පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-10-27

උපන් දිනයක ස්මරණයක්.






අද මට ආපහු හැරිලා හිතන්න හොද දවසක්. 

මාත් උපන්නේ 1948 . ලංකාවට නිදහස ලැබුන අවුරුද්දේ. 

අවුරුදු හැත්තෑ හයක්, තාමත් නූපන් දරුවන්ගේ සිහින මරාපු පරපුරක සාමාජික යෙක්.

එහෙමනේ කියන්නේ. 

මම ඉපදුනේ ගෙදරදී. “කත්තෝ අම්මා“ කියලා ආත්තම්මා කෙනෙක් ගමේ හිටියා. කාගෙත් තිඔීරි ගෙදර මව්වරුනට උපසස්ථාන කලේමම ගැන ලියන එකත් පුුංචි ලමයින්ගේ වැඩක්. 

එත් එතුමිය. අපේ අම්මටත් එතුමියගේ ඇප උපකාර ලැබුන බවයි අම්මා කිවුවේ . එවන් වැඩිහිටි කාන්තාවන් හැම ගමකම එකල ඉදල තියෙනවා.

දැන් සෞඛ්‍ය පහසුකම් ඊට වඩා දියුණුයි.

ඒත් වර්තමාන තරුණ පරපුර කියන්නේ අවුරුදු හැත්තෑහයක්  තිස්සේ ඒ පරපුරේ සිහින අපේ පරපුුර විසින් විනාශ කලා කියලා.

අපි ඉපදෙන කොට ලාම්පු තෙලින් දැල්වෙන කුප්පි ලාම්පු චිමිණි ලාම්පු තමයි හැම ගෙදරකම තිබුනේ. පස්සේ  කාලයක මැන්ටලයක් බැදපු ඇලඩින් ලාම්පු , පැට්‍රෝල් ලාම්පු භාවිතයට ආවා.

දැන් නම් හැම ගමකම හැම ගෙදරකම විදුලිය තියෙනවා. තෝමස් අල්වා එඩිසන්ටත් ලංකාව පාලනය කල විවිධ දේශපාලනඥයයන්ගේ කැපවීමත් නිසා.

ඒත් කියන්නේ ඔවුුන් අනාගත පරපුරේ සිහින විනාශ කරපු අධමයෝ කියලා.

කොළඹ – බදුල්ල පාරේ අයිනේ පිදුරු හෙවිල්ලපු පුංචි ගෙදරක මෙලොව එළිය දැක්ක මම කලක් යන කම් දැක්කේ මේ පාරේ යන බස් හතරක් විතරයි.ඒවා කොළඹ ගියේ පානදුරය හරහා. ලියෝ ප්‍රනාන්දු සමාගමේ තමයි මේ බස් හතර. බස් ජනසතුව දක්වා මේ තත්වයේ වෙනසක් තිබුනේ නැහැ. පැය දොළහක පමනකින් අපේ ගෙදර ගාවා ඉදන් කොළඹට යන්න පුළුවන්.බදුල්ලේ ඉදන් නම් පැය පහ‍ලොවක් විතර යනවා ඇති.පුංචි පාරේ වල ගොඩැලි මැදින් මේ යන ගමන හරි අපූරුවට තියෙන්න ඇති. මම නම් ඒ් කාලේ දුර ගමන් ගිහින් නෑ .

අර පුංචි ගෙදර දැන් නම් නැහැ. තාත්තා කාලෙට ගැලපෙන ගෙයක් එතන හදලා. කරත්ත පාර වගේ තිබුන පාර මංතීරු දෙකක කාෆට් කරපු පාරක් වෙලා. තොරතෝංචියක් නැතිව ඉහලට පහලට යන වාහන නිසා කන් දෙකට කිසිම නිදහසක් නැහැ. ගේ වටේ තියෙන තාප්පේ නිසා ඇස් දෙකට නම් විවේකයක් තියෙනවා. දැන් මෙතනින් කොළඹට , පානදුරේට පැය හතරකින් පොදු වාහනයකින් ( බස් එකකින්) යන්න පුළුවන්. මඩකලපුවට , අම්පාරෙට, මෛයියන්ගනේට, බදුල්ලට ,කුරුණෑගලට , ඇඹිලිපිටියට යන්න පොදු ප්‍රවාහණ සේවා තියෙනවා

අවුරුදු හැත්තෑහයක් තිස්සේ වෙලා තියෙන දේවල්……….

මම හෝඩියේ පන්තියට ගියේ ගමේ ඉස්කොලෙට. එක ගොඩනැගිල්ලයි. ලොකු ස්කෝලේ මහත්තයාගේ නවාතැන උනෙත් ඒ ගොඩනැගිල්ලේ  වෙන්‍කර තිබු කෙළවරක කාමර දෙකක්.ලොකු මහත්තයා ජයසේන , ලොකු නෝනා පෙරේරා. පුංචි අපිට හරි ආදරෙයි. මේ දෙපලට දරුවෝ නැහැ. මම පාසලට ඇතුල්වෙන කොටත් විශ්‍රාම යන වයස දකිමිනුයි හිටියේ .අවට ගම් හය හතකට තිබුුනේ මේ පාසල විතරයි. දැන් කිමි. දෙකක් ඈතින් සබරගමුව විශ්ව විද්‍යාලය තියෙනවා. මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල දා හතරක්ද කොහෙදත් ,ගානක් නැති පෞද්ගලික විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපන ආයතන තියෙනවා.

සිහින මරාපු අවුරුදු හැත්තෑ හයක් අනාගත සිහින දකින්න ඉතිරි කරලා මඩ නාගෙන ඉන්න පරපුරක සාමාජිකයෙක් වන මම අද සමරන්නේ හැත්තෑ හයවෙනි උපන් දිනය.

සැමට සෙත් වේවා !. යි ප්‍රාරථනා කරනවා.


උපන් දින සැමරුමක්...

මට නොපෙනන මාව පෙනුන හැටි.


සුභම සුභ උපන් දිනක් වේවා...ලයනල් අයියේ...
ළෙන්ගතු හිනාවෙන් පිරි ඔබෙ මුව මඩල
කාටත් එකවගේ බෙදනා සෙනේ ගඟ
අය්යණ්ඩියක් හඳුනාගෙන බෝ කලෙක
අක්කා නිසා නෑකම ළඟ විය දිනෙක
නුඹවන් අය වටී රටටම මහමෙර සේ
දැනුමැති කමයි ගුණ නුවණයි එක විලසේ
ලොකුකම් නොමැති මිනිසත්කම පිරි මනසේ
අයියේ මොහොතකින් පැතුමක් දෙනු කෙලෙසේ
සිතුම් පැතුම් තව තව ඉටුකර ගන්න
දවසින් දවස නිරෝගි සුව අත්වෙන්න
සුපුරුදු සිනාවම සැම දා දැක ගන්න
සම්බුදු සරණ ලැබ ආයුෂ වැඩි වෙන්න....
සුභ පැතුම් අයියේ......
A day in the life

2024-10-26

ජීවය දයාද කරන සොඳුරු වස්තුවක්





මේ සිතුවම දුටු සැණින් බොහෝ දුරට එය අශිෂ්ට ගණයේ කලා සිතුවමක් යැයි ඔබට හැඟෙනු නොඅනුමානයි. මේ කලා නිර්මාණයට පසුබිම් වූ කතා පුවත නොදන්නා අයට එසේ හැඟීම බොහෝ දුරට සාධාරණීය කල හැකි නමුත්, මේ සිතුවමට පසුබිම් වු, ඒ පිටුපස ඇති කථා පුවත බොහොම සංවේදී , සංවේගය දනවන්නක්.
මේ සිතුවමට පාදක වන කතා පුවත 17 වන හා 18 වන සියවස අතර මැද රෝමයේ සිදු වූ සංවේදී සිදුවීම් මාලාවක්.රෝමානු ඉතිහාසය තුළ රෝමන් චැරිටි(Roman Charity)යනුවෙන් හැඳින්වෙන මේ කතා පුවත ගෙනහැර දක්වන්නේ සිමන් නම් වු (Cimon)ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම වූ මහලු මිනිසෙක් හා තම පියා කුසගින්නේ මිය යා නොදී සිය මව්කිරි වලින් පෝෂණය කල අසීමිත ආත්ම පරිත්යාගශීලිත්වයෙන් හෙබි වූ ඔහුගේ දියණිය පෙරෝ (Pero) පිළිබඳවයි.
මේ පෙරෝ නමැති මහලු මිනිසා කුසගින්න නිසාවෙන් පාන් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙනවා. ඔහුට ලැබෙන දඬුවම නම් මරණාසන්න වන තෙක් කුසගින්නේ තැබීමයි. ඒ කියන්නේ ඔහුට මේ සිරගෙය තුළ කිසිදු ආහාරයක් හෝ බීමට වතුර පොඳක් ලැබෙන්නේ නැ.ඉතින් මේ මහලු මිනිසා දිනෙන් දින කුසගින්නේ මරණාසන්න තත්ත්වයට ලඟා වෙමින් ඉන්නවා. තම පියා සිරගෙය තුළ මරණාසන්නව සිටීම බලා සිටිම නොහැකි වු තැන ඔහුගේ දියණිය, පෙරෝ බොහෝම අමාරුවෙන් සිය පියා බැලීම සඳහා සිරගෙයි නිළධාරින්ගෙන් අවසර ලබා ගන්නවා.
නමුත් ඔවුන් බොහෝම අවධානයෙන් ඉන්නවා, මාස 06 ක් පමණ වයසැති සිය කුඩා දරුවාද කැටුව පියා බැලීමට යන මේ කාන්තාව ගැන.කොහොමහරි දවසට වතාවක් ගානේ සිය පියා බලන්න මේ දියණිය නොවරදවා සිරගෙට පැමිණියා.මේ විදිහට සිව් මසක් අවසානයේ මහලු මිනිසා මරණයට පත් නොවීමත් , ශරීර සෞඛ්ය තරමක් දුරට යහපත් අතට හැරීමත් නිසා සිරගෙය භාර නිළධාරින් පුදුමයට පත් වෙනවා.ඔවුන් වැඩිදුර සොයාබලනවා මහලු මිනිසාට පිටතින් ආහාර ලැබෙන විදිහක් තිබෙනවාද යන්න. නමුත් පුදුමයට කරුණ නම් මහලු මිනිසාගේ ශරීරයේ බර වර්ධනයක් පෙන්නුම් නොකිරීමයි.
මේ නිසා නිළධාරින් ඉතා දැඩිව මහලු මිනිසාව නිරික්ෂණය කරන්න පටන් ගන්නවා.ආරක්ෂක නිළධාරින්ට සැක කිරීමට ඇත්තේ මහලු මිනිසාව බැලීමට පැම්ණෙන ඔහුගේ දියණියත් ඇගේ අත දරුවාත් පමණයි. ඉතින් එක් දිනෙක නිළධාරින් දුටු දසුනින් ඔවුන් ගල් ගැසෙනවා...!!! ඒ මහලු මිනිසාගේ දියණිය , සිරගෙයි යකඩ කූරු මතින් සිය පියවුරු වලින් රූරා හැලෙන මව්කිරි වලින් තම පියා පෝෂණය කරන දසුනයි.
දැඩි ලෙස කෝපයට පත් වන ඔවුන් ඇයට විරුද්ධව චෝදනා ගොනු කරනවා. නමුත් අවසානයේදී ජීවිත අවදානමද නොතකා තම පියාගේ ජීවිතය වෙනුවෙන් ක්රියා කිරීම නිසා නිළධාරින්ගේ සංවේදී අවධානය දිනා ගන්නවා.ආත්ම පරිත්යාගශීලිත්වයෙන් යුතුව මවක දරුවෙකු පෝෂණය කරන්නාක් මෙන් සිය පියා පෝෂණය කිරීම නිසා ඇය, අවසානයේදී සිය පියාගේ නිදහසද දිනාගනු ලබනවා.

පසුකාලීනව , මේ සිදුවීම යුරෝපයේ චිත්ර ශීල්පීන් හා කලා කරුවන් තම නිර්මාණ සඳහා පාදක කරගෙන තිබෙනවා.ඒ බොහොමයක් ඉතාමත් අධික වටිනාකම් වලට අලෙවි වු සිතුවම්.බෙල්ජියමේ මෙම්ලොක් ප්රතිමාව (Memmelocke Statue) මේ සිදුවීම පාදක කොට නිර්මාණය කරන ලද ප්රතිමාවක්.මේ ප්රතිමාව ස්ථානගත කරලා තිබෙන්නේ බෙල්ෆ්රි (Belfry) සහා ලැන්කන්හෝල්(Lankenhalle) අතර මැද තියෙන කුඩා ගොඩනැගිල්ලක් මුදුනේ. නගරයේ පිහිටි සිරගෙදර සඳහා පිවිසුම වැටි තිබෙන්නේ මේ ගොඩනැගිල්ල හරහායි.
මේ කතාවෙන් තහවුරු වෙනවා කාන්තාව යනු ආදරය ,පරිත්යාගය පිරුණු සොඳුරු පෞරුෂයක් බව. මවක ,බිරිඳක ,සහෝදරියක වගේම දියණියක ලෙස විවිධ භුමිකා තුළ ඈ, ලොවට ආදරය,සෙනෙහස ,ජීවය දයාද කරන සොඳුරු වස්තුවක් බව.
©️ කැණිමඩල..
-ධම්මික අමරසිංහ , කැනිමඩල

day in the life