පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-07-16

මීදුම වයස්ගත වෙලා.




**මේ 2024 . 2008 - 2009 පලකරපු වියමනක්. අද බොහෝදුරට තාක්‍ෂණය වෙනස් වෙලා. අපේ වයසත් සමගම අත්දැකීම් එකතුවෙලා. සහතික නැති වුුනත් දැනීම ඇතිවෙලා.


පරිගනකයත් සමග ගනන් හදපු මම ලියුම් ලියපු මම. විවේක වෙලාවට spider solitaire එකේ කාඩ් ගහන එකයි කලේ .

අවුරුද්දකට විතර ඉස්සර 2008.06.13 ට පස්සේ දවසක කොළඹ විශ්ව විද්යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ භාෂා තාක්ෂ ණ පරීයේෂණාගාරයේ සිංහලේ යුනිකේත ( Unicode) හා (web 2) වැඩ මුළුවකදී බෙදා දුන්න පත්‍රිකා ගොන්නක් මට ලැබුනා.මම Unicode සිංහල අකුරු වලට මාරු වුනා. Symbol වලට ගිහින් අකුරු හොය හොයා කොට කොට හිටපු මම key board එකේ දඩි බිඩි ගාලා type කරන්න පටන් ගත්තා.

Blog එකට මට පාර කිව්වේ වමිල ලියනගේ blogs - අන්තර්ජාලයේ ඔබේ ඉඩ.

මම පලමුව WWW.blogs.sinhalabloggers.com අඩවියට පිවිසිලා කියවා කියවා ටික කාලයක් හිටියා.පරිගණක පිලිබද කිසිම පාඨමාලවක් විධිමත්ව ඉගණගෙන නැති මට පරිගණක සාක්ෂරතාවය ඉගන ගන්න උනේ ගෙදර වාහනෙන් .driving ඉගන ගන්නවා වගේ.
blog එකක් හදා ගන්නත් නඩත්තු කරන්නත් බැහැ. දන්න කෙනෙකුට වදින්න ඕනී. එහෙම කරලා තමයි ජුලි මාසේ මේ දවස් වන කොට මීදුම හදා ගත්තේ. පිටුව හදලා දුන්න එක්කෙනා මුලින්ම ගුරු මුෂ්ඨිය තියාගෙන තමයි පිටුව හදලා දුන්නේ.

මම විවේකයක් ලැබුනම word document එකක type කරලා තියාගෙන දවස් දෙක තුනක් ගුරුවරයාට වදිනවා. අන්තිමේදි ගුරුවරයා මගේ වදේට මීදුමට මගේ මනස්ගාතය එකතු කරනවා. කාලය කොතරම් නපුරුද ?.මම හිතනවා.

මගේ ජීවිතය ගෙවෙන්නේ බකමූනාගේ අවධියේ. අයිතිවාසිකම් තියෙන්නේ “හ්ම්’ කියන්න විතරයි. මගේ ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාරයට මම “හ්ම්’ කියනවා.profile එක දැක්කම හිතා ගන්න පුළුවන්නේ.

ටික දවසක් යන විට මට නිදහසේ කටයුතු කරන්න පුරුදුවුනා. මම පිටුවේ හැඩ රුව වෙනස් කර ගත්තා. පුංචි අඩුවකට තියෙන්නේ මගේ connection එක slt dialup එකක් වීම. මම තාමත් බර කරත්ත යුගයේ. හද්දා පිටිසර ඉන්න මට ADSL නෑ.

රට වටේ ඇවිදින කොට පරිසරයේ පින්තූර අරගෙන එන එක මගේ පුරුද්දක් ඒත් ඒවා බෙදා ගන්න මේ බර කරත්තයෙන් බෑ.

මීදුමත් එක්ක ඉන්න පුංවි එවුන් ගේ දැනීම නම් පුංචි නෑ. ඒගොල්ලත් එක්ක මම දැනුමෙන් නම් පුංචි එකෙක්. මම ඒ ගොල්ලා කියවලා ඉගන ගන්නවා.මගේ විවේකයත් දැන් ගෙවිලා යන්නේ යම් සතුටකින්. spider solitaire එකට ගෙවුන කාලය මොකක් හෝ සිද්ධියක් වියමන් කරන්න වෙන් වෙලා. නැත්නම් වියමන් කියවන්න යොමුවෙලා. ඒකත් සිම්පල් ප්ලෑන් එකක්.

අපි මීදුමත් එක්ක අළුත් අවුරුද්දක් පටන් ගනිමු. කියවන්න ... වැදගත් ලෙස විචාරවත් වෙන්න.මම ආරධනා කරනවා.

Email ThisBlogThis!Share to TwitterShare to Facebook

A day in the life

2024-07-15

රන්කැටි පුතා කෝ ?



 රන්කැටි පුතා කෝ ?

මේ සටහන මා ලියන්නේ ඔබට ජීවිතය ගැන පාඩමක් කියා දීමටයි. මගේ සැමියා සහ මම ජීවිතයට මුහුණ දුන්නේ අපමණ වීර්යයකිනි. අපට පුතුන් තිදෙනෙක් සහ දියණියකි. අප දෙදෙනා අද වයස හැත්තෑ ගණන් වල සිටින වැඩිහිටි යුවලකි. අප විසින් අපගේම නොදණුමත් කම නිසා කරගත් මහා පාපයක් ඔබට කියා හිත නිදහස් කර ගත යුතුය. ඒ සඳහා අපිට අඩුවක් නැතුව දඬුවම් ලැබුණු නමුත් මිය යන තුරුම අප ඒ වේදනාවෙන් නොමිදෙනු ඇති. ඔබත් අපෙන් පාඩමක් ගන්න.

මගේ පුතුන් තිදෙනාම ඉතා හොඳ අධ්යාපනයක් ලබා ඉහළ වුර්තීන් වලට ආවේ අපේ සිතේ සතුටක් ඇති කරවමිනි. එකම දුව වෛද්ය වරියකි. ඔවුන් නිසි කලට පැමිණි විට ඔවුන්ගේ පෙම්වතුන් පෙම්වතියන් ආවාහ විවාහ කර දීමද අප විසින් කළෙමු. අපගේ තුන් වන පුතා ජානක සම්බන්ධව මෙතෙක් සිට ඔබට කියමි.

තුන් වන පුතා එනම් ජානක වුර්තියෙන් ඉංජිනේරු වරයෙකි. ඔහු විවාහ වූයේ ඔහුගේ විශ්ව විද්යාලයීය පෙම්වතිය දුලක්ෂි සමගිනි. අපේ ගමට එහා ගමේ ඉතා දිළිඳු පවුලක දියණියක් වුවද දුලක්ෂිට මම කැමති වූයේ ඇගේ උගත්කම නිසාය. ඇය වුර්තියෙන් නීතිඥ වරියකි. එකළ අප ඈ ගැන මහත්සේ ආඩම්බර වීමු. මහා ඉහළින් විවාහය අරගතිමු. විවාහයෙන් පසුව පවුන් දෙදෙනා කොළඹ පළාතේ පදිංචියට ගියහ.

කිවීමට වරදක් නැතත් දුලක්ෂිගේ ඇතැම් කාලක්රියා මට හෝ සැමියාට ඇල්ලුවේ නැත. ඇය ඉතා සැරය. අපි එනවාට යනවාට හෝ කැමති වුනේ නැති හෙයින් අප එහි ගියේ කලාතුරකිනි. දරුවන්ගෙන් යැපෙන්නට අපිට වුවමනා නොවුනේ අප දැනටම විශ්රාම වැටුප්, ගෙවල් ඇති දෙමාපියන් නිසාය. දුලක්ෂි දුවට දරුවන් දෙදෙනෙක් ලැබුණු අතර ඈ මුල සිටම අපේ පුතාට දැඩිව නීති රීති ඇතිව පාලනය කරගෙන සිටි බව දතිමු.

ඔවුන් දෙදෙනා අතර ගැටුම්ද ඇති වුනු නමුත් අප නිතරම ඒ ගැටුම් සමනය කළා හැර වෙන් වන මෙන් අනුබල නොදුන්නෙමු. සැකය, අවිශ්වාසය මෙන්ම ඔහු උපයන සියලුම මුදල් ආදිය සිය පාලනයට ගැනීම නිසා පුතා සිටියේ ඉමහත් පීඩනයෙනි. ඔහු නිතර මා හට කතා කර මේ ගැ..ටුම් ගැන කීවේය. මම ඔහුගේ හිත හැදුව නමුත් දුලක්ෂි දුවට කතා කිරීමට බය වීමි.
සෙනසුරාද දවසක පුතාගේ කැම්පස් එකේ යාලුවෙක් පුතා දැකීමට ගෙදරට පැමිණ ඇති අතර දුලක්ෂි දුව එයට කෝප වී යාලුවා බැන එලවා තිබුණි. පුතාට යහළු යෙහෙලියන් කිසිවෙක් ඉන්නවාට අකමැති ඇය යන ඕනෙම ඥාති කෙනෙක්ට වුනත් බැන එලවා දැම්මේ දෙවිටක් නොසිතාය. එමෙන්ම ඔහුගේ කාර්යාලයේ වැඩ කරන ගැ..හැණු ළමයෙක් පාරේ යන අතර ඔහු සමග හිනා වී කතා කර තිබුණු අතර ඒ ගැ..හැණු ළමයාට පවා බැන වැදී තිබුණේය.

මේ ගැටුම් වැඩි වන විට මගේ පුතු විශාල ලෙස සමාජය ඉදිරියේ අපහසුවට ලක් වුනු අතර යාලු මිත්රයන් නැති හුදෙකලා ජීවිතයක් බොහෝ දුරට ගෙවුවේය. මේ ලෙස වසර දොළහක් පමණ විවාහය පැවති අතර ඔහු දිනක් මා හමුවට ආවේය.
“ අම්මා . මට දැන් මේක ඇති. මට දික්කසාද වෙන්න ඕනේ මේ යක්..ෂනීගෙන් “ ඔහු කීවේ සොවිණි.
“ එතකොට පුතේ දරු දෙන්නා ?”
“ එයාලට හානි වෙනවා තමා අම්මේ. මේ විදිහට රණ්ඩු දකින එක ඊට වඩා හොඳ නැහැ. මේ දබර නිසා එයාල ගොඩක් බය වෙලා ඉන්නේ.” පුතා කරුණු කීවේය.

පුතා නොයෙක් කරුණු කියමින් ඔහුට ජීවිතේ ඉතුරු ටික හෝ මේ කරදරෙන් නිදහස් විය යුතු බවත් නිවස සහ මාස් පතා නඩත්තු මුදල් දරුවන්ට දිය හැකි බවත් නැත්නම් දරුවන් වුනත් අරගෙන හදා ගත හැකි බවත් මට කීවේය. ඒ සඳහා මගේ උදවු ඉල්ලා සිටියේය.
නමුත් මට ඔහු කියන දේට එකඟ විය නොහැකි විය. මම අනික් ලමයිද රැස් කරවීමි. හැමදාම වගේ “ ඉවසන්න පුතේ දුලක්ෂි දුව හැදෙයි. වෙනස් වෙයි “ ආදී වචන කියා මම ඔහුව පිටමන් කළෙමි. මගේ මුණුබුරන්ගේ අනාගතය අඳුරු වේ . සියල්ලමටම වඩා ගමේ එවුන් අපිට හිනා වෙනු ඇත. මම ඥාතීන් ඉදිරියේ සාර්ථකව දරුවන් හැදුව මවක් වෙමි. එක දරුවෙක් හෝ දික්කසාද වුනොත් මම මගේ පවුලට මුහුණ දෙන්නේ කෙසේද ? පස්ස පැත්තෙන් ඔවුන් මා හට හිනා වෙනු ඇත.

විවාහයෙන් වෙන් වීම නමැති විසඳුම කොහෙත්ම විය නොහැකි බව අප සැවොම ඔහුට අවධාරණය කළෙමු. එමෙන්ම පවක් තියනවා නම් මේ ආත්මයේ ගෙවා නිම කළ යුතු බව ඔහුට කීවෙමු. එමෙන්ම ඉවසීමෙන් සැනසීම ලැබෙන බව මම ආගමානුකූලව ඔහුට කියා දුන්නෙමි.
එයින් පසු ටික කලක් යන තුරු පුතා කතා කර මට පැමිණිලි කලේ නැත. නමුත් දුලක්ෂි දුව නම් විටින් විට කතා කළාය. හදිස්සියේ අපගේ පුතු ජානක වස පානය කර මිය ගිය පුවත මට අසන්නට ලැබෙන විට මා සිටියේ පන්සලේය. මම පිස්සියක මෙන් එහි දුව ගියෙමි.

අවසන් කටයුතු සිදු වෙන තුරු මා සිටියේ අසිහියෙනි. මාස කීපයකට පසු ජානකගේ මිතුරෙක් මගදී අපිට හමු විය. ඔහු අපව අවන්හලකට කැන්දාගෙන ගියේය.
ජානක ඉමහත් පීඩනයකින් පසුගිය වසර ගානම ගෙවූ බවත් දිනක දුලක්ෂි විසින් ෆෝන් එකේ බැටරි බැසීම නිසා කෝල් එකට උත්තර නොදුන් බව කියා ඔහුට පිරිස ඉදිරියේ කු..ණු..හරප කියමින් පහර දී තිබුණි. එදා හවස මගේ පුතු මිතුරා හමු වී ඇත. දික්කසාදයකට යන මෙන් මිතුරා ඉල්ලා තිබුණි.
“ වැඩක් නැහැ මචන් . අපේ අම්ම කැමැති වෙන්නේ නැහැ. සදහටම අම්මව නැහැ කියල හිතා ගනින් කියල මට කීව එක පාරක්. කසාදෙන් අයින් වුනොත් මට හැමදාටම අම්මව නැති වෙනවා “ පුතා උත්තර දී ඇත.

ඉන් පසු ගෙදර පැමිණෙන අතර ව..ල් නාශකයක් මිලට ගෙන මගේ පුතු පැමිණ ඇත. ඔවු මම එසේ කියා මගේ පුතා බය කලෙමි . එසේ කර ඔහුව නැවත අර ගිනි ගෙය කරා පිටමන් කළෙමි. මන්ද මගේ දරුවාගේ සතුට හෝ වේදනාවට වඩා මට වැදගත් වූයේ සමාජයේ මිනිස්සු ඉස්සරහ සර්ව සම්පූර්ණ ලෙස ගොඩ නැගු මගේ ප්රතිරූපයයි. එය රක ගැනීම දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට වඩා වැදගත් විය. එය සාධාරණ කිරීමට මම මුණුබුරන් දෙදෙනාගේ අනාගතය පාවිච්චි කළෙමි.

එබැවින් අහිංසකයා මගේ ආදරය සදහටම රඳවා ගැනීමට සි..ය දි..වියෙන් සමු ගැනීමට තීරණය කර තිබුණි. ඔහු මට ආදරේ කළ තරම මම කවදාවත් ඔහුට ආදරය නොකළ බව මට වැටහුණි. මවක් ලෙස ඉවසන්න කියා ඒ විවාහය දෙසටම තල්ලු කළ මම ඒ මරණයේ කොටස් කාරියක් නොවේද? මම කල්පනා කලෙමි.

පුතුගේ ගෙවල් දොරවල් සහ ඔහුගේ තැම්පතු , ETF සියල්ලම අයිති වූයේ දුලක්ෂි දුවටය. එතෙක් කලක් පුතා පිටුපසින් දඩයම් බැ..ල්..ලක මෙන් යමින් සිටි ඇය මා සිතුවේ කවදාවත් විවාහ නොවේවි කියාය. නැත .. “ඔය වගේ බ..ය ගුල්ලෙක් මැරුණු එකමයි හොඳ” යයි ඈ තැන් දෙක තුනකම කියා ඇති බව මට ආරංචි විය. ඉන් පසු ඇය මාස දෙකක් යන්නට මත්තෙන්ම අලුත් පුද්ගලයෙක් හා ගමන් බිමන් කිරීම ආරම්භ කළාය. බාගදා මගේ දරුවා එපා කර පිටමන් කිරීමට ඈ ඒ ලෙසින් හැසිරුනාද මම නොදනිමි.

මට කියන්නට අවශ්යය එකම දෙයකි. දෙමාපියනි ඔබේ දරුවා දික්කසාද කෙනෙක් ලෙස ගෙදර ඒම පෙ.ට්ටියකින් ගෙදර ඒමට වඩා ලක්ෂ වාරයක් හොඳය. එබැවින් ඔවුන් වෙන් වන්නට තීරණය කරනවා නම් මා කළ ආකාරයට බ්ලැ..ක්මේල් කිරීමෙන් නතර කර නොගන්න යයි ඉල්ලමි. මේ වේදනාව මා මිය යන තුරුම මගේ හදවතේ පවතී. අවසානයේ ඉවසීමෙන් සිදු වුනේ එකම දෙයකි . එනම් මගේ පුතු මට අහිමි වීමයි.

රෙශිකා දිසානායක ගොඩකන්ද මහත්මිය විසින් goodhousekeeping .lk වෙබ් අඩවියට ලියු කතාවකි




A day in the life