පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-06-16

අයියනායක. - විමලරත්න කුමාරගම

සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ
බුද ගුරු ශනි හිරුට හිමි හැම දවස් වල
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් වල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත
දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමුවුණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්වර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

notes of imaginary

2023-05-17

රස භාව හිඳිලද ...?? (Human Robots )


සත්‍යජිත් රායි කල්කටාවේ ඉඳන්

පාතර් පංචාලි හැදුවම ....

සේකර ඊට හුඟ කාලෙකට පස්සෙ

තුන් මං හංදිය හැදුව.

ලියනාර්ඩෝ ඩා වින්චි ,මෝනාලිසා

ඇන්දම ....

ජෝර්ජ් කීට් ගෝතමී විහාරෙ

අපූර්ව ලෙස සිතුවම් ඇන්දා .

ප්‍රංශයේ ඉඳල ,වික්ටර් හියුගෝ  Les Miserables

ලිවුවම ,ඊරියගොල්ල මහත්තය ,

මනුතාපය කියල ..ඒක පරිවර්තනය කළා .

ටෝල්ස්ටෝයි ඇනා කැරනිනා අරං ආවම

මඩොල් දූවට වික්‍රමසිංහ මහත්තය අපිව

අඬගහගෙන ගියා.

සීගිරි ගිහිං කුරුටු ගී ලියල ,පහළට බැස්සෙ

ඒ කාලෙ ගමේ ගොඩේ වැඩ කරපු ,අපේ

සිංහලයො .

නිල් කට්රොල් මලෙකැ ඇවුණු

වැට් කොල් මල සෙය් ...

උපමාවක් ලස්සණට තෝරාගන්න ,එයාලට

පුළුවන්කම තිබුණා .

අද කාලෙ, රුවන් බන්දුජීවල ..රසවත් කවි ලියනව

අපිට වින්දනයක් ලබා දෙන්න.

මේ බලන්න....

ඇළ හොඳින් හැඳ පැළඳ

ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව

මේ ඇඳුම මහපු බව

කිසිම වී කරලකට

ඇළ කියා නැත තවම .

මොනතරම් රසවත් ද?

ඉර බැහැගෙන වළාකුළු රන්වන් පාට වෙනකොට

කුත්තාකාර හැඩේට කොක්කු රෑනක් අහසෙ

පියාඹගෙන යනව මං හරි ආසාවෙන් බලා ඉන්නෙ .

ඒත් ...

ලෝකෙ අපූරු චිත්‍ර මොනතරම් බිහි උණත් ,

චිත්‍රපටි මොනතරම් කලාත්මක උණත් ,

මන මෝහනය කරන රස ගීත ලියැවුණත් ....

සොබාදහම අපිව විශ්මයට පත් කළත් ...

.........................................................................

ඉහළටෝමඉගෙනගෙන ..

ලොකු රස්සාවක් කරන සමහරු ..

යමක් රස විඳින්න දන්නෙ නැත්නම් ...

ඒකට වත් වෙලාවක් නැත්නම්...

හරියට රොබෝලවගෙ ..

වැඩ ..වැඩ ..වැඩ..නම් ,

අනේ ..පව්” ! කියල හිතෙන්නෙ නැද්ද??

 

සටහන - රෝ.සි.

 


notes of imaginary