පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-01-16

දහ අට වංගුව - රැවටුණු සුද්දා



ලංකාවේ තියෙන පාරවල් අතුරින් ඉතා විශේෂත්වයක් ගන්නා එක් මාර්ගයක් ගැන තමයි මේ කියන්න යන්නේ. සංචාරකයන් පවා ලංකාවට ආවොත් මේ දහඅට වංගුව අමතක කරන්නේ නැහැ. මොකද එහි ඒ තරම් සුවිශේෂීත්වයක් එහි ගැබ් වෙලා තියෙන නිසා. ලංකාවේ තියෙන A ශ්‍රේණියේ මාර්ග අතුරින් හැමෝම යන්න කැමති පාරවල් දෙකක් තියෙනවා. එයින් එකක් තමයි මහනුවර ඉඳලා යාපනයට යන A 9 මාර්ගය. අනිත් මාර්ගය තමයි මහනුවර ඉඳලා මහියංගනයට යන A 26 මාර්ගය. මේ මර්ගයේ තමයි අද අපි කතා කරන වංගු 18 තියෙන්නේ.
මෙහි ප්‍රපාතාකාර වැලමිට වංගු 18 ක් ඇති නිසා මේ මාර්ගයේ එක් වතාවක් පමණක් ගමන් කර ඇති අයෙක්ට වුණත් ඒ ගමන නම් කිසිදාක අමතක වෙන්නේ නැහැ.උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශයෙන් ඇරඹෙන දහ අට වංගුව අවසන් වෙන්නේ හසලක පොලිස් බල ප්‍රදේශයෙන්.ඉතින් කඳුකර ප්‍රදේශවල පහසුවෙන්ම මහියංගණයට ළඟා වෙන්න පුළුවන් පහසු මාර්ග සකසන්නට හැකියාව තිබුණත් මේ වගේ අසීරු මාර්ගයක් හදපු එක ගැන සොයන්නම වෙනවා. ඉතින් ඒ සඳහා මේ වංගුවේ අතීත කතාව සොයා බලන්නට වෙනවා.
අද වෙද්දි වංගු 17 ක් පමණක් දකින්නට ඇති දහ අට වංගුවේ අතීත කතාව ගැන විමසන්නටයි මේ සූදානම. මීට වසර ගණනාවකට කලින් යුරෝපීය ජාතීන් ලංකාව පැමිණිලා ලංකාවේ පාලනය ඔවුන් යටතට ගන්නට කටයුතු කළා. ඒ අතුරින් පෘතුගිසීන්ට ලන්දේසීන්ට නොහැකි වුණු කාර්යය ඉංග්‍රීසීන් විසින් සිදු කළා. ඉතින් ඉංග්‍රීසීන් ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගත් පසුව වතු වගාව ආරම්භ කරන්නට මුල් පිරුවා. තේ. රබර්, කෝපි ,සිංකෝනා ආදී මෙකී නොකී වගාවන් ව්‍යාප්ත කරන්නට කටයුතු කළා. ඒ වතු වගාව කඳුකරයේ ශීඝ්‍රයෙන් පැතිරිලා ගියා. ඒ අතරෙ යුරෝපීයන්ට තමන්ගේ නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට අරගෙන යන්නට අවශ්‍ය වුණා. ඒ නිසා මාර්ග පද්ධතියක අවශ්‍යතාවය ඔවුන්ට දැණුනා. කොළඹ සිට මහනුවරට මාර්ගයක් සකස් කරන්නේ ඒ නිසාවෙන්.
නමුත් මේ අතරෙ දි ටොරින්ටන් සාමිවරයාගේ 1848 දී නව බදු ප්‍රතිපත්ති පැනවීම නිසා උඩරට කැරැල්ලක් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය අතරෙ 1850 දී පමණ හුන්නස්ගිරි පළාතෙත් තේ වගේම එනසාල් වගාවත් ආරම්භ වෙනවා. මේ හේතු නිසාම බ්‍රිතාන්‍යයන් මහනුවරින් මාර්ග නිර්මාණය කිරීම නතර කරන්න නොහැකි බව තේරුම් අරගෙන උඩුදුම්බර දක්වාම පාරවල් හැදුණා. ඒත් ඉතින් පාරවල් හදන එක ගැන වැඩි අවබෝධයක් ඉංග්‍රීසි ජාතිකයන්ට තිබුණේ නැති නිසා ඔවුන් මේ සඳහා පළාතේ ජනතාවගේ අදහස් දැන ගන්නට කටයුතු කළා.
එකල උඩුදුම්බර ගමේ ප්‍රධානීන් 4 දෙනෙක් වුණු ගම්පහ බස්නාහිර කෝරළේ, ගම්පහ නැගෙනහිර කෝරළේ,ගම් දෙකේ කෝරළේ,කන්ද පහළ කෝරළේ යන අය කැඳවාගෙන ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කර තිබුණා.මේ වෙද්දි මේ කෝරලේ හතරදෙනා තුළම ඉංග්‍රීසි ජාතිකයන් ගැන එතරම් පැහැදීමක් තිබිලා නැහැ.ඒකට ප්‍රධානම හේතුව තමයි උඩරට කැරැල්ල වෙලාවේ ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත් කඩහපොළ හිමියන්ට එරෙහිව නඩු අසා එක් දවසකින්ම වෙඩි තබා මරණයට පත් කිරීම. මේ නිසා කෝරළේ හතරදෙනා වැදි ගම්මානයෙන් ආපු කෙනෙක් සම්බන්ධ කරගෙන වැදි ගම්මානයට යන්න තියෙන අසීරුම මාර්ගය පෙන්වාදී තියෙනවා.කොහොමහරි හුන්නස්ගිරිය ඉහළටම නැගලා මහා බෑවුමක් එක්ක මහියංගණය දැක්කම ඉංග්‍රීසින් තීරණය කර තියෙනව වංගු සහිතව මාර්ගය ඉදි කරන්නට.
තවත් ජනප්‍රවාදයකට අනුව ඒ කාලේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ගම්වල ගැහැණු දැරිවියො ආරක්ෂා කර ගන්නට ගම්මාන නැති කැලෑ ප්‍රදේශවලින් පාර පෙන්නන්න කතිකා කරගෙන තිබුණලු. ඉතින් කොහොමහරි ඒ මාර්ගය හදන්නත් ශ්‍රමය සූරාකෑවේ අපේම මිනිසුන්ගෙන්. ඒ කාලේ සෑම වැඩිහිටි පිරිමියෙක්ම සතියට දින 6 ක්ම නොමිලයේ පාරවල් තැනීමේ කටයුතුවලට සම්බන්ධ විය යුතු වුණා. එහෙම නැති වුණොත් සිලිං තුනක ඇඟ බද්දක් ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. පාර බද්ද කිව්වේ ඒකට.
කොහොමහරි උඩුදුම්බර ඉඳල නාසරුව,කෝවිල්මඩ, තවලන් තැන්න,තැම්මිටියාන,තිස්පන දක්වා මාර්ගය සැකසීමෙන් මේ දහ අට වංගුව නිර්මාණය වුණා. ඉතින් වරක් ඉංජිනේරු මහතෙක් පවසා තිබුණේ පළමුවැනි වංගුවේ ඉඳලා අන්තිම වංගුව දක්වා හරි කෙළින් නූලක් පහතට දැම්මොත් එහි දුර මීටර් 500 කටත් අඩුවන බවයි.ඉතින් වංගු 18 ම තියෙන්නේ උසින් කිලෝමීටර් භාගයකටත් වඩා අඩු දුරකින්. ඉතින් කිලෝමීටර් භාගයක් දුර නගින්න හෝ බසින්නට කිලෝමීටර් 7 ක දුරක් කන්ද වටේ සැරිසැරිය යුතු වෙනවා.
කොහොමහරි ඒ දහ අට වංගුවේ දෙවනි වංගුව ඉතාමත් අනතුරුදායක එකක් වුණු බවයි සඳහන් වෙන්නේ. එතන නතර කර වාහනය රිවස් නොකර කොහොමටවත් වංගුව පන්න ගන්න බැහැලු. එදා ගල් තාර යොදා තිබූ දහ අට වංගුව අද කාපට් ඇතුරූ සුවපහසු ආරක්ෂිත සුන්දර මාර්ගයක්.එදා මීටර් 3 ක් පමණ පළලින් යුක්ත මේ මාර්ගය අද මීටර් 8.5ක් පමණ පළලින් නිර්මාණය වී ඇත්තේ මංතීරු දෙකක් ද සමඟින්. ඒ වගේම පාලම් 9 ක් බෝක්කු 30ක් ඉදිකර තියෙනවා.
ඉතින් මේ මාර්ගය ඉදිකරන්නට එදා ගස් 5000 ක් පමණ කපා දමන්නට සිදුව තිබුණා. එයත් සමඟ අසරණ ජනතාවගේ දහඩියෙන් නිර්මාණය වුණු මේ මාර්ගය ලංකාවේ ඇති එක්තරා දුෂ්කරම මාවතක්. නමුත් හරිම සුන්දර ගමනක්.මේ මාර්ගය සකස් කිරිමේදී අපේ මිනිසුන් කී දෙනෙක් මරණයට පත් වෙන්නට ඇති ද. ඒ වගේම මේ කළු ගල් කඩන්නට සිදුව තිබුණේ පරිසරයට වගේම අවට පදිංචිකරුවන්ට හානිදායක වෙන විදියට.ඒ සඳහා සාම්ප්‍රදායික බෝර දැමීම් වගේම රසායනික ක්‍රමයටත් ගල් පුපුරවා තිබුණා.ඉතින් විශාල අභියෝගයන් රැසක් මැද එදා මේ මාර්ගය ඉදිකෙරුණා වගේම නැවත මාර්ගය පුළුල් කිරීමත් සිදු කෙරුණා.
අපේ රටේ ජාතික උරුමයක් වෙන මේ දහ අට වංගුවට වසර 30 කටත් අධික කාලයක් ගෙවී ගිහින්. ඉතින් හරි අපූරු ඉතිහාස කතාවත් සිහියේ තබාගෙන දහ අට වංගුවේ රවුමක් යන එක කොහොමටත් හොඳයි නේ.


උපුටා ගැනිමකි..
මුල් හිමිකරුට ස්තුතිය

2024-01-14

ගොළුහදවතේ සැබෑ දම්මි


















ගොළු හදවත යනු 60 දසකයේ මෙරට බිහිවූ සාර්ථකම ප්රේම කතාව විය. පාඨකයන් විශාල පිරිසක් ආදරයෙන් වැළඳගත් එම නවකතාව කරුණාසේන ජයලත්ගේම අත්දැකීමක් බව දන්නේ ඉතා සුඵ පිරිසකි.

ජයලත් අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යායලයෙනි. එකල ඔහු ඩී.කේ. ජයලත් විය. කලෙක නවකතාකරුවකු, මාධේදිය‍ෙකු හා සිනමා විචාරකයකු ලෙස ප්‍රසිද්ධියට පත් ඔහු කරුණාසේන ජයලත් නමින් ප්‍රකට විය. කලක් සිරිලක පුවත්පතේ කතුවරයා වූ ජයලත් නවකතා රැසක් රචනා කළේය.ගොළු හදවත, බඹා කෙටූ හැටි, මුව දඩයම, ලස්සන ඇස්, ගැහැණු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි,මව සහ දුව,ඇවැස්ස නෑයෝ,හතුරු හිතක්,රිදී නිම්නය,සතීගේ කතාව,කුල කුමරිය වැනි නවකතා ඔහු රචනා කළ අතර ඒ අතරින් වඩාත් ජනප්‍රියම නවකතාව වූයේ ගොළුහදවතය.


ඔහුගේ එම ‍ෙප්‍රමණිය නවකතාවේ ප්‍රධාන චරිත තුනක් විය. ඒ සුගත්, දම්මි සහ නිහාල්ය. මේ තිදෙනාම සැබෑ චරිත වූහ. එවක හොරණ තක්ෂිලාවේ සිටි එක්තරා යුවතියක පිළිබඳව ජයලත්ගේ සිතෙහි පේමයක් ඇති වී තිබිණි. ඇයට වෙනත් පන්තියක සිටි සිසුවකුද ඇලුම් කළ බැව් ඔහු දැන සිටියේ නැත. අවසානයේ ඔවුන් දෙදෙනාටම එම යුවතිය හිමි වූයේ නැත. ඔහු තම නවකතාවේ දම්මිගේ චරිතය මැවුවේ එම යුවතියගේ චරිතය පදනම් කර ගනිමිනි.

එදා තක්ෂිලාවේ සිටි දම්මිට පෙම්කල නිහාල් දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී. බී. කුරුප්පුය. ඔහුද ප්‍රකට ලේඛකයකු විය. ජීවිතයේ අවසන් කාලයේ ඔහු ජීවත් වූයේ ඔස්ට්රේලියාවේය. ඔහුගේ පසුකාලින කෘති කිහිපයක් සඳහා පිටකවර නිර්මාණයෙන් දායක වීමට මට හැකි විය. එම සම්බන්ධතාව ගොඩනගා දුන්නේ අප මිතුරු නිමල් දිසානායකය.

නවකතාවේ සුගත් සැබැ කතාවේ ජයලත් විය  .

හොරණ තක්ෂිලාවේදී ජයලත්ගේ හා බෝල්ඩ්වින්ගේ ප්රේමයට පාත්ර වූ දම්මි කුරුප්පු ආරච්චිගේ පද්මා නාලනී ගුණරත්නය.පසු කාලයේ ජයලත් තක්ෂිලාවේම උගත් රූපා නම් යුවතියක සමග විවාහ විය. කුරුප්පුද වෙනත් යුවතියක හා විවාහ වී පසුව ඔස්ට්රේලියාවේ පදිංචියට ගියේය. පද්මා නාලනීද විවාහයෙන් පසු පද්මා ගුණරත්න විය.

. ජයලත්අද අප අතර නැත. නිහාල් වූ බෝල්ඩ්වින් ද අප අතර නැත. ඔවුන් දෙදෙනාගේ ප්රේමයට මැදිව ප්රේමනීය නවකතාවක් නිර්මාණය කරන්නට දායක වූ පද්මා නාලනී ගුණරත්නද 2018 මැයි මස 22 දින ජීවිතයෙන් සමුගත්තාය.

ජයලත් 1995 අගෝස්තු 25 දිවියෙන් සමුගත් අතර බෝල්ඩ්වින් කුරුප්පු 2017 ජුලි මාසයේ සමු ගත්තේය.

එහෙත් ගොළු හදවත 60 වසරකට අධික කාලයක් මුළුල්ලේ මෙරට පාඨකයන්ගේ සිත්තුළ සදානුස්මරණීය නවකතාවක් බවට පත්ව ඇත්තේය.

ඔහුගේ සෑම නවකතාවකම නමේ විශේෂත්වයක් තිබේ. සෑම නවකතාවකම නමට ඇත්තේ අකුරු හයකි. පද්මා නාලීනී යන්නටද ඇත්තේ අකුරු හයකි. පද්මා සිහිපත් වීම සඳහා ඔහු අකුරු හයකින් යතුව තම නවකතා නම් කළේදැයි මම නොදනිමි.

පද්මා නාලිනී මහත්මිය පිළිබඳ තොරතුරු ලබා දුන්නේ අප හිතවත් පාලිත නාරංගොඩ මහතා විසිනි.පද්මා නාලිනී ගුණරත්න මහත්මිය නාරංගොඩ මහතාගේ මවගේ එකම සොහොයුරියයි.

සටහන 

ප්‍රියන්ත සුරේෂ් ද සිල්වා මහතාගෙන් උපුටා ගැනීමකි 

ස්තුතියි

 

notes of imaginary