පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-12-10

අතුරුදහන් වීමට නියමිත වස්තුවකි.






අපේ පුංචි මුණුපුරා අසන ප්‍රශ්න වලට ඔහුට ගැලපෙන අන්දමින් උත්තර සපයන්න අසීරු වේ. ඔහු පලමුවෙනි වසරේ අධ්‍යාපනය ලබයි. අද උදේ ඔහු ශිෂ්ඨාචාරය කියන්‍‍ෙන් ‍ෙමාකක්ද සී‍ෙය් යන්න ම‍ෙගන් ප්‍රශ්න කරයි.මා උත්තර සැපයිය යුතුය.

මම අතරමංව පුතේ ආතම්මාගෙන් න්න කියා ආතම්මාට යොමුකලෙමි. ඈ ගුරුවරියකව සිටි නිසා පුංචි මුනනුපුරාට ගැලපෙනන ලෙස ශිෂ්ඨාචාරය තේරුුම් කරදෙන්නට ැත.

ලොකු මුණුපුරා හත වසරේය. ඔහු පරිඝණකය රිසිසේ හසුරුවයි.. තොරතුරු සොයා ගනී. අධ්‍යාපන කටයතු සදහා වුවද උදව් ඉල්ලන්නේ කලාතුරකිනි

ඔහු සීයාව ප්‍රශ්න කරයි
"සීයේ ඔයා කොහොමද තාක්ෂණයක් නැතුව අතීතයේ ජීවත් වුනේ...?.
ඔහුට ප්‍රශ්නයකි ?.
පරිඝණකයක් , කැල්කියුලේටරයක් ඔහුගේ වයසේදී දැක තිබුනේ නැත. ඒවා ගැන අසා තිබුනේ වත් නැත.
අපි පරිඝණක නොමැතිව
ඩ්රෝන් නොමැතිව
බිට්කොයින් නොමැතිව
අන්තර්ජාල සම්බන්ධතාවයකින් තොරව
රූපවාහිනී නොමැතිව
වායු සමීකරණ නොමැතිව
අපි ලොකු මුනුපුරාගේ වයසේදී ජංගම දුරකථන නොමැතිව ජීවත් වුනෙමු..

සීයා පැහැදිලි කරන්නට උත්සහා දරයි
ඒත් අපි අවශ්‍යතාවයන් සපුරා ගෙන "ඔබේ පරම්පරාව අද ජීවත් වන ආකාරයටම ...ජීවත් වු බව පැහැදිලි කරමි
අපිට...................
යාච්ඤා නැත,
අනුකම්පාවක් නැත,
ගෞරවයක් නැත,
සැබෑ අධ්‍යාපනයක් නැත,
දුර්වල පෞරුෂය,
මානව දයාව නැත
ලැජ්ජාවක් නැත,
නිහතමානීකමක් නැත,
අවංකකමක් නැත.

1930-1980 අතර කාලයේ උපන් අපි භාග්‍යවන්තයෝ වෙමු.
අපේ ජීවිත ජීවමාන සාක්ෂියක්. ”
සෙල්ලම් කර කර බයික් පදිනකොට අපි කවදාවත් හෙල්මට් භාවිතා නොකෙලෙමු .
පාසලෙන් පසු අපි අපේ ගෙදර වැඩ අප විසින්ම කළ අතර අපි සෑම විටම ඉර බැස යන තුරු තණබිම්වල සෙල්ලම් කළෙමු
අපි සෙල්ලම් කළේ සැබෑ මිතුරන් සමඟ මිස අතථ්‍ය මිතුරන් සමඟ නොවේ.
අපට පිපාසය ඇත්නම්, අපි දිය උල්පතෙන් බොමු, දිය ඇලි වලින්, කරාමය ජලය මිස ඛනිජ ජලය නොවේ.
අපි අපේ මිතුරන් සමඟ එකම කෝප්පය හෝ පිඟාන බෙදා ගත්තද අපි කිසි විටෙකත් කලබල වී අසනීප වන්නේ නැත.
අපි හැමදාම පාන් සහ පැස්ටා කන එකෙන් කවදාවත් බර වැඩි වුණේ නැත.
පාවහන් නොමැතිව ඇවිද ගියත් අපේ දෙපාවලට කිසිම දෙයක් වුණේ නැත
සෞඛ්‍ය සම්පන්නව සිටීමට අපි කිසි විටෙකත් අතිරේක ආහාර භාවිතා කළේ නැත.
අපි අපේම සෙල්ලම් බඩු හදාගෙන සෙල්ලම් කලෙමු.
අපේ දෙමව්පියෝ පොහොසත් අය නෙවෙයි.
ඔවුන් අපට දුන්නේ ආදරය මිස ද්‍රව්‍යමය තෑගි නොවේ.

අපට කවදාවත් ජංගම දුරකථනයක්, DVD, PSP, ක්‍රීඩා කොන්සෝලය, Xbox, වීඩියෝ ක්‍රීඩා, PC, ලැප්ටොප්, තිබුනේ නැත අන්තර්ජාල කතාබස් තිබුණේ නැත. . . නමුත් අපට සැබෑ මිතුරන් සිටියේය.
අපි ආරාධනයකින් තොරව අපේ මිතුරන් බැලීමට ගොස් ඔවුන්ගේ පවුලේ අය සමඟ ආහාර බෙදාගෙන භුක්ති වින්දා.
පවුලේ කාලයෙන් ප්‍රයෝජන ගැනීමට දෙමාපියන් අසල ජීවත් විමු.
අප සතුව කළු සහ සුදු ඡායාරූප තිබිනි
අපි ඒවායෙන් ඔබ මෙන් ඡායාරූපවල වර්ණවත් මතකයන් සොයාගත්තෙමු.

අපි අද්විතීය හා වඩාත්ම අවබෝධය ඇති පරම්පරාවකි,
මන්ද අපි අපේ දෙමාපියන්ට සවන් දුන් අවසාන පරම්පරාවයි.
ඒ වගේම අපි තමයි
මුලින්ම තමන්ගේ දරුවන්ට ඇහුම්කන් දෙන්න යොමුව පරම්පාරාව.~
අපි සීමිත සංස්කරණයකි.
අපෙන් ප්‍රයෝජන ගන්න.
අපෙන් ඉගෙන ගන්න.

අපි ඉක්මනින් අතුරුදහන් වීමට නියමිත වස්තුවකි.

මුනුපුරා -  සීයාට ඇහුම් කන් දෙයිද නොදනිමි..
මගේ දරුවන්ට මම ඇහුම් දීමට පුහුණූ වුනෙමි.

notes of imaginary

2023-12-09

ඒක තමයි ආදරය....




මගේ සැමියා වෘත්තියෙන් ඉංජිනේරුවෙක්...
මම ආදරය කලේ එයාගේ සෘජු බවට, එයාගේ පළල් උරහිසේ මට දැනුන ආරක්ෂාවට උණුසුමට...
වසර තුනක ආදර සම්බන්ධතාවයකින් පසුව අපි විවාහ වෙලා දැනට අවුරුදු දෙකක්...
අවුරුදු දෙකක් යනකොට මට විවාහය එපාවුනා.
ඒ විවාහ ජීවිතය වෙහෙසකාරී අත්දැකීමක්.
මුල් කාලයේ මම එයා ගේ ආදරය කරපු ගතිගුණම, දැන් මට වදයක් වෙලා.
මම ලේ මස් නහර වලින් හැඳුන දුක සතුට දැනෙන ගැහැණියක්.
ආදරය හමුවේ මම හොඳටම සංවේදී යි.
මගේ හදවත ආදරණීය අවස්ථා ඉල්ලා හඬා වැළපෙන්නේ හරියට පොඩි දරුවෙක් සෙල්ලම් බඩු ඉල්ලනවා වගේ.
මගේ සැමියා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත.
හරිම අසංවේදි පුද්ගලයෙක්.
කොයිම වෙලාවකත් අපේ සම්බන්ධයට romance ගේන්න එයාට බැරි වුනා.
මේ දේවල් මාව විඩාවට පත්කලා, මට ඇතිවුනා.
අවසානයේ මගේ තීරණය මම එයාට කිව්වා.
"මම දික් කසාද වෙන්න තීරණය කලා "
එයාට මගේ තීරණය හිතාගන්න බැරි එකක් වුනා.
"ඒත් ඇයි.. ඇයි මෙහෙම වුනේ"
"මට ඔයාත් එක්ක ජීවත් වෙන එක හරි වෙහෙසෙයි.
හැම දෙයකටම හේතුවක් කියන්න බෑනේ"
ඊට පස්සේ මුළු දවසෙම කතාවක් නෑ, එයා බොහොම නිශ්ශබ්ද ව කල්පනා කලා, මම තව තවත් කලකිරීමට පත්වුනා.
මේ වගේ අසංවේදි පුද්ගලයෙක් සමග තව මොනවා කරන්නද, මේ වගේ වෙලාවක වචනයක්වත් කියන්න බෑ.
ඊළඟ දවසේ එයා මගෙන් මෙහෙම ඇහුවා...
" මම ඔයාගේ ඔය තීරණය වෙනස් කරන්න මොකක්ද කරන්න ඕනේ..."
මට මේ වෙනකොට එයාව වෙනස් කරන්න පුළුවන් කියලා කිසිම විශ්වාසයක් නෑ.
එයාගේ විදිහ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මම එහෙමයි හිතුවේ.
මම එයාගේ ඇස් දෙක දිහා බලාගෙන එයාට මෙහෙම කිව්වා....
"ඔයා මට මේ ප්රශ්නයට දෙන උත්තරය අනුව මම මගේ තීරණය ගැන ආයෙත් හිතන්නම්....
කන්දක අයිනක ලස්සන මලක් පිපිලා තියෙනවා, මේ මල කඩන්න ගියොත් ඔයාගේ ජීවිතය අවධානමකට ලක්වෙන්න පුළුවන්, ඒත් මට මේ මල ඕන...
ඔයා මා වෙනුවෙන් මේ මල් කඩලා දෙනවාද.."
"මම හෙට උත්තර දෙන්නම්"
එයාගේ උත්තරය මාව තවත් කලකිරීමට පත් කලා.
මම ඊළඟ දවසේ උදේ නැගිටින කොට එයා නෑ. එයාගේ කටු අකුරු වලින් ලියපු ලියුමක් තිබුනා...
මම ඔයා වෙනුවෙන් ඒ මල කඩන්නේ නෑ,
මට පැහැදිලි කරන්න ඉඩදෙන්න...
මගේ හදවත කඩා වැටුනා
ඒත් මම දිගටම ලියුම කියෙව්වා...
ඔයා computer එක පාවිච්චි කරන කොට ඔයා හැම වෙලේම ඒකේ තියෙන මෘදුකාංග අවුල් කරගන්නවා, මම මගේ ඇඟිලි ආරක්ෂා කරගන්න ඕන
ඔයාට ඒ වෙලාවට උදව් කරන්න..
ඔයා හැම වෙලාවකම ගෙදර යතුර අමතක කරනවා, මම මගේ කකුල් ආරක්ෂා කරගන්න ඕන ඔයා වෙනුවෙන් දුවගෙන ඇවිත් දොර අරින්න...
ඔයා ඇවිදින්න ආසයි ඒත් ඔයා පාරවල් දන්නේ නෑ, මම මගේ ඇස් ආරක්ෂා කරගන්නවා ඔයාට පාර හොයලා දෙන්න...
ඔයා මාසයක් ගානේ අපහසුවෙන් ඉන්නවා නේද.. මගේ අත් ආරක්ෂා කරගන්න ඕන ඔයාගේ උදර වේදනාව අඩුකරන්න...
ඔයා දුකින් ඉන්න දවස් තියෙනවා, මම මගේ කට ආරක්ෂා කරගන්නවා ඔයාව සිනහගස්වන්න...
අපි වයසට ගිහින් ඔයාගේ ඇස් නොපෙනෙන්න ගත්තොත්, මම ඔයාගේ නියපොතු කපන්න උදව් කරන්න ඕන, ඔයාගේ සුදු කෙස් අයින් කරන්නම්...
මට කවදා හරි දැනගන්න ලැබුනොත් ඔයාට මට වඩා කවුරුහරි ආදරෙයි කියලා, මට වඩා එයාට ඔයාව බලාගන්න පුළුවන් කියලා, මම එදා ට ඒ මල කඩනවා....
මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගිහින් ලියුමට වැටුනා...
අකුරු බොඳවුනා....
මම දිගටම කියෙව්වා....
ඔයා දැන් මේ ලියුම කියවලා ඉවරයිනේ, ඔයා මගේ උත්තරය ගැන සතුටුයි නම්, ඉස්සරහ දොර අරින්න..
මම ඔයා ආසම දේවල් එක්ක දොර ගාව...
මම දුවලා ගිහින් දොර ඇරියා..
එයාගේ බලාපොරොත්තු සහගත බැල්ම මම දැන් දන්නවා...
වෙන කවුරුවත් නෑ එයා තරම් මට ආදරය කරන...
මම තීරණය කලා මල එතනම තිබුනාවේ....
ඒක තමයි ජීවිතය....
ඒක තමයි ආදරය....
කෙනෙක්ව ආදරය වටකරගෙන හිටියත් එයාට ඒ හැගීම් වල නැවුම් බව නැතිවුන දවසට ඒ සාමය පිටුපස තියෙන සත්ය ආදරය අමතක වෙනවා,
ඒ ආදරයේ වටිනාකම නැතිවෙනවා...
ආදරය එක එක විදිහයි.
ඒක මේ වගේ කියලා කියන්න ස්වරූපයක් නෑ..
ඒක ගොඩක් වෙහෙසකාරී කම්මැලි දෙයක් වෙන්න පුළුවන්...
මල් වගේම එක් එක් අවස්ථා (romantic moments) සම්බන්ධයකට ලස්සනක් ගේනවා..
නමුත්..,
ඒත් ඒ හැම දෙයක්ම යට පවතින ආදරය තමයි සම්බන්ධතාවයක් සඳහා වැදගත්වන අත්තිවාරම..
Translated
ජය ❤️❤️
Jordan M Fernandes
notes of imaginary