පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-08-13

පන් පැදුර


මහගෙදර කුස්සියේ පැදුරු ආනක තිබුණු
රටා පැදුරක් අරන් දිග අරින්නෙමි සොඳින්
රතුපාට සුදුපාට ජ්‍යාමිතික හැඩ මවන
රමණීය පන් පැදුර මගේ ඇස ගැටෙනවා .

මිටි බංකුවේ හිඳ යොදා කඩිසර දෑත
වකුටු වී නැමීගෙන රෑපුරා නිදි වරා
නිදි කුමාරිගෙ ඉඳන් කියූ රස ජන කතා
පන් ගහක් ගානේම තැවරිලා තියෙනවා .

අත්තම්මගේ සුමුදු පන් පැදුරෙ නිදියන්ට
පොරකාපු දඟ එවුන් රටෙත් නෑ දැකගන්ට
කඳු ශිඛර තැනිතලා නිම්න හා බඩවැටි ද
පැදුර මත දිග හැරුණු අපූරුව පෙනෙනවා .

සැවැන්දර සුවඳ දෙන කම්බාය ඇන්දාම
උකුලෙ හිස තියාගෙන ඇස් පියං ඉන්නවා
ඔළුවෙ නිය ගගහ ඈ සෙත් පිරිත් කියනකොට
පොඩි වුන්ට පන් පැදුරෙ රස හීන පේනවා .

කාල යානය දිගේ අතීතෙට දුවනකොට
සිහිනයෙන් ගෑ සුවඳ පන් පැදුරෙ එතෙනවා
පරිගණක සිරමැදිරි අතර අපි දැවෙන කොට
බිඳුණු ලෙන්ගතු හැඟුම් හිතේ ඉකි බිඳිනවා .

---------රෝ.සි.


A day in the life

2024-08-12

මඤ්ඤොක්කා වලින් කේක්.






මඤ්ඤොක්කා කියන්නෙ ඉතිං ගොඩක් රසවත් කෑමක්නෙ..
පිලිකා මර්ධන හැකියාව තියනව කියල හොයාගනත් තියනවනෙ.....
ඒ හින්දා ඉතිං ......මඤ්ඤොක්කා අලේට දෙන්න තියන දස වධ ඔක්කොම දෙනව 'තම්බනව , මාලුවට උයනව , මලවනව , චිප්ස් වගේ බැදලත් කනව...
ග්ලූටන් සහිත පාන්පිටි කෑම වෙනුවට ,පිටි කරල ...පිට්ටු , රොටී , තෝස , ඉඳිආප්ප ,පීසා ඔය ඕනම දෙයක් හදන්නත් පුලුවන්නෙ හාල්පිටි ටිකක් මිශ්‍ර කරලා ...
ඒත් ඔයාල දන්නවද , පාන්පිටි නැතුව අමු මඤ්ඤොක්කා වලින් රසම රස කේක් හදන්න පුලුවන් කියල ...අපේ සමූහෙ මුල් අය නම් දන්නවා..ඒත් මේ අලුත් අයට...
හරිම ලේසී ..හරිම රසයි .. අපිටත් කියල දුන්නෙ අපේ ශානි සොයුරිය..අපිට අබිං කන්න පුරුදු කරා වගේ තමයි ඉතිං
දැන් මඤ්ඤොක්කා පඳුරක් ගලවපු ගමන් මතකෙට එන්නෙ ...කේක් තමයි..
ඒ තරමට ඒකට ඇබ්බැහි වෙනව...



අපි වැඩිපුර පැණිරස කෑම ආසා නැති උනත් දරුවො ආසා දෙයක් හදල දෙන්නත් එපෑ..හැබැයි ඉතිං දීල පිරිමහන්න නම් බැහැ ..ආයෙමත් ඉල්ලයි..ඒ තරම් රසයි ...
ඔයාලත් හදල බලන්නකො ..කොහොමද කියල .....
මුලින්ම භාජනයක් අරන් සීනි මේස හැඳි දෙකක් විතර දාල කැරමල් කරල නිමෙන්න තියන්න.. කේක් හදන භාජනේම හොඳයි ....
පසුව මඤ්ඤොක්කා ග්‍රෑම් 300 ක් විතර අරන් කැරට් ගානව වගේ ගාලා ,දිය යන්න හොඳින් මිරිකල බ්ලෙන්ඩර් කප් එකට දාගන්න..ඒකටම සීනි ග්‍රෑම් 200 ක්, පොල් මිටක් ,මිටිකිරි අඬුකෝප්ප බාගයක් ,බිත්තර දෙකක් , ෆ්‍රෙෂ් මිල්ක් අඬුකෝප්ප බාගයක් ,බටර් හෝ මාගරින් මේස හැඳි දෙකක් (ඒවා නැති නම් මුඩු නැති සුදු පාට පොල්තෙල් ගන්නත් පුලුවන් )
මේ සේරම හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න ..
උකු මිශ්‍රණයක් උනාම වෙනම භාජනේකට දාල ,ඒකට වැනිලා බිංදු කීපයක් ,බේකින් පවුඩර් තේ හැඳි බාගයක් විතර දාල , හොඳින් මිශ්‍ර කරල ,මුලින් කැරමල් කරපු භාජනේට දාල අංශක 180 ට විනාඩි 45 විතර දාල කේක් එක හදාගන්න ...සමහර වෙලාවට ස්ටීම් කරල ..එහෙම නැත්නම් ලිපේ තියලත් පුලුවන් වේවි ....




මේ තියෙන්නෙ මම හදපුවා....
ඉතිං ඔයාලත් හදල බලල අපිටත් කියන්න .. කොහොමද කියල ..*ඇබ්බැහි වෙන සුලුයි *
මඤ්ඤොක්කා තියන අය හදන්න ..නැති අය කඩෙන් ගෙනල්ලා හදන්න..හැබැයි මඤ්ඤොක්කා පඳුරු කීපයක් හිටව ගන්නත් අමතක කරන්න එපා....
Ramani Senanayaka



A day in the life