පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-10-07

වරයක්.


සිය තිස් වැනි විවාහ සංවත්සරය සමරනු වස්
එම යුවල දේවාලයට ගොස් පූජාවක් පැවැත්වූහ.
එවිට ඔවුන් ඉදිරියේ ප්රාදූර්භූත වූ දෙවියෝ
"ඔබ දෙදෙන සාර්ථක විවාහ දිවියක් ගෙවලා තියෙනවා.
ඒකට තෑග්ගක් විදිහට මම දෙන්නට වර දෙකක් දෙනවා.
ඕනෑම වරයක් ඉල්ලන්න" කීය.

බිරිඳ,
"මට මහත්තයත්,එක්ක ලෝකෙ වටේ සංචාරයක් යන්ට වරම් දෙන්න" කීය.
සුරුස් ගා ලියකියවිලි වගයක් ඇය අතට පත් විය.
ඒ ගුවන් ටිකට් පත්
හෝටලවල නවාතැන් සඳහා ලියවිලි ආදිය විය.

පිරිමියාගෙන් වරය කුමක්දැයි විමසනු ලැබිණ.
"මේ ගමණ යන්ට මට වඩා හුඟක් බාල බිරිඳක් දෙන්න.!"
ඔහුගේ වරය විය.
"සුරුස්" ගෑවේ ය.
ඔහු වයස අවුරුදු අනූවක මහල්ලෙක් බවට පත්විය.

-        කමල් පී අලහකෝන්


notes of imaginary

2023-10-05

රාත්‍රිය


සීතලට පෙඟුණු මේ රාත්තිරි යාමයේ
කඳුයාය නිදිවරා සුසුම්ලයි වරින්වර
තරු ඇහැක් දල්වලා හොයනවිට සඳ එළිය
කළු වළාවක් ඇවිත් වහගත්තෙ සඳ පළුව .
රැහැයියන් ස්වර මදින හඬට විස්සෝපයෙන්
උල ලේණියක් ඉකි ගසා දුක කියන විට
කඩුපුලක නෙත’ග පිණි කඳුළු තවරා තියා
සුළං රැල්ලක් හෙමින් සමුඅරන් දුර ගියා .
කවුළුවේ තිර රෙද්ද වැළඳ මා දෙකම්මුල්
හුරුපුරුදු පහසකට හිත ගිහිං නිමේෂෙක
අගුලු ලූ මංජුසා මතකයන් විවරකර
තිසා වැව රළ විලස සිත් ඉවුරෙ පෙරළුණා .
කෙටි දුරක් ගෙවාගෙන අම්බලම හැරපියා
සැනසුමක් සොයාගෙන පිය නගන මාවතේ
බැඳීමක් නො මැති සඳ වළා පටලෙන් මිදී
අහස් තල එක’ළු කර මා සමග හිනැහුණා .
රෝ.සි.

notes of imaginary