පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-02-01

කුළු පේ කිරීම




බලන්නකෝ මේ ඡායාරෑපය දිහා .
පෙර කාලයේ ලොකු කතාවක් ගමට කිවිව මේ ලියක රදවපු කුල්ල
ඉස්සර අපේ ගම්වල තිබුන ගෙවල්වල දැන් වාගේ කාමර ගොඩක් තිබුනෙ නෑ. ඒවාට තියා ගෙට ඇතුල්වෙන තැනවත් තුස්සියටවත් දොරවල් තිබුනෙ නෑ. දොර වෙනුවට පැලැල්ලක් තමා තිබුනෙ දොරට හේත්තු කරන්න.හැම ගෙදරකම පිරිමි බොගෝ රැයවල් ගතකලේ හේනෙ නැතිනමි කුඹුරේනෙ සත්තුන්ගෙන් අස්වැන්න රැක ගන්න හන්දා. එතකොට විවාහකයන්ට කෝ ඉඩක් විවාහයේ සතුට විදින්න.
එයාලට ඒ සතුට විදින්න උනේ දවල් කාලෙමයි. හිතන්නකෝ මහ දවාලෙ දොරක්වත් නැති හැම තිස්සෙම ගෙට පිටඅය ගොඩවෙන තැනක ඒ සතුට විදින්න හිත හදාගන්නෙ කොහොමද කියලා ඒක හරි අමාරු වැඩක්.
අනේ මටනම් බෑ අන්න ඒකට විසදුම තමා මේ කුල්ල.
කාගෙහරි ගෙදරක මිදුලෙ මේ රුපයේ පෙනෙනවා වගේ ලියක කුල්ල රදවලා තිබනොත්. ගමේ කිසිම කෙනෙක් මේ මිදුලට අඩියක් තිබ්බෙම නෑ. ගමේ හැමෝම දැනන් උන්නා මේ ගෙදර දෙමහල්ලො මේ මොහොතේ රතිසැප විදිනවා කියලා .
ඒකට එයාලා කිව්වා කුළු පේ කරනවා කියලා හරි අපුරැයි නේද?.
අපිත් අද ඉදලා කියමුද? කුළු පේ කරන්න යමු මැණිකෙ කියලා ගෙදර නෝනට.
ඔයාල මේවගේ අතීත රසකතා අහන්න ආසයි කියල සටහන් කරල තිබුනොත් ආයෙත් දවසක ලියන්නම්

මුහුනු පොතට ලියුවේ කපිල සේන.

A day in the life

2024-01-31

වසර විසි අටකට පෙර අඳුරු මතකයෙන්.......











 

ජනවාරි 31  දිනට ශ්‍රී ලංකා මහ බැංකුව කොටි බෝම්බ ප්‍රහාරයට ලක්ව අවුරුදු ( 1996 ) විසි අටකි. එදින බැංකුවේ සේවයේ නියුක්ව සිටි සහෝදර ධර්මදාස වෙල්හේනගේ සහෝදරයා ගේ  සටහනක්වු අත්දැකීම  පහතින් පලවේ..

එදා 1996 ජනවාරි 31 දිනයයි. මම මහ බැංකුවේ බිම්මහළත් පළමුමහළත් අතර අතුරු මහළෙහි සේවයේ යෙදීසිටියෙමි. වේලාව උදේ 10.30 පසුවන්නට ඇත. බිම් මහළේ රාජකාරියේ යෙදීසිටි නාවික හමුදා නිළධාරියාගේ මැෂින් තුවක්කුවෙන් එක දිගට වෙඩිහඬ ඇසෙන්නට විය. අසාමාන්ය ශබ්දයෙන් කලබලවූ අපි බිම්මහළ දෙස බලන්නට වීමු. පහළ සිටි කවුදෝ මහ හඬින් බෝම්බ ලොරියක් බැංකුව ඇතුලට එන්න හදනවා යැයි කෑගසමින් මැදි මහළට වේගයෙන් නගිනු දුටුවෙමු. ඒ සමග අපි සියලු දෙනාම මැදි මහළේ පිටුපසට දුවන්නට පටන් ගතිමු. සියල්ලෝම පහළට බසින පඩිපෙළ ලඟ සිරවුනි.ගතවූයේ නිමේෂයකි.මහා බිහිසුණු හෙණහඬකි.

 

අපි සියල්ලෝම මොහොතකට සිහි නැතිවූවාසේය.මුලු ගොඩනැගිල්ලම සෙලවෙනවා දැණුනි.ඇස් ඇරී බලනවිට අපි මුලින් සිටි පෙදෙසම කඩාවැටී විශාල ආලෝකයක් පැතිරී තිබුණි. ඒ මොහොතේ අපේ ගොඩනැගිල්ලේ වීදුරු සහ බිත්ති කැඩී කුඩුවී විශාල ශබ්ද නඟමින් පහළට වැටෙමින් තිබුණි.මා සිටි ස්ථානයේ සියලු දෙනාම අණතුරක් නොමැතිව සිටි බව පෙනුනද සියල්ලෝම හඬමින් කෑගසමින් ඉක්මනින් පහළට බසින්නට උත්සාහකරමින් සිටියේය. මමද අමාරුවෙන් පහලට තල්ලුවී බිමට බැසගතිමි. තුවාලවූ අපගේ සහෝදර සහෝරියන් ගේ වේදනා හඬ දසතින් ඇසෙන්නට විය.ගොඩනැගිල්ලේ වීදුරු බිමට වැටෙනහඬ තවමත් ඇසේ,ඉදිරිපස කොටසේ සිට විශාල දුමක් ඉහළට නගිනු පෙනුනි. මා ඇඳසිටි සුදුකමිසයේ තැනින් තැන විශාල ලේ පැල්ලම් වූ බව දුටුවේ මුහුද අසල පාරට පැනගත්විටය.පෙරපිණකින්දෝ මට තුවාල නොතිබුණි,තදවී බිමට බසිද්දී අනෙකුත් සොහෝයුරන්ගේ ලේ තැවරී තිබුණි. මොහොතක් දුම් නැගිමින් තිබුනු බැංකුව දෙස බලාසිටියා මතකය.

අප සමග සේවයේ නියුතු සහෝදර සහෝදරියන් 41 ක් ජීවිත අහිමි වූ බව දැනගත්තේ පසුවය.තවත් දෑස් අන්ධව අංග විකලව තවමත් දුක්විඳින සියගණනකි.මහබැංකුව අවට සිට මෙලොවින් සමුගත් සහ තුවාල වු අය බොහෝය.
වසර ගණනක් දහවල් කෑම මේසයේ සතුටු සාමීචියේ යෙදීසිටි, නොදන්නා සමහර විෂය කරුණු අපට කියාදුන්, ඇවිදින පුස්තකාලයක් වැනිවූ අපේ හොඳම මිතුරෙකු වූ නිමල් පීරිස් මහතා අකාලයේ ජීවිතයෙන් සමුගෙනය. තවත් එවැනි හැකියාවන් තිබූ කිහිප දෙනෙකුම අප අතරින් සමුගෙනය. ඒ අභාග්ය සම්පන්න ශෝචනීය සිදුවීම වී අදට අවුරුදු 28 කි. මා මියයන තෙක් මේසිදුවීම මතකයේ රැඳී පවතී.

 


ජීවිතයෙන් සමුගත් අපේම සහෝදර සහෝදරියන්ට සංසාරේ කිසි දිනක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි පතමි. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා...!
මේ සිදුවීමෙන් අබල දුබළ ව තවමත් ජීවත්වන සහෝදර සහෝදරියන්ට තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී සුවය ප්රාර්ථනා කරමු.

A day in the life