වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනාකඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනාදුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනාඅහස උසට නැගෙන කන්ද බලන කලට ඉරට ළඟයිපොළොව වැතිර සිටින තැන්න එයට වඩා බොහොම දුරයිනමුදු ඉහළ හිරු ළඟ තැන ගතට සිසිල සුවය සදයිදුරක තිබෙන තැනි බිම රැඳි උණුසුම හදවතද දවයිපෙනෙන ළඟක සිටින කලට සිතුවෙමි පෙම වැඩෙන නියානොදැක ගෙවෙන විටෙක සිතෙන් එය වියැකී යාවි කියානුඹව අතැර දුරු රට ගිය මගෙ සිත විත් නැවත සොයාවැඩෙන පෙමක අරුත කියයි මට ඈතින් සිටින ඔයාපී.ජී. ආරියපාල
නිතර නිතර අළුත් වෙන වැදගම්මකට නැති සටහනකින් පිටුවේ මැද පිරවෙනවා. වැදගම්මකට නැති දේ කියන්නේ දේශපාලන කථා. මේවා නැවත නැවත කියවා බලන්න ගියොත් ඔළුව අල කලංචි වෙනවා. කියවලා ඉවත දාපුවහම කැළඹෙන හිත ටික වෙලාවකින් කාලෙකින් සන්සුන් කර ගන්න පුළුවන්. අපි මොනවටද කුණු පුරවා ගෙන ගද ගස්සවා ගස්සවා දවස ගෙවන්නේ.
උදාහරණ කීපයක් කියන්නම්. රණිල් මහත්තයා බ්‍රෙස්ලට් දාගෙන චුවිංගම් කකා අව්වට සන්ග්ලාස් දාගෙන ෆ්‍රී වයිෆය් දීලා අපි කුඹුරට බස්සන්න හැදුවා කාලයක්. අපේ අනුර සහෝදරයාට අනුව දකුණු අධි වේගී මාර්ගය මහින්දට ඇඹුල් තියල්, කිරිපැණි ගේන්න හැදුවේ. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, වරාය සංවර්ධණ ව්‍යාපෘතිය ගැන නොයෙක් කතා කිව්වා. උමා ඔය ව්‍යාපෘතිය ලොකු හිලක් ඉතිරි කරන ව්‍යාපෘතියක් කිව්වා. යථාර්ථය තුල අද වෙන විට ඒ්වා හෑල්ලුවට ලක් වෙලා.
සජිත් තාමත් දේශපාලන ළදරුවෙක්. අනුකම්පා කටයුතු. කියන දේවල් අවසාන විග්රහයේදී ඉල කැඩෙන විහිළු.
මහින්ද වේදිකාවෙන් බැස යන තරුවක්....
ඔය වගේ අය ගැන පහලින් පුංචි කොළමක් ලියවෙනවා.
මේ පුර්විකාව.
කොළම ආයෙත් ලියන කොළමත් ඒක්ක කුණු කූඩෙට දමනවා.