පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-08-21

ගජමන් නෝනාට පෙම් කළ ඇලපාත මුදලි .





ඇලපාත හාමුදුරුවෝ තම සිවුරු හැර ගිහි ජීවිතයට පැමිණියේ ගජමන් නෝනාගේ ගෘංගාර කවි පිළිතුරු නිසා බවත් සමහර ජනප්‍රවාදවල කියවෙනවා. ඇලපාත මුදලි කෙසේ හෝ ගජමන් නෝනා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගන්නට නිතර උත්සාහ කර තිබෙනවා. සැමියා මිය යාමේ ශෝකයෙන් සිටි ගජමන් නෝනා එයට මුලදී ඉඩ දී නැහැ. සැමියාගේ මරණයෙන් අවුරුදු හයකට පසුව ගජමන් නෝනා ඇලපාත මුදලි සමඟ පෙමින් බැඳෙනවා. ඉන්පසුව ඇලපාත මුදලි ගජමන් නෝනා සොයාගෙන නිතර පැමිණෙනවා.




ඇලපාත මුදලි ද මාතර යුගයේ සිටි ප්‍රකට කවිකාරයෙකි. ඔහු සුරූපී ගජමන් කිවිඳියගේ සිත ගන්නට විශේෂ වෑයමක්‌ දැරූ අයෙකු ලෙස ප්‍රසිද්ධය. ඔහු විටක ඇයගේ ගුණ වර්ණනා කළ අතර විටෙක අගුණ ප්‍රකාශ කළේය. තව විටෙක ඇයට අව කැපෙන දේ කියමින් හිංසා කළ බව පෙනේ. මේ ඇලපාත ඇගේ ගුණ වැනූ සැටිය.

“මදමත් දිග සොඬින් දස අත පිඹින්නි ය
ලැමපත් පියයුරන් හස පොළඹවන්නි ය
සිරිමත් එගජමන් නෝනා ඇතින්නි ය
සිත ගත් රඹ උයන සිඳ බිඳ හෙලන්නි ය“

ඉන් ඇගේ හැඩ රුව, සිරුරේ මහත දෙහෙත පමණක්‌ නොව ඇගේ කාමාශක්‌ත බව ද මතු වී පෙනේ. මුදලිතුමන්ගේ කවියට ඇය කවි දෙකක්‌ම ලීවාය.

“නාම රුක පසිඳු ඇලපාතින් පොරණ
සේම දළු ලමින් නැණ අතු විය දියුණ
සෝම ගුණ දහම් පල ඉදෙමින් නැමුන
කාම නල වැදී සහමූලයෙන් බිඳුන“

“වැස තදින් ගලන සිව් ඕගය ඈත
විසරමින් පිරීගිය නොර මෑත
නව දහම් බැම්ම බැඳ වෙර ඇල පාත
බිඳ ගොසින් වැටුණි නාරිය තොට ඈත“

ඇලපාත මුදලි සමග තහනම් ප්‍රේමයේ රස පහස භුක්ති විඳීමට ඇය පටන් ගන්නවා. අවුරුදු කීපයකින් පසුව ගජමන් නෝනාගේ රූසිරිය වැහැරී යන්නට වූ විට ඇලපාත මුදලි ඇය හැරදමා ගමට ගොස් පවුල් ජීවිතයක් ආරම්භ කළ බවයි පැවසෙන්නේ. ඉන් පසුව ගජමන් නෝනා ආර්ථික වශයෙන් ද විශාල ගැටලුවලට මුහුණ පානවා. කලකිරීමට පත් ගජමන් නෝනා සියතින් පිහියෙන් ගෙල සිඳගෙන මරණයට පත්වූ බව කියවෙනවා. ඇය සියදිවි නසා ගත්තේ 1814. 12. 15 දින බව රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් කෘතියේ එච්. එම්. ජයන්ත විජේරත්න‍ සඳහන් කරනවා. කිවිඳියගේ මළගමට ඇලපාත මුදලි පැමිණෙන අතර අවමඟුලේ කටයුතු සිදු වන්නේ ඔහුගේ මූලිකත්වයෙන්.

ඇලපාත මුදලි සහ සබරගමුව පාලනය කළ ඇහැලේපොල අදිකාරම අතර පෞද්ගලික හේතු නිසා විසරකයක් හටගත් බව පැවසෙනවා. මේ නිසා ඇලපාත නිලමේ දේපල ඇහැලේපොළ පවරාගනීවි යයි බියෙන් පසුවූ බව ජෝන් ඩෙයිලිගේ සටහන්වලින් පේනවා. ජෝන් ඩොයිලිගේ දිනපොතට අනුව 1816 මැයි 4 දා බටුගෙදර දී ඇලපාත උණ රෝගයෙන් ඔත්පල වෙනවා. දින කිහිපයකට පසුව ඇලපාත මහ වලව්වට ගෙන යාමෙන් පසු ඔහු මරණයට පත් වෙනවා.
මියයනවිට ඔහුගේ වයස අවුරුදු 36ක් පමණයි. ඔහුගේ අවසන් කටයුතු වලව්ව අසල විහාරයකදී සිදුකර තිබෙනවා. භෂ්මාවශේෂ තැන්පත් කර සොහොන් කොතක් ද ඉදිකර තිබෙන බව ඩොයිලි සඳහන් කරනවා. තවත් ජනප්‍රවාදවල සඳහන් වන්නේ ඇහැලේපොළ වෙනත් කෙනකු ලවා වස දී ඇලපාත මරණයට පත්කළ බව යි.






උපුටා ගැනීමකි - 
ස්තූතිය මුල් හිමිකරුට.
Nimal Perera

A day in the life

2024-08-20

මුහුදක් අසලකවත් නැති ලීච්ටන්ස්ටයින් රාජ්‍යය





මුහුදක් අයිති නොමැති රටවල් එහෙම නැත්නම්, ලෑන්ඩ් ලෝක් රටවල් ගැන ඔබ අසා තිබෙන්න පුළුවන්. එවැනි රටවල්වලට මුහුදක් අයත් නොවන අතර වට වී තිබෙන්නේ අසල්වැසි රටවල්වලින් පමණ යි.

මුහුදක් නොමැතිව වෙනත් රටවල්වලින් පමණක් වට වී තිබෙන රටවල් 49ක් ලෝකය පුරා විසිරී තිබෙනවා. මෙවැනි රටවල් ආනයන, අපනයන ක්‍රියාවලියේ දී දැඩි අපහසුතාවලට ලක් වෙන්නේ ඔවුන් සතුව වරායන් නොමැතිකම හේතුවෙන්. රට කුමන පැත්තකින් හෝ මුහුදට නිරාවරණය නොවීම රට තුළ ආර්ථිකය දුර්වල කිරීමට බලපාන එක් සාධකයක්. එවැනි බොහෝ රටවල්වල ආර්ථිකය එතරම් යහපත් නෑ.





යම් රටක් වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ තවත් රටවල් කිහිපයකින්නම් එවැනි රටවල් හඳුන්වන්නේ ඩබල් ලෑන්ඩ් ලෝක්ඩ් රටවල් ලෙස යි. එවැනි රටවල් දෙකක් ලෝකයේ පිහිටා තිබෙන අතර, ඒවා මධ්‍යම යුරෝපයේ පිහිටි ලීච්ටන්ස්ටයින් හා ආසියානු කලාපයේ පිහිටි උස්බෙකිස්තානය ලෙස නම් කළ හැකියි.

රටවල්වලින් වට වීම ආර්ථිකය කඩා වැටීමට බලපාන හේතුවක් වුව ද, ලීච්ටන්ස්ටයින් යන රට එම කරුණු මුසාවක් බවට පත් කරමින් දළ දේශීය නිෂ්පාදිතය අතින් මෙන්ම පුද්ගල රැකියා නියුක්තික ප්‍රතිශතය ද ඉහළ මට්ටමක පවතින ප්‍රමුඛ පෙළෙහි රටක් ලෙස හඳුන්වා දිය හැකියි. ඉතින් අද ලිපිය ලීච්ටන්ස්ටයින් පිළිබඳව යි.



මධ්‍යම යුරෝපීය රටක් වන ලීච්ටන්ස්ටයින් බටහිරෙන් හා දකුණෙන් සීමා වී තිබෙන්නේ ස්විස්ටර්ලන්තයට යි. ස්විස්ටර්ලන්තයට ද මුහුදක් නොමැති අතර වට වී තිබෙන්නේ රටවල් කිහිපයකින් ය. ලීච්ටන්ස්ටයින්හි නැගෙනහිර හා උතුරු දේශ සීමා අවසන් වන්නේ ඔස්ට්‍රියාවෙන්. ඔස්ට්‍රියාව ද ගොඩබිමෙන් පමණක් වට වූ රාජ්‍යක් ලෙස නම් කළ හැකියි. මේ පිහිටීම හේතුවෙන් වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ ගොඩබිමෙන් පමණක් හෙවත් ඩබල් ලෑන්ඩ් ලෝක්ඩ් රටක් ලෙස ලීච්ටන්ස්ටයින් හඳුන්වනු ලබනවා.

ව. කි. මී. 160ක වැනි කුඩා ඉඩ ප්‍රමාණයක් මෙම රටට අයත් වන අතර, ලෝකයේ කුඩාම රටවල් අතරින් හය වන ස්ථානය ද, යුරෝපයේ පිහිටි කුඩාම රටවල් අතරින් හතරවන ස්ථානය ද හිමිකරගෙන සිටිනවා.
38,000කට ආසන්න කුඩා ජනගහනයකින් යුක්ත මෙම රට පාලනය සඳහා කොටස් 11කට බෙදා වෙන්කර තිබෙනවා. ප්‍රධාන නගරය ලෙස හඳුන්වන්නේ ෆදුට්ස්.
රටේ සුවිශේෂී කාරණයක් ලෙස සඳහන් කලොත් අපරාධ හා මිනීමැරුම් අඩු රටවල් අතරට මෙම රට ද ඇතුළත් වෙනවා. එහි අවසන් මනුෂ්‍ය ඝාතනය වාර්තා වෙන්නේ 1997 වසරේ දී යි. තව ද සිර කඳවුරුවල දිවි ගෙවන පිරිස ඉතා අඩු අගයක් ගන්නවා.
ඒ වගේම ලෝකය තුළ භාවිතා වෙන බොරු දත් කුට්ටම්වලින් 20%ක් සපයනු ලබන්නේ ලීච්ටන්ස්ටයින්හි කර්මාන්තශාලා විසින්. තව ද බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය සමග මෙම කර්මාන්තශාලා බොරු දත් වෙළඳාම පිළිබඳව සම්බන්ධතා පවත්වනු ලබනවා.



මුළු රටේම වැසියන්ව වසරේ එක දිනයක රජ මාළිගයට කැඳවන අතර එම දිනය පුරා මුළු රජ මාළිගාවම උත්සවශ්‍රීයෙන් ඇලළී යාම ද මෙරට දකින්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණයක්.

වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ තවත් රටවල් කිහිපයකින් වූවත්, එය බාධාවක් නොකරගෙන ඉතා ඉහළ ආර්ථිකයකට හිමිකම් කියන කුඩා ලීච්ටන්ස්ටයින් රාජ්‍යය ලෝකයේ අනෙකුත් රටවලට මනා ආදර්ශයක්.

A day in the life