පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-09-08

සෙනෙහස .


 

කොහොමද අද දවස?
මහන්සිද?
වැඩ වල තත්වය කොහොමද?
ඔයා හොඳින්ද?
ඔයාට පුලුවන්.
හිමින් හිමින් කරන්නකෝ.
මං ඉන්නවා ඔයා ළඟ.
සමහර වෙලාවට මේ වගේ වචන ටිකක් ඇති මනුස්සයෙක්ව cheer up කරන්න.
දවස පුරාවටම ගතෙන්, හිතෙන් මහන්සි වෙන මිනිස්සු
තනියම හැමදේම කරගන්න මිනිස්සු
හීන වෙනුවෙන් නිදිමරන මිනිස්සු
බැරිමර ගාතේම හරි තමන්ට තේ එකක් හදාගෙන ආයෙත් වැඩ කරන මිනිස්සු
පීඩනයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු
පාලුවෙන් හුදකලාවෙන් දවස් ගෙවන මිනිස්සු
තනිකම සාංකාව දරාගන්න මිනිස්සු
දාහක් ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න මිනිස්සු
පවුලෙම බර කර ගහන මිනිස්සු
දරුවෝ වෙනුවෙන්ම නැහෙන මිනිස්සු.......
මේ සමහර විට ඔයාගේ සහකරු/ සහකාරිය වෙන්න පුලුවන්. සහෝදරයා/ සහෝදරිය වෙන්න පුලුවන්, අම්මා තාත්තා වෙන්න පුලුවන්, යාලුවෙක් වෙන්න පුලුවන්. වැඩ කරන තැන කෙනෙක් වෙන්න පුලුවන්. මග තෝටේ හමුවෙන දන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාම වෙන්නත් පුලුවන්.
කවුරු වුණත් මෙහෙම මිනිස්සු ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. එයාලව සනසවන්න පොඩි වචන ටිකක් හොඳටම ඇති. එයාලා ඔයාට මුකුත්ම කරන්න කියන්නෙත් නෑ. එයාලට ඕනා පොඩි තල්ලුවක් විතරයි. කවුරුම හරි කෙනෙක් එයාලා ගැන හොයනවා කියලා එයාලට දැනෙන්නයි ඕනා.
ඉතිං ඔයාගේ ආදරණීයන්ගෙන් අහන්න එයාලාට මහන්සිද කියලා. පොඩි msg එකක් දාලා check කරන්න. Random call එකක් අරං check කරන්න.
කෙනෙක් "මට මහන්සියි" කියලා ඔයාට කියනවා නම් ඒ එයා ඔයාව විශ්වාස කරන නිසයි. ඔයාගෙන් එයාට පොඩි energy එකක් ලැබෙයි කියලා එයා හිතන නිසයි. මොකද මිනිස්සු එහෙම ලේසියෙන් තමන්ට දැනෙන දේවල් කියන්නේ නැති නිසා.
සමහර විට ඔයත් මහන්සියෙන් ඇත්තේ. ඒත් එහෙම වෙලාවට ඔයාගේ මහන්සිය ගැනම නොකියා "ඉතිං මං මොකක් කරන්නද?" කියලා පෙරලා ප්‍රශ්න කරන්නේ නැතුව එයාට cheer එකක් දෙන්න. අඩුම තරමේ අහන් ඉන්න. පිටට තට්ටුවක් හරි දාන්න. කර වටේ අතක් දාගන්න. අත තදින් අල්ලගන්න. එයාගේ වටිනාකම මතක් කරලා දෙන්න. එයා වෙනුවෙන් status එකක් දාන්න. Image එකක් send කරන්න. සිංදුවක link එකක් යවන්න.
ලඟම ඉන්නවා නම් උණු තේ එකක් හදලා ගිහින් දෙන්න. Stress එක නිසාම බර වෙලා ගල් වෙලා තියෙන උරහිස් දෙක ටිකක් massage කරන්න. ඔලුව පොඩ්ඩක් අතගාන්න. "මං ඔයා ගැන ආඩම්බරයි" කියලා පොඩි kiss එකක් දෙන්න.
මේවා සුරංගනා කතා කියලා හිතෙයි. ඒත් විඩාපත් වෙච්ච මනුස්සයෙක්ට මේ හොඳටම ඇති එයාගේ මහන්සිය නිවාගන්න. එයාට ඕනමත් එහෙම දෙයක්මයි.
හැමදාම අන්තිම නරකම දෙයක් වුණාම විතරක් කෙනෙක් ගැන "අනේ" කියලා දුක් වෙලා වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනා අනුකම්පාව නෙවෙයි. සංවේදි බවයි.
ජීවිතේ හරි මහන්සියි තමයි. ඒ නිසාම ආදරණීයන්ට ආදරේ වෙන්න. එකිනෙකාගේ අමාරු කාල වලදි එකිනෙකාව බලාගන්නවා කියන්නේ ඒකටයි.

Copied
Credits Goes To First Author ( Unknown )

A day in the life

2024-09-07

අම්මා






මීදුමට සිහිපත්වෙන්නේ මීට තෙවසරකට පෙර තම දු දරුවන්ට මුණුපුරු මිණිපිරියන්ට මී මුණුපුරු මිණිපිරියන්ට සහ මට සමුදුන්න මගේ අම්මව.
ඈ අද අපත් සමග හිටියානම් අවුරුදු සීයයක් ......…
අපේ අම්මයි මේ අම්මයි සමකාලීනයෝ වෙන්න ඇති.
ඈ නමින් සෝමාවතී පොඩිහාමිනේ නම් විය.

Minimalist Living වෙත Ruvi Samaraajeea කල වියමනක්.

උපුටා පළකරනවා. මීදුම කියවන්නන්හට.
“මීට අවුරුදු විසි පහකට කලින් කතාවක් ...............”
මේ .අත්තම්මා කෙනෙක් හිටියා අපි ට
මැනික්හාමි තමයි නම .අත්තම්මා අපි ට තේ දෙන්නෙ වීදුරු වල .ඒවා හෝදලා උනු වතුර ට දානවා .ඉගුරු කෑල්ලක් තලලා තේ කොල තම්බලා රස ට තේ හදලා අර වීදුරු වලට දාලා දෙනවා .උනුම උනු තේ එක ට එක හේතුවක් තමයි කෝප්ප උනුවතුරෙ දාලා ගත්ත එක .ඒ කාලෙ මට ඕක තේරුම් ගන්න බැරි වුනා .අද උනු තේකක් බොන හැම මොහොතකම මට ඒක මතක් වෙනවා .
අත්තම්මා හීනියට අමුමිරිස් ලොකු ලූනු නැත්නම් රතුලූනු ලියලා ලුනු ගම්මිරිස් දාලා එවෙලෙම ගහෙන් කඩලා ගන්න දෙහි
ගෙඩ්යක් හිල් කරලා මේස හැන්දෙ මිටදෙහි ගෙඩ්ය ඇතුලට දාලා කරකවලා දෙහි ඉස්ම දාගන්නවා .ඊට පස්සෙ දර ලිපේ දාලාපුච්චලා ගත්ත කරවල කෑල්ලක් මේ සම්බෝලෙට දාලා හොදට කලවම් කරලා පොල් ටිකක් දාලා ගන්නවා .උනුම උනු පාන් කන්න තමයි මේ විදියට සම්බෝල හැදුවෙ .
කටට කෙල උනනවා වගේම ඇහැට කදුලු උනනවා අද අතීතය මතක් වෙලා .
පොල් සම්බෝල හදනවා නම් දර ලිපේ අලු යට දාලා තක්කාලි ගෙඩ්යක් අරන් පොඩි කරලා සම්බෝලෙට දානවා .දෙහි ඇඹුල් දාලා දෙහි ලෙල්ලත් පොල් සම්බෝලෙට දාලා හොදට කලවම් කරනවා .
පොල් පුච්චලා අරගෙන මිරිස් බැදලා අරන් හදන පොල් සම්බෝලෙත් අමුතුම රසක් .
අත්තම්මා ගේ වටේටම නොයෙකුත් දේවල් හිටවලා සාත්තු කරා .එක එක වර්ගයේ කොච්චි තිබුනා .
කොච්චි සම්බෝල එක්ක තම්බපු කොස් පිගානක් කන්න පුලුවන් .
අත්තම්මා ගෙදර කුරහන් ගලේ කුරක්කන් ඇට පිටි කරලා කුරහන් තලප හැදුවා .උනු වතුර ට කුරක්කන් පිටි ටික ටික දාලා පිටි තැම්බීගෙන එද්දී හැදි මිට උදව් කරගෙන ලස්සන ට බෝල කරන හැටි බලාගෙන ඉන්න ආසයි .
තලප ගිලින්න ආනමක් හැදුවා .මුං ඇට ආනමක් කොරළි හොද්දක් එක්ක ලොකු තලප ගුලියක් ගිලින එක ගමේ මිනිස්සුන්ට නම් මහ කජ්ජක් නෙමෙයි .ඒත් ....මට නම් තාමත් තලප ගිලින්න බැහැ .මම තලප කනවා .

අත්තම්මා කලවම් පලා මැල්ලුමක් හදන වෙලාවට පොල් එක්කම පොල් කිරි ටිකක් දානවා .හරිම රසයි .
මාලු හොද්දක් හදනවා නම් හාල් ඇට ටිකක් පොල් පොඩ්ඩක් එක්ක අඹරලා හොද්දට දානවා .ඒ හොද්ද උකු වෙන්න ත් රස වෙන්නත් කියලා අත්තම්මා කිව්වෙ නැහැ ඒත් මට හිතෙන්නෙ ඒක තමයි රහස .

කැකිරි ,පුහුල් ,පිපිඤ්ඤා වගේ දේවල් උයද්දි ත් හාල් පොල් අබ ගම්මිරිස් අඹරලා මිටිකිරි එක්ක දානවා .හරි ම රසයි 
උෂ්ණ දේවල් උයද්දි ( ඉස්සො / කකුළුවන් ) මුරුංගා කොල දැම්මා උෂ්ණ නැති වෙන්න .
අද ජීවතුන් අතර හිටියා නම් අත්තම්මා ගෙන් කොයිතරම් රස රහස් අහගන්න තිබුනා ද ? අදටත් අත්තම්මා මගේ හිතේ ගැඹුරුම තැනක ජීවත් වෙනවා 
අත්තම්මා ගේ රෙදි පෙට්ටියෙ අලුත් චීත්තතියෙනවා .ලස්සනට නවලා කපුරු දාලා තියෙනවා .ඒත් නිතරම අදින්නෙ එකම චීත්ත  .
.ලෝභකම කියලා හිතන්න ත් බැහැ .දූලා ට දරුවෝ ලැබෙන්න ඉස්පිරිතාලෙ යද්දි අලුත් චීත්ත දෙනවා මට මතකයි .
මගේ බුදු ගෙයි මම පුන්චි බුදු පිලිමයක් තියා තිබුනෙ .අත්තම්මා ගෙදර තිබුන ලොකු බුදු පිළිම ය මට ගෙනැත් දුන්නා .
වත්තෙ වැටෙන පොල් අතු වල ඉරටු සුද්ධ කරලා ඉරටු මිටි බැන්දා .කෝපි ටික ගම්මිරිස් ටික වෙලාවට කඩලා විකුණන අත්තම්මා අඹ ,පේර ,දෙහි කඩලා පොලට අරන් ගිහින් විකුන්නා .කොයි වෙලාවකවත් නිකම් හිටියෙ ම නැහැ .
ලස්සන ට මිදුල උදලුගානවා .වැහි වතුර ටික පවා ටැංකිය කට එකතු කරා .අත පය හයිය තියෙන තාක් කිසිම දරුවෙක් ට කරදර කරන්න කැමති වුනේ නැහැ . 
අත්තම්මා ගෙන් ඉගෙන ගත්ත කඩිසරකම අරපිරිමැස්ම ඉවසීම වගේ දේවල් මගේ ජීවිතය ට හුගක් වටිනවා .සමහර මිනිස්සු මැරුනත් ජීවත් වෙනවා වගේ .මහ පොළොව ට බරක් නැතුව ජීවත් වුන ඒ වටිනා මිනිස්සු කියලා තමයි මට හිතෙන්නෙ .
යාලුවන්ටත් මේ වගේ අය ඇති නේද ?

A day in the life