පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-07-25

ෆිදෙල් ක්‍රැස්තෝ


ලෝක ඉතිහාසෙ මට හිටපු අවසාන වීරයා.
"ෆිදෙල් ක්‍රැස්තෝ"
අවජාතක දරුවෙක් විදිහට ඉපදිලා
තමන්ගෙ රටේ විතරක් නෙවෙයි ලෝක ඉතිහාසෙත් වෙනස් කරපු
සද්දන්ත පුරුෂයා.
එතුමා අපිට වීරයෙක්,වෙනකොට
අමරිකාව ප්‍රධානකොටගත් ධනපති ලෝකෙට
"පරම සතුරෙක්" වුණා.
ක්‍රැස්තෝව ඉවරයක් කරගන්න එක අමෙරිකානු සී අයි ඒ එකේ
ප්‍රධානතම වුවමනාව වෙලා තිබුණා.
ඒ සඳහා ඔවුන් කුමන්ත්‍රණ හයසිය තිස් අටක්" ක්‍රියාත්මක කළා.
ක්‍රියාත්මක කළේ 638 ක් වෙනකොට
"තව කීයක් නම් සැළසුම් තනන්නට ඇත්ද? "කියා සිතා ගත හැකියි.
මේ කුමන්ත්‍රණ සියල්ල කෙසේ වෙතත්,
සමහර ඒවා පුදුමාකාරයි..
හාස්‍යජනකයි.
වරක් ඔවුන් ක්‍රස්තෝගේ හවානා සුරුට්ටුවක මැදට
හීනි බෝම්බයක් ඇටෙවුවා.
අඩුමගානෙ රැවුල හරි පිච්චෙන්නෙ නැතැයි,කියලා වෙන්නැති !
ක්‍රැස්තොගෙ විනෝදාංශයක් මුහුදෙ කිමිදෙන එක.
සහ සිප්පි කටු එකතු කරන එක.
එහෙම තැනක මුහුදු පතුලේ
වර්ණවත් සිප්පි කටු තැන්පත්,කළා
බොම්බ අටවපු.....!
කිමිදුම් කට්ටලේ ඇතලට දිලීරයක් දැම්මා
අසාදනය වෙන්ට.
පෙම්වතියක් ලවා වස පොවුවන්ට තැත් කළා වරක්.
ඇය එම වස පෙත්ත සඟවාගෙන හිටියෙ මේකප් බඳුනක.
ඒක දියවෙලා ගිහින් තිබුණා.
ඒක අහුවෙච්ච වෙලාවෙ ෆිදෙල්
"උඹට ඕන මාව මරාදාන්ටද?
වෙඩි තියපන්"කියලා පිස්තෝලෙ දුන්නලු ඇය අතට.
"මට ඒක කරන්ට බෑ ෆිදෙල්!"ඇය කීවලු.
ක්‍රස්තෝගෙ ලේන්සුවට බැක්ටීරියාවක් එකතු කරන්ට වරක් උත්සාහ ගත්තා.
තවත් විටෙක කෝපි කෝප්පෙට වහ දාන්ට ට්‍රයි කළා.
නාන තටාකෙට වස දැම්මා.
පේරු රටේදි කිලෝ පණහක බොම්බයක් ඇටෙවුවා.
මහ මඟදි වෙඩි තබා ඝාතනය කරන්ට සැළසුම් කළා.
කැසිනෝ ශලා වලදි,සුපිරි,හෝටලවලදි
විවිධාකාර ක්‍රම යෙදුවා.
ස්නයිපර් ප්‍රහාර......
තැගි භෝග වල බෝම්බ සවි කරලා හරහා උත්සාහ කළා.
විෂ ද්‍රව්‍යය ⁣යොද නිපදවූ සිගරට් හරහා උත්සාහ කළා.
මේ හැම ප්‍රයත්නයක්ම අසාර්ථක වුණා..
සී.අයි.ඒ.එක පච වුණා.
අන්තිමට සහෝදරයට රට බාර දීලා
ස්වභාවිකව මරණයට පත්,වෙනකල්
බම්බු ගහගන්ටවත්,බැරි වුණා
අමරිකාව ට.!
සී අයි ඒ එක ට.!
A day in the life


2024-07-24

සැතපෙන කුටියේ පොකුණ.









ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සැතපෙන කුටියේ පොකුණ.

මේ තියෙන්නේ මොකක්ද කියලා ඔබ දැන් බලාවි.මෙය තියෙන්නෙත් දළදා මාලිගා භුමියේමයි. හැබැයි මෙය වන්දනාවේ යන කාගේවත් ඇස ගැටෙන්නේ නැහැ. මේ පොකුණක්. නිකම්ම පොකුණක් නොව රාජකීය පොකුණක්.
දැන් මෙය දළදා මාලිගා භුමියේ තිබෙනවා වගේ අපිට පෙනුනට රජසමයේ මේ භූමිය රජ මාලිගාවේ පරිශ්‍රය.

දළදා මාලිගාවට ගියාම රාජා ඇතා ගේ අනුරුව තියෙන කෞතුකාගාරයට ආසන්නව තියෙන රජ මාලිගාව ඔබ දන්නවා.ඒ අපිට දකින්න ලැබෙන්නේ අවසන් රජතුමා වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මාලිගාව වුණාට මහනුවර සිටි බොහෝ අපි දන්නා නොදන්නා රජවරුන්ගේ මාලිගාව තිබිලා තියෙන්නේ ඒ ස්ථානයේම තමයි.
දළදා මාලිගාව කියන්නේ රජතුමාගේ බුදුමැදුර. එය ඉස්සර තිබු⁣ණේ දළදා වහන්සේ වැඩසිටින කුටිය පමණයි. පස්සේ තමයි එක එක කොටස් එකතු වෙන්නේ.

ඉතින් දළදා මාලිගාවත් රජ මාලිගාවේම කොටසක්.1815 මහනුවර නගර සැලැස්ම බලනවිට රජ මාලිගාව යනු ගොඩනැගිලි සංකීර්ණයක්. රජතුමාගේ මාලිගාව වෙනම, රජතුමා සැතපෙන කුටිය වෙනම, එතුමා බෙහෙත් ගන්න.කුටිය වෙනම, සළු පළඳින කුටිය වෙනම. එහෙම තමයි මේ සියල්ල තිබිලා තියෙන්නේ. ඒ දැන් දකින රජ මාලිගාව පිටිපස්සට වෙන්න තමයි සියල්ල තිබිලා තියෙන්නෙ.

ඒ වගේම රජතුමා හමුවෙන්න එන රටවැසියා බොහෝම දුර ඉඳලා ආවම මහන්සිනේ.. ඒ නිසා ඒ අයට ගිමන් හැරලා රජතුමා හමුවෙනතුරු රැඳී ඉන්න රජ මාලිගාව අසලම මඩුවක් තිබුණා ඒකට කියන්නේ වෛසෙලියේ මඩුව කියලා. ඒ වගේම ඒ අසලම ළිඳක් තිබුණා. ඒ ළිඳට කියන්නේ වෛසේලියේ ළිඳ කියලා. මේ ළිඳ තවමත් රජමාලිගාව අසලම තියෙනවා. හැබැයි ඒක උඩින් වහලා තියෙන්නේ.

ඉතින් මේ සමග ඇති පොකුණ තියෙන්නේ මගුල් මඩුව පිටිපස්සේ. ඒ කියන්නෙ වර්තමානයේ රන් ආයුධ මණ්ඩපය අසල ඒ ඉදිරියේ තමයි මේ පොකුණ තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රදේශයට වැඩි දෙනෙක් නොයන නිසා මේ පොකුණ ඇස නොගැටෙන්න පුළුවන්. ඔබ මගුල් මඩුව පිටිපස්සෙන් ජාත්‍යන්තර කෞතුකාගාරයට පිවිසෙනවානම් ඉන් වම් පැත්තට ගියාම රන් ආයුධ මණ්ඩපය ඉදිරිපිට මේ පොකුණ දැකගන්න පුළුවන්.

ඉතින් මේ පොකුණ අසලම තමයි රජතුමාගේ සැතපෙන ගේ තිබුණේ. සැතපෙන ගේ එක්කම තමයි රජතුමාගෙ සළු කුටිය තිබු⁣ණේ. ඒ කියන්නේ රජතුමා ඇදුම් අඳින තැන. ඒ කිට්ටුවම තමයි රජතුමාට ශාන්ති කර්ම කරපු ශාන්ති මණඩපය තිබුණේ..
ඉතින් මේ පොකුණ අද මෙහෙම තිබුණාට මෙය රජතුමා පාවිච්චි කරපු පොකුණක්. රජ තුමාගේ සැතපෙන කුටිය ඇතුලේම සිහිල ගේන්න මේ පොකුණ තිබුණා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැතපෙන කුටිය ඉදිරිපිට මෙය තියෙන්නත් ඇති.ඒ කොහොම වුණත් රජතුමා මෙය පාවිච්චි කරපු පොකුණක්.

ඒ මාලිගාවට ගියාම වැඳල පුදලා දුවල එන්නේ නැතිව ඔය වගේ පෞරාණික දේවල් ගැනත් අවධානය යොමුකරලා බලලා එන්න


වජිර උඩුනුවර

උපුටා පළකිරීමකි..
ස්තූතිය. ලිපිය සහ ජායාරූප මුල් හිමිකරුට
මනුසත් හෙළ දෙරණේ පුනරාගමනය Manushath Hela Derane Punaragamanaya
A day in the life