පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-10-01

නොරිකො සං






නොරිකො සං සරච්චන්ද්‍රගේ සැබෑ පෙම්වතිය ද?

කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය. ‘ගම්පෙරළියේ’ පියල් හා නන්දා, ‘ගොළු හදවතේ’ දම්මි හා සුගත් සම්බන්ධයෙන් මෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ හා එහි දෙවැනි කොටස වන ‘මළවුන්ගේ් අවුරුදු දා’ නම් වූ නවකතා යුගළය කියවන විට ද පාඨකයන්ට එබඳු ප්‍රශ්නයක් මතුවනු නිසැකය.

’මළගිය ඇත්තෝ’ කතුවර මහාචාර්ය සරච්චන්ද්‍රයන් ජපානයේ අත්දැකීම් ඇත්තෙකි. ඔහු දෙවතාවක්ම ජපානයට ගොස් ඇත. (ඒ 1955 දී හා 1962 දීය) එහෙත් ‘මළගිය ඇත්තෝ’ පළවන්නේ 1959 දීය. කෙසේ වෙතත් මේ නවකතාවේ එන දෙවොන්දරා සං යනු මහාචාර්ය සරච්චන්ද්‍රම නොවිය හැකිද යන ප්‍රශ්නය පාඨක සිතට නැඟෙනු ඇත. මේ නවකතාව කියවූ මුල් අවස්ථාවේ දෙවොන්දරා සං ගේ චරිතය නිර්මාණය කිරීමට ප්‍රවීණ චිත්‍රශිල්පි මංජු ශ්‍රී ද බලපා ඇති බව මට සිතිණි. ඒ මංජු ශ්‍රී කලක් පැවිදි වී සිටි බැවිනි.

දෙවොන්දරා සං කෙසේ වෙතත් නොරිකෝ? ඇය ජපානයේදී මහාචාර්ය සරච්චන්ද්‍රට මුණගැසුණු, ඔහු පෙම් කළ සැබෑ යුවතියක් ද?
මෙබඳු අදහස් - මෙවන් ප්‍රශ්න මා සිතේ මතුවූයේ පසුගිය දිනෙක අප (ලේක්හවුස්) පුස්තකාලයේ තිබී හමුවූ එක්තරා ඡායාරූපයක් දැකීමෙනි. එහි මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ ජපන් තරුණියක සිටිනු පෙනේ. ඇය කවුදැයි මම හරිහැටි නොදනිමි. ඒ ඇත්ත ‘නොරිකෝ’ විය හැකිද? එසේ වුවද, නොවූවද ඇය නොරිකෝ වන්ට පුළුවනැයි යන උපකල්පනයක මම සිටිමි.

මම මහාචාර්ය සරච්චන්ද්‍ර ලියූ ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’ (1985) නම් වූ ස්වයං ලිඛිත චරිත සටහන් කෘතිය පෙරළා බැලුවෙමි. එහි එක් තැනක මෙසේ සඳහන් වෙයි.
”ඇත්ත වශයෙන් කියතොත් මා විසින් නිර්මාණය කරන ලද නොරිකෝ ගේ් චරිතය මා හැඳින සිටි ජපන් ස්ත්‍රීන් දෙදෙනකු ඇසුරෙන් ගොඩනඟන ලද්දකි.”
එහෙත් ඔවුන් දෙදෙනා කවුදැයි මහාචාර්ය සරච්චන්ද්‍ර එහිලා හෙළිදරව් නොකරයි.

මහාචාර්ය සරච්චන්ද්‍ර මියගිය 1996 වසරේදී එතුමාගේ පළමු විවාහයේ දෙවැනි දියණිය වූ සුනේත්‍රා සරච්චන්ද්‍ර පුවත්පතකට කර තිබූ එක්තරා ප්‍රකාශයක් මා සිහියට ආවේය.
”නොරිකෝ ඇත්තටම ජීවමානව හිටියා. තාත්තා, අම්මයි මායි අරගෙන නිවාඩුවකට ජපානයට ගියා. අපි නැවතුණේ ලීවලින් හදපු පුංචි සාම්ප්‍රදායික ජපන් ගෙදරක – අපිට ජපන් කෑම උයලා පිහලා දෙන්න, අපිව ඇවිදින්න එක්ක යන්න ජපන් තරුණියක් හිටියා. ඇගේ නම ‘ඔකෙ උචි සං’. ඒ චරිතය පදනම් කරගෙන තමයි තාත්තා නොරිකො සං මැව්වේ. තාත්තා පොතක් ලියන බව අපි දැනගෙන හිටියා. ඒත් පොත කියවන කොටයි අපි දැනගත්තේ තාත්තා නොරිකො සං හැටියට අරගෙන තියෙන්නෙ මෙයාගේ චරිතය කියලා” (ඉරිදා ලක්බිම 1996 සැප්තැම්බර් )

ප්‍රකට කවියකු හා ඡායාරූප ශිල්පියකු වන ලාල් හෑගොඩ මීට තෙවසරකට ඉහතදී (ඒත් ‘ඉරිදා ලක්බිම’ පත්තරේට) ලියූ ලිපියකින් ද ඇත්ත නොරිකෝ කෙරෙහි අවධානයක් යොමුකර තිබිණි. ඔහුට ජපානයේ දී හමුවූ අකිකෝ සං නමැති ගැහැනිය නොරිකෝ විය හැකි යැයි එම ලිපිය කියවන විට අපට සිතේ.

කෙසේ වෙතත් පූර්වෝක්ත ලිපියෙහි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ප්‍රිය බිරිය ලලිතාවන් කියන්නේ නොරිකෝ සං ගේ හැබෑ නම ‘කිමිකෝ’ කියාය.
’මළගිය ඇත්තෝ’ ගද්‍ය කාව්‍යයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ හඳුන්වා ඇත. සැබැවින්ම එය අතිසුන්දර ගද්‍ය කාව්‍යයකි. නවකතාවක් ලෙස ගතහොත් එසේත් නැත්නම් මනුෂ්‍ය ජීවිතයේ සංකීර්ණත්වය නිරූපණය කිරීම හා සම්බන්ධයෙන් ගතහොත් ‘මළගිය ඇත්තෝ’ වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ තරම් ශ්‍රේෂ්ඨ නොවූව ද ප්‍රේමය අත්දැකීම් කොටගත් නවකතාවක් ලෙස ගත් කල්හි එය විශිෂ්ට කෘතියකි.

එය කිසිසේත්ම බොළඳ ප්‍රේම කතාවක් නොවේ. ‘මළගිය ඇත්තෝ’ මෑතදි අ.පො.ස. උසස් පෙළ සිංහල විෂයයට නිර්දේශ කළ අවස්ථාවේ ගුණදාස අමරසේකර ප්‍රමුඛ සාහිත්‍යධරයන් කීපදෙනකු ‘මළගිය ඇත්තෝ’ අවප්‍රමාණයට ලක් කරමින් කතා කළද ඔවුන්ගේ මතවාද සමඟ අපට නම් එකඟ විය නොහැකිය.

’මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවුරුදු දා’ යන නවකතා යුගලතය ගැන නොයෙක් විචාර ලියැවී තිබුණ ද එම නවකතාවල අන්තර්ගතය ගැඹුරින්ම විග්‍රහ කළ වඩාත්ම ශාස්ත්‍රිය වූ විචාරය ලෙස මා දකින්නේ සේපාල් අමරසිංහගේ ‘මළගිය ඇත්තෝ විචාර විමංසනය’ නම්වූ ග්‍රන්ථයයි. එහි දෙවොන්දරා සංගේ ප්‍රේමය ප්ලෙටෝනියානු ප්‍රේමයක් (PLATONIC LOVE) ලෙස ගෙන තම විග්‍රහය කරයි. 
ප්ලෙටෝනියානු ප්‍රේමය යන්නෙන් ඔහු අදහස් කරන්නේ කායික බැඳීමකින් තොර ආධ්‍යාත්මික ප්‍රේමයකි.

දෙවොන්දරා සං නොරිකෝටත් නොරිකෝ දෙවොන්දරා සංටත් අවංකව ප්‍රේමකළත් දෙවොන්දරාගේ ජීවිතයේ තිබෙන සංකීර්ණ, ප්‍රතිවිරෝධි මානසිකත්වය හේතුකොටගෙන දෙදෙනා එක් නොවෙති. නවකතාවේ දෙවැනි කොටස වන ‘මළවුන්ගේ අවුරුදු දා’ කෙළවර වන්නේ දෙවොන්දරා සං ගේ මරණයෙනි.
නවකතාවේ එක් තැනක දෙවොන්දරා සං නිදිපෙති බී දිවි නසාගැනීමේ උත්සාහයක යෙදේ. ඒ ප්‍රේමයෙන් හටගන්නා අපරිමිත ශෝකය ඔහුට දරාගත නොහැකි හෙයිනි. මහාචාර්ය සරච්චන්ද්‍ර ද වරක් දිවිතොර කර ගැනීමට තැත් දැරූ බව මම අසා ඇත්තෙමි.

 මහගමසේකරයන් කියූ දෙයක් ප්‍රවීණ ලේඛක කරුණාරත්න අමරසිංහ වරක් ලියා තිබුණේ මෙපරිද්දෙනි.
”නිදි පෙති වැඩිය අරන් හොඳටම අමාරුවෙලා ඉන්නකොට මං ගියා දොස්තර බලන්න. ඒක හුඟදෙනෙක් දන්නේ නෑ. එයා ළඟින්ම හිටිය අය විතරයි ඒක දැනගෙන හිටියේ”
මෙහිදී සේකර ‘දොස්තර’ යනුවෙන් සඳහන් කළේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටය.

ඉහත කරුණු කවරාකාර වුවද කිසියම් ප්‍රබන්ධ කෘතියක හැබෑ චරිත සොයන්ට යෑම අර්ථවත් ක්‍රියාවක් ද? නවකතාවක චරිත ගෙන අසවලා කවුද, අසවලා කවුදැයි සෙවීම රසවින්දන මාර්ගයක් නොව රසවින්දනයට බාධාවක් විය හැකිය ඒ ව්‍යාපෘතියට පරිබාහිරව කෙරෙන්නක් බව මහාචාර්ය සරච්චන්ද්‍ර ම කියයි. (පින් ඇති සරසවි වරමක් දෙන්නේ)

එසේ වුවත් පෘතග්ජන පාඨකයන් වන අපට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ‘නොරිකෝ’ යන චරිත නාමයෙන් හැඳින්වුණු ජපන් යුවතියටත් ඒ යුවතිය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටත්, හදවතේ ගැඹුරුම තැනින් පෙම්කළා වැනි විචිත්‍රවාදී උපකල්පනයක් ඇතිවනු වැළැක්විය හැකිද?

( මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වියෝවෙන් වසර 14 කට පසු නැසීගිය සිනමා ලේඛක,මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුලයන් විසින් සිළුමිණ පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි)

A day in the life

2024-09-30

වෙනසක් කරන්න පුළුවන් නේද?



හිරිපොද වැස්සක් එක්ක ගහකොළ තෙමෙන
සුන්දර දවසක අළුත් බලාපොරොත්තු දවසින්
දවස ටික ටික මල් පල ගැන්වෙන වෙලාවක්.
ඒ සතුට තව ටිකක් අර්ථවත් කරගන්න ඔබටත්
දායක වෙන්න පුළුවන් .
තමන්ගෙ ප්රොෆයිල් එකට ගියාම ඒකෙ තවමත්
එක එක අයට රිදවන විදිහෙ පෝස්ට්ස් වැඩිපුරම
තියෙනවනම් ඔබටත් වෙනසක් අවශ්යයි. පරණ
විදිහට තමන් ට විරුද්ධ දේශපාලන අදහස් තියෙන
අයට අවලාද නගන .ඔවුන් හාස්යයට හා උපහාසයට
ලක් කරවන නිර්මාණ දැන් අවසන් කළොත්
හොඳ නැද්ද? ඒ වෙනුවට තමන් ගේ ප්රදේශයේ
අඩපාඩු ;අළුත් නිර්මාණශීලී නිෂ්පාදන ; සුන්දර ගීතයක්
රට ගොඩ නැංවිය හැකි ව්යවසායක අදහස් ;වෙනත්
දියුණු රටවල ආදර්ශ ; අපේම දුර්වලතා ගැන හාස්යය
දනවන අහිංසක විහිළුවක් ..ඔබේ පිටුවේ පල කළ
හැකි නම් මොනතරම් වටිනවාද ?
ස්වභාව ධර්මය විසින් අනිවාර්යයෙන්ම දඬුවම හිමි
විය යුත්තාට දඬුවම් දෙනවාමයි. එය මෙසේ කළ යුතු යැයි
අප කෑ ගසා පෝස්ට්ස් දැමිය යුතුද ? එවිට ඔබත් .....
වරදකරුවන් ලෙස සමාජය හංවඩු ගසා ඇති ඔවුනුත්
එකම මල්ලේ නො වේද ?
වෙනස් විය යුත්තේ සිස්ටම් එක නම් ....සිස්ටම් එක
සකස්වන්නේ ඔබේත් මගේත් සිතුවිළි හා චර්යාවන්
අනුවය. නායකත්වය විසින් එය ඔප්පුකොට හමාරය.
අඩු වශයෙන් මුහුණු පොත ; රට ගොඩනැගීමට ශක්තිමත්
පවුරක් කරගැනීමට නම් ; සෑම දෙනාම එකතු කර ගැනීමට
ඔබේ පන්හිඳ මෙහෙයවිය යුතුයි නේද? සංයමයෙන් හා
ඉවසීමෙන් ඔබේ වචන යොදාගෙන මුහුණු පොත සරසන්න.
ඔබේ කාරුණික මග පෙන්වීම් නිසා තමන් ගේ
දේශපාලන චින්තනය යළි සකසා ගැනීමට එක් අයෙකුට
හෝ සිතුණොත් ....වෙනස එයම නොවේද?
අළුත් රටක් නිර්මාණය විය යුත්තේ හැම දෙනා ම
එකම අච්චුවට දැමීමෙන් නොව ...විවිධත්වයට ගරුකරමින්
සමානාත්මතාවය අගයමින් ...ලස්සණ රටකට
විවිධ හැඩයේ විවිධ ප්රමාණයේ ..විවිධ පාටින් යුත්
සියළුම දෑත් එකතු කර ගැනීමෙනි.
හැමදාම share වෙන එකම පෝස්ට් එක තමනුත්
Share කර තවෙකෙකුට රිදවනවා වෙනුවට ...අපේ
නිර්මාණාත්මක බව වැඩිකර ගණිමින් ...අනිකා ද
නායකයාගේ කකුලෙන් අදින්නකු නොව ..රට ගොඩ
දමන්නට අවංකවම වෙනස් වන කෙනෙකු කරන්නට
ඔබට අවශ්ය නම් ; ඔබ වෙනස් විය යුතුමයි.
එයට මානව දයාව දෙකෙන් පංගුවක් එකතුකර
ඔබේ වටිනාකම ඔබ ඉදිරිපත්කරන නිර්මාණය තුළින්
පෙන්වන්න .
වෙනසක් කරමු.
ඔබට ඒ සඳහා ශක්තිය මෙන්ම බලවත් අවශ්යතාවයක් ද
ඇති බව දනිමි.
“කළල් මඩෙන් මතුවී පිපෙන පියුමක් ”වෙන්න .
ඔබ මෙන්ම පරිසරය ද සුවඳවත් වනු ඇත.

 

රෝ.සි.
2024 .09.29.


A day in the life