පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2022-09-18

දරුවෙක් බිහිවෙයි ඕපනායකින්





පුංචි කෝච්චිය... කොළඹ ඉදන් ඕපනායකට ආපු මතකය තියෙන අය බොහෝම අඩුයි. මීට අවුරුදු විසිපහකට විතර ඉස්සර  1997-1998 තරම.ඕපනායක ඉදන් කොළඹ ගිය පුංචි කෝච්චිය ආපසු අපිට දකින්නට ඕපනායක ට ආවේ නැහැ .අවසාන චාරිකාවට එක්වෙලා තිබුනේ සංචාරකයන් පිරිසක්.

පසු කාලයේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පටු අමාන මාර්ගය නවීකරණය වෙලා  පුළුල් අමාන දුම්රිය මාර්ගයක් වෙනවා.

සුද්දන්ගේ හිරු නොබසින අධිරාජ්‍යයයේ පැවත්ම උදෙසා අපි වගේ රටවල් වල සංවර්ධණ කටයුතු සිද්ධවුනා.ඒවා අපිට ඕන දේවල් නෙමෙයි. එයාලගේ ව්‍යාපාර පැවත්ම සදහා අවශ්‍යවු යටිතල පහසුකම්. තේ පොල් රබර් වැවිලි නිෂ්පාදන කොළඹට ගේන්න මාර්ග පහසුකම් ඕන.එයාලා ඒකාලෙට ගැලපෙන විදියට මාර්ග පද්ධතිය සකස් කර ගත්තා. අපිට නිදහස ලැබුනාලු. නම වෙනස් වෙලා ලොකු ලොකු වගන්ති එක්ක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදා ගත්තත් තාම අධිරාජ්‍යයට වැද නමස්කාර කරනවා.

කෝච්චිය අමතක වුනා...මම පාසල් ගියේ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට. සති අන්තයේ ගෙදර එනවා.  හුණුවල ඉදන් ඕපනායකට පුංචි කෝච්චිය ගමන් ගන්න මාර්ගය පිහිටා තිබුනේ මහා මාර්ගයට සමාන්තරව. ඒකාලේ බස් රථත් අශ්ප වේගයෙන් ගමන් නොගන්නා නිසා, පුංචි කෝච්චියේ කාල සටහනහට මගේ කාල සටහනත් ගැලපුනොත් පුංචි කෝච්චිය හමුවෙනවා.එතකොට කෝච්චියයි බස් එකයි කිලෝමීටර හතරක් විතර ඉබි ගමනේ ඇවිත් ඕපනායකින් වෙන් වෙලා යනවා. ඒ කාලේ ඒකත් චමත්කාරයක්.

පුංචි කෝච්චියේ උපතත් අහම්බයක්. ලංකාවට ආපු චීන පොහොර නැව (ගූ නැව) ආපහු ගියා වගේ මේකත් ආපහු අරින්න ඒ කාලේ ඇත්තන්ට දැනුම ශක්තිය තිබුනේ නැහැ. ගැහිල්ල කලේ පරිත්‍යාග විදියට. නැත්නම් සංවර්ධණය විදියට. සුද්දන්ට ලාභ ලැබෙන විදියට.සුද්දෝ යටත් විජිතයේ එක් එක් රටවල් සංවර්ධණ කටයුතු කලා කියලා මුලිනුත් සදහන් කලානේ. දකුණු අප්‍රිකාවෙත් මේ වගේ සංවර්ධණ ව්‍යාපෘතියක් ලෙස දුම්රිය මාර්ගයක් ඉදි කරන්න සැලසුම් කරනවා. මේ ව්‍යාපෘතිය අනුව කිලෝමීටර් 100ක් පමණ දිගින් යුත් දුම්රිය මගක් සහ පද්ධතියක් ඉදිකිරීමට ඇනවුම් කරනවා. මෙම ඇනවුම සම්පූර්න වෙනවා.පටු අමාන දුම්රිය මාර්ගයක ලෙසයි ව්‍යාපෘතිය සකස් වන්නේ.

දුම්රිය ව්‍යාපෘතිය දකුණු අප්‍රීකාවේ ස්ථාන ගතකරන්නට යන විට අප්‍රීකාණුවෝ පුංචි කෝච්චියක් ස්ථාන ගත කරනවාට විරුද්ධ වෙනවා. එවකට සිටි යටත් විජිත ආණ්ඩු කාරයත් මේ මතයට එකග වෙනවා.ඔවුන් බලාපොරොත්තුවූයේ  පුළුල් අමාන දුම්රිය මගක්

 විරෝධතාවය බරපතල නිසා කරන්න දෙයක් නැහැ.පාඩුව විද දරා ගන්නත් බැහැ. කර කියා ගත නොහැකිව අතරමංවු  ව්‍යාපෘතිය පසුව යටත් විජිත භාර ලේකම් වරයා සහ ලංකාවේ ආන්ඩුකාරයාගේ මැදිහත් වීමෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය ලෙස කොළඹ -රත්නපුර ඕපනායක දක්වා ඉදිවෙනවා.පරිත්‍යාගයක මුවාවෙන් අපිට හිසරදයක් ලැබෙනවා.

 ඕපනායක කෝච්චිය හැදින්වුනේ කැළණි වැලි දුම්රිය මාර්ගය ලෙසටයි. 1890 සැප්තැම්බර් මාසේ දෙවැනිදා තමයි කැලණිවැලි දුම්රිය මාර්ගය  හදන්න පටන්ගන්නේ. 1902 සැප්තැම්බර්  මාසේ 15 වෙනකොට පුංචි කෝච්චිය අවිස්සාවේල්ලට එනවා. ඊළඟට 1912 අපේ‍්‍රල් 18 වෙනකොට රත්නපුරේට එනවා. ඔන්න ඔහොම 1919 මැයි 2 වෙනකොට පුංචි කෝච්චිය  ගමනාන්තය වෙන ඕපනායකටම ආවා. 

 කැළණී වැලි  ( කැළණි මිටියාවත ) සුද්දන්ගේ වැවිලි ආර්ථිකය නිසා ඇතිවුන නමක්. ඔවුන්ගේ වැවිලි නිෂ්පාදන කොළඹ එන්න මේ දුම්රිය මාර්ගය බොහෝම ප්‍රයෝජනවත් වුනා. ඔවුන්ට  මගී ගමනාගමන ප්‍රවාහන  සේවාවක අවශ්‍යතාවයක් නොතිබෙන්න ඇති.

 1830 ලිවර්පූල්  හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරනවා. මෙම තරගයට ඉදිරිපත් වන  රොකට්’ නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ ජෝර්ජ් ස්ටීවන්සන්ට”  ‘රොකට්’ නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්වනවා .  ජෝර්ජ් ස්ටීවන්සන් ගෙන් ඇරඹුන කෝච්චියේ වංශ කතාව දහ නව වන ශතවර්ෂය වන විට ලොව පුරා ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් බවට පත්වනවා. මේ කෝච්චියේ අතීතය.





පුංචි කෝච්චිය ආපු මාර්ගයවත් දැන් තියෙන්නේ තැනින් තැන. සමහර තැන් වල ග්‍රාමීය මාර්ග ඉදිවෙලා.තවත් සමහර තැන්වල ගොඩනැගිලි ඉදිවෙලා. ඕපනායක ස්ටේෂමේ හිටපු ස්ටේෂන් මාස්ටර්  අද කාලේ පොලිස් ඉන්ස්පැට්ටර් මහත්තයා වෙලා. ඕපනායක  දුම්රිය ගොඩනැගිලි වල තමයි අද ඕපනායක පොලිසිය පිහිටලා තියෙන්නේ.

එකල පැවති ස්වාධීන පත්‍ර සමාගම ගුණසේන මුද්‍රණකරුවන්ගේ ආයතනයක්. ඒ කාලේ සති අන්ත පත්‍රයක්  වුන රිවිදින පත්‍රයට චන්ද්‍රා අනගිරත්න කෝච්චි ගමන ගැන ලියපු කොළමක මේ වගේ කවියක් පළවෙලා තිබුනා.  මේ කවිය ඕපනායක කෝච්චියේ ගමනේ ලතාව ගැන කියන හොද උදාහරනයක්.

 පුංචි කෝච්චිය යයි හරි වේගෙන් - පැය හතරට එක හැතැම්මේ වේගෙන්

කොල්ලයි කෙල්ලයි නැගුනම කොටුවෙන් - දරුවෙක් බිහිවෙයි ඕපනායකින්

 



notes of imaginary

2022-09-15

අමුඩේ


අමුඩය අපුරූය. 

අපේ උද්ඝෝෂකයින්ට හිතුනොත් ඇද ගෙන අගනුවර එන්න පවා ස්මාට් ඇදුමකි අමුඩය. කාන්තා පක්‍ෂය අමුඩ වාගේ ඇදුම් අදිතත් ඒවාට කියන්නේ වෙනත් නම්ය. පසුගියදාක ගෝල්පේස් පිටියේ ජනාධිපති මණ්දීරයට පෙනෙන්න මේවා වැටවල් වල වනා තිබුනේය. ලාමක යයි සිතුන එක්කෙනාට ලැජ්ජා සිතී එයා යන්නම ගියේය.ඒ මෑත අතීතයේ අමුඩ කතාය.

පසුගිය දාක වත පොතෙහි එහාට මෙහාට යන කොට අමුඩ කතාවක් මුණ ගැහුනේය. එය ඒ අයුරින්ම පල කරන්නේ අමුඩයටත් යම්කිසි පිලිගැණීමක් ඇති බව දැනගන්නා පිණිසය.

ඒ අමුඩ කතාවත් අහමු 

 ........................අමුඩ කොටේ (1කොටස)

මෑතකදී බොහෝ දෙනාගේ ..කතා බහට ..විහිලුවට ලක් ..වුණත්..අමුඩය

එකළ සෑම සිංහල පිරිමියෙක් ඇද්ද එකක්.

මෙම කතාවේ පළමු ජායාරූපයේ අමුඩය ගසා නාන පිරිස 1949/50 වකවානුවේ නිට්ටඹුව ගුරු අභ්යාස විදුහලේ වාර්ෂික චාරිකාව ගිය ගුරු සිසු පිරිසකි..මේ සිසුන් අතර මහගම සේකරයන් මහාචාර්ය මැන්දිස් රෝහණධීරයන් ද ගුරු සිසුන් ලෙස විය.

කෘෂිකාර්මික ජීවන රටාවක් පැවැති මේ දේශයේ වැඩ කරන ජනතාවගේ නිල ඇඳුමක් ලෙසින් පැවත ආ අමුඩය අද අප අතරින් තුරන්වී ගොසිනි. වියළි කර්කශ දේශගුණික තත්ත්වයන්ට උචිත ආකාරයෙන් මෙන්ම චාමි සරල ඇඳුමක් වශයෙන් ද අමුඩය අනාදිමත් කාලයක සිට අපේ අනන්යතාවය සුරැකූ ඇඳුමකි.

අතීතයේ ගැමි තාරුණ්යය මෙන්ම ජවසම්පන්න බවත් හැඩි දැඩි බවත්, ප්රදර්ශනය කිරීමට ද අමුඩය ඉවහල් විය. අමුඩය ගසා වැඩ බිමේ වැඩ කරන තරුණයකුගේ දේහ ලක්ෂණ හා සිරුරේ නම්යතාවය තරුණියක් තුළ ඇති කළේ ආලවන්ත හැඟීම්ය. අමුඩය ගසා ඇඳිවත සුම්බරය කොට හිසේ බැඳගත් තරුණයන් තරුණියන්ගේ සිත් ගැනීම සඳහා සිය යොවුන් දේහය මැනවින් උපයෝගී කර ගත්හ. වැදි ජනතාව අතර පැවැති සිරිතක් වූයේ අමුඩය ගැසීම සඳහා ඉණ වටා බඳින සිහින් ලනුපට යෝජිත මනමාලිය ලවා සකස් කර මනමාලයාගේ ඉනේ බැඳීමයි.

මෙය අතීත ගම්මානවල තරුණියන් විසින් ද සිය පෙම්වතා වෙනුවෙන් රහසිගතව ප්රතිඥා දුන් ආදරණීය තෑග්ගක් ලෙස පැවතිණි. දියකෝනම අමුඩ ලේන්සුව ආදී නම්වලින් හඳුන්වන ලද අමුඩය දුහුල් රෙද්දෙන් නිමාකළ හරි හතරැස් ලේන්සුවකි. අමුඩ ගැසීමේදී ද විලාසිතා කීපයක් අනුගමනය කළහ.

1.හඟල අමුඩය

හඟල අමුඩය ගසන්නේ මාමලා නැන්දලා ආදී වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන හඟලයක් සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්රමාණය හොඳින් ආවරණය වෙයි.

2.දිය අමුඩය

දිය නෑම සඳහා අමුඩය ගැසීමේදී විලි වැසී අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. එය දිය අමුඩේ නමින් හැඳින්වෙයි.

3.ගැට අමුඩය

වල් කෙටීම, නියර බැඳීම ආදී කටයුතුවල නිරත වන විට ගැට අමුඩය ගැසීමට ගොවීහු වග බලා ගනිති. හෙවන සහිත ගසක් දිවා ආහාරය ගැනීම සහ තේ බීම, බුලත්විට කෑම ආදී අවශ්යතා සඳහා උපයෝගී කරගනී.බුලත්විට කා ගස් සෙවණේ සිට වැඩ කරන තැනට යනවිට ත්රිකෝණාකාරව ඉදිරිපසින් ඇති අමුඩයේ කෙළවර දුන්කොළ ටිකක් ගැට ගසාගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. ටික වේලාවක් වැඩ කරන විට බුලත්විටේ තෘප්තිය හීනවී යන අතර එවිට අමුඩ ගැටේ ඇති දුම්කොළ ටිකක් කටේ දමාගන හපමින් තවත් හෝරා කීපයක් වැඩ කිරීම ඔවුන්ගේ සිරිතකි.

තවද අලුතෙන් ඉදිකරන නිවසක වහලය සෑදීමට ගන්නා උමන් (පරාල ලෙස පාවිච්චි කරන ලී) කැපීමට කැලයට යන පිරිස උමන් කපන විට අමුඩය ගලවා කරේ දමාගෙන නිරුවතින් ලී දඬු කපති. ඔවුන් එසේ කරන්නේ වහලේ උමන් ගුල්ලන් කෑමෙන් ආරක්ෂා කර ගැනීමට කරන කෙමක් වශයෙනි.

අමුඩය හිසේ බැඳගන ගමනක් යන විට ඉන් අදහස් කරන්නේ සිය ගව රංචුව බැලීමට හෝ වෙනත් අවශ්යතාවයකට කැලෑ වදින බවයි. එහෙත් අමුඩය කරේ දමාගන යන ගමන රහසිගත හමුවීමක් සඳහා යන ගමනක් බව සැක කෙරේ. අමුඩය ගසා ඊට උඩින් ඇඳිවත හරස් අතට ඇඳගෙන යාමෙන් පැවසෙන්නේ ඔහු වැඩිහිටියන් හෝ වියපත් දරුවන් අසලට යන ගමනක් බවයි.

අමුඩය හා බැඳුණු උපහැරණ අතර අමුඩය දීලා කෑවා වාගේයන කියමන අදට ද ගම්මාන තුළින් ඇසේ. මෙය ගැඹුරු අරුතක් ඇති කියමනකි. බඩගින්නේ නිරාහාරව සිටින අයකු නිරාහාරව සිටින බව කාටත් ප්රදර්ශනය නොවේ. එහෙත් නිරාහාරව සිටීමට නොහැකිව අමුඩය විකුණා කුසට අහරක් සපයා ගත් පසුව ක්ෂණිකව කුසගින්න නිවුණත් නිරුවතින් සිටීමේ අවමානයෙන් මිදිය නොහැකිය.

අමුඩ කෙටිය, දිය කෝනම, දිය අමුඩය ආදී නම්වලින් හඳුන්වන අමුඩය ගෘහ මූලිකයාගේ සිට වයස 10-12 දරුවා දක්වාම වැඩ කරන විට උපයෝගී කරගත්හ. කාර්යයක නිරත වන විට නිල ඇඳුමක් වූ අමුඩය අතීත ගැමියා ගමනක් බිමනක් යනවිට යට ඇඳුමක් වශයෙන් ද පාවිච්චි කළහ.

අතීත යුගයේ පිළිගත් පවුල්වල තරුණයන් පාවිච්චි කරනු ලබන අමුඩය මිදුලේ හෝ එළිපහලියේ වනා තැබීම තහංචියක් සේ සලකනු ලැබීය. ඒ අමුඩයෙන් ගන්නා නූලකින් අදාළ තරුණයාට වශී ගුරුකමක් කළ හැකි නිසා එසේ අමුඩය සුරක්ෂිත කළහ.

අසම්මත ගමන් බිමන් යනවිට අමුඩය හොඳ සාකිෂ්කාරයෙක් වූ අවස්ථා ද අතීත ගම්මානවලින් අනාවරණය වෙයි. එක්තරා ගරු ගාම්භීර ගමරාල කෙනෙක් සිය කුලයෙන් පහත් තරුණියක සමඟ ආලයෙන් වෙලිණි. ඔවුන්ගේ හමුවීම ඉතා රහසිගතව කැලෑවේ දී සිදුවූ අතර දිනක් මේ දෙදෙනා මුණගැසී සිටින විටෙක ගමේ වෙනත් ගැමියකුගේ පැමිණීම නිසා හදිසියේ වෙන්ව යාමට සිදුවිය. ගමරාල කඩි කුලප්පුවට දිව යාම නිසා ඔහුගේ කරේ තිබුණු අමුඩය කටු ගාලක පැටලී තිබී කටකාර ගැමියකුට අසුවිය. පසුදින උදේ හන්දියේ පලුගසේ ගමරාලගේ අමුඩය එල්ලා තිබූ අතර ඊට යටින් මේ කවිය ලියන ද කොළය ද අලවා තිබුණි.

කර ආලේ නැහුනත්

කටු බැදි අස්සේ

ගමරාලේ දැන්නම්

රහසක් නැත්තේ

හොර පාරේ ගිය මඟ

සලකුණ ඇත්තේ

කටු ගාලේ තිබු අමුඩේ

පලු අත්තේ

මේ ආදී බොහෝ තොරතුරුවලට පාදක වූ හෙළ ගොවි අමුඩය හෙට දවසේ කෞතුක වස්තුවක් වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය.

 

(උපුටා ගැනීම අන්තර්ජාලය තුලින් )

අයිතිය මුල් අයිතිකරුට


notes of imaginary