පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-10-31

ස්වර්ගයෙයි අපායෙයි වෙනස!



ස්වාමි කෙනෙක් ශිව දෙවියන් හමුවට ගොස් කතාබහක යෙදී සිටියා.
”දෙවියනි, මං කැමතියි, ස්වර්ගයයි, අපායයි මොන වගේද කියලා දැන ගන්න.” ඔහු දෙවියන්ට කීවා.
ශිව දෙවියන් ස්වාමිව දොරවල් දෙකක් ළඟට එක්ක ගියා.
දෙවියන් ඉන් එක දොරක් ඇරියා. ස්වාමි ඒ තුළින් එබී බැලූවා.
ඒ කාමරය මැද ලොකු කවාකාර මේසයක් තිබුණා. ඒ මේසය මැද ලොකු ඉස්ටු බඳුනක් තිබුණා. ඒ බඳුනෙන් රස වෑහෙන සුවඳකුත් නිකුත් වුණා. ඒ කෙතරම් මිහිරි සුවඳක් ද කීවොත් ස්වාමිගේ කටටත් කෙළ ඉනුවා.
ඒ වට මේසය වටා වාඩි වී සිටි පිරිස කෙසඟ සිරුරින් යුත් රෝගී පෙනුමක් ඇති අයයි. ඔවුන් බොහෝ කලකින් කෑම නොකෑ අය මෙන් සිටියේ දැඩි හාමතෙන්.
ඔවුන් සැමදෙනා අතේ ම හැන්දක් බැගින් තිබුණා. ඒත් ඒ හැඳිවල මිට හරිම දිගයි. ඒ වගේ මිට දිග හැඳි ඊට පෙර ස්වාමි කවදාවත් දැක තිබුණේ නෑ. ඒ හැඳි හැම එකක් ම ඒ අයගෙ අත්වලට බැඳලයි තිබුණේ. ඒත් ඔවුන් හැමදෙනාටම පුළුවන්කම තිබුණා, මේසය මැද තිබුණු බඳුනට තමන්ගේ හැන්ද දමලා හැන්ද පිරෙන්න ඒ රස වෑහෙන ආහාර අර ගන්න. ඒත් ඒ හැඳිවල මිට දිග හින්දා ඒ ආහාර තමන්ගේ කටට දමා ගන්න ඔවුන්ට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ නිසා කෑම නැතුව ඒ අය ලතවෙවී තමයි, හිටියෙ. ඒ කෑමට ඇති ආසාව ඔවුන්ගෙ මුහුණුවල තිබුණා. ඒත් කන්නට නොලැබීම ගැන ලොකු කනස්සල්ලක් ඒ මුහුණුවල ඇඳිල තිබුණා.
ඒ දර්ශනය දුටු ස්වාමිගෙ ඇඟ කිලිපොළා ගියා. ඔවුන් විඳි වේදනාව හා සංතාපය ස්වාමිට තදින් දැනුණා.
ශිව දෙවියන් ඒ දොර වසා දැම්මා.
”ඒ ඔබ දැක්කේ අපායයි.” ශිව දෙවියන් කීවා.
ශිව දෙවියන් ඊළඟ දොර ළඟට ගියා. ඒ දොර ඇර ස්වාමිට පෙන්නුවා.
ඒ කාමරයත් කලින් කාමරය වගේමයි. ලොකු කවාකාර මේසයත් ඒ මැද සුවඳ හමන ස්ටුවලින් පිරි විශාල බඳුනත් කලින් කාමරයෙ විදියට ම තිබුණා. ඒ ආහාර සුවඳ නිසා ස්වාමිගේ කටට කලින් වගේ කෙළ ඉනුවා.
ඒ මිනිසුන්ගේ අත්වලටත් අර වගේම දිග මිට ඇති හැඳි තිබුණා. ඒත් එහි උන් පිරිස නිරෝගීව මෙන් ම පුෂ්ටිමත්ව සිටියා. ඔවුන්ගේ මුහුණු සතුටින් ඉතිරිලා ගොස් තිබුණා. ඔවුන් සිනාසෙමින් එකිනෙකා හා කතාබහේ යෙදෙමින් සිටියා.
ස්වාමිගේ මුහුණේ ප‍්‍රශ්නාර්ථයක් ඇඳුණා. ”දෙවියනි, මට මේක තේරෙන්නේ නැහැ.” ස්වාමි කිව්වා.

”ඒක හරිම සරල දෙයක්.” ශිව දෙවියන් කීවා. ”ඔවුන්ට ඒ සතුට ලැබිලා තියෙන්නේ ඔවුන් හඳුනා ගෙන තියෙන පුංචි දෙයක් නිසයි. ඔබට පේනවද ඔවුන් ඒ හැඳිවලින් එකිනෙකාට කවා ගන්නවා. කෑදර ආත්මාර්ථකාමී අය හිතන්නේ තමන් ගැන විතරයි.” ශිව දෙවියන් කීවා.


(ඉන්දියානු ජන කතාවක්)


notes of imaginary

2023-10-28

මියුරු පදවැල්




ඔක්තෝම්ර් 27 මා උපන් දිනය. 

මේ පිරෙන්නේ හැත්තෑපස්වෙනි වසර . ඒකත් පුංචි විශ්මයක්. හතරවටේ සිටිය සහෘදයින් විකට්ටු දවාගෙන  පිටියෙන් නික්ම යද්දී මම තාමත් පිටියේ. ඉතින් පුදුමයට කාරනාවක් නෙමෙයිද ?

පරසතු මල් චිත්‍රපටියේ පීකේඩි. සෙනවිරත්නයන්ගේ වචන දෙකතුනක් මතක් වෙනවා  බොනී මහත්තයා අහනවා “හෙට ඉර පායයිද ?“ කියලා .  නිතර නිතර මේ වදන් ඇහුවත් පහු වෙනිදාට  මහත්තයාට දකින්න ඉර පායලා තිබුනා .  ඒත්  එක දවසක බොනී මහත්තයාට ඉර පෑව්වේ නැහැ.

 එක දවසක මටත් එහෙම ඉර පායන්නේ නැති දවසක් ඒවි.

ඒ ගැන කම්පා විය යුතු නැහැ.

මම පසුගිය අවුරුදුවල ලියාපු සටහනට වඩා මේ  සටහන වෙනස්.අතීතය ස්මරණය කරපු ඒ සටහන් ජීවිතයේ ගමන් මග සටහන් වෙලා තිබුනා. මේ සටහන වෙනස් පාරක ගිහින්.

මේ තියෙන්නේ මුණු පොතේ නෑදෑ හිතමිතුරන් මගේ උපන් දිනය සමරපු හැටි.

 “චරිතයකි සුවිසල්
ලියනගමගේ ලයනල්
තව මොටද තරු මල්
එකම සඳ අප අහසෙ සැමකල් 
නොමැති කිසිදා ලතැවුල්
සෝ දුක් තැවුල් වියවුල්
ගෙවන්නට නිරවුල්
මනසකින් ජීවිතේ හැමකල්
දිනූ දිනයට මනකල්
එවමි ගොනුකොට කවි මල්
විඳ දිගාසිරි තව බොහෝ කල්
ජයම වේවා මතු සදාකල්
අසාගන්නට නොදත් දේවල්
එන්න හිතෙනවා බලා කල්යල්
බදුලු බසයක නැගී කොළඹින්
බහින්න ද ? ඔය ළඟින් බෙලිහුල්
ආදරණීය ලොකු අයියේ
ඔබට වාසනාවන්ත නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා . 
දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි .“

 මේ තව සහෝදරියක්

 
මනරම්..දසුනින්....සුපහන්....හැඟුමින්....
රස දත් ියක.......
සිනා පිරි මුවගින්......
ජීවත් වෙන්න ආයු බොහෝ විඳ....
ආදරණීය ලයනල් අයියා....
සුභ ජන්ම දිනයක් ඔයාට “

තවත් සහෝදරියක් මෙහෙම කියනවා.

 “ළෙන්ගතුව හසරැල්

මවන බෝ සුනිමල්

සොයුරියගෙ කවි වැල්

අතර තිබුනා සෙනේ මනකල්

සඳ කිරණ සුවිපුල්
වැද පිපෙයි කඩුපුල්
ඔබගෙ හද .මනකල්
සතුට වඩවයි හැමකල්.
පෙණ නගන බෙලිහුල්
ඔය අසල නිවහල්
කූඩුවේ ඉඳ ලොල්
සෙනෙහෙ ගඟුලකි මන ලොල් .
වයසින් වුවද වැඩිමල්
ජවයෙන් හරිම කෙළි ලොල්

දිනූ දින මිතුරි මගෙ මල්* 
දුන්නු තොත්තුව නුඹ මල් මල්.

 *මල් මගේ ජීවන සහකාරිය

තවත් සහෝදරියක්, විදුහල්පතිනියක්.

 

“සුපිරිසිදු සුදු වතින්

පිරිසිදු හදවති න්

ලයනල් මැති දුන්

වැජබේවා තුටින්“

  අපේ කවිකාර විදුහල්පතිවරයෙක් මාව දැක්ක හැටි.

 

“අගෙයි අපේ ඉසව්වේ සොඳුරු කිවිඳියනේ,

ලයනල් මැතිඳුන් දිනූදින

පැතුම් යාකර පිදුව කවි කුසුම්,

දිනු දිනේ පිදුමට

පැතුමන් නෙලා පැසකට

ලයනල් මැතිඳු හට

පතමි ආසිරි ජයතු හැමවිට,

හස කැළුම් මුව පිරි

සුමිතුරු කමක සඳ සරි

සැමටම දෙවා දිරි

දිනේ දිවි මග ලැබ දිගාසිරි,

 

මා නොදන්නා දවසක කියවෙන ලියවෙන  කවි ගීත පදවැල්වලට වඩා මේ පදවැල් මට මියුරුයි. 

එදාට කියවෙන ඒවා මට ඇහෙන්නේ නැහැනේ.


notes of imaginary