Tuesday, December 05, 2023

විටමින් ඩී .












විටමින් D මාත්‍රාවේ මාර්ගෝපදේශය හෘද සෞඛ්‍යයට ප්‍රමාණවත් නොවිය හැක
විටමින් D හදවත ආරක්ෂා කරන්නේ නම්, තවත් අධ්‍යයනයන් එය තහවුරු කර නැත්තේ ඇයි? නව සොයාගැනීම්වලින් පෙනී යන්නේ බොහෝ අත්හදා බැලීම් මගින් සැබෑ හෘද වාහිනී ප්‍රතිලාභ විදහා දැක්වීමට ඉතා අඩු මාත්‍රා භාවිතා කළ බවයි. 
විටමින් ඩී වල බලපෑම පිළිබඳ නිවැරදි චිත්‍රයක් සඳහා ප්‍රශස්ත මට්ටම් අත්‍යවශ්‍ය වේ.

ඌන විටමින් D තත්ත්වය සහ හෘද රෝග අවදානම වැඩි වීම අතර පැහැදිලි සම්බන්ධකම් එහි වැදගත්කම පිළිබඳ අනතුරු ඇඟවීමේ සීනුවක් නාද කළ අතර, අතිරේකයේ අහඹු අත්හදා බැලීම් තවමත් එම සහසම්බන්ධය සඳහා ගණන් බලා නොමැත. කෙසේ වෙතත්, දැන් සමීපව නැවත පරීක්ෂා කිරීමෙන් හෙළි වන්නේ මෙම බොහෝ අත්හදා බැලීම් කිසි විටෙකත් සහභාගිවන්නන්ගේ රුධිරයේ විටමින් D මට්ටම භෞතික විද්‍යාත්මක බලපෑම් ලබා දීම සඳහා ප්‍රමාණවත් ලෙස ඉහළ නංවා නැති බවයි.

පර්යේෂක Viet T. Le පැහැදිලි කරන පරිදි, "විටමින් D අතිරේකය සහ වැඩිදියුණු කළ හෘද සෞඛ්‍යය අතර සම්බන්ධයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා මෙම අත්හදා බැලීම් වලදී අපි වඩා ඕනෑකමින් සිටිය යුතුය." බ්ලැන්කට් නිර්දේශ වලට වඩා, පරීක්ෂණ මත පදනම් වූ පුද්ගලාරෝපිත මාත්‍රා භාවිතයෙන් විටමින් ඩී ප්‍රවේශමෙන් වැඩි කිරීම, ප්‍රශස්තකරණය මගින් හෘදයාබාධ වැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්විය හැකිද යන්න පෙන්නුම් කරයි.

හෘද රෝග සඳහා මෑතකදී රෝහල් ගත කරන ලද වැඩිහිටියන් 600 කට අධික සංඛ්‍යාවකගේ මෙම පරීක්ෂණයේදී, මිලිලීටරයකට නැනෝ ග්‍රෑම් 40 ට වැඩි යෝජිත ආරක්ෂිත සීමාව ඉක්මවා යාමට 90% ට ජාත්‍යන්තර ඒකක 10,000 (IU) - සම්මත 600-800 IU දක්වා ඉහළ දෛනික විටමින් D මාත්‍රා අවශ්‍ය විය. ng/mL). මෙම නව නිර්දේශයට අනුකූලව ශක්තිමත් මාත්‍රාවක් මෙම දැරිය හැකි, ප්‍රවේශ විය හැකි පෝෂ්‍ය පදාර්ථයට හෘද වාහිනී සත්කාර ප්‍රතිනිර්මාණය කළ හැකිද යන්න පිළිබඳ නිසි පරීක්‍ෂණයක් සක්‍රීය කළ යුතුය.

පර්යේෂකයන් විසින් මෙම අහඹු පරීක්ෂණය සඳහා දත්ත රැස් කිරීම 2024 මැයි මාසයේදී අවසන් කරනු ඇත. නිශ්චිත මට්ටම්වලට විටමින් D වැඩි කිරීම අහිතකර ප්‍රතිඵල අඩු කරන බව පෙන්නුම් කරන්නේ නම්, එය හෘද සෞඛ්‍යයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි ආහාර ගැනීමේ මාර්ගෝපදේශ නැවත තක්සේරු කිරීම සාධාරණීකරණය කරයි.


දැනුවත්ව සිටින්න සහ නිරෝගීව සිටින්න!

ටිම් ස්නයිත්
Newsletter Editor, Medical News Today

notes of imaginary

කෙම්ගෙඩිය හා ඉටිගෙඩිය


 


අතීතයේ විතරක් නෙමෙයි,අදටත් ගමේ ගොඩේ නගරයේ කියලා වෙනසක් නැතිව බොහෝ දෙනාගේ මුවින් පිටවන කතාවක් තමයි,"දන්න කෙංගෙඩියක් නෑ.." , " මොන ඉටිගෙඩියක්ද.." 😊 කියන වදන්.
ඔයාලා දන්නවනේ අපේ සිංහල සංස්කෘතිය තුළ කෙම් ක්රම බොහෝමයක් තිබුණ වග. ඔය.. ලෙඩක් දුකක් අසනීපයක් වුණාම ප්රසිද්ධියක් නැතිව කරන ගුරුකම් තියෙනවා නේද..අන්න ඒවට තමා කෙම් කියන්නේ.මේ කෙම කියන එක ගමේ උදවියට නම් අරුමැක්කක් නෙමෙයි.
අතීතයේ ඉතින් ගමේ හැම ගෙදරකම පාහේ ගව පට්ටියක් නම් වරදින්නේ නැහැ.සමහර අවස්ථාවල ගවයන්ගේ ඇඟේ පණුවන් පිරි සිටින තුවාල හට ගන්නවා.එහෙම උනාම කාටත් නොදැනෙන්න අබ ටිකක් මතුරලා ලිපට දැම්මම පණුවන් මැරී යනවා. ඒක එක්තරා කෙමක්.අන්න ඒ වගේ කාටත් නොදැනෙන්න හොර රහසේ හදන බෙහෙත් ගෙඩියකට තමයි මේ කෙම්ගෙඩිය කියලා කියන්නේ.
ඔන්න ඉතිම් උදේ පාන්දරම කුකුළා හඬලන්නට ඉස්සෙල්ලා ගෙදරින් පිටත් වෙන්න ඕනේ..ඊට පස්සේ අර කීව බෙහෙත් ගෙඩියට ඕනෑ කරන බෙහෙත් වර්ග ටික හොයාගෙන තමා ආපහු ගෙදර එන්නේ.ඊටත් පස්සෙ ඒ බෙහෙත් වර්ග තලලා හෙම අවශ්ය විදිහට සකස් කරගෙන තවාපු කෙසෙල් කොළේක ඔතනවා.පස්සේ ඒක ආයෙත් ගොක්කොල අරගෙන හරකාගේ බෙල්ලට දාන්න පුළුවන් මාලයක් විදිහට සකස් කරනවා. හැබැයි ඉතින් මේ එල්ලන බෙහෙත් ගෙඩියේ මොන මොන බෙහෙත් වර්ග ද තියෙන්නෙ කියලා දන්නේ වෙද මහත්මයා ම විතරයි. ඒකනි ඉතිම් කෙම කියන්නේ.😊ඇත්තටම මෙහෙම මේ විදියට බෙහෙත් ගෙඩිය කරේ එල්ලන්නේ හරකුන්ගේ කුර ලෙඩේ සුව කරන්නටලු.
ඔන්න ඔය විදියට කෙමක් මූලික කරගෙන හදන බෙහෙත් ගෙඩියට තමයි මේ කෙම්ගෙඩිය කියලා කියන්නේ.🤗😊 වහරන කොට කාලයත් එක්ක මේක කෙංගෙඩිය වෙලා.☺️
ඉටිගෙඩිය 😊
---------------------
වර්තමානයේ බොහෝ දුරට දකින්නට නොලැබුනත්,එදා අතීතයේ අපේ මුලුතැන්ගේ,නැතිනම් කුස්සියේ යටලීයක හරි නැත්තම් බිත්තියක හරි අලවලා තියෙන කොහොල්ලෑ හරි මී ඉටි හරි එකතු කරපු ගුලියකට තමයි මේ ඉටිගෙඩිය කියලා කියන්නේ..😊
ඉස්සර අපේ පරණ ගෙදරත් කුස්සියේ ඔහොම එකතු කරපු කොහොල්ලෑ ගුලියක් තිබුණා. ඉස්සර ඉතිම් කලගෙඩියෙනේ තිබුණේ වතුර දාන්නේ .මට හොඳට මතකයි අපෙ අම්මා එක දවසක් වතුර කාන්දු වුණ හිල්වුන කලයකට අර ඉටිගෙඩියෙන් ටිකක් අරගෙන අර කාන්දු වෙන තැනට රෙදි කෑල්ලක් තියලා අලවලා ගින්දරෙන් රත් කරනවා.ආයි ඉතින් වතුර කාන්දු වෙන්නේ නෑ..☺️ කලයකට විතරක් නෙමෙයි වළඳක් ලබු ගෙඩියක් එහෙම පුපුරලා ගියාමත් අතීතයේ මිනිස්සු ඔය දේ කරල තියෙනව .ඒ නිසා ඉතිම් ඒ දේවල් අපතේ නොයවා නැවතත් ප්රයෝජනයට ගන්න පුළුවන් .
ඔන්න ඔහොම තමා ඉතිම් කෙම්ගෙඩියයි,ඉටිගෙඩියයි හැදුණේ...🤗☺️
හරිත පොජ්ජ දිගහැරුමකි
අපේකම් අගයන්න එතරම් බලවත් හරයක්

---------------ප්‍රදීප් ප්‍රියංකර
notes of imaginary

Monday, December 04, 2023

කෝපි















වායුව, කැක්කුම, බඩ පිපීම, හෝ නාන කාමරයට නිතර නිතර යන බවක් දැනෙනවාද? එය කුපිත කළ හැකි බඩවැල් සින්ඩ්‍රෝමය (IBS) විය හැකි නමුත් රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා කෝපි පානය කිරීම ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? නව පර්යේෂණවලින් පෙනී යන්නේ නිතිපතා කෝපි භාවිතය  IBS අත්විඳීමේ අවදානම අඩු කළ හැකි බවයි.

වැඩිහිටියන් 400,000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් අධ්‍යයන 8 ක විශ්ලේෂණයක දී, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ කෝපි පානය කරන්නන්ට IBS වර්ධනය වීමේ අවදානම 16% කින් අඩු බවයි. කෝපි වල ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ගිනි අවුලුවන බලපෑම් සහිත පොලිෆෙනෝල් සහ ඩයිටර්පෙනස් වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග ඇති අතර එමඟින් බඩවැල් බාධක අඛණ්ඩතාව සහ ක්ෂුද්‍ර ජීවී සමතුලිතතාවය පවත්වා ගත හැකිය.

එහෙත් කෝපි සෑම විටම ආරක්ෂිත නොවේ; විශ්ලේෂණයේ සිදු කරන ලද අධ්‍යයන කිහිපයකින් කෝපි පානය කරන්නන් තුළ IBS අවදානම වැඩි බව සොයාගෙන ඇත. කෝපි ආමාශයික අම්ලය සහ බඩවැල් චලනය උත්තේජනය කරයි, එබැවින් එය සංවේදී බඩවැල් කුපිත කළ හැකිය. බීර ක්‍රමය ද ප්‍රයෝජනවත් සංයෝගවල මට්ටම් සහ ජෛව උපයෝගීතාවයට සැලකිය යුතු ලෙස බලපායි. එබැවින් සමහර සූදානමක ප්‍රතිඔක්සිකාරක ප්‍රමුඛ වන අතර අනෙක් ඒවා තුළ බඩවැල් අවුස්සන රසායනික ද්‍රව්‍ය පවතී.

ආමාශ ආන්ත්‍ර විද්‍යාඥ ආචාර්ය බබාක් ෆිරූසි මෙසේ සටහන් කරයි: "කෝපි ප්‍රබල උත්තේජකයක් විය හැක - පාචනය ඇති IBS රෝගීන් සඳහා, කෝපි නරක අතට හැරිය හැක, සහනයක් නොවේ." කෝපි සංයෝග පරිවෘත්තීය කිරීමේ ජානමය වෙනස්කම් ද බලපෑමේ විචල්‍යතාවයට දායක විය හැකිය.

කෝපි සහ IBS පිළිබඳ කතාව සංකීර්ණයි. පොරොන්දු වූ දත්ත පවතින අතර, කෝපි රෝග ලක්ෂණ වලින් සහනයක් ලබා දෙයිද නැතහොත් ගැටලුව උග්‍ර කරයිද යන්න තවමත් තනි සාධක තීරණය කරයි, එබැවින් GI ගැටළු වලට ගොදුරු වන අය සඳහා ප්‍රවේශම් වන්න

බඩවැලට උදව් කිරීමට සහ හානි කිරීමට කෝපි වල ඇති හැකියාව ගැන තව දැන ගැනීමට, "නිතිපතා කෝපි පරිභෝජනය IBS වැලැක්වීමට උපකාරී විය හැක, නමුත් එය සෑම කෙනෙකුටම නොවේ"

දැනුවත්ව සිටින්න සහ නිරෝගීව සිටින්න!

ටිම් ස්නයිත්

Newsletter Editor, Medical News Today

notes of imaginary

විස්මිත යෝධ ඇල



කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසින්. මේකේ ඇත්තටම වතුර ගෙනියන්නේ පහළ ඉඳල ඉහළට. ඒ් කියන්නේ කලා වැව තියෙන්නේ පහත් බිමක. තිසා වැව තියෙන්නේ උස් බිමක. මේ පහල ඉඳලා ඉහලට ජලය ගෙනියන්න පාවිච්චි කරලා තියෙන තාක්ෂණය මහ පුදුමයි. මේ ඇලේ පළමු හැතැම්ම 17 දී දිය බැස්ම තියෙන්නේ හැතැක්මයට අඟල් 6 යි. මේ අපූර්ව තාක්ෂණය නිසා පහත් බිමක ඉදලා උස්බිමකට ජලය ගෙනියන්න පුලුවන් වෙලා තියෙනවා. මීට අමතරව තවත් වාරි තාක්ෂණික ක්රමවේද රැසක් මේ යෝධ ඇලේ තිබුණා. යෝධ ඇළේ පිටතට වතුර දෙන හැම හොරොව්වක්ම යොදා ඇත්තේ පතුලෙන් නොව - පතුලට අඩි තුනක් පමණ ඉහළින් . ඊට හේතු වී ඇත්තේ යෝධ ඇළ පතුලේ ජලයට ලවණ - ඛනිජ ආදිය මුහු වී තියෙන එක . එවැනි ජලය පැළ ගොයමට හොඳ නැති නිසා හැකිතාක් ඉහළින් අලුත් වතුර කුඹුරුවලට මුදා හැරීම සඳහා ඉහළින් හොරොව් තබා තිබුනා කියලා තමයි කියන්නේ.
ඒ් අතරේ ඇල වංගු වල "දිය කලි" ඉදිකිරීමත් විශේෂයි. මේ දියකලි වල වතුර පිරිලා රැඳිලා තියෙනවා. මේ නිසා කැලේ ඉන්න අලි ඇතුන්ට අනිකුත් සතුන්ට අර යෝධ ඇල මැද්දට යන්නේ නැතුය "දිය කලි" වලින් ජල අවශ්යතා සපුරාගන්න පුළුවන්. ඒහෙම බැලුවම කොයි කරම් පරිසර හිතකාමී විදිහටද මේක හදලා තියෙන්නේ.
--වත්සලා පියන්ති නානායක්කාර
notes of imaginary

Sunday, December 03, 2023

බැරිනම් පැනල යමු අපි









 

ආදර කතන්දර අපුරු ය

අ න්තයක් දකින්න පෙරුම් පුරන

භාධක කඩඉම් පසුකරන

ආදරවන්තයෝ මෙන්ම

අනපේක්‍ෂිතව දිසා මායිම් වෙනස් කරන

ආදරකතා සුලබයි.

මේ කාන්ති ඉපලවත්ත දකින

නිර්භීත යුවතියගේ පැතුම

අපි නොකියාම යමු.

මිහිරි අදහසක්

 

 

පිඹිනවා වගෙ ඇහෙනවා මට

පැට්ටේරියේ හයේ සංඟුව

ඔබ එතැයි මග බලනවා මම

නැවතිලා පෙර උන්නු වංඟුව

මේ තමයි ඉරණම අපේ දැන් දුක්

වෙන්නෙ ඇයි අනේ බම්ඹුව

ලත වුනොත් හිත හිතා මේ ගැන

සුදෝ මට හැමදාම බිංදුව

මව් පියන්ටත් දුක හිතී ඇති

දැන් එදා ගැන මටත් පිම්ඹුව

උං ඉතිං හැමදාම දුන්නේ

මගේ දිවියට අඩුම ලංසුව

හිත හදාගෙන අයින් වෙමු අපි

තවත් මග තොට නොවී සංඩුව

එහෙම 

 බැරිනම් පැනල යමු අපි

පස්සෙ හොඳවෙයි නේද වස්තුව

 


සොර බොර - සිලෝවක්




 




 

ගංගාවක් වන්,

දියවන්නාව පාදා

විස්කම් දැක්වූ,

බුලතානන් එකල් හී

බින් තැන්නේ හී,

මහ මූදක් නිමෙව්වා

වෙල්ලස්සේ කෙත්,

සරු සාරයි දෙකන්නේ,

කාලේ සේ

නැහැ දැන්නම් දඹානේ,

ඌරන් ගෝණුන්,

පසු පස්සේ දුවන්නේ

හේනත් සාරයි,

සරු අස්වැන්න දේයා

සංතෝසෙන් මයි

වන පොජ්ජේ රැඳෙන්නේ,

 

 

ත්‍රිෂ්ටුප් ඡන්දස, වාතොර්මි විරිත,

පාදයක්,

,, ,, ,, ගණ හා ගුරු දෙකක්,

 

තුති පුද,

සඳස මග කියන ධර්මසිරි වීක්කොඩි, ඇදුරු තුමන්ට,

,

පබැදුම .. චමින්ද ලියනගේ විද්වතාගේ


notes of imaginary

Tuesday, November 21, 2023

සීයා බලන්න යන්න ඕනී


Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා...

එයා තාත්තට කිව්වා..

"මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ" කියලා...

තාත්තා කැමති උනා. ඉතිං පුංචි Martino ඇදගෙන බෑග් එකත් අරගෙන දුම්රිය පොලේ සිටියා කෝච්චිය එනතුරු...

"ඕනේ කමක් වුනොත් බලන්න.."

කියලා කොලයක් තාත්තා Martino ගෙ පොකට් එකට දැම්මා...

ඉතිං දුම්රියේ ටික දුරක් යද්දී මිනිස්සු හයියෙන් කෑගහන ගතිය චූටි Martinoට දරන්න බැරි වුනා....

මිනිස්සු අමුතු විදියට ඔහු දිහා බලනවා....

තනියෙන් යන්නේ ඇයි කියලා අහනවා....

ඉතිං පැටියට හරි දුකයි. ඇගට ලෙඩ ගතියක් දැනුනා....

කදුළු බිංදු වැටෙන්නට ඔන්න මෙන්න....

කලබල ගතියක් දැනුනා...

පුංචි Martinoට තාත්තා දාපු කොලේ මතක් වුණා...

Martino කලබලයෙන් වගේ සාක්කුවෙන් තාත්තා දාපු කොලේ අරන් කියෙව්වා...

ඒකේ තිබුනේ.....

"පුතේ මම අන්තිම පෙට්ටියේ ඉන්නවා"

කියලා...

අපි අපේ දරුවන් විශ්වාස කරන්න ඕනේ...

දරුවන්ට විශ්වාසයක් ඇති කරන්න ඕනි....

දරුවන්ට අවශ්යදේ කරන්න දෙන්න ඕනේ...

දෙමාපියෝ සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ...

ඔවුන්ට හමුවන බාධා, ඔවුන් මොනවා කරන්නද කියලා නොතේරෙන වෙලාවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ...

දෙමාපියන් ජීවත් වෙනකම් දරුවන්ට ලංව සිටිය යුතුයි...

මතක තබා ගන්න...

" දෙමව්පියන් සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ..."

 

මෙම සටහන මුණුපොතෙහි හුවමාරුවු බොහෝ ප්‍රසාදයට පත්වු සටහනක්. අපි දරුවන්ගේ පෞරුෂත්වය සංවර්ධණය කිරීම දරුවන්ට ඇති ආදරය නිසා නැති කරනවා.

උදේට පාසල් යන දරුවන්ගේ පොත් බෑගය කර තියාගෙන යන්නේ අම්මා . දරුවත් සමග පාසල් ගේට්ටුව දක්වා යන අම්මලා පාසල අවසන්වන තු  රු ගේටට්ටටුව ලග.

පාසල තුලට යන දරුවාට පංති කාමරය පිරිසිදු කර ගන්න ඕන නැහැ. එය පවිත්‍ර කරන්නේ සේවිකාවක හෝ සේවකයෙකු විසින්..

එතනින් ඉගන ගන්න ඕන ක්‍රියාකාරකම දරුවට ලැබෙන්නේ නැහැ.

ටීචර් දෙන පත පොතේ ගෙදර වැඩ ගෙදරදී සම්පුර්න කරලා දෙන්නේ අම්මලා.

මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම්  දරුවට ආදරේට අම්මලා කරලා දෙනවා.

සීයලගේ කාලෙට වඩා මුණුපුරු මිණිපිරියන්ගේ කාලය වෙනස්

සීයලාටට ආත්තම්මලාට අභියෝග වලට මුහුණ දෙන්න පෞරුෂත්වයක් ගොඩ නැගුවේ පුංචි  කාලේ ඉදන්..







notes of imaginary