පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-01-30

වැව් කතාවක්..


ලොවක් මවිත කල විශිෂ්ටතම වාරී තාක්ෂණය්කට හෙළදිව අප උරුමක්කරුවන් වන්නෙමු.හෙළදිව ආර්ථිකයේ පදනම වූයෙ වැවයි.හෙළදිව ලොව පුරා කීර්තියක් දරා සිටි ප්‍රථාපවත් සංකේතය වූයේ ඈත අතීතයේ සිටම අපගේ සංස්කෘතිය වූ වැවයි දාහැබයි කෙතයි වේ.




ඒ අනුව වර්තමානයේ පවතින සම්මතයට අනුව මුළු ලොවටම හා හා පුරා කියා වාරී ශිල්පය හදුන්වා දුන් ප්‍රථම වැව වන්නේ අභය වැවයි
වැවක් යනූ උස්බිම් දෙකක් යා කර ඇළක් කර බැදි බැම්මකින් යුත් ජලය එක් රැස් වන ස්තානයයි.ඒ අනුව හෙළදිව ගංගා 103ක් කේන්ද්‍ර කොට ගෙන වැව් අමුණු දස දහස් ගණනක් ඉදි කිරීමට අපගෙ අතීත රජ දරුවන් කටයුතු කර ඇත.රජරට පුරාවට පමණක් වැව් පන්දහස්කට වඩා ඉදිකොට ඇත.අහසින් පොළොවට වැටෙන එකම දිය බිදක් වත් මහමුහුදට ගලා නොයා යෑමට ඉඩ නොදි මහ පොළවෙම රදවා ගෙන වියළි රජරට තෙත් කිරීම එකල වැවක ප්‍රධාන රාජකාරීය වූවේය..



ඒ අනුව වැව් සංස්කෘතිය හරහා ආරම්භ වූ කෘෂිසංස්කෘතිය මානව සංස්කෘතියකි.බීම්ට නෑමට පමණක් නොව සතා සීපාවන්ගෙ පැවත්මටද වැව අවශ්‍ය විය.එකල වැව් වර්ග කිහිපයක් තිබි ඇත ගම්වැව්,යෝධවැව්,ලන්දේවැව්,කුළුවැව් ලෙසින් ගම්වැව් යනු එක ගමක ඇති වැවකි.අදටත් රජරට ප්‍රදේශයේ බොහෝ ගම් වල වැවක් දෙකක් දක්නත ඇත.එලෙසින්ම බොහො ගම්වල අවසානය වැව ලෙසින් ද තිබේ උදා ගලෙන්බිදුනුවැව,කෝන්වැව ,දිවුල්වැව ලෙසින්. ලන්දේවැව් යනු වියළි කලාපයේ සතුන් දිය බීමට ගම්මාන වලට පැමිණීමට වැලක්වීම සදහා වනාන්තරය තුල ඉදි කල වැවකි.කුළු වැව් යනු විශාල වැවක ආරක්ෂකයාය.ප්‍රධාන වැවට වර්ෂා කාලය තුලදී ගලා එන විශාල ජල කද එක් වරම ප්‍රධාන වැවට ගලා ඒම වලක්වා ක්‍රමයෙන් වේගය අඩු කර රොන් මඩ තැන්පත් කරගෙන පිරිසුදු ජලය පමණක් වැවට ගලා ඒමට සලස්වන වැවය.ස්වාභාවික ඇළක් හෝ කදු වැටි දෙකක් එක් කර බදින අද බැම්මෙන් නිර්මාණය වන වැව නිකම්ම නිකම් වැවක් වූයේ නැත.ඊට සොරොව්ව,බිසෝ කොටුව, මඩ සොරොව්ව ,වාන ,රළපනාව, ඉහත්තාව ,තාවූල්ල ලෙසින් බොහෝ අංග රැසක් අයත් වූය.



වැවක ප්‍රධනම අරමුණ වූයේ විශාල ජලය ප්‍රමාණයක් රදවා තබා ගැනීමයී.අතීතයේ අද මෙන් යන්ත්‍ර සූත්‍ර වලින් සකස් කරන ලද ඒවා නොවෙයි.මිනිස් ශ්‍රමය,අලි ඇතුන්, හරකුන්, යොදා තලා බැම්මට අවශ්‍ය පරිදි සකස් කර ඇත.විශාල ජල කදක් වූවද ගබඩා කරගැනීමට අවශ්‍ය ආරක්ෂක ක්‍රම යටතේ සකස් කොට ඇත.අතීතයේ විශිෂ්ටතම ජල කළමනාකරණ සදහා වැවක වැදගත් ම අංගය වූයේ සොරොව්වයි.වැවේ ජලධාරීතාවය වැඩිවත්ම සොරොව්ව මගින් පිට කරන ජලයේ පීඩනය අවම කිරීම සදහා බිසෝකටුව නිර්මාණය කර ඇත.බිසෝ කොටුවෙ ඇති අවකාශය හේතූවෙන් ජලය ඉහළ ගමන් කොට ජල පීඩනය අවම කිරීම හේතූවෙන් වැව් බැම්ම ආරක්ෂා වේ.වැවේ ආරක්ෂකයාය වන්නේ වානයී වැවක උපරිම ලෙස ජලය දරා අතිරික්ත ජලය පිට කිරීම වානේ ක්‍රයාවලියයි.වැවක පැවත්ත්ම් ඇත්තේ ඉහත්තාව මතය.ඒය වැවේ පෝෂක ප්‍රදේශය වෙයි.වර්ෂා කාලය තුල වැවට ජලය ගලා එන්නේ ඉහත්තාව තුලින්‍ වෙ.ඒ අනුව පැරණි ජනයා මහත් භක්තියෙන් ආරක්ෂා කරන ලදි කිසිවිටක කැලය එළි පෙහෙළි කිරීම නොකලේය.එම නිසා වැව් ඉහත්තාව නිතරම තෙතමනයෙන් පැවතුණි එම නිසාම වන සතුනට ආහරද සුලබව තිබිණ.මීට අමතරව වැව් බැම්මේ ආරක්ෂාව සදහා කළුගලින් රළපනාව සකස් කොට තිබිණ .


අතීතයේ වැව බලා කියා කටයුතු කරන ලද්දේ ගමරාළ විසිනි.එකළ වැව කේන්ද්‍ර කොට ගෙන ගම්මාන බිහි විය.ගම්මානයක් හා වැවක් අතර තිස්බඹය යනුවෙන් කොටසක් විය එය කට්ටකාඩූව ලෙසින්ද හදුන්වා ඇත.එ හදිසි අවස්තාවකදි බැම්මට පස් සපයා ගැනීම සද ඉතුරු කර තිබිණ .ගම්මානයේ ඉදිරිපිට වෙල් යායයී.එක රව්මට ඉදි වූ ග්ම්මානයේ සොරෝව්ව ආසන්නයේ ගෙදර හිමි වූයේ ගමරාළට හ විදානෙටයි.ගමරාළ හා විදානේ දින දෙක තුනකට වරක් ප්‍ර්ධාන ජලය ගලා බසින වේලී දිගේ ගමන් කොට ජලය මදි පාඩූ කුඹුරු පිලිබදව සොයා බලා ඔව්න්ට අවශ්‍ය ජලය සැපයීමට කටයුතු කරේය.මෙසෙ ගමරාළ හා විදානේ විසින් වැවේ ජලය කළමනාකරණය කිරීම නිසා කන්න අවසානයේ සෑම ගොවියෙකුම ඔව්න්ට සලාරිස් වශයෙන් වී කොටහක් ලබාදීමට පුරුදු වී සිටියේය.මීට අමතරව වැවෙන් නෙලාගන්නා මුකුණුවැන්න දිය බෙරලිය නෙළුම් අල, ඕළු හාල් වැනි ආහරද හේතූවෙන් වැව සම්පතක්ම විය.


එලෙසින් ම වැව හිදි යන කාලය තුල වැව් බැම්ම කෙටීම වැව් බැම්ම සේදී ගොස් ඇති තැන් සදහා පස් පුරවා බැදීම වැනි රාජකාරී සැම ගොවියෙකුටම පැවරුණු රාජකාරී වෙයි.එසේ නොකරන ගොවීන් සදහා නීතීය ක්‍රියාත්මක කරවන්නේ වැව් ලේකම් විසිනි .ඔහු ගම්මුලාදෑනීයාගේ සහය ඇතිව ගම්සභා උසාවිය දක්වා ඔව්න් ගෙන ගොස් දඩ නියම කරණු ලැබිණ .සමහර විටක දිය තහංචිය නමින් දිය ලබා නොදීමේ ක්‍රියාමාර්ගද අරන් ඇත.
එසේ වැව හා කෙරෙන සිරිත් විරිත් මෙන්ම වැව් රාජකාරිය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කටයුතු කිරීමේන් වැව සදහටම ගැමි සමාජයෙන් සමුගත්තේය.


එහෙත් අද වැව අයිති රාජ්‍ය ආයතන මගින් වැවේ ප්‍රථිසංස්කරණ කටයුතු කිරීමට ලබා දෙන්නේ දේශපාලූවන්ගේ හෙංචයින්ටය.එය අධීක්ෂණය කිරීමට සිටින රාජ්‍ය නිළධාරීන් ද එම කොන්ත්‍රාත්කරුවන් ගේ සුරතලුන් බවට පත් වන්නේ කොන්ත්‍රාත් මුදලින් ලබා දෙන සියයට 1\10 ක් වූ මුදල් කුට්ටි නිසාම ය.එම හේතූවෙන් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නියම ප්‍රමිතියකින් තොරව නිමා වීමයී.ඊටත් වඩා හානීය කියන්නේ මෙම කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ ගමේ ගොවි සංවිධානයටය එහෙත් එම කොන්ත්‍රාත්තුව සිදු කරන්නේ දේශපාලන හෙන්චයියන් විසිනි එ වෙනුවට ගොවි සංවිධානයේ ගිණුමට %05 ක කොමිස් මුදලක් ලැබෙන අතර එම මුදල් අහිමි වේ යැයි බියෙන් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙසෙ වූවත් බිහිරි අලීන් හා අන්ධයින් මෙන් සිටීමට ගමේ ගොවි සංවිධානයේ නිළධාරීන් කටයුතු කරයි.අහෝ වැවට වූ කේදවාචකය ගමේ වස්තුව , ගමෙ උරුමය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කෙළිබඩුවක් බවට පත්කර ඇත්.මෙම තත්වය මත නිළධාරීන් ගෙ හොද්ද බොර වීම හේතූවෙන් ගොවියාට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ න් ලැබෙන නියෝග දෙස බලාගෙන හූල්ලා බලා සිටීමට සිදුවී තිබේ.පැරණි ජනයාගේ වස්තුව වූ වැව අද රජයේ පමණක් නොවෙයි විදේශීය ණය දෙන සමාගම් වල කෙළිබඩුවක් වී ඇත

 ගමක සිරිය

Wathsala Priyanthi Nanayakkara

A day in the life

2024-01-28

වටද්දර ඤණිස්සර නායක හාමුදුරුවෝ.



කූරගල සැබෑ භාරකරු වූයේ උන්වහන්සේය.. ඉතා දුෂ්කර කලක උන්වහන්සේ එහි වැඩවිසූහ.. බහුභාණ්ඩික භික්ෂූන් අතර අල්පේච්ඡ හිමිනමක් වූහ.. උන්වහන්සේ විසින් පුරාවිද්‍යාව සහ ජනකථා අතර සම්බන්ධය ඔප්පු කල අවස්ථා සිය ගනනක් මම අත්විඳ ඇත්තෙමි.. කල්තොට වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් කරන්නට මට අදහස දුන්නේ් මහාද්වීප පාවෙමින් ගිය ආකාරය සහ ඉන්දියාව යුරේසියාවේ ගැටෙද්දී එහි ප්‍රතිඵලයක් ලෙස බෙල්ලන්ගල කන්ද ඉහලට එසවුනු ආකාරය පහදා දෙමින් වසර මිලියන ගනනක් පැරණි බෙල්ලන් ගොඩබිමෙහි ඇති ආකාරය පහදාදීමෙන් පසු ඇතිවූ කථාවකදීය..
ආචාර්ය ගිලියන් ජුලෙෆ් බලංගොඩදී සුලං බලයෙන් යකඩ උනුකරන උඳුන ප්‍රතිනිර්මාණය කලේ වටද්දර නායක හාමුදුවන්ගේ උපදෙස් පරිදිය.. එම උඳුන යලි ඉදිකිරීම සිහිවන්නට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එහි අනුරුවක් සහ පුවරුවක් ඉදිකරන්නට මා කටයුතු කලේ උන්වහන්සේ කවුරුන්දැයි නොදන්නා අයට දැනගන්නටය..
වටද්දර හාමුදුරුවන් දැනුම් ගබඩාවකි.. එහි ඵල ප්‍රයෝජනය ගන්නට තරම් බුද්ධියක් බලංගොඩ මිනිසුන්ට තිබුනු බවක් මා අත්විඳ නැත.. ප්‍රාඩෝ වල යන, ගල්මත සිංහයින් හදන, වටිනා සිවුරු දරන, නායක තනතුරු වලින් වැජබෙන සංඝ සමාජය නිසා ඇස් නිලංකාරබුනු බලංගොඩයෝ සෙරෙප්පු නොදා පයින් යන, ලොකු අයියාගේ කඩෙන් ⁣එලවළු රොටියක් කහට එකක් වළඳන, කියන්න තියෙන දේ මූණටම කියන, දේශපාලන නායකයාට සහ පාරේ බුදියන හිඟන්නාට එකසේ සලකන වටද්දර හිමියන්ට සැළකුවේ වැඩිය අවුස්සානොගෙන සිටියයුතු ස්වාමීන්වහන්සේ නමක් ලෙස බව මගේ මතකයයි..






ලංකාවේ මිනිස්සු ගල් පිළිම සහ බොල් පිළිම වෙන්ව හඳුනාගන්නා දිනක උන්වහන්සේ ගැන මීටවඩා ආදරයෙන් සිහිපත් කරනු ඇත.. බලංගොඩ උරුමය ඇත්තේ කොන්ක්‍රීට් සිංහයන් තුල නොව වටද්දර හිමියන් මැදිහත්ව ප්‍රතිනිර්මාණය කල ලෝකයටම එකක් වන ස්වභාවික සුළගෙන් තනි පියවරෙන් වානේ නිපදවන තාක්ෂණය ඇති උඳුන් වල බව කවදාහෝ කවුරුන්හෝ ලියනු ඇත..
උන්වහන්සේට නිවන් සුව පතනවා වෙනුවට ඒ මහා දැනුම යලි බෙදන්නට දැනුමේ වටිනාකම දන්නා රටක උපදීවායි පතන්නට මට සිත් වෙයි..
වටද්දර ඤණිස්සර අපේ නායකහාමුදුරුවන්ට නිවන් මගට යොමුවන සුගතිගාමී භවයක් ලැබේවායි පතමි..

සටහන - Champika Nirosh (හිටපු ප්‍රාදේශීය ලේඛම්)
ඡායාරුප - Sidusankha Vidupathi



A day in the life