා, එම මුදල් ප්‍රමාණය තමා විසින් දැරීමට සූදානම් බව දන්වා සිටින ලදී.
ඒ අනූව වැඩ කටයුතු සිද්ධ වෙමින්, ගාලු කොටුවේ ඉදිවූ මෙම ඔරලෝසු කණුව 1883 වසරේදී වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා අතින් විවෘත කෙරුණි.


උපුටා ගැනීම : මුහුනු පොතෙන්.
A day in the life

2024-11-13

ජේතවනාරාමය







ජේතවනාරාමය යනු අප කවුරුත් දන්නා බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයට පාත්රවූ සිද්ධස්ථානයකි.
👉 එහෙත් ජේතවනාරාමය යනු පැරණි කාලයට විශාලතම ඉදිකිරීම් අතර ලෝකයේ දෙවැනි ස්ථානය හිමි වන නිර්මාණය බව සහ විශාලත්වය අතින් එය දෙවැනි වන්නේ ඊජිප්තුවේ ගීසා පිරමිඩයට පමණක් බවත් ඒ බොහෝ දෙනා නොදනිති.
👉 මේ කෙටි සටහන ඒ ගැනය.
👉 ජේතවනාරාමයේ උස මීටර් 122 හෙවත් අඩි 400කි. මෙය ඉදිකිරීම සඳහා ගඩොල් නවකෝටි තිස්තුන් ලක්ෂයක් (93300000) පමණ වැයවූ බව සඳහන් වේ.
👉 ජේතවනාරාමේ ඉදිකර ඇත්තේ ක්රි.ව. 276 - 302 අතර කාලයේදී අනුරාධපුරයේ රජ කළ මහසෙන් රජු විසිනි.
👉 ඒ සා ඈත කාලයක එවැනි විශාල ඉදිකිරීම් කළ රටවල් ලෝකයේ ඇත්තේ අතලොස්සකි.
ග්රීසිය, ඉරාකය, ඉන්දියාව, තුර්කිය, මෙක්සිකෝව, ගෝතමාලාව වැනි ඒ රටවල් අතරට ශ්රී ලංකාවද අයත් වේ.
👉 20 වන සියවසට පෙර ඉදිවුණු ලෝකයේ විශාලතම ආකෘති 200ක පමණ ලැයිස්තුවක් විකිපීඩියා විශ්වකෝෂයේ දක්නට ලැබේ.
👉 ඒ අතරින් අති බහුතරය ක්රි.ව. 1000 න්වත් පසුව මෑත කාලයේදී ඉදි කළ නිර්මාණ වේ.
👉 ක්රිස්තු පූර්ව ගණන්වල ඉදි කළ නිර්මාණ මේ ලැයිස්තුවේ ඇත්තේ 17ක් පමණක් වන අතර, ඒ අතරින් තුනක්ම ලංකාවේ නිර්මාණ වීම විශේෂ කරුණකි.
👉 ඒ මිරිසවැටිය (ක්රි.පූ. 161-137) රුවන්වැලිසෑය (ක්රි.පූ. 161-137) හා අභයගිරිය (ක්රි.පූ. 89-76) යන අසමසම නිර්මාණ ත්රිත්වයයි.
👉 මේවායේ උස පිළිවෙළින් අඩි 192ක්, අඩි 300ක් හා අඩි 245කි.
👉 ජේතවනාරාමය ඉදිවනුයේ ක්රි.ව. 276න් පසු වන අතර, එය ඉහත කී චෛත්ය තුනටම වඩා විශාලය. එය පැරණි කාලයට අයත් ලෝකයේ විශාලතම ආකෘති අතර දෙවැනි ස්ථානය ගන්නා නිර්මාණය වන්නේ ඒ අනුවය.
👉 ක්රිස්තු පූර්ව සියවස්වල සහ ක්රිස්තු වර්ෂ තුන්වන සියවස වැනි අතීත කාලයක අභයගිරිය, රුවන්වැලිසෑය, ජේතවනාරාමය වැනි විශාල නිර්මාණ බිහිකළ ශිෂ්ටාචාර ලෝකයේ ඇත්තේ අතලොස්සකි.
👉 විශාලත්වයෙන් නොනැවතී අව්ව, වැස්ස, සුළඟ, කුණාටු ආදී සියල්ලට මුහුණ දෙමින් ගිලාබැසීම් හෝ කඩාවැටීම්වලින් තොරව වසර 2000ක පමණ කාලයක් තිස්සේ පවතින ආකාරයට මේවා නිර්මාණය කිරීමට අපේ මුතුන් මිත්නන් සමත් වී තිබේ.
👉 වැදගත්ම කාරණය වන්නේ ජේතවනාරාමය විශාලත්වයෙන් පළමු එකද, දෙවැනි එකද යන්න නොව ඒසා අතීත කාලයක එවැනි විස්මිත නිර්මාණ බිහි කළ හැකි මට්ටමේ තාක්ෂණයක් අප සතුව තිබීමය.
👉 එවැනි තාක්ෂණයක් සහිත ශිෂ්ටාචාර අතලොස්ස අතර අපේ දිවයිනටද වැදගත් තැනක් හිමිව තිබීමය.
👉 දැගැබ් වනාහී හුදු ආගමික සංකේත පමණක් නොව ඒවා අපේ පැරණි සිංහලයන්ගේ දැනුම පිළිබඳ ජීවමාන සාධක වන්නේ ඒ අර්ථයෙනි.
👉
අද අප දුවා දරුවන් සමඟ මේ සිද්ධස්ථාන නැරඹීමට යා යුත්තේද හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගොස් මේවායේ ඓතිහාසික වැදගත්කම විද්යාත්මක කියැවීමක් සහිතව නොවේදA day in the life