පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-11-01

මහාචාර්ය සෙනරත් පරණවිතාන





මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම සිහිපත් නොකර සාකච්ඡා කල නොහැකියි. එතුමා ගාල්ලේ මැටරඹදී 1896 වසරේ දෙසැම්බර් 26 වෙනිදා උපත ලැබ,.1972 ඔක්තෝම්බර් 04 දා අප ඉතිහාසය තුල අතරමං කර අපෙන් වෙන් වී ගිය බව සටහන්  කරන්නේ සංවේගයෙන්..

මීදුම කතා කරන්නේ එතුමාගේ සේවය ගැන නොවේ. එතුමා අපට ඉතිරි කල රසකතා කිහිපයක් ගැනයි. මේ රස කතා තුලද ඇත්තේ ද එතුමාගේ පෞරුසත්‍වය හා බුද්ධියේ නිම් වලළුයි.

1956 පිහිටවු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය මගින් පවැත්වු පළමු සාහිත්‍ය උලෙල උත්සවශ්‍රීයෙන් කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේදී පැවත්වුනා. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වුනේ එවකට අගමැති එස් ඩබ්. ආර් ඩී . බණ්ඩාරනායක මැතිතුමා. එතුමා ගේ දේශණයෙන් පසු ඇමතුම තිබුනේ මහාචාර්ය සෙනරත් පරනවිතාන. මහතාට. එතුමා දේශණය පටන් ගත්තේ මෙහෙමයි.

“මුලාසනේ හාමුදුරුවන්ගෙන් අවසරයි , පණ්ඩිත සභාවෙන් අවසරයි ,දේශපාලන කතාවෙන් පස්සේ , කෝට්ටේ ඉතිහාසය ගැන මට අද කථා කරන්න සිද්ධවෙලා තියෙනවා “ කියලා තම දේශණය පටන් ගත්තා. බණ්ඩාරනායක මහතාත් වේදිකාවේ ඉන්නවා. රටේ ඉහලම බලවතා දේශපාලකයා. ඒත් පරණවිතාන මහත්තයාගේ අභිමානය ඊට ඉහලින් .තියෙන බව අවසර ගැණිමේ වචන පේලි දෙක තුනේ හැංගිලා තිබුනා.
ඒ එතුමාගේ හැටි.
තවත් දවසක ගුවන් විදුලියේ සාකච්ඡාවකට මෙතුමා සහභාගි වෙනවා. මාතෘකාව “බුදු පිළිම වහන්සේ.” ගොරහැඩි කළු ගලකින් ශාන්ත බුදු පිළිමයක් නිර්මාණය කලේ කොහොමද ? වැනි පැතිකඩ කිහිපයකින් බුදුන් වහන්සේගේ පිළිම ගැන සාකච්ඡා වුනා. මේ සාකච්ඡාවට මාපලගම විපුලසාර හාමුදුරුවොත් මංජු ශ්‍රී මහත්තයත් .මහාචාර්ය සෙනරත් පරනවිතාන මහත්තයත් සහභාගි වුනා.මේ සාකච්ඡාව යන අතරේ සංවාදකයා මහාචාර්ය තුමාට ආරධනය කරනවා. ලංකාවේ බුදු පිළිම වල ඉතිහාසය ගැන මහාචාර්ය තුමාගේ අදහස කියන්න කියලා.
මහාචාර්ය තුමා කියනවා “ ලංකාවේ මුල්ම බුදු පිළිම බොහෝම අඩුයි. හේතුව හුගාක් දෙනා බුලත් විටට කාලා .” කියලා.
ඊට පස්සෙයි කතාව පැහැදිලි කරන්න පටන් ගත්තේ.
ලංකාවේ බුදු පිළිම බොහෝමයක් හදලා තියෙන්නේ හුණු ගලෙන්. ඒ ගල් පුච්චාපුවම විටට කන හුණු නිෂ්පාදනය වෙනවා. අපේ මිනිස්සු බුලත් කන්න රුසියෝ.ඒ ගලෙන් හදපු බොහෝ බුදු පිළිම විනාශ වෙලා කැඩුණු බිදුණු කොටස් මේ සදහා යොදවා ගෙන තියෙනවා.කියලා එතුමා පැහැදිලි කරනවා.අපි පුරා විද්‍යාවේ වැඩ කරන කාලේ මෙවැනි උදවිය අල්ලා ගෙන දඩුවම් කරලත් තියෙනවා.
එතුමාගේ කතාව සාධාරනිකරණීය කලා
රාමා රාවනා සීතා වෘතාන්තය ගැන විවිධ මත තියෙනවා.පරනවිතාන මහතාගේ මතය වුනේ රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් විනා ඉතිහාස ග්‍රන්ථයක් නොවන බවයි. ඉතිහාසය ගොඩනැගීමේදී මූලාශ්‍රවන්නේ සෙල් ලිපි , කාසි ,පෞරාණික නටබුන් මිස සාහිත්‍ය නොවන බව එතුමාගේ මතය වුනා. එකල පැවති සම්මන්ත්‍රණයකදී මේ පිළබදව කරුණු ඉදිරිපත් කල එතුමා සහභාගී වී සිටි වියතුන්ගෙන් ප්‍රශ්න තිබේදැයි විමසුවා.
එක් වියතෙකු විසින් ඔහු නුවර එළිය ප්‍රදේශයේ පිහිටි රාවනා ඇල්ලට ගිය බවත්,එහි ඇති ගල් ගුහාවක රාවනා විසින් සීතාවන් රදවා ගෙන සිට ඇති බවත්, එම ගල් ලෙන ආශ්‍රිතව ඔවුන් භාවිතා කල බෙහෙත් හේත් තවමත් ඉතිරිව ඇති බවත් ඔවුන් ආහාරයට ගත් අග්ගලා වැනි ගුලි විශේෂයක් හමු වු බවත් පැවසුවා . ඒ නිසා රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් නොවන බවත් එය ඉතිහාස ග්‍රන්ථයක් බවත් තරයේ ප්‍රකාශකලා.
මෙම ප්‍රදේශයේ හමුවන ලිහිල් පාෂාණ ගුලි සීතා අග්ගලා ලෙස හදුන්වනවා. හෝර්ටන් තැන්නේ අනවසර මැණික් ගරන්නන්ගේ කැණීම් වලදීද මෙම පාෂාණ ගුලි හමුවෙනවා මේවා පාෂාණ නොවන බවත් රාවනා සීතා විසින් ගත් ආහාර වල ඉතිරි වු කොටස් බවයි වියතා ගේ තර්කය වුනේ..

පරනවිතාන මහතා වාඩි වී සිටි අසුනෙන් නැගිට මෛක්‍රපෝනය ලගට ආවා. “ අග්ගලා තියෙනවා නම් ගමුකෝ බලන්න . එතුමාගේ පිළිතුර වුවේ එපමනයි. සභාව එක හඩින් සිනා පැතුරුවා. වියතා පසු බැස්සා.
මුලසුනේ විශ්ව විද්‍යාලයක උප කුලපති වරයෙකු සිටි එක් දේශනයකදී එතුමා තම දේශණය ආරම්භ කලේ මෙහෙමයි. “ මුලසුනේ උප කුලපති තුමාගෙන් අවසරයි. උප කුලපති කියලා සංස්කෘතිකයේ කියන්නේ හොර මිනිහටයි.මම මේ කතා කරන්න යන්නේ හුග දෙනෙක් කියවන්න බෑ කියලා අත් හැර දාපු ඉණ්දු නිම්නයේ රූපාක්‍ෂර කියවීම ගැනයි.
එතුමා දේශණය කරගෙන ගියා . ඒත් දේශණයට ප්‍රවිශ්ඨ වුනේ හොර මිණිහා අමතලා.

(රාජා ධර්මපාල මහතා විසින් 1988 ඔක්තෝම්බර් මස “තුලන “ කලාපයට සැපයු ලිපියක් මුලාශ්‍ර කර ගන්නා ලදී. )







A day in the life

2024-10-31

දීපවාලි උත්සවය





අද හින්දුන් විසින් දීපවාලි උත්සවය සමරනු ලබනවා. ඔවුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයයක් ලෙස දීපවාලි උත්සවය හැදින්වෙනවා. ශත වර්ෂ 350 කට පමණ පෙර සිට දීපවාලි සැමරුම පැවත එන්නේ යයි හින්දු ජනයාගේ විශ්වාසයයයි.

දින පහක් පුරා පැවත්වෙන දීපාවලි ආගමික උත්සව මාලාවකින් යුක්තයි.

දිපාවලිය සැබවින්ම ආලෝක පුජාවක්. විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් සහ  තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියළු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් කරන ලද ඉල්ලීම සැමරීමත් දීපවාලි උත්සවයේ අරමුණක්.මෙම ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිකරගෙනයි.දීපාවලී උත්සවය ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් සලකනවා.

දීපවාලී උත්සවයෙන් ලැබෙන ආලෝකමත් පණිවුඩ පහක්

1.දීපාවලී -

හිණ්දු භක්තිකයන්  නිවෙස් වලත් ගම් නගර වලත්  පහන් දල්වා සංකේතවත් කරන්නේ  ලොව අඳුර නසා ආලෝකමත් කිරීම පිණිසත් මිනිස් ජිවිත වලද ආත්මික ආලෝකයක් ඇති කිරීමයි.

2 හින්දු බැතිමතුන් විසින් මුලින්ම ගේදොර මනාව පිරිසිඳු කරගැනීම සිදු කිරීම සකේතවත් වන්නේ ජිවිතයේ අයහපත පලවා හැර යහපත ලං කරගැනීමයිමෙසේ අනවශ්‍ය දේ ඉවත් කොට නිවෙස් මනාව පිරිසිඳු කිරීම තුළින් එම නිසාත් නිවසේ වසන්නනන්ටත් පවිත්‍රතාවය ලඟා වන බව විශ්වාස කෙරෙනවා.

3 ඉවසීම ප්‍රගුණ කිරීම සෑම දෙයකම කෙළවරක් ඇත.

රාමා දෙවියන්ගේ ජිවිත දැක්ම තුලින් පිළිබිඹු වන ඉවසීමේ ගුණය තම ජිවිත තුලින් මෙනෙහි කොට ප්‍රගුණ කරන්නට හින්දු භක්තිකයින් මෙය අවස්ථාවක් කරගන්නවා.

4 බෙදාහදා ගැනීම දීපවාලි සඳහා විශේෂයෙන් පිළියෙළ කල රස කැවිලි නෑදෑ හිත මිතුරන්, අසල්වාසීන් ආදිය සමඟ බෙදාගැනීම තුලිනුත් මෙදින දුප්පතුන් සමඟ තමන් සතු දේ බෙදා හදා ගැනීම තුලිනුත් හින්දු භක්තිකයින් බෙදාහදා ගැනීම මේ විශේෂ දිනයේ සිදු කරන්නට අමතක කරන්නේ නැහැ.

5 ජිවිතයට නව ආරම්භයක් දීපවාලි උත්සවය සැමරීම සඳහා බැතිමතුන් අලුත් බඩු භාණ්ඩ වලින් නිවෙස් අලංකාර කිරීමටත් නව වස්ත්‍රාභරණ වලින් සැරසිමටත් ප්‍රිය කරනවා.

හින්දු බැතිමතුන් මේ විශේෂ දිනයේ රාමා දෙවියන්ටත් සීතා දේවියටත් තම ජිවිත දුෂ්කරතා වලට නිසි ලෙස මුහුණ දී ඔවුන් ආශීර්වාද කර නිවැරදි මග පෙන්වන ලෙස යාතිකා කරනවා. ජිවිත වලටද නව එළියක් එක් කරගන්නට හිණ්දු බැතිමත් ජනතාව සමග අපිදු එක්වමු.


A day in the life