පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-09-05

සිංහල භාෂාව




සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.
1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.
2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.
3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.
4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.
5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.
6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.
7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.
8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.
9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.
10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.
11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.
12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.
13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.
14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.
15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.
16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.
17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.
සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.


උපුටාගැනීමකි

2024-09-04

කුහක වතක්




“හිටපු ගමන් ඔන්ලයින් ඇවිත් ……දේශපාලනේ පෝස්ට් එකක් දාලා කට්ටිය ඇවිස්සුවේ නැත්නම් කෑවේ නෑ වගේ “ - මෙහෙම සිතිවිල්ලක් නදී සමන්මාලී. මෙටාවට යොමු කලා තිබුනා.
දැක්ක හැටියෙම මම ෂෙයාර් කලා. හේතුව මටත් මේ දවස්වල එහාට මෙහාට විසි වෙන පෝස්ට් වගේම ප්‍රතිචාරත් මම ඉවසන්නේ හරිම විනෝදයෙන්. මම ඒවා බැරෑරුම්ව හිතන්නත් බාර ගන්නත් පෙළඹ‍ෙන්නේ නැහැ.

සමහර වෙලාවට බරපතල ලෙස අපහාස කරන අවස්ථාත් හමුවෙනවා.පලකරන්නාගේ දේශපාලන මතය දරන්නේ නැත්නම් පාදඩයා, අවජාතකයා වැනි පීඩාකාරී ප්‍රාහාර එල්ල වෙනවා.වලව් වල වලං හෝදන අවලංළු. ගොන් ආතල් ගන්නවා කියලත් කියනවා. ඔය වගේ දේවල් දරාගත්තොත් මහත් පීඩාවක් ඇති වෙනවා බැහැර කලොත් දැනෙන්නේ සහනයක්.
අද මේ පෝස්ට් එකට ලැබුන ප්‍රතිචාර බලන්න.

“මටත් ඔය ලෙඩේ බෝවෙලා අයියේ “ මෙහෙම කිව්වේ සංවරව ප්‍රතිචාර දක්වන්නෙක්.
............මම කිව්වා -ජොලි වැඩේ කලබල වෙනවා දකින කොට හිතෙන දේවල් වලට හිනා.
“................මදෑ ඔහොම හිටියා “ කෙටි ප්‍රතිචාරයක්.
“............පොහොට්ටුවෙන් මාලිමාවට මාරැ වුන එකෙක් ඇවිස්සුවනම් තවත් මරැ..තවත් කෙනෙක්ගේ අදහසක්.
“..............නිදාගන ඉන්න කොටියෙක් ඇහැරෙව්ව වගේ.
“.....................හැබැයි වෙන අයගේ දේශපාලන පොස්ට් වලට උත්තර දෙනවා.......ඒත් .......ඔබගේ පොස්ට් වලට වැරැද්දක් කියන්න හිතෙන්නේ නැ....හිත් රිදවා ගන්න අකමැති නිසා .....කව්රු රජ උනත් අපි හම්බ කරොත් අපිට කන්න පුළුවන් .....එච්චරයි ....හැබැයි හම්බකරගෙන කන්න හරි රටක් තියෙන්න එපැයි ........“ මෙහෙම කියන්නේ මට අනුකම්පාවෙන්.
“................මට ඒ තරම් හිතන්න දෙයක් නැහැ .දේශපාලන විග්‍රහ වලට කැමතියි .මොන විදියේ කෝන වලින් තිබුනත් කියවනවා .දේශපාලන අදහස් වලින් සමාජය එක එක ගොඩවල් වලට ගහ ගන්නේ නෑ .තම තමන්ට පෞද්ගලික අදහස් මතිමතාන්තර තියෙන්න පුළුවන් .ටිකක් අප්‍රසන්න දේශපාලනය මුල් කොට ගැරහීමට ලක් කරන එක.“ මම සටහන් කලා පිළිතුරක් ලෙසට.
“....................ගොඩක් දෙනා එහෙම නැහැ ...මොකේ උනත් තමන් තෝරාගත් කෙනාට පක්සව ලියනවා...අවුස්සගන්නවා කියන මහා දාර්ශනිකයොත් රටකාපු හොරෙකුට කඩේයන ගමන් පොරක් වෙන්න බලනවා“ ......මේ තමන්ගේ මතිමතාන්තර තහවුරු කරන හිතවතෙක් . හැම වෙලාවේම කොක්කක් තමයි. මට නම් විනෝදජනකයි. ඒ්ත් රුධිර පීඩනයට නම් අගුණයි කියලා මතක් කරනවා. වැඩක් නැහැ.
“..............උන් පට්ට කුහකයෝ “ පුංචි ළමෙක් ගලක් අරන් ගැහුවා වගෙයි . කියලා මම හිතලා
මෙහෙම කියනවා“.................ඔයාට නම් තියෙන්නේ පට්ට කේන්තියක්. මම නම් උපේක්ෂාවෙන් බලනවා .හැම කෙනාටම නිදහස්ව හිතන්න හැකියාව තියෙනවා නේ.“ කියන මට මතක් වෙනවා මම ගැන යටි හිත‍ේ කේන්තියක් තියෙයනව ද කියලා “රටකාපු හොරෙකුට කඩේයන ගමන් පොරක් වෙන්න බලනවා “ කියන නිසා.
.“.................................කේන්තියක් නැහැ ....අවුස්සනවා කියන්නෙ පොර ටෝක් කතාවක්....නිදහසේ ලියනකොට අවුස්සනවා කියන්නෙ මොකක්ද ????ඒක පට්ට කුහක කතාවක්.“............... සන්සුන් වෙන තුරු තර්ක කරන එක නතර වෙන්නේ නැහැ. එයාට ජයග්‍රණය දුන්නම මම නිදහස්.
මම දන්නවා ........ මල්ලීගේ අදහස් තහවුරු කර ගන්නා කෙනෙක් කියලා ඕන දෙයක් හිතා ගන්න .මට කමක් නැහැ
“.................ඇවිස්සුව නේද“ මේ සංවාදය බලලා තව එක්කෙනෙක් කියනවා.
....................ආදරෙයි ...

රටට ආදරේ අයත් ඉන්නවා .තමන්ට ආදරේ මම වගේ අයත් ඉන්නවා.ඔය කුහකයි , අවජාතකයි වලව්වල වලං හෝදනවා කියලා කිව්වේත් ගොන් ආතල් ගන්නවා කියන්නේත් ඒ් අයට. කුහකයිනට වෛර කරන අයත් ඉන්නවා.ආදරේ කරන අයත් ඉන්නවා.


A day in the life