පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-09-20

වැහි දළු හා ගිනිදළු !!




මහ විසාලෙට දුරට ඇදි ඇදි
ගියත් අහසක් දුක දරාගෙන
වළාකුළු ගැබ්බර උණේ නම්
අපේ කඳුළුත් එයා අරගෙන

සිලි කවරෙකට අඩුවැඩිය ටික
පුරෝගන්නට විඳපු දුක ගැන
නාට්ටාමියෙකුමයි දන්නේ
අල්ල කරගැට වලින් හැඩවුණ.

සේදවත්තේ සේද රෙදි කොයි
දිරපු ටකරන් වහළ හිල්වුණ
මඩකඩිති බොර පාට විසිවෙයි
දෝරෙ ගලනා කොළඹ වැස්සට

“සයිඩ්” ඉල්ලං බර කරෙන් ගෙන
මැනිං මාර්කට් එකේ දිවුවට
“කෑල්ලක්” බා ගත්තෙ නැත්තං
ජේසු පිහිටයි පැටවු දෙන්නට .

කඩා වැටෙනා අහස් කළුවට
තෙමුනොතින් බඩු කාගෙ පිහිටද
ආය කටුවෙන් බාට ජෝඩුව
රඳවගන්නට ඇහැක් වේවිද

අර්ථ සාධක ,බටා ඉල්ලා
නාට්ටාමිල ඇඬුවෙ කවදද
අපේ හිත්වල කැකෑරෙන දුක
පැටවු ගැහුවත් උන් දකීවිද .


ඉරුණු කඩමළු ගවුම අස්සෙන්
ඇහැල මල් පාටින් දිස්නෙ දෙන
කාන්ති ගෙ කුස ආයෙ පාරක්
නෙරා එනවා බලා ඉද්දිම

දවස තිස්සෙම ගෙදර නැති මං
රාත්තිරියේ ගොර අදිනකොට
බමරු කැරකෙනවාද මන්දා
රෝද තුන මඩපාරෙ තදටම.

රෝ.සි.

Siripala Kahawatte
"අතීත යොබ්බනෝ පෝසෝ ආනෙති තිම්බරුත්තනිං....."ඒ කර්කශක ජීවිත තුළත්
ආදරය තියෙනවා.හැමදාම සැකයත් ඒ ආදරය ළඟම ඉන්නවා.ඔයා ඒ ජීවිත දිහා අධ්යාත්මිකව සංවේදීව බලලා තියෙනවා.අරුත ඉස්මතුවෙන හොඳ පදගැලපුමක්.
අගෙයි රෝසි.

notes of imaginary

2023-09-19

නාඩගම්කාරයෝ.



බ්‍රෙස්ලට් චුවිංගම් සිහිනයේ සිට වොක්ස්වගන් කාර් නිෂ්පාදනය දක්වා ඇදගෙන ආ ජනතාවට දැන් තව තවත් සිහින පෙන්වන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා සැරසෙන බවක් පෙනෙයි. අළුත්ම සිහිනය විශ්විද්‍යාල සිහිනයකි.

අපි ආර්ථික අගාධයකට වැටී සිටිමු. රාජ්‍ය සේවකයා වියදමට සරිලන වැටුපක් නැතිව අසරණවී සිටියි. ඔවුන්ගේ ජීවන වියදම වැඩිවීමට අනුරූපව  වැටුප්  වැඩිවුනේ නැත. කෘෂිකාර්මිකයාගේ නිෂ්පාදන වියදම ඉහල ගිය තරමට නිෂ්පාදන ආදායම නංවා ගැණීමට මැදිහත් වීමක් නැත.ඔවුන් ගේ නිෂ්පාදන වියදම අඩුකරගැණීමට අධාරයක් නැත

මෑතක මුහුණ දුන් බිත්තර කුකුල් මස් නිෂ්පාදනය, මත්ෂ්‍ය නිෂ්පාදනය රජයේ මැදිහත් වීමක් ඇත්නම් පාලනය කර ගත හැකියාවක් ඇත. මේ රටේ පශු සම්පත් සංවර්ධණ අමාත්‍යංශයක් මෙන්ම ධීවර අමාත්‍යාංශයක් ද ඇත. ඔවුන් නැත්තේ දැක්මක්ය.එළවළු වගා කරන්නෝ අස්වැන්න අළවි කරගතනොහැකිව විසිකර දමන අතර පාරිභෝගිකයෝ එළවළු සදහා ගිණි ගණන් ගෙවන්නේය. කෘෂිකර්ම දෙපාර්මේන්තුවක් සහ වෙළද දෙපාර්මේන්තුවක් මේ රට තුල තිබියදී ය.

රජයට කිසිවක පාලනයක් නැත.මැදිහත් වීමක් නැත. නැත්නම් මේවා සදහා ප්‍රතිපත්ති ඇතිකිරීමට මොළය කළදක්වත් නැත

මැතිවරණයක් සමීප වන විට සිහින වෙන්දේසියේ යෙදෙන්නට නම් හැකිය.










notes of imaginary