පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-03-29

ඉලපත - (ඉලිපොත)



අදවගේ නෙවේනෙ අතීතයෙ තිබ්බේ කටු මැටි ගහලා බිත්ති බැදපු ගෙවල්. එව්වාට බිම මැද්දේ මැටිත් එක්ක ගොම කලවංකරලා. මැටි ගෙයි ගොම ගාපු බිම පුදුම නැවුම් සුවදක් එන්නේ.. ඒවායෙ ඉදපු අය ඒක දන්නවා හොදටම.
මෙන්න මේ ගෙවල් අතීතයේ අතුපතු ගාගන්න යොදාගත්තේ ඉලිපොත කියන උපකරණයයි. මේ ඉලිපොත හදාගන්නේ අර ගොම ගාපු පොළව පලුදුවෙන්නෙ නැති විදිහේ අමුද්රව්ය යොදාගෙන. ඒ සදහා ඉක්මනින් හැලෙන්නෙ නැති කොළ අතු තමා යොදාගත්තේ.
අපේ ආත්තම්මලා ගෝතමානා කියන වල් මල් වේලෙන්න ඇරලා ඒ මල්වල ඇට වැටුනට පස්සෙ ඉලිපත් බදිනවා. පුවක් අත්ත,පොල් අත්තේ අඟ කොටස,සඹුක්කු අතු ආදියෙන් ඉලි⁣පත බදිනවා පැරණ්නන්.

නමුත් ඒ ඒ ප්රදේශ වල සැදෙන ස්භාවික ශාක කොටස් මේ සදහා ලබාගන්නා නිසා ඉහත සදහන්කරපුවා පමණක් යොදාගන්නවා කියලා කියන්න අමාරුයි.
අද භාවිත කොස්ස භාවිතා උනේ පසුකාලීනවනේ. ගොම පොලව අතු ගාන්න යොදාගත් ඉලිපත පැරණි කාන්තාවගේ හොද ආත්ම ආරක්ෂක උපකරණයක් බවත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඉතිම්.."ඉලිපත ගන්න කලින් බැහැපන් කිව්වෙ දොට්ට...", "ඉලිපත කැඩෙනකම් ගහලයි මම පස්ස බැලුවෙ..." එදා ඉලිපතින් ගුටිකනවා කියන්නෙ මහ නිංගිරාවකට ලක් උනා කියන කාරණාවක්. ඒකට හේතුව ඉලිපත බිම අතුගාන්න, කුණු ඉවත්කරන්න ගන්න උපකරණයක් වීමයි.
උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය


A day in the life

2024-03-28

බරණ ගණිතයා


මාතර යුගයේ හිටි කවියන් අතර,
සංකීර්ණ චරිතයක් "බරණ ගණිතාචාර්ය තුමා".
සාමාන්යය වහරෙදි "බරණ ගණිතයා".
පෘතුගීසි,ලන්දේසි පාලන සමයන් තුළ ඔවුන්
"ආර්ථිකය හා නීතිය" විෂයෙහි බලපෑමක් කළද,
අධ්යාපනය පැවතුනේ පන්සල කේන්ද්ර කර ගෙනම,ය.
සිටිනාමළුවේ යතීන්ද්රයන් වෙතින් ශිල්ප හදාල බරණ,
වෙසෙසින් ප්රසිද්ධ වන්නෙ,"වස් කවි,සහ සෙත් කවි"ප්රබන්ධය පිළිබඳව ය.
මෙනිසා බරණට මිතුරන්ට වඩා සතුරන් වූ බව කියති.
"වනපොත් කිරීම"හෙවත්"කට පාඩම් කිරීම"ශිල්ප ක්රමයක් ලෙස සැළකුන
මේ අවදියේ මිනිසුන්ගේ "මතක තබා ගැනීමේ ශක්තිය "උසස් එකක් විය.
අහම්බයකින් බරණ ගණිතයාට මහමඟදී හමුවන
නොඑසේනම්,කිරින්දට දීග ගොස්
තම ගමට පැමිණ ආපසු යන
රෑමත් ළඳක් දැක බරණ ගණිතාචාර්ය වරයා එකෙනෙහි පබැඳූ
මෙම කවිය මෙළෙස යළි ඇසුරු කරන්නට නොලැබෙනු ඇත.
"සුරින්ඳගේ අඟනන් මෙන - බරින් බිමට බටු සන්දන
කිරින්දෙ සිට අවුදින්,යන - බිරින්දගේ සොබනා
රැවින්,ඇගේ යසසින්,වන - රතින්ඳුගේ,ඔද සින්දන
ලෙසින් කියමි එළඳුන් ගැන - සිතින් හැඟෙන පමණා
"තදින් තකිට දිමිතොන්" ,යන -පෙදෙන් නටන ඇගෙ පුන් තන
එරන් තිසර පැටියන් මෙන - නෙතින් නෙතට පෙණුනා
මෙවන් අඟන මට දැන් ගෙන - විඳින්ට රති සැප දුන් තැන
ඔවුන්ට දෙමි මසුරන් ගෙන - රැකෙන්ට මට තිබෙනා
රැවින් සදසි සිරිකල් වන - නුවන් යුගැති ඉඳුනිල් වන
කුසුම් වරළ සිකිපිල් වන - ගගන් අකුස විලසා
ලෙවන් අදර වදමල් වන - දසන් දෙපල කොඳතුල් වන
වදන් කියන සුරතල් වන - පෙමින් බලන අඩැසා
සුපුන් දෙතන සුලකල් වන -පෙදින් පෙදට නිති සෙල්වෙන
සෙදින් සළෙලු මන අල්වන - ලෙසින් හසිනි නොලසා
මෙවන්,රැසිරි නුඹෙ දුල්,වන - කුසුම් සරුගෙ ඔද සොල්වන
විඳින්ඩ රති සැප කල් වන - වරෙන් පියඹ විගසා.

"බරණ ගණිතාචාර්ය වරයා"හෙවත් "බරණ ගණිතයා"ගැන පෙර සටහකදී
ඔහු ජන ප්රසාදයට මෙන්ම,අප්රසාදයට පත්ව සිටි වගක් කිවුවා.
"අප්රසාදයට" පත් වුණේ ඔහු වස් කවි කියන්නෙකු" වීම නිස යි.
නිසි ගන පිහිටුවා "වස් කවි "කීමෙන්
"සොර සතුරන්ට දඬුවම් දීම " කළ හැකි යැයි මතයක් පවතිනවා.
මාළු ඇල්ලීම සඳහා ඇටවූ "කෙමනක් සොරා ගත්තාට"
බරණ කී වස් කවි පෙළකිය මේ.
මුරු අණ බෙලෙන් රෝදුක් ගත වැඩීයන්
දොරු වන වදින ඉස්සන් බඩ ඉරාගන්
කිරැමෙන තරාදිය බරණින් බලා ගත්
ගුරු දින කෙමන ගත්තෙකු යකු මරා ගන්
බහින ජලය මෙන් සියගත ඇදීයන්
නඟින ගහෙන් උගුලෙන් උල ඇනීයන්
බහින බැම්මිවල හැරපට කැඩීයන්
කෙමන ගත් සොරා හතරට පැළීයන්
කලුවන තැනය යනි රෑපාන නොවැළකූ
මැලි නොව සිතේ කැපකර ගන්න බිල්ලෙකූ
මුළු ලොව බලන තෙද ඇති මහ සොහොන් යකූ
අළු කර ගන්න අල්ලා කෙමන ගත් යකූ
දිනෙක රෑ ගස්වල සිටම කුරුම්බා බිවු සොරනට කියූ වස් කවක්.
මොකාදෝ එකා මට නොදනෙයි ඒකා
කකා කුරම්බා ගෙඩි බිම දමන එකා
යකා ඇට නහර මස් බිලි ගන් සැනෙකා
විකාමහ සොහොන් දෙවි දිවි හරින් මකා
තෙළි දිය සොරකම් කළාට කී කවක්.
ලා වෙලා තුබුළා කිතුල්මල තුබූ තෙළි දිය ගෙන අළුත්
ඒ බලා නුමුලා සොරෙක් බීලා ගියා සැළ ගෙන අළුත්
ලෝතුලා තුබුලා පසිඳු යස තෙද බලැති දෙවියනි අළුත්
ඌ හෙලා නුමුළා ගසින් හළ මැනවි දැන් නොතබා අළුත්

A day in the life