පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-04-02

කොත්මලේ .


සුන්දර කොත්මලේ ......(පළමු ටීකාව.)
How I become oneness with the pastoral serenity of Koth male




වසර කිහිපයක් තිස්සේ පැවති සිහිනයක් සැබෑ කරගනිමින් ,මලය රට සුන්දර කොත්මලේ ගම්මානය තුළ දින කිහිපයක් සංචාරය කිරීම ට අවස්ථාව උදාවූයේ ,මගේ යෙහෙළිය හීන් මැණිකේ කළ ඇරයුම නිසාවෙනි .

අපේ ඉතිහාසයේ ,ගැමුණු කුමරු ට සුවිශේෂී ස්ථානය ක් හිමිවේ. ඔහු කොත්මලේ සැඟවී සිටි කාලය තුළ ,තමා සම්බන්ධ ජනප්‍රවාද හා පුරාවෘත්ත රැසක් කොත්මලයට දායාද කර දීමට සමත් වී ඇත .

උදහස් වූ බැවින් පිය රජු හට බියෙනී

පැනගොස් මොණරගල හෙළ අසබඩ පැමිණී

එහි හිස් ඉඩම්වල සරුකෙත් කරවමිනී

විසු වෙස්වළා ගාමිණි කුමරිඳු තුටිනී.

.(........ජනකවියක්)

කොත්මලා අඩවිය පුරාම දිරාගිය හුණුගල් හා දිරාගිය උමං කුහර බහුල ය.

වටද්දර දෙසින් ගලන ජල ප්‍රමාණය ,කොත්මලා ඔය පහළ දක්නට නැත්තේද, ඔය මැද පිහිටි විශාල දිරාගිය හුණුගල් කුහර ඔස්සේ, ජලය පොළව තුළ ට ගලා යෑම යි .

කොත්මලා ඔය ,ප්‍රධාන ඔයවල් පහක් එක්වීමෙන් සෑදුන කි.එය සැතපුම් 43ක් දිග මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාවකි.

සොබාදහමේ අපූර්ව නිමැවුමක් වන කොත්මලේ .....වනාන්තර , කඳුපංති ,කපොලු,ගිරිදුර්ග හා ගංගා දියඇලි වලින් සුන්දර වී ඇත.

කොත්මලා ඔය ; නැගෙනහිරින් ....මහවැලි ගම, බෙරමාන,ව්ජයබාහුකන්ද,මෑතගම,මල්දෙණිය,කලපිටිය,හැදුණු වැව ,වෑ තලාව ,වටද්දර, නයින් කෙළිනා තොට,තිස්පනේ,හරංගල ගම්මාන පසු කරමින් ගලන්නීය. ඇයගේ බටහිර ඉවුර ; මඩ කුඹුර,හාල්පොල,වැවහේන,නියංගන්දොර (නියම්ගම්දොර),ගංකේවල,හෙල්බොඩ, මාවෙල, මාස්වෙල ,මොරපේ,රන්වන් තලාව ,කඩදොර,නුගවෙල සහ මාවතුර යන ගම්මාන වලින් පරිපූර්ණ වී ඇත . මේලෙසින් ගංදෑල වර්ණවත් කර ගනිමින් ,නැලවිල්ලේ ගලා ගිය නදී ලාලනිය අනතුරු ව කොත්මලේ වේල්ල ඇයට අභියෝග යක් වූ කල, දුක්මුසු ලීලා වෙන්..වැහැරුණු සිරුරෙන් ..සුසුම් ලමින්

ගමන් කර, උලපනේදී මහවැලි යේ උණුසුම ලබන්නීය.

තුරු ලතාවන්ගෙන් අලංකාර වූ නිල්වන් වන රේඛාව ,කොත්මලේ ජලාශය ට දිය උල්පත් සපයන තෝ තැන්න කි. සපු,වල්දෙල්, කීන ආදී

ශාක පත්‍ර බහුල ....අහසට හිස ඔසවා සිටින වනස්පතීන් , කොත්මලා මිටියාවත රැකගන්නා

හමුදාපතීහු වෙති .හීන් බෝවිටිය,දිය බෙරලිය,ගඳපාන පඳුරු ද...ඉලුක් ,මානා වැනි

තෘණ පඳුරු ද ...මග දෙපස වර්ණවත් කරවයි .

මගේ සිත ,වඩාත් පැහැරගැනීමට සමත්වූයේ සීතල දියකඳුරින් පිරි දර්ශනීය දියඇලි ය.

මේවා ගල්කුලු අතරින් ඇදහැලෙන විට ...නගන සිලි සිලිය වීණාවක මියුරු තත් හැඬවෙන්නාක් මෙන් යැයි ,මට හැඟේ.

ඇස්මානයේ හෙල්මළු රටාවට ගෙත්තම් කළ ,රන්වන් කරලින් ගැවසීගත් වෙල් යායවල් අතීත සෞභාග්‍යය පෙන්නුම් කරවන්නකි .

නෙතට රසඳුනකි...අභිමානනීය හැඟුම් දනවන්නකි .

කොත්මලේ සැඟවී සිටි කාලය තුළ ,දිය නෑමට සැකසූ මාවෙල පිහිල්ල සහ ඒ අසල වූ අම්බලම.....දුටු මතින් මට සිහිපත් වූයේ මේ ජනකවියයි.


නෑකල සිසිල හා සීතල සැප දෙවන

සීතල අනෝතත්විල ලෙස දිය ගලන

ඒ කළ ගැමුණු නරනිඳු හට පහළ වුණ

මාවෙල හොඳ පිහිල්ලක් මිතුර රණමුණ.

(ජනකවියකි).


මේ දිය පිහිල්ලේ සිසිලස දෝත පුරා විඳගැනීමට වාසනාව ලදුයෙමි.


රෝ.සි.

2024-04-01

යල සහ මහ විද්වත් කථාවක් .


හෙට අපි අපේ ගොවිපොළේ මෙ,වසරේ දෙවන කන්නය සඳහා
වැඩ අරඹමු.
ඒ හෙට දින යෙදෙන සුබ නැකතකට ය.
අතීතයේ හෙළ ගොවියා වගා කළේ කන්න දෙකකට ය.
"යළ" සහ "මහ" යනුවෙනි.
ඔවුන් මෙසේ "කන්න බෙදා ගත්තේ" සූර්යයා සහ මහපොළව අතර
ගණුදෙනුවවේ ස්වභාවය පදනම් කොට ගෙන ය.
ලෝක ගෝලය කොටස් කර හඳුනාගැනීමේදී එහි මධ්යය ලක්ෂය ලෙස
හඳුනාගැනෙන "සමකය"හා ඊට ඉහළින් වන
"කර්කටක නිවර්තන රේඛාවත්
පහළින් වන "මකර නිවර්තනයත් අතර
හිරුගේ සංක්රමන කාල පරාසය මීට පදනම් කොට ගැනේ.
සමකයට අංශක 6 -2/1 ඉහළින් පිහිටි මෙරටට එය බලපවත්වන්නේ මෙසේ,ය.
කර්කටක නිවර්තනයේ සිය සූර්ය සංක්රමණයට
ගත වන කාලය "දින 69" කි.
එය "යළ කන්නය" යි.
එහිදී වගා කෙරෙනුයේ එම කාල පරාසය තුළ
දිවි ගමණ සපුරන "කෙටි මස්" වී ය.
උදාහරන ලෙස "සුවඳැල් වර්ග"ය..
ඒවායේ,ආයු,කාලය" දින 72 " කි.
"මහ කන්නයේ" සූර්ය සංක්රමනයට වැඩි දින ගණනනක් ගනී.
දින "115" කි.
එනිසා එම කන්නයේ වගා කෙරෙන්නේ "දික් මස් වී" ය.
මෙසේ යළ කන්නයේදී කාලය අඩු,බැවින් ගොයම් ගස පඳුරු නොදමයි.
එනිසා පැරණි,ගොවියා වී,ඇට ලඟ ලඟ වැටෙන පරිදි වැපිරෑ හ.
ඒ "බලු අඩියට" ඇට හැටක් පමණ වැටෙන පරිදි ය.
"බලු අඩිය "යනු "බල්ලෙකු කකුල්,මාරු කරන දුර"යි.
මහ කන්නයේදී "බලු,අඩියට,ඇට පහක් පමණ"වැටෙන පරිදි ය.
එවිට ගොයම ට "පඳුරු ලලා වැඩෙන්නට "ඉඩ ඇත.
මෙ,කරුණු මතු කර දැක්වූයේ මෙම විද්යාත්මක කාරණා
එදා "ගොවියා ඥාණනය කර තිබුණේ කෙළෙසක දැ?" යි
ප්රශ්ණයක් මතු වන බැවිනි.
මන්දයත් පෘථිවි,ගෝළය මත "සමක,නිවර්තන රේඛාඇන්ඳේ"
ඊට පසු කලෙක භූ විද්යාඥයන් විසින් වන බැවිනි.
නමුත්,එදා ගොවියාද එය ටක්කෙටම දැන සිටිය හ.
එනිසා මෙම"සම්ප්රදායික ඥාණයත්"
"විද්යාත්මක විග්රහය"නුත් දෙකම වැදගත් ය.
ඉතින්,අපේ,ගොවිපොළේ,අපිත්
"සම්ප්රදායික ඥාණය" වගේම
"නූතන තාක්ෂනයත්" උපයෝගී කර ගන්නෙමු



කමල් පී අලහකෝන් ගේ සටහනක්.
වගා වෑයම අගේ කල යුතුයි.
ඒ වගේම කමල් අත්දෑකීම් නොමසුරුව බෙදා දෙනවා.

ස්තුතියි කමල්.
A day in the life