අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2024-03-23
වානේ පන්නරය  ලැබුු හැටි.

3/23/2024 07:47:00 pm

මම ජවිපේ වුනේ නවසිය හැට අටේදී ඒ මගෙ වයස අවුරුදු දහහතේදී. මැගසින් ගියා මම 71දී උ.පෙළෙ ලිව්වෙ 72කෙ (මැගසින්) හිරේදී දාහක් පමණ ලිව්වා විදුදයේදී...

Read more »
2024-03-22
නැකතේ කතාව

3/22/2024 10:58:00 am

Nalin de Silva සිංහල අවුරුදු නැකැත් හෙවත් නකත් ගැන ග් ‍ රහ යුද්ධයක් ඇති වෙලා. ඒත් අහසෙ නොවෙයි ලංකාවෙ. ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ල නකත් ගැන වචන...

Read more »
2024-03-21
ආදර සැමරුම් !!!

3/21/2024 11:04:00 am
1

ඇල්මෙන් ඒ ලෙවල් කරනට පාසැලට අළුතෙන් රෙජිස්ටරයේ නම ලිවු පවට රැග් එක දෙන්න ආ රංචුව දැක බයට ලතා ඇදන් රිංගුවෙ වැසිකිළියකට . අරලිය හෙවන කෙල්ලන්ගේ...

Read more »
2024-03-20
ජිවිතයට ස්තුති කරන්න .

3/20/2024 11:11:00 am
1

අන්ධ නිසා තමන්ටම වෛර කළ තරුණියක් සිටියා. ඇය තම පෙම්වතාට හැර අන් සියල්ලන්ට ම වෛර කළා.. ඔහු නිතරම ඇය වෙනුවෙන් සිටියා. ඇය තම පෙම්වතාට පැවසුවේ ‘...

Read more »
2024-03-19
ඩොලර් ඉපයීම

3/19/2024 07:46:00 am
1

මේ දවස්වල ඩොලරයේ අගය බහිනවා. ඊයේ (මාර්තු 18) ඩොලරය රුපියල 300ට බැහැලා. එය රනිල්ගෙ හරි නන්දලාල්ගෙ හරි නොපෙනෙන ඉන්ද් ‍ රජිත් කුමාරස්චාමිගෙ හරි...

Read more »
2024-03-17
මැණික් ගඟටත් ඉවුරේ චූ යයි

3/17/2024 09:54:00 am
1

බන්දූජීව.. මේ පිළිබඳ ලියන්නට මා පෙළඹ වූයේ, කොට්ටහච්චි සහෝදරිය විසින් මාලිමාවේ "ගැහැණු එක මිටට " රැලිවලදී කරන සාරධර්ම කතා වල දී මෙම...

Read more »