අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2018-08-30
පාට වරුන.

8/30/2018 12:21:00 am

පාට වරුන ඇති කුකුලනි -  මම් තොපට රණින් වලළු- තනවලා දෙමි පයට මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට ඉර දුටුවද  නාඩන් කුකුලනේ හෙට සදට හ...

Read more »
2018-08-29
යලිත් අපි හමුවෙමු.

8/29/2018 11:02:00 pm
2

“බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ දෙනිපෙත හඬන හිරියාමල් පිපුනාවේ මා ආදරය දුටු බව නොම හැඟුනාවේ මා නැති කලෙක උන් සුවඳ...

Read more »
2018-08-17
2018-02-24
ගලපිට පැහැරූ බිඩාලයෙනි ! පිබිදෙනු දැන්වත්...

2/24/2018 12:56:00 am

මගේ මිත්‍රයා ජවිපෙයෙන් මෙවර පාලන මැතිවරණයට තරග කලේය. බොහෝ කොට්ඨාශවලදී මෙන්ම ඔහු තරග කල කොට්ඨාශයේද එම දේශපාලන මතධාරින් සිටියේ කුඩා ...

Read more »
2018-01-03
නස්රුදීන් - මෙයට උපගුරු.

1/03/2018 04:53:00 pm
1

මී ට වසර හයකට පමන පෙර මා පලකල වියමනක් නැවත පලකරනවා. වියමන පරන වුනත්  මෙ කතාව පරන නැහැ. වියමන පොඩි පොඩි වෙනස් කම් කලා ඒ කාලීන බව ගෙන එන්න...

Read more »
2017-09-07
පොටිච්ච වැල්.

9/07/2017 05:54:00 am
5

මම ඔහු දන්නේ “ආරි”  නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය....කෙනෙකු විය හැක. “ආරි ............

Read more »
2017-08-16
කාලය මැවු අරුමය

8/16/2017 06:41:00 am

දිය උගුල. කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර පනස් පහක්...

Read more »
2017-08-14
නුවර එළිය දකින්න ගියෙමි.

8/14/2017 06:21:00 am

හක්ගල උද්‍යානය  හක්ගල උද්‍යානය - හක්ගල උද්‍යානය - නුවරඑළිය නගරය අනෙක් නගර වලට වඩා විශේෂිතයි. ප්‍රදේශවාසීන්ට වඩා නගරයේ ත...

Read more »