පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-03-08

දින පොත



ම දිනපොතක් ලියමින් සිටියා. ටික කලක් යන කොට මටත් නොදැනීම දින පොතේ සටහන් තැබීම නතරවුනා. අද  මාර්තු මාසේ  අටවෙනිදා. ඔච්චමට කියන්නේ අටවන ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ කියලා.ඒ ඇටවිල්ලත් නරක නැහැ. දකුණු අතින් සූරලාම අරන් වම් අතින් ඩිංගක් බෙදනවා.

දින පොත ලියන්න පටන් ගන්න කොටම මතක් වුනේ එතුමා. මම පුළු පුළුවන් විදියට සටහන් තියන්න හිතාගෙන පටන් ගත්ත වැඩේ කොයි වෙලා වේ නතර වෙයිද දන්නේ නැහැ. දැන් වයසත් හොද නැහැ.

අතේ තියන ගානට ණය වෙලා හිටපු මට මේ දවස් වල හෙනහුරා ලබලා.අතට එන ගාන එතනම තිබියදී විදුලිය,ජලය,ටෙලිපෝනය, සහ බැංකු පොලියත් ඉහල ගිහින්. ඒ මදිවට ෆාමසියේ බිල හතර ගුණයකින් ඉහල ගිහිල්ලා. මහන්සිවෙලා හොයා ගන්න දේත් උදුරා ගන්න දේශීය ආදායම් කාරයෝ රත්වුන නිවේදන නිතර එවනවා. මේ එකක්වත් කපලා කොටලා වැය සංශෝධනය කර ගන්න බැහැ.අන්තිමට ආහාර වේල , ගමන් බිමන් ස්වයංක්‍රීයව කප්පාදු වෙලා.

අය අටවා ගන්න වෙහෙසෙ මහන්සිය , සැලසුම් ,බලාපොරොත්තු ඇතිකරගත්තත් ඒවා සක්‍රීය වෙන්නේ නැහැ. රටම ගල් වෙලා. IMF සිහිනය අවදි වෙමින් තියෙනවා.ඒකත් ණය ගෙවන්න ගත්ත ණයක් වුනොත් වැඩක් නැහැ. රටේ නිෂ්පාදණය ආනයනය වැඩි දියුණු වෙන ණයක් වුනොත් අටවන වැඩේට අරුතක් එකතු වේවි.

අම්මා තාත්තා සල්ලි නැතිව අසරණ වෙලා ඉන්න කොට හයහතර නොතේරෙන පුංචි එවුවෝ කෑ ගහනවා. කෑ ගහන එක ඉවසන්න බැරිම තැන පුංචි පුංචි තරවටු කරනවා.

මේවා බලාගෙන ඊයේ දවස ගෙවිලා ගියා. හෙට මොනවා වෙයිද ?.



notes of imaginary

2023-02-25

කැරොලිනා මාරියා ඩී ජීසස්


“ජනාධිපතියෝ,

උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි.  උන් ඉන්නේ කෝපයෙන්    අවස්ථාව ආපු ගමන් උඹව ගොදුරු කර ගන්නවා“ ---කැරොලිනා මාරියා ඩී ජීසස්

මේ දවස් වල මූණු පොතේ  හුවමාරු වන උධෘතයක් මගේ හිත ලග නතරවුනා.  හිතන්න බොහෝ දේවල් තියෙනවා.  අපේ රට , අපේ රටේ වර්තමාන පරම්පරාව . ඔවුන් ඉන්නේ ව්‍යාඝ්‍රයෝ  වගේ. උන් දත් විලිස්සා ගෙන රතුවුන ඇස් බෝල කර ගෙන කර කවමින් බලා ගෙන ඉන්නේ ගිරවා මරා දමන්න. ඉවසීමේ සීමාව ඔවුන්ගෙන්  ඔබ්බට ගිහින්. සීමාව අවුල් වියවුල් කරන්න අපේ ඇත්තන්ගේ දායකත්වයත් ඉහලයි. එයාලටත් කූඩුවේ හිරවෙන්න සිහින තියෙනවා.ඒකට මග පාදාගන්න  ඉන්න ගිරව් මේ ව්‍යාඝ්‍රයෝ රෑනට  මවන්නේ සුරංගනා ලෝකයක්.

මාරියා බ්‍රසිලියානු ජාතික ලේඛිකාවක්. ඈ සාඕ පවුලෝ නගරයේ පීඩිතයන් සමග මුඩුක්කු ප්‍ර‍දේශයක  ජීවත්වු දිරිය කතක් .ඇගේ ජීවන සටහන් පීඩිත ජීවිතය ඇගෙන්    මුදවා ගත්තත් ඈ දරිද්‍රතාවය සහ පාලකයන්ගේ දුෂ්ඨ  භූමිකාව පීඩිතභාවයේ  සිටම , පීඩිතභාවය අත්විදිමින් සටහන් කලා.                                                                                 

  බ්‍රසීලයේ  සැක්‍රමෙන්ටෝ  නම් කුඩා නඟරයේ දී 1914 මාර්තු මස 14 දින  උපත ලද කැරොලිනා  කුඩා කලම නිවසින් පලා යනවා. ජීවිතය ගැන  කිසිත්  අවබෝධයක් නොමැතිව, දන්නා හදුනා ගත් කිසිවෙත් නැති සාඕ පවුලෝ නගරයට.එතකොට ඇගේ වයස අවුරුදු දාහතක්. පියා මව අතහැර ගිහින්. මවගෙන් ඇයට ආදරය ලැබුනේ නැහැ. මව ගෙන් පලා ආ ඇය සාඕ පවුලෝ  නගරයේ තනිවනවා.මුඩුක්කු ජීවිතයටත් පියෙක් නැති ති දරු මවකගේ උරුමයත් සමග කටුක ජීවන අරගලයක යෙදෙන ඇය විවේක ඇති විට ලියන්න පෙලෙඹෙනවා.

අක්‍රමවත් ව විසිකරන කඩදාසි කැබලි වල සටහන් වන ඇගේ දරිද්‍රතාවයෙන් උණුසුම් වු ලියවිලි පැල්පතේ ගෝණි මල්ලක එකතුවෙනවා. ඈ රීඩර්ස් ඩයිජස්ට් සගරාවට මේ පිටපත් හැරියත් අප්‍රසිද්ධ චරිතයක්වු මාරියාගේ නිර්මාන ඔවුන්ගේ අවධානයට පත්වෙන්නේ නැහැ. කාලය මෙලෙස ගෙවී යද්දී “ අවුඩාලියෝ ඩාන්ටාස්  “ නම්  'ඕක්රූක්ශයරෝ' කියන සගරාවේ සේවය කරන මාධ්‍යවේදියා හමුවෙනවා. අවුඩාලියෝ ඇගේ සටහන් මළු සංස්කරණය කරමින් තමන් සේවය කළ පුවත්පත් ආයතනයේ පුවත් පතේ පළකරනවා.පසුව අවිධිමත් ජීවණ සටහන් මාරියෝගේ දීනපොත් සටහන් ලෙසින් බෞතීස්ම ලබා බ්‍රසීලයෙන් පිටතටත් පැතිරෙමින් මාරියෝ ගේ දූගී ජීවිතයට අරුතක් සපයනවා.

 

The Diary of Carolina Maria De Jesus නම් ලැබු පොත

 පිටවු පසු පොතට ලැබුන ජනප්‍රියතාවය මාරියෝටත් ලැබෙනවා .විශාල ලෙස පිටපත් අලවි වෙනවා.  පොත බ්‍රසීල විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව කරන සිසුන්ගෙ අත් පොතක් බවට පත්වෙනවා. නීති විද්යාලයේ සාමාජිකත්වය දීමෙන් ඈ හට  බුහුමන්  කරනු ලැබෙනවා.                                                                                     

1977 පෙබරවාරියේ ඈ මිය යන්නේ ජීවිත කාලයෙන් තුනෙන් දෙකකටත් වඩා කාලයක් තිස්සේ ඇ සිහින මැවූ සෞභාග්‍යමත් ජීවිතය අත්විදිමින්.  

 

අපි අදුරට සාප කරමින් සිටිනවා. එක් පහනක් හෝ දල්වන්න උත්සහා කරන්නේ නැතිව.අපි එක් එක් පහන බැගින් දැල්වුවහොත් අදුර දුරුවෙලා යාවී. මාරියෝගේ ජීවිතය අදුරෙන් ගොඩ නැගුනේ අදුරේ සිට සාප කරමින් නොසිට පහන් එකින් එක දල්වපු නිසා කියලා මම හිතනවා.එය  අහම්බයක් ලෙස පෙනුනත් ජීවිතයේ හැඩරුව වෙනස් කරන දෛවය ක්‍රියාත්මක වෙන්නේ අප නොසිතනා අයුරින්.නොසිතනා විලසින්.


notes of imaginary