පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-08-19

නිකිණි පුන් පොහොය




නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.
අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය. ලෝකයේ හොඳ හා නරක යනුවෙන් කොටස් දෙකකි. මේවා තීරණය කරනු ලබන්නේ නිකිණි පුන් පොහොය දිනයටය.
වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය හැඳින්විය හැකිය.
බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදු විය. එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පොහොයත් සමඟය.
පන්සල හා ගිහියන් අතර සබැඳියාව වඩාත් තහවුරු කිරීමට මේ පොහොය වැදගත් වේ.
අන්‍යෝන්‍ය සබැඳියාව වර්ධනය කිරීමට නිකිණි පොහොය විශේෂ තැනක් ගනී. ගිහි, පැවිදි දෙපක්ෂය අතර පවත්නා යුතුකම් ඉටු කිරීමට මේ පොහොය හොඳ මාර්ගයකි. අවස්ථාවකි.
සමාජයේ හා පුද්ගලයාගේ අභිවෘද්ධිය උදෙසා පො‍හොය වඩාත් ජීවිතවලට බද්ධ වී ඇත. මසකට වරක් එළැඹෙන පොහොය දිනය සෙසු දිනවලට වඩා සුවිශේෂත්වයක් දක්වයි.
ජීවිතයට වඩාත් උද්දීප්තියක් ළඟා කරන්නක් ලෙස නිකිණි පොහොය අර්ථ දැක්විය හැකිය. බුදුදහම අනුව මූලික පරමාර්ථය හා අරමුණ, වන්නේ සංසාර සාගරයෙන් එතෙර වීමය. සසර බැමි සිඳ බිඳ දැමිය යුතුය. එසේ සිඳලන්නට හැකි වන්නේ තෘෂ්ණාව දුරු කිරීමෙනි. ආසාව දුරු නොකොට සසර බැමි බිඳ දැමිය නොහැකිය. බුදුරදුන් දස පාරමිතාවේදී මුලට යෙදුවේ දානයයි. නැත්නම් දීමයි. දෙන්නේ නැතිව කිසිවක් කළ නොහැකිය. සසර කෙටි කර ගත නොහැකිය. වර්ෂා කාලයේදී එක තැනකට වී වස් සමාදන් වීම බුදුරදුන් පැනවූ විනය ප්‍රඥප්තියක් නොවේ. ප්‍රාග් යුගයේ සිට පැවත එන සම්ප්‍රදායකි. බෞද්ධ භික්ෂූන් හේමන්ත, ගිම්හාන, වස්සාන කාලවල නිල් තණ මඬිමින් පා ගමනින් කුඩා සතුන් විනාශයට බඳුන් කරමින් චාරිකාවේ හැසිරෙද්දී සෙසු පරිබ්‍රාජිකාදීහු එක්තැන්ව වස් විසීමෙහි ඇලී සිටිති.
“අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තු” මහණෙනි මම වස්සාන ඍතුවෙහි වස් එළැඹෙන්නට අනුදනිමියි භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි පෙරවස් එළඹීම පසු වස් එළැඹීම දෙකකි. ඇසළ පුන් පොහොයට පසු දින එනම්, අවපෑළවිය දිනයෙහි පෙර වස් එළැඹිය යුතුය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසු වස් එළැඹිය යුතුය. වස් එළැඹීම ජනතාවගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් බව සැලකිය හැකිය.
බුදුරදුන් ප්‍රඥාප්ති ආවට ගියාට පැනවූයේ නැත. යම් යම් හේතු මත විනයන් පන වන ලදි. සඟරුවනේ නිදහසට බාධා කරන්නට බුදුරදුන්ට වුවමනාවක් නොවීය. සිවු මසක් පමණ වැසි පවතින බැවින් ස්වකීය පන්සලට වී ‘වස්සික සාටිකය’ හෙවත් වැසි සළුව වස් වසන භික්ෂූන් විසින් වස් වසන දිනයේ දීම අධිෂ්ඨාන කොට වස්සාන මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් ලෙස නියම කොට ඇත.
නාන කඩය යනුවෙන් හඳුන්වන මේ චීවරය සඟරුවනට වාග් විඥප්තියෙන් වුවද ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට
ලබා ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කරන ලද්දේ විශාඛා මහෝපාසිකාවගේ ඉල්ලීමකට අනුවය.
වස්සාන කාලයෙහි සැදැහැවතුන් සඟරුවන වෙසෙන ආරාමයට ගොස් නිතරම පින් දහම් කටයුතුවල යෙදීම මත ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට නිකිණි පොහොය උපස්තම්භක වේ.
බොහෝ අය ජීවිතය හා මනුෂ්‍යත්වය එකක් ලෙස සලකති. එහෙත් මෙය දෙකකි. මනුෂ්‍යත්වය මිනිස්කම මතු වන්නේ ජීවිතයෙනි.
සද්භාවය යහපත්භාවය සත්පුරුෂ ලක්ෂණ කෘතවේදීත්වය, සංවේදී බව යන ගුණාංග මතු වන්නේ මනුෂ්‍යත්වය පදනම් කර ගෙනය.
ජීවිතය යනු පොදු වූවකි. එහෙත් මනුෂ්‍යත්වය මානුෂික භාවය පොදු ගුණාංග නොවේ. මිනිසාගේ විඥානය ප්‍රගුණ කිරීමෙන් මතු වන ලක්ෂණ වන්නේ මනුෂ්‍යත්වයයි.
මානුෂික හැඟීම් මතු වීමට නිකිණි පොහොය හොඳම භූමිකාවකි. පරිශ්‍රයක උදවුවට භාජනය වූ පුද්ගලයා එම ගුණ නිරන්තරයෙන්ම මෙනෙහි කිරීම මිනිස්කමකි. මෙතනදී උදවු කළ තැනැත්තාට හෝ තැනැත්තියට එහි ඵලවිපාක අත් වේ. දත් මැදලා දමන දැහැටි දඬු මෙන් ප්‍රයෝජන ගෙන අමතක කිරීම ඉවතට වීසි කිරීම අසත්පුරුෂයන් කෙරෙහි පවත්නා දුර්ගුණයකි. මේවා අපට අවබෝධ කොට දෙන්නේ නිකිණි පො‍හෝ දින පන්සලට ගිය විටය.
ආනන්ද හිමියන් රහත් වූයේද නිකිණි පුන් පො‍හෝදාකය. නිකිණි පුන් පොහොය දින වෙනත් පොහොය දින මෙන් සිද්ධි සමුදායක් සිදු නොවුණ ද පුද්ගලයාගේ සසර ගමන කෙටි කර ගැනීමට සිත එකඟ කරගෙන මෝක්ෂ මගට පිවිසීමට හේතු වන කරුණු සමුදායයකට මේ පොහොය දිනදී දොරටු විවර විය.

සටහන - ජයන්ති කුරේ

දිනමිණ - 2021 අගෝස්තු 11.


A day in the life

2024-08-18

රස ගුණ පිරි කොල්ලු



කාලෙකට පස්සේ ඔන්න අපේම මේ ලක් පොලොවේ හැදුනු කොල්ලු ටිකක් හම්බ වුනා ....
කොල්ලු ගැන කියද්දී ...
කළු හා සුදු වශයෙන් කොල්ලු වර්ග දෙකක්ම තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ....
ඉතින් ඉස්සර නම් ⁣ලොකු හිස් ඉඩම් තියෙන කාලයේ අපිත් මේ කොල්ලු වර්ග දෙකම වගා කලා ...
දැන්නම් ඉතින් ගොවිමහතුන් අපේ රට තුල කොල්ලු වගාව කරන්නේ බොහෝම අඩුවෙන් කියන්න පුළුවන් ...වැඩිපුරම වෙළදපලේ දකින්නට තියෙන්නේ ආනයනය කල රසයෙන් හා ගුණයෙන් අඩු ඒවා තමයි ...
කොල්ලු වගාව සිදුකරද්දී අපි පෙබරවාරි මාසයේ අන්තිමට පොලව සකස්කරවා...මාර්තු මාසයේ මුලදී නොකඩවා එන හිරිකඩ වැස්සත් එක්කම කොල්ලු බීජ ටික ඉඩම පුරාම ඉසිනවා....
ඉන්පසු නැවත වගාවට ලොකුවට සත්කාර නම් සිදුකරන්නේ නෑ ..පොද වැස්සත් එක්කම දළුලා වැඩෙන මේ කොල්ලු වගාවේ මල් පිපී ඵලදාව දෙනවා... මාස කීපයක් යද්දි කරල් වේලී වැල් ටික මැරෙන්නට පටන්ගන්නවා...ඒ වැල් ගලවා අව්වේ දමා තවත් හොදින් වේලාගෙන පොල්ලකින් තැලීමෙන් තමයි ඇටටික වෙන්කර ගන්නේ ...







මේ විදියට කොල්ලු වගාවකින් හොඳ ඵලදාවක් අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා ...

කොල්ලු වගාවේදී මේ කොල්ලු ඇට වලට හානි කරන රතුම රතු පාට ලස්සන පුංචි පනුවෙක් කොල්ලු බීජ තුලම හටගන්නවා ....හැබැයි කවදාවත් ඒ සත්වයා වෙනත් බීජයක උපදිනවානම් මම මේ වනතුරුත් දැකලා නැ...ඒකත් කොල්ලු වල තියෙන විශෙශ්ෂත්වයක් කියන්න පුළුවන් ...
ප්‍රෝටීන් බහුල ආහාරයක් වන මේ කොල්ලු ගැන සමහර අය හිතාගෙන ඉන්නේ වෙදකම් සදහා තම්බලා වතුර බොන දෙයක් පමණක් බවයි....හැබැයි ශරීර ශක්තිය ඉක්මනින් ඉහල නංවා ගන්න පුළුවන් ඇත්තටම ශක්තිය ජවය පිරි හන්දිපත් රැදා නසන ආහාරයක් තමයි මේ කොල්ලු කියන්නේ ...මේකාලයේ සුලබව දකින්නට තියෙන රෝගයක් තමයි වකුගඩු
ගල් හටගැනීම කියන්නේ...ඒ රෝග අවස්ථාවන්ගෙන් මිදෙන්නත් මේ කොල්ලු බොහෝ උපකාරී වෙනවා අපට...ඉතින් කොල්ලු වලින් හදන ආහාර ගැන කියනවානම්... මේ කොල්ලු වලින් රසවත් කැඳක් හදාගන්න පුළුවන් අපට...ඒවගේම...උඩරට ප්‍රදේශ වලනම් කොල්ලු බැදලා වංගෙඩියේ කොටලා අරන් ටිකක් පෙගෙන්නට තබා හදන කොල්ලු ව්‍යංජනයේ තියෙන්නේ නම් පුදුම රසයක් තමයි ...මේ කොල්ලු තම්බා ඒ වතුර ටික බීමට ගෙන කොල්ලු ඇට ටිකට පොල් ටිකක් එකතු කරගෙන ප්‍රධාන ආහාරයක් විදියට ගන්නත් පුළුවන් කම තියෙනවා ...කොල්ලු කරල් වේලෙන්න කලින් පොතු ගලවලා වෙන්කර ගන්න ඇට තැම්බුවාම තමයි ගොඩාක්ම රසවත් ...දන්නවාද ...මේ කොල්ලු බදිනවිට පලාතම පුදුම සුවඳයි ...





ඒ බැදපු කොල්ලු වලින් අපට රසවත් බයිට් එකක් හදාගන්න පුළුවන් ...අපේ දේවල් අගය කරන අයට එහෙනම් තවත් පුංචි රහසක් කියන්නම් ....ගොඩාක් අය දන්නෙ නැති වුනාට වසවිෂ නැති අපේම ආහාර වල විශ්ව ශක්තිය මනාව ගැබ්වෙලා තියෙනවා ...ඒනිසාමයි ඒ ආහාර වලින් බොහෝ රෝග පහසුවෙන් නිවාරනය වන්නේ ...එනිසාමයි අපි අපේ උරැමය රැකගතයුත්තේ ...ඉතින් කොල්ලු ටිකක් ලැබුනොත් උත්සාහ කරලා බලන්නකෝ මේ දේවල් ඔයාලටත් හදාගන්න පුළුවන්ද කියලා ...

Samantha G T Samantha
A day in the life