පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-08-04

ලෝලු හෙවත් පතරාජ / Cordia dichotoma




ලෝලු පුරාණ හෙළ වෙදකමේදී දිව ගුණ සහිත ඔසුවකි. විටෙක පළතුරක් ලෙස පරිභෝජනය කරනා ලෝලු ගසේ පොතු , කොළ , මල් , ගෙඩි , ඇට ආදිය එකසේ හෙළ වෙදකමේදී භාවිතා කරයි.

පතරාජ , පතරංග ආදී සිංහල නම් වලින්ද ඉංග්රීසියෙන් Indian Cherrry ලෙසට හඳුන්වනු ලබන ලෝලු 10m ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකයකි. ඉලිප්සාකර පත්ර ඒකාන්තරව පිහිටන අතර කලාතුරකින් සම්මුඛ විය හැකි ය. අංකුර දැඩි බූවක් සහිතය. අග්රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. එහි හට ගන්නා සුදු පැහැති මල් ද්වීලිංගික හෝ නිසරු පුෂ්ප සහිත විය හැකි ය. කහ සිට තැඹිලි දක්වා වර්ණයන්ගෙන් යුත් ඵලය අෂ්ඨිලයකි. ලංකාවේ ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක පළාත්වල ඉබේ වැවෙන ශාකයකි. ලෝලු Boraginaceae උද්භිද කුලයට අයත් ශාකයකි.
ලෝලු මල් සහ දළු රසවත් ව්යංජනයක් ලෙස සකසා ගත හැකි අතර ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඵලාවර්ණයට අතුලතින් නානුමය මැලියම් විශේෂයක් පිහිටා ඇති අතර පෙර පරම්පරාවේ උදවිය ඒවා කඩදාසි වැනි දෑ ඇලවීම සඳහා භාවිතා කර ඇත. ඉදුණු ලෝලු ගෙඩිවල පැහැදිලිව දැකි හැකි විශේෂත්වයක් වන්නේ එහි මදය ඇලෙන සුලු ජෙලටීනමය ස්වරූපයක් ගැනීමය. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ මියන්මාරය වැනි රටවවල සාම්ප්රදායික ජනතාව තවමත් ලෝලු ගසේ මල් , කොළ , ගෙඩි , සහ පොතු ආහාර වශයෙන් සහ ඖෂධ වශයෙන් භාවිතයට ගනිති. ශ්රී ලංකාවේ ද ඇතැම් පළාත්වල ජනතාව කලාතුරකින් මෙම ගසේ දලු සහ මල් ව්යාංජනයක් හා ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ගන්නා අතර ඇතැම් පාරම්පරික සිංහල වෛද්යවරු මෙම ගස ඖෂධයක් ලෙස ප්රයෝජනයට ගනු ලබති. මධ්යම තායිලන්ත ප්රාන්තයක් වන ප්රානෙක්හොන්සි අයුත්තායා හි ප්රාන්ත ගස ලෙස සැලකෙන්නේ ලෝලු ගසය. මියන්මාරයේ පාවෝ ජාතිකයන් අතර මෙම ගසේ දලු ව්යාංජනය බෙහෙවින්ම ප්රචලිතය. මෙම ශාකය සතු ඖෂධීය සහ පෝෂණ ගුණ පිළිබඳ නූතන පර්යේෂණ වලින් තහවුරු ව ඇත.





ලෝලු වටිනා ශාක රසායනික වර්ග රාශියක් අඩංගු ඉතාම පෝෂණීය ආහාරයක් වෙයි. විශේෂයෙන් මෙහි ඇටවල ඉතාම දුර්ලභ සහ වටිනා මේද අම්ල සහ ඇමයිනෝ අම්ල (ප්රොටීන) කිහිපයක්ම අඩංගු වෙයි. මෙම පලතුර සහ පත්ර ඛනිජ ලවණවලින් පොහොසත්ය. විශේෂයෙන් දුර්ලභ ඛනිජ ලවණයක් වන ක්රෝමියම් අඩංගු වන බැවින් දියවැඩියා රෝගීන්ට බෙහෙවින්ම හිතකරය. කෙසේ වෙතත් ඉදුණු ලෝලු ගෙඩිවල ප්රතිපෝෂක අඩංගු වන බැවින් ප්රධාන ආහාර වේලකට පැයකට පෙර හා පසුව ලෝලු පලතුරක් ලෙස ගැනීම සුදුසුය.

ප්රභල ප්රතිජීවකයක් හා වේදනා නාශකයකි ලෝලු ශාකය. ලෝලු සාරය සතු තුවාල සුව කිරීමේ ගුණය මෙන්ම , එය සතු පුළුල් පරාසයක පැතිරුණු රෝග කාරක ක්ෂුද්ර ජීවීන් විනාශ කිරීමේ ගුණයත්, වේදනා නාශක ගුණයත් මීයන් ඇසුරින් සිදු කෙරී ඇති පර්යේෂණ වලින් සනාථව ඇත. ආහාර මාර්ග පද්ධතිය තුළ හට ගන්නා තුවාල සහ කල් ගිය වන සුව කිරීමේ හැකියාවක් සහ අල්සර් සහ කොලික් පේන් (Ulcers and Colic pain) තත්ත්වයන් නිසාවෙන් ගර්භාෂයේ , පිත්තාශයේ සහ උදරයේ හට ගන්නා දරුණු වේදනාවන් සමනය කරන්නටත් ලෝලු හොඳ ප්රතිකාරයක් බව තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත. මෙහි අන්තර්ගත වන ඇපිජෙනින් (Apigenin) වැනි ශාක රසායන සංඝටකවල බලපෑමෙන් මෙය සිදු වන බව විද්යාඥයින් ප්රකාශ කරයි.තරුණ බව රැක දෙයි. ලිංගික ශක්තිය වැඩි කරයි. ලෝලු පත්ර සහ ඇටවල සාරයෙහි අඩංගු වන ප්රබල ස්වාභාවික ප්රතිඔක්සිකාරක සතුව ඇති නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමේ හැකියාව නිසාවෙන් තරුණ බව දිර්ඝ කාලයක් පවත්වා ගැනීමටත් වියපත්භාවය හා සම්බන්ධ ඔස්ටියෝ , ආතරයිටිස් , ඇල්සයිමර්ස් , හෘදයාබාධ , දියවැඩියාව , පෙනීමේ ආබාධ , පිළිකා රෝගාබාධවලින් වැළකී සිටින්නටත් ඉමහත් පිටිවහලක් ලැබෙන බව සොයාගෙන ඇත. ලෝලු පත්රවල මෙම හැකියාව සාපේක්ෂව වැඩි බව ද හෙළි වී තිබේ. එමෙන්ම ලෝලුවල ලිංගික ආශාව වැඩි කරන වාජීකරණ ගුණයක් ද තිබෙන බව තහවුරුව තිබේ.





රත්පිත්, ඇදුම, ප්රමේහ රෝග, බඩවැල්වල ඇති වන වේදනා, රක්ත අර්ශස්, ගෙඩි, වණ, මුඛ රෝග, අළුහම්, බිබිලි, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී රෝග අවස්ථාවන් සඳහා ප්රතිකාර කිරීමේදී ලෝලු ශාකයේ කොළ, දළු, ගෙඩි, ඇට, සුඹුලු ආදී කොටස් භාවිතා කරයි. ලොලු ශක්තිජනක, කෘමින් නසන, මුත්රකාරය, රුධිරය වර්ධනය කරන, අරුචිය, උගුර දැවිල්ල, මුත්ර දැවිල්ල ආදිය නසන, හෘදයට හිතකර ගුණ සහිතයි.

අම්ල පිත්තයට -
ගැස්ට්රයිටීස්‌ රෝගයට ලෝලු ගසේ පොත්ත ගලවා පිට සුඹුල හැර කෑලිවලට කපා වනේ දමා කොටා එහි යුෂ ලීටරයක් පමණ උදේ හවස අඬු කෝප්පයක් බැගින් පානය කිරීමයි.
හොරි දද කුෂ්ඨ වලට
සිරුරේ ඇති කල් ගිය ඔඩු දුවන ලද තුවාල , දද කුෂ්ට සුව කරන්නට හා ලේ වල විෂ නසන්නටත් සිරුරේ තැන්පත් මේදය දිය කර හරින්නටත් දියවැඩියා රෝගයටත් ලෝලු පොතු , කොළ , මල් , ගෙඩි මනා ගුණ දෙන බෙහෙතකි. එමෙන්ම ලෝලුවල වාජීකරණ ගුණයකුත් අන්තර්ගතය. ලෝලු ගසේ පොතු කැඩුම් බිඳුම් වෙදකමේ වෙලුම් පටි ලෙස කලකට ඉහත භාවිත කළේය.
මොළය රැක දෙයි...
දිර්ඝ කාලයක් තිස්සේ මොළයට සැපයෙන ඔක්සිජන් සහ පෝෂක කොටස් අඩු වීම නිසාවෙන් මොළයේ ඇති වන ආබාධ තත්ත්වයන් පාලනය කිරීමට ලෝලු සාරයට හැකියාවක් තිබෙන බව සොයාගෙන ඇත. ඉගෙනීමේ හැකියාව වැඩි කරන්නටත්, මොළයේ මනා ක්රියාකාරිත්වය සඳහාත් ලෝලු ආහාරයට ගැනීම ඉවහල් විය හැකි බව ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් පාර්මසූටිකල් රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් වෙබ් අඩවියේ පළ වූ පර්යේෂණ පත්රිකාවක සඳහන්ය.
අහිතකර කොලෙස්ටරෝල් සදහා
අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා දේහ බර වැඩි වේ. රුධිරයේ ට්රයිග්ලිසරයිඩ් සහ අඩු ඝණත්ව ලිපො ප්රෝටීන් (අහිතකර කොටලෙස්ටරෝල්) වැඩි වී, හිතකර කොලෙස්ටරෝල් අඩු වෙයි. දරුණු හදවත් රෝගවලට හේතු වන, හයිපර්ලිපිඩීමිය (Hyperlipidemia) යන නමින් හඳුන්වනු ලබන මෙම තත්ත්වය ඇතැම් උදවියට ජානමය හේතු නිසාවෙන් ද හට ගනී. ලෝලුවල සුලභව තිබෙන දල තන්තු පොලිනොලික සංඝටක , ටැනින් වර්ග සහ විශේෂයෙන් ඉදුණු ලෝලු ගෙඩි වල තිබෙන ඇලෙන සුලු පදාර්ථ නිසාවෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්නටත් සුවිශේෂී හැකියාවක් ලැබී තිබෙන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. තවද ලෝලු ආහාරයට ගත් මීයන්ගේ බර වැඩි වීම පාලනය වී තිබුණු බවද මෙම පර්යේෂණවලින් වැඩි දුරටත් හෙළි වී ඇත.
දරුණු අක්මා රෝගවලින් බේරෙන්නට...
ඇල්කොහොල් භාවිතය අක්මාව තුළ මේදය තැන්පත් වීම සහ දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගන්නා ඖෂධ සහ වස විස රසායනික ද්රව්යයන් නිසාවෙන් අක්මාවට හානි සිදු වීම නිසාවෙන් දරුණු අක්මා පිළිකා පවා ඇති විය හැකිය. හානි වූ අක්මාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් වන සිලිමරීන් ඖෂධයට සමාන අක්මාව රැක ගැනීමේ ලක්ෂණ ලෝලු සාරය සතුව ද තිබෙන බව සොයාගෙන ඇත.
ලෝලු ගෙඩි සහ පත්ර සාරය ලබා දීමෙන් ගැබ් ගැනීම වැළැක්විය හැකි බවට මීයන් ඇසුරෙන් කර ඇති පර්යේෂණ වලින් සනාථ වී ඇත. දැනට භාවිත කෙරෙන කෘත්රිම හෝර්මෝනමය උපත් පාලන ක්රම වල දී මෙන් නොව, ලෝලු පත්ර සාරය ලබාදීම අත්හිටුවීමෙන් පසු නැවත ස්වාභාවික ලෙස ගැබ් ගැනීම කිසිදු පමාවකින් තොරව සිදු වන බව බ්රසීලියන් ජර්නල් ඔෆ් පාර්මොකොග්නොසිස් වෙබ් අඩවියේ පළ කෙරී තිබෙන එකී පර්යේෂණ පත්රිකාවෙ සඳහන් ය. මෙකී කාරණාව නිසා ගර්භනී බව පතන ස්ත්රීන් සහ ගර්භනී සමයේ මුල් මාස තුනේ පසු වන ස්ත්රීන් ලෝලු අනුභවයෙන් වැළකී සිටීම මැනවි.
* ලොලු කොල චූර්ණය හෝ කෂාය ඇදුම රෝගයට ප්රතිකාරයකි.
* රක්ත අර්ශස් සඳහා ලෝලු කොළ, දළු පිරිසිදුව අඹරා වියළි පුවක් ගෙඩියක පමණ ප්රමාණයක් ගෙන ගිතෙල් සමඟ මුසු කොට දවසට දෙවරක් කෑමට නියම කර ඇත.
* මුඛයෙහි හට ගන්නා තුවාල සහ බිබිලිවලට ලොලු කොළ යුෂ ආලේප කරයි.
* ලොලු ගසේ පොත්තෙහි ඇති සුඹුලු කෂාය කර එයින් කට සේදීම මුඛ දුර්ගන්ධය ඇතුළු මුඛ රෝග සඳහා ප්රතිකාරයකි.
* ලොලු ඇට චූර්ණය තල තෙලින් අනා ආලේප කිරීමෙන් අළුහම්, බිබිලි ආදිය සුව වෙයි.
දියවැඩියා රෝගයට , කැස්ස , හතිය වැනි රෝග වලට දාහය සහ ඌෂ්ණ රෝගවලින් සහනයක් ලබන්නටත් ලෝලු උපකාර වන බව පැවසේ. සැඩ හිරු කිරණින් බේරෙන්නට ලෝලු මල් අඹරා මීකිරි සමග මිශ්ර කර සම මත දිනකට දෙවතාවක් ගැල්වීම ඉන්දියානුවන් අතර භාවිතයට ගැනෙන ප්රතිකාරයකි.
ලෝලු ව්‍යංජනය
ලෝලු දලු ඇඹුලට හදාගත් විට කදිම ව්යාංජනයකි. අලකොළ ව්යාංජනය පිළියෙළ කරන ආකාරයට සකසා ගත හැකිය. ලෝලු මල් ව්යාංජනයට සකසා ගත හැකිය. මුංඇට ව්යාංජනය සකසා ගන්නා ආකාරයට එය සකසා ගත හැකිය ....
පූජ්‍ය අතුරුවැල්ලේ ධම්මානන්ද හිමි ( පිළිකුත්තුව ඓතිහාසික රජමහා විහාරය ) විසින් සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියකින් හා අන්තර්ජාලයෙන් හා ඖෂධීය ශාක සංග්‍රහය ඇසුරින් සකසන ලදි ...
මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමටත් උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුමද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් හා පරිසරයේ ඇති ශාක ආරක්ෂා කරමින් යුතුකම ඉටුකරන්න අදිටන් ඇති මිනිසුන් වෙමු .

පණ පොදේ අයිතිකරුවන් ගහ කොළ වැලයි සොබාදහමමයි.

Sarana Himi
A day in the life

2024-08-03

මදැයි ඔයින් බේරුනා








ජනාධිපතිවරණය උනුුසුම් වෙමින් තිබේ. කකුළුවෝ එකා දෙන්නා උණු තෙල් තාච්චියට බසිමින් සිටී. පිච්චී විනාශ වන බව දැන දැනම මොවුන් පනින්නේ මැතිවරණ කොමිසම විසින් වියදම් කරන ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන්නට මිස වෙන මොන මගුලකටදැයි මම සිතමි.
මමත් මෝඩ වැඩ කරන බව තේරුම් ගියේ විශ්ලේෂකයින්ට පහසු වෙන්න කියා 2019 ජනාධිපතිවරණ ප්‍රතිපල මෙටාවේ පලකරන්න යාමෙනි.
මගේ පෝස්ට් එකේ

සමස්ත ඡන්ද ප්‍රතිපලය.

ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- ඡන්ද 6,924,255 (52.25%)
සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)- ඡන්ද 5,564,239 (41,99%)
අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- ඡන්ද 418,553 (3.16)
තිබුනේ එපමනකි.

ලැබුන ප්‍රතිචාර නම් අපුරුය.
කියවන්නන්ගේ මනස විකාර වී ඇත්දැයි මට සිතිනි.
මේ ඒක් මෙටාවෙක් මා සමග කළ සංවාදයයි.. ඔහු මගේ පෝස්ට් ඒකේ ගියවර ජාතික බලවේගය ගත් ඡන්ද ප්‍රතිශතය පලවී තිබිම ගැන උරණ වී තිබිනි. මම ඒ්ටිකට අහගත් අවලාද බලන්න.
N
ඔබතුමා වයසට ගිහිල්ලා තියෙන්නේ ෂෝට් කට් එකකින්
මම
මාර නිගමනයක් නේ ...
N
ඔබතුමා මේ පෝස්ට් එකෙන් දෙන්න හදන නිගමනය වර්තමාන දේශපාලන තත්වයේ අවබෝධයෙන් ඉන්න කෙනෙකුට අමු මෝඩ නිගමනයක්
මම
මේ පෝස්ට් එකේ තියෙන්නේ ගියවර ජනාධිපති මැතිවරණ ප්‍රතිඵලය . ඒක මේ පාරට අදාල නැහැ .නමුත් ගෝඨාභය ගත් ඡන්ද යන තැන් ගැන හිතන්න මුලාශ්‍රයක් ඒ දත්ත තුල තියෙනවා
මම
"ඔබතුමා වයසට ගිහිල්ලා තියෙන්නේ ෂෝට් කට් එකකින් " මෙවැනි නිගමනයන්ට එන්න ඔබ ප්‍රමාණිකයෙක් කියලා ඔබම පසුව පල කරලා තිබුනා .මම කනගාටු වනවා නිසරු මතවාදයක් පල කලාට. ( ඔහු ඉහල අධ්‍යපනයක් ලත් ව්‍යාපාරිකයෙකු බවත පලකර තිබිනි. 
N
සජිත්ට මේ පාර ඔය ඡන්ද ටිකවත් ගන්න බෑ.
ඥාති පුතාට ලබන පාර විපක්ෂයටවත් පාර්ලිමේන්තු යන්න දරන උත්සාහය හොඳයි. 
මම
ඒ වෙන ගමනක් .මෙටාවේ අදහස් මතිමතාන්තර පලකරන්න මට බාදාවක් නැහැ .මගේ සිතැගියි මම ලියන්නේ .
N
ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබේ අදහස් හා ඔබේ ඡන්දය මත මගේ දරුවාගේ අනාගතය තීරණය වෙන හින්දා ඔබේ අදහස් හා ඔබේ දේශපාලන චින්තනය පැහැදිලිවම වැරදියි කියලා මගේ අදහස පල කරනවා.ඔබ ප්රභූ දේශපාලන පවුලක ඉහළම කෙනෙක් නිසා ඔබත් එක්ක විතරක් මේක තර්ක කරලා වැඩක් නෑ. ඔබේ මතය ඔබේ අදහස දරන ගොඩක් දේශපාලන නූගත් මිනිස්සු ගොඩක් ඕගොල්ලන්ගේ අදහස වටේ එකතුවෙලා ඒවට චන්දෙ දීලා කාලයක් මේ රට පාලනය කළා. ගෝඨාභය එනකොට එයාට සජිත්ට එනකොට එයාට විදිහට මේ රට ගොඩක් කල් ඔයගොල්ලෝ පාලනය කරානෙ අපි හැමදාම කියන්නේ ඔය ක්රමය වැරදි මහජන පාලනයකට මේ රට යන්න ඕන ඔයගොල්ලෝ වගේ තව පවුල් කීපයක් (සීයක් වගේ) ලංකාව පුරා එකතු වෙලා මේ රට මෙච්චර කල් පාලනය කරේ, ඒක වැරදියි. ගමේ පොඩි මිනිහට පාලනයට එන්න අවස්ථාවක් හැදෙන්න ඕන, ඒ අවස්ථාව මෙච්චර කල් තිබුනේ ඉතාම සුළුවෙන්, ජාතික ජන බලවේගය අපි වගේ පුංචි මිනිස්සුන්ටත් ඒගොල්ලන්ගේ පාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා ඒක නිසා අපි ඒකට කැමති. දේශපාලන පවුලක ඉපදුනා නම් මමත් ඔය මතය දරන්න ඉඩ තිබුණා. මොකද භුක්ති විඳින්න හම්බවෙන දේශපාලනික අත්දැකීම් මත දේශපාලන තීරණ ඒ වගේ වෙනවා, හැබැයි රටේ බහුතරයක් මිනිස්සු ඔබතුමාලා වගේ ප්රභූ දේශපාලන පවුල්වල අය නෙමෙයි අන්න ඒකයි මම ඔබතුමාගේ සජබලට හිතවත් පෝස්ට් වලට කමෙන්ට් කරන්න හැබැයි මම දන්නවා තමන්ගේ දේශපාලන පවුලේ අනාගතය වෙනුවෙන් කැපවෙන ඔබත් එක්ක තර්ක කරලා ඔබ වෙනස් කරන්න මට බෑ. හැබැයි ඔබ ජයග්රහණය කරන්න හදන දේශපාලන මතය වැරදි ඒක වෙනුවෙන් තව දේශපාලනය නොදන්න දේශපාලන නූගත් මිනිස්සු එකතු වුණොත් රටට ලොකු හානියක්.

මම

දැනුම්වත් කලාට ස්තුතියි .

 සටහන

 අපි 71 දැක ඇත්තෙමු .88 -89 දැක ඇත්තෙමු . යකඩෙන් ලෙයින් කදුුලින් නිමවු ඒ අතීතය යලිත් බිහි නොවනු ඇතැයි විශ්වාස කරමු. ඒ නටබුන් තුලින් මතුවන දෝංකාරයක් ඇත්නම් එයට බියවමු. ගිණි පෙනෙල්ලෙන් බැට කෑ විට කලාමැදිරියාටත් අප බියවමු.

බිමෙහි දේශපාලන හැසීරීම මගේ හැසිරීම නොවේ. අවුරුදු 76 ක පැවැත්ම එක් එක් අය තේරුම් ගෙන ඇති ආකාරය වෙනස් බැවින් ප්‍රතිචාර ද වෙනස් වේ. රටට යහපත් කළමනාකාරිත්වයක් තිබිය යුුතුවේ. උඩ සිට පහල මට්ටම දක්වාම විධිමත් පාලනයක් ඇතිවිය යුතුවේ. මේ බව හදුනා ගෙන ඇත්තෙක් රටට නායකත්වය දෙන විට රට සමෘද්ධිමත් වේ. නිතර වැරැද්ද නිවරදි කරනු පිණිස කෑ මොර දෙන පිරිස් වෙත බලය හුවමාරු වීමෙන් සංහිදියාවක් සහ සහයෝගීතාවයක් උපදින බව මගේ හැගීමයි.

 


A day in the life