පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-10-28

මියුරු පදවැල්




ඔක්තෝම්ර් 27 මා උපන් දිනය. 

මේ පිරෙන්නේ හැත්තෑපස්වෙනි වසර . ඒකත් පුංචි විශ්මයක්. හතරවටේ සිටිය සහෘදයින් විකට්ටු දවාගෙන  පිටියෙන් නික්ම යද්දී මම තාමත් පිටියේ. ඉතින් පුදුමයට කාරනාවක් නෙමෙයිද ?

පරසතු මල් චිත්‍රපටියේ පීකේඩි. සෙනවිරත්නයන්ගේ වචන දෙකතුනක් මතක් වෙනවා  බොනී මහත්තයා අහනවා “හෙට ඉර පායයිද ?“ කියලා .  නිතර නිතර මේ වදන් ඇහුවත් පහු වෙනිදාට  මහත්තයාට දකින්න ඉර පායලා තිබුනා .  ඒත්  එක දවසක බොනී මහත්තයාට ඉර පෑව්වේ නැහැ.

 එක දවසක මටත් එහෙම ඉර පායන්නේ නැති දවසක් ඒවි.

ඒ ගැන කම්පා විය යුතු නැහැ.

මම පසුගිය අවුරුදුවල ලියාපු සටහනට වඩා මේ  සටහන වෙනස්.අතීතය ස්මරණය කරපු ඒ සටහන් ජීවිතයේ ගමන් මග සටහන් වෙලා තිබුනා. මේ සටහන වෙනස් පාරක ගිහින්.

මේ තියෙන්නේ මුණු පොතේ නෑදෑ හිතමිතුරන් මගේ උපන් දිනය සමරපු හැටි.

 “චරිතයකි සුවිසල්
ලියනගමගේ ලයනල්
තව මොටද තරු මල්
එකම සඳ අප අහසෙ සැමකල් 
නොමැති කිසිදා ලතැවුල්
සෝ දුක් තැවුල් වියවුල්
ගෙවන්නට නිරවුල්
මනසකින් ජීවිතේ හැමකල්
දිනූ දිනයට මනකල්
එවමි ගොනුකොට කවි මල්
විඳ දිගාසිරි තව බොහෝ කල්
ජයම වේවා මතු සදාකල්
අසාගන්නට නොදත් දේවල්
එන්න හිතෙනවා බලා කල්යල්
බදුලු බසයක නැගී කොළඹින්
බහින්න ද ? ඔය ළඟින් බෙලිහුල්
ආදරණීය ලොකු අයියේ
ඔබට වාසනාවන්ත නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා . 
දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි .“

 මේ තව සහෝදරියක්

 
මනරම්..දසුනින්....සුපහන්....හැඟුමින්....
රස දත් ියක.......
සිනා පිරි මුවගින්......
ජීවත් වෙන්න ආයු බොහෝ විඳ....
ආදරණීය ලයනල් අයියා....
සුභ ජන්ම දිනයක් ඔයාට “

තවත් සහෝදරියක් මෙහෙම කියනවා.

 “ළෙන්ගතුව හසරැල්

මවන බෝ සුනිමල්

සොයුරියගෙ කවි වැල්

අතර තිබුනා සෙනේ මනකල්

සඳ කිරණ සුවිපුල්
වැද පිපෙයි කඩුපුල්
ඔබගෙ හද .මනකල්
සතුට වඩවයි හැමකල්.
පෙණ නගන බෙලිහුල්
ඔය අසල නිවහල්
කූඩුවේ ඉඳ ලොල්
සෙනෙහෙ ගඟුලකි මන ලොල් .
වයසින් වුවද වැඩිමල්
ජවයෙන් හරිම කෙළි ලොල්

දිනූ දින මිතුරි මගෙ මල්* 
දුන්නු තොත්තුව නුඹ මල් මල්.

 *මල් මගේ ජීවන සහකාරිය

තවත් සහෝදරියක්, විදුහල්පතිනියක්.

 

“සුපිරිසිදු සුදු වතින්

පිරිසිදු හදවති න්

ලයනල් මැති දුන්

වැජබේවා තුටින්“

  අපේ කවිකාර විදුහල්පතිවරයෙක් මාව දැක්ක හැටි.

 

“අගෙයි අපේ ඉසව්වේ සොඳුරු කිවිඳියනේ,

ලයනල් මැතිඳුන් දිනූදින

පැතුම් යාකර පිදුව කවි කුසුම්,

දිනු දිනේ පිදුමට

පැතුමන් නෙලා පැසකට

ලයනල් මැතිඳු හට

පතමි ආසිරි ජයතු හැමවිට,

හස කැළුම් මුව පිරි

සුමිතුරු කමක සඳ සරි

සැමටම දෙවා දිරි

දිනේ දිවි මග ලැබ දිගාසිරි,

 

මා නොදන්නා දවසක කියවෙන ලියවෙන  කවි ගීත පදවැල්වලට වඩා මේ පදවැල් මට මියුරුයි. 

එදාට කියවෙන ඒවා මට ඇහෙන්නේ නැහැනේ.


notes of imaginary

2023-10-27

හොරු



එක් ගම්මානයක් අසල වනාතේ මහ ගසක් යට හොරු දෙදෙනෙක් වාසය කළහ. නිසි රැකියාවක නොයෙදුණු නිසාත්, රෑට හොරකමේ යෙදුණු නිසාත්, ඔවුන්ට ගමේ සිටිය නොහැකිය. හිසට සෙවණ වූයේ මහ ගසය. නිදන ගෙපිළ වූයේ මහ පොළොවය. රෑට හොරකමේ යෙදී අවුත් දවල්ට ගස යට නිදා ගනිති. හැමදාම මෙසේ කල ගෙවුණේ නැත. හොරකම් කරද්දී සමහරදාට ගම්මුන්ට අසුවී යහමින් ගුටි කති. යළිත් සොරකමේම යෙදෙනමුත්, යළි අසුවී ඇඟපත තළාපෙළා ගනිති.
දිනක් උදේ පාන්දර නින්දෙන් නැගිටගත නොහැකිව එක් හොරෙක් මෙසේ කීය: ”යාළුවේ මේ රස්සාව නම් හරියන්නේ නැහැ. මුළු ඇඟපතම වණයක් වගේ වේදනාවයි.”
”මගේ සරුවාංගෙත් එහෙමයි. වෙන මොනවා කියා කරන්නද? කිසිම යහපත් රැකියාවක් අපට පුරුදු නැති කොට.” අනිකා පැවසීය.
එහෙත් පසුවදාද ඔවුහු හොරකමේ යෙදුණාහ. නැවතත් අඩුවක් නැතිව ගුටි කෑහ.
ඊළඟ දින එක් හොරෙක් මෙසේ යොජනා කළේය.
”දැන් නම් මෙහේ හිටියා ඇති. වෙන කොහේ හරි ගිහින් කන්න දෙයක් සොයා ගනිමු.”
”අපොයි, කොහේ යන්නද? වෙන රස්සාවක් පුරුදු වෙන්න කාලයකුත් නැහැනේ?”
”එහෙනම්, උඹ හිටපං. මං යනවා යන්න.” කියා ඒ හොරා ඔහු හොරකම් කර ගෙන ආ සුදු සළු කීපයක් ද පොදිකර ගෙන පිටත්ව ගියේය.

දින කීපයකට පසු ඈත ගම්මානයකට යන පාරක් අයිනේ ගසක් යට සුදු සළුවක් උතුරු සළු කොට පොරවා භාවනා ඉරියව්වකින් ඔහු හිඳ ගෙන සිටියේය. පූජාව පිණිස යන ගම්මුන් ඔහුගෙන් සුවදුක් විමසූ නමුත් ඔහු මුවින් නොබැණ හුන් ඉරියව්වේම සිටියේය. ගම්මු රැුගෙන ගිය ආහාර හා පලතුරුවලින් කොටසක් ඔහු වෙත තබා ගියහ.
පසුදාද එසේම සිදුවිය. ටික දිනක් යනවිට ඔහුට ආහාරවලින් හිඟයක් නොවීය. මේ භාවනානුයෝගී පින්වතාට තවත් ටික කලකදී ලී දඬුවලින් හිසට වහලක්ද තැනිණි. බණ දෙසුම්ද සිවුපසය ලැබීමද නොකඩවා සිදුවිය.
අවුරුදු කීපයක් ගෙවීයත්ම එතැන ඇත් පවුරකින් වටවූ විශාල දෙමහල් තෙමහල් මන්දිර තැනී තිබිණ. සමහර දිනවල බැතිමතුන්ගෙන් පිරී යයි. ‘මහත් අනුහස් ඇති තැනකි’යි රට පුරා පතළ විය. ව්යාපාරිකයෝද දේශපාලකයෝද පැමිණ තම රැකියාවේ වැඩි දියුණුව පතා ආශිර්වාද ලබා ගනිති. එසේ ලබා පන්සලට සුවපහසු කුටියක්, අලංකාර රන් වැටක් ආදිය තනා දෙති.
තවත් වසර ගණනාවකට පසු ඈත පළාතක දේශපාලනඥයෙක්, අධිවේගී රියකින් පැමිණ ස්වාමීන් වහන්සේ මුණ ගැසුණේය. සුදු අත්කොට කමිස ඇඳ සිටි රැකවල්ලූ හතරපස් දෙනෙක්ද වූහ. පිළිසඳරේ යෙදෙමින් හිමියෝ ඔහුගේ වංහුං විමසූහ.
”ඔව්, මා ඈත පළාතකයි. පන්සලේ අනුහස් ගැන අසා ළඟ එන මැතිවරණයට ආශිර්වාද ලබා ගැනීමට පැමිණියා.”
”ඔබතුමා ඈත පළාතකය කීවාට මට හුඟක් ළඟ පළාතක කෙනකු වාගෙයි දැනෙන්නේ.”
”මාත් ඔබ වහන්සේ දුටු මොහොතේ පටන් සිතුවේ හොඳින් දැක පුරුදු කෙනකු බවයි.”
එවිට දෙදෙනාටම අතීතට මතක් වී කොක් හඬලා සිනාසුණහ.
ඇතුළු කුටියේ සුළු සාදයකින් පසු ”දැන් ඉතින් ඉස්සර වගේ ඇඟට අමාරුවක් නැහැ නේදැ”යි පැවිදි සගයා විහිළුවට මෙන් ඇසීය.
”ඔව්, හාමුදුරුවනේ, හොරකම් කරන්න අවශ්ය නැහැ. ඡන්දය දෙනවිටම ඒ වරම ලැබෙනවා. ඔබ වහන්සෙට කොහොමද?” දේශපාලක සගයා ඇසීය.
”පේනවා නේ අතීතයේ අමාරුවෙන් ගත් දේවල් දැන් ළඟටම ලැබෙනවා. නවීන ශිල්ප ධර්මයේ පිහිටයි.”

උපුටාගැනීමකි
(ඉන්දීය ජනකතාවක් ඇසුරෙනි.)
ඉන්බොක්ස් එව්වේ.. Priyantha Weerasooriya

Sonali Ryan  මුහුණු පොතේ සටහන් කරන ලද වියමනකි.

notes of imaginary