ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-06-17

කමටහනක් කර ගන්න.





කුමටද වැලපෙන්නෙ මගෙ දෙන
දෙසම බලා..
එනවද දුකක් ඔබගේ මුළු
ලයම පලා...
මොකටද තවත් ඔය හදවත
ගන්නෙ තලා..

ඔබ නොදනිතත් මං මීටත්
කලින් මළා ...
සෙනෙහස මොටද නිසසල
මළ සිරුරකට ...
මදහස පෙනෙනවද පියැවුණු
ඇස් දෙකට..

තුරුහිස මුදුනෙ නොපිපුණු
මල් පොකුරකට..
ජයගොස නගා කවියක්
ලියලා කුමට..
සුදු රෙදි කඩින් වැසුවත් අද
මගේ ගත..

හඳුනා ගත්තෙ කවුරුද
හදවතේ තෙත..
හෙට මේ සිරුර දා ලූ පසු
සොහොන මත..
කාටද මතක ගතවු පසු
දවස් හත...

පෙරදා නුරාවෙන් හිනැහුණ
දෑස් බලා..
මතකද කලක් ඔබ මට
ආදරෙත් කලා..
කිසිදා වෙන් නොවන බවටත්
සඵථ කලා..

රැඳුණේ සදහටම කවදද
අහසෙ වලා...
මළහිරු බහින විට අද
බටහිර අහසේ...
අප පෙර මතක හිත

නොපෙලාවිද රහසේ...
යලි යලි සිත බැඳී හෙට
පෙර මෙන් පහසේ..
සසරේ මුලා වෙමු දැයි
විමසමි රහසේ...

සංසාරෙදී අපි බෝ හමු
වෙන්න ඇතී..
මේ වාරෙදී හමුවී දුක්
ගන්න ඇතී...

යන පාරෙදී යලි හමුවක්
නොවනු ඇතී..
එන වාරෙදී මං සසරින්
මිදෙනු ඇතී...

මා දුන් සෙනෙහෙ හදවත
පතුලේ තියලා..
හිත සනසා ගන්න
ඔය දෑසම පියලා..
යන ලෙස මකුළුවෙකු
යලි යලි දැල වියලා..
පැටලෙනු එපා ආයෙත්
සෙනෙහස කියලා ....

සසරින් මිදෙන එක සටනක්
කර ගන්න ..
කතරින් එතෙර වී සටනට
සමුදෙන්න ...

අතරින් පතර යලි පටුනක්
නොතබන්න..
මගෙ මේ සිරුර කමටහනක්
කර ගන්න ...

...🙏 සමන්තී දේශප්‍රිය .

A day in the life

2025-06-16

අර්තාපල් චිප්ස්





ර්තාපල් චිප්ස් බිහි වූයේ පළිගැනීමක ප්‍රතිඵලයකින්. 
මේ සියල්ල සිදු වූයේ 1853 දී නිව් යෝර්ක් හි ඉහළ පෙළේ අවන්හලකදී. එක්තරා පාරිභෝගිකයෙක් ඔහු වෙනුවෙන් පිසූ අර්තාපල් පිඟානක් ඒවා ඕනෑවට වඩා ඝන සහ තෙත් බැවින් ආහාරයට ගත නොහැකි බව පවසමින් ඒවා නැවත සූපවේදී ජෝර්ජ් ක්‍රම් වෙත එව්වා. 

ඉන්පසු සූපවේදියා නැවත අවස්ථා කිහිපයකදීම අලුත් අර්තාපල් පිඟානක් පාරිභෝගිකයාට ලබා දුන්නා. නමුත් ඔහු නැවත නැවතත් සූපවේදීයාට පැමිණිලි කළේ ඒවා ආහාරයට ගත නොහැකි බවයි.
නිරන්තර පැමිණිලිවලින් වෙහෙසට පත් වූ සූපවේදී ජෝර්ජ් ක්‍රම් ඔහුට පාඩමක් ඉගැන්වීමට තීරණය කළා. ඔහු අර්තාපල් කඩදාසි වැනි තුනීවට පෙති කපා, ඒවා වැඩිපුර හැපෙනසුළු වන තෙක් ගැඹුරු තෙලේ බැද, ලුණු ගොඩක් එකතු කළා. “බලමුකො දැනුත් පැමිණිලි කරයිද කියලා ” ක්‍රම් සිතුවා.

හැමෝම පුදුමයට පත් කරමින්, පාරිභෝගිකයා ඒවාට කැමැත්ත ප්‍රකාශ කරමින් වහාම තව තවත් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

කලකිරීමෙන් සහ තරමක් වෛරයෙන්, අර්තාපල් චිප්ස් බිහි වූයේ එලෙසිනි. “චිප්ස්” ඉක්මනින් ජනප්‍රිය වූ අතර, ක්‍රම් අවසානයේ තමාගේම අවන්හලක් විවෘත කළා. එහිදී ඔහුගේ තුනී, ලුණු සහිත චිප්ස් මෙනුවේ ජනප්‍රියතාව ඉතා ඉහළ ගියා.
දශක ගණනාවකට පසු, 1920 ගණන්වලදී චිප්ස් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර බෑග්වල ඇසුරුම් කිරීම ආරම්භ කළ අතර, එය ලොව විප්ලවයක් ආරම්භ කළා. අද වන විට ලෝකයේ සෑම වසරකම චිප්ස් බෑග් බිලියන 11 කට වඩා භුක්ති විඳිනවා!
ඉතින් ඊළඟ වතාවේ ඔබ චිප්ස් බෑගයක් විවෘත කරන විට මතක තබා ගන්න, ඒ සියල්ල ආරම්භ වූයේ සූපවේදියෙකුගේ පළිගැනීමකින්. නමුත් එය අවසානයේ මුළු ලෝකයම ජනතාව සතුටු ක
ළා.

✍🏻 මුල් හිමිකරුට ස්තූතියි 🌷
©️ උපුටා ගැනීමකි

A day in the life

2025-06-15

මඟුල් කපුරාළ


මඟුල් කපුරාළ ගමේ කාටත් ඕනෑකරන කෙනෙක්. ගමේ ළමිස්සියො ගෙදරටම නාකිවෙන්ඩ දෙන්නෙ නැතුව කරකාර බන්දල දෙන්න එයා ගන්න දහිරිය බොහොම ලොකුයි. ඉස්සර ගමේ ලැජ්ජ බයට හැදිච්ච ළමිස්සියො කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නත් බොහොම කුලෑටියි. ඒ හින්දා ඒ ගොල්ලන්ට දීගතල දෙන වයස ආවත් කොල්ලෙක් එක්ක සම්බන්ධයක් හදාගන්න දහිරියක් නැහැ. වෙනකක් තියා ගමේ ලොකුමහත් වෙච්ච දැරියන්ට දෙමාපියො වැඩිහිටියො තහංචි දාලයි තිබුණේ.

2025-06-14

ආචාර්ය රාජිනී තිරාණගම. - බිදුණු තල්රුක.




  

අපි මේ වගේ නිර්භීත කාන්තාවන්ව අමතක නොකල යුතුයි.

ඔවුන්ගේ මතකයන් අප අතර සදාකාලිකවම රදවා තබා ගත යුතුයි.
අද ඇය ජීවතුන් අතර නැහැ.
ඇය යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ සිටි 💕 
ආචාර්ය රාජිනී තිරාණගම. 

One day some gun will silence me,

and it will not be held by an outsider,
but by the son born in the womb of this society,
from a woman with whom my history is shared...
1954 වසරෙ පෙබරවාරි මස 23 වෙනි දින උපන් ඇය, 1986 වසරෙ සැප්තැම්බර් මස 21 වෙනි දින, LTTE ත්‍රස්තයන් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන්නෙ, ඇගේ 35 වෙනි වියේදීයි. 
මිය යන විට ඇය යාපනය සරසවි වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ජේද විද්‍යා දෙපාර්තමේන්තුවේ (Department of Anatomg) අංශ ප්‍රධාන ආචාර්යවරියයි.
ඇගේ පියා වඩුක්කොඩෙයි යාපනය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති A. රාජසිංහම්. උපතින් රාජනී රාජසිංහම් වන ඇය යාපනයේදී ජන්ම ලාභය ලබන්නෙ, දියණියන් සිව් දෙනෙක් ඇති ද්‍රවිඩ ක්‍රිස්තියානි පවුලක දෙවෙනි දරුවා ලෙසයි. ඇගේ සොහොයුරියන් වන නිර්මලා, සුමති හා වාසුකී මෙන්ම ඇයත් ඉගෙනුම ලබන්නෙ යාපනය විද්‍යාලයේ. කෙටි කලක් පමණක් ඇය යාපනය නගරයේ පිහිටි චුන්ඩික්කුලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනව.
ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ සමත් වන ඇය, 1973 වසරෙදි කොළඹ සරසවි වෛද්‍ය පීඨයට ඇතුල් වෙනව. එහිදී ඇය ශිෂ්‍ය දේශපාලනයට සක්‍රියව දායක වෙනව. 
ඇයට එකල කැළණිය සරසවියේ ශිෂ්‍ය දේශපාලන නායකයකු වන දයාපාල තිරාණගම මුණ ගැසෙනව. සිංහල බෞද්ධ පවුලක උපන් ඔහු උපාධියට හැදෑරුවෙ භූගෝල විද්‍යාවයි. සියළු ආගමික හා වාර්ගික බාධක බිඳ දමමින් ඇය සහ ඔහු විවාහ වන්නෙ, 1977 වසරේ අගෝස්තු මස 28 වැනි දිනයේ.
1978 වසරෙ වෛද්‍ය විද්‍යා උපාධිය ලබන ඇය යාපනය මහ රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක ලෙස සේවය කරනව.

1979 වසරෙ ඇය හල්දුම්මුල්ල රෝහලේ සේවය කරනව. පසුව ඇය 1980 වසරෙදි යාපනය සරසවියේ අළුතෙන් ඇරඹූ වෛද්‍ය පීඨයේ කාය විච්ඡේදනය විද්‍යා ආචාර්ය වරියක ලෙස සේවයට එකතු වෙනව.
එවකට LTTE සාමාජිකාවකව සිටි ඇගේ වැඩිමල් සොහොයුරිය වන නිර්මලා මගින් LTTE සංවිධානයට සම්බන්ධ වෙනව. තුවාල ලබන LTTE ක්‍රියාකාරිකයන්ට ඇය ප්‍රතිකාර කරනව.
පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබ ඇය 1983 වසරෙ එංගලන්තයට යන්නෙ, ලිවර්පූල් වෛද්‍ය විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා කාය විච්ඡේදනය (Anatomg) හැදෑරීමටයි. එහි සිට ඇය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 1982 දී අත්අඩංගුවට ගෙන සිටි තම සොහොයුරිය වන නිර්මලා නිදහස් කර ගැනීම හා එවකට මෙරට සිටි ඉන්දියානු සාම සාධක හමුදාව මගින් උතුරේ දෙමළ ජනයාට සිදුවන හානියට එරෙහිව අරගලයක් දියත් කරනව. 
ඇය තම අධ්‍යයන කටයුතු කරන අතරම කාන්තා සහ මානව හිමිකම් පිළිබඳ සංවිධාන සමග ද එකතු වී දැනුවත් කිරීම් කරනව. අවිගත් කණ්ඩායම් වලින් සිදුවන ඝාතන පිළිබඳව සංවේදී වන ඇය අවසානයේ LTTE සංවිධානයේ පටු ජාතිවාදය අවබෝධ කර ගන්නව. 
ආපසු සිය රටට පැමිණි ඇය යාපනය සරසවියේ සේවයට එකතු වෙනව. එහි මානව හිමිකම් පිළිබඳ ආචාර්යවරුන්ගේ සංගමය පිහිටුවීමට සක්‍රියව දායක වෙනව. LTTE සංවිධානය සහ IPKF (ඉන්දියානු සාම සාධක හමුදාව) මගින් සිදු කරනු ලබන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සාක්ෂි ඇතුලත් "The broken Palmyra" නම් කෘතිය ඇගේ ද සම කතුවරත්වයෙන් පළ කරනු ලබනව. 80 දශකයේ යාපනයේ ප්‍රචණ්ඩත්වය ගැන ලියවුණු එම අමිල කෘතිය ”බිඳුණු තල් රුක" නමින් සිංහලට ද පරිවර්තනය කරනු ලබනව. පොත ප්‍රකාශයට පත් කර සති කීපයකට පසු, ඇය සරසවියේ සේවය නිම කර ආපසු තම නිවස වෙත පාපැදියෙන් එමින් සිටියදී තිරුනෙල්වෙලි වල පිහිටි ඇගේ නිවස ආසන්නයේදිම අවි ගත් අයෙකු ඇයට වෙඩිතබා ඝාතනය කරනව. වෙඩි හඬ නිවසේ සිටි ඇගේ කුඩා දියණියන් දෙදෙනට පවා ඇසෙනව. 
ඒ වනවිට දයාපාල තිරාණගමයන් කොළඹට ඇවිත්. තම ජීවිතයේ කවදාවත් ඉන් පෙර නොදුටු කාන්තාවක් කොළඹට පැමිණ ඔහු මුණ ගැසී ඇගේ වියොව තමාට දැනුම් දුන් මොහොත දයාපාල තිරාණගමයන් සංවේදී ව සිහිපත් කරනව.
1981 වසරේ සැප්තැම්බර් මස 25 වෙනි දින නල්ලූර් හි ඇගේ පවුලේ සුසාන භූමියේ ඇගේ දේහය මිහිදන් කරනව. තම දිවියේ වඩාත්ම කටුක, වඩාත්ම වේදනාත්මක හා වඩාත්ම අපහසු ගමන එදින තම දියණියන් දෙදෙනගේ අතින් අල්ලාගෙන සුසානය වෙත ගිය ඇගේ අවසන් ගමන බව පසුව දයාපාල තිරාණගමයන් ලියා තබනව. 
1978 උපන් නර්මදා දියණිය දැන් එක්සත් රාජධානියේ වෙසෙනව. 1980 උපන් ශාරිකා දියණිය එක්සත් ජනපදයේ වෙසෙනව. ඇය විවාහ වී සිටින්නෙ ස්ටැන්ෆර්ඩ් වී සරසවියේ මානව විද්‍යාඥ තෝමස් බ්ලොම් හැන්සන් සමගයි. 2005 වසරෙදි කැනඩාවේ ජාතික සිනමා මණ්ඩලය මගින් නිර්මාණය කළ "No lore Tears Sister” නම් වාර්තා චිත්‍රපටයේ තම මවගේ භූමිකාව රඟ දක්වන්නෙ ශාරිකා තිරාණගම දියණියයි. 
රාජිනී තිරාණගම නම් අකල්හි දැයට අහිමි වූ ඒ දිරිය දියණිය ලියා තැබූ අනාවැකියකින් මේ සටහන අවසන් කරන්නේ අද වැනි දිනයක ඇයට දක්වන උපහාරයක් ලෙසයි.
💘💘"One day some gun will silence me,
and it will not be held by an outsider,
but by the son born in the womb of this society,
from a woman with whom my history is shared...
"එක්තරා දිනයක ගිනි අවියක් මගින්, මා නිහඬ කරවනු ඇත.
එය උසුලනු ඇත්තේ පිටස්තරයකු විසින් නොව,
මගේ ඉතිහාසය මා සමග බෙදා හදා ගත්,
මේ සමාජයේම ගැහැණියකගේ ගර්භාෂය තුළින් බිහි වූ පුතෙකු විසිනි. 💘💘
- *Premashcntha Kumarasiri* ගේ සටහනක් 
-A day in the life

2025-06-13

පරම්පරා දෙකක වෙනස.




"පරම්පරා" දෙකක් අතර සංසන්දනය ....... හැමෝම කියවන්න
තරුණයෙක් තම පියාට මෙසේ කීය:
ඔබට
වායු සමීකරණය කළ වාහනයක් තිබී නැත.
Wifi නැත.
අන්තර්ජාලය තිබී නැත.
පරිගණක නැත.
අන්තර්ජාල සාප්පු සවාරි නැත.
රූපවාහිනී නැත.
ඉන්ධන ඇවැසි නැත
ජංගම දුරකථන නැත.
සුපර් මාකට් තිබී නැත.
ඔබ එසේ ජීවත් වූයේ කෙසේද?
ඔහුගේ පියා මෙසේ පිළිතුරු දුන්නේය.
"ඔබේ පරම්පරාව අද ජීවත් වන ආකාරයට අද......
අනුකම්පාවක් නෑ.
අනුන් කෙරෙහි ගෞරවයක් නෑ.
තමන්ටද ගෞරවයක් නෑ.
උසස් වූ චරිතයක් නෑ.
ලැජ්ජාවක් නෑ.
නිහතමානීකමක් නෑ.
කාල සැලසුම් නෑ.
ක්‍රීඩා නෑ.
පොත පතකියවීමක් නෑ.
වගකීමක් නෑ, යුතුකම් දන්නේ නෑ.
ඒත්.....අපි, 
1940-1980 අතර උපත ලද මිනිසුන් භාග්‍යවන්තයෝය. 
අපගේ ජීවිතය ජීවමාන සාක්ෂියකි.
සෙල්ලම් කරනකොට බයිසිකල් පදිනකොට අපි කවදාවත් හෙල්මට් දාල නෑ.
ඉස්කෝලේ ඇරිලා අපි හවස් වෙනකම් සෙල්ලම් කළා. අපි කවදාවත් රූපවාහිනිය බැලුවේ නැහැ.
අපි සෙල්ලම් කළේ සැබෑ මිතුරන් සමඟ මිස අන්තර්ජාල මිතුරන් සමඟ නොවේ.
අපිට කවදාහරි පිපාසයක් දැනුනොත් අපි බිව්වේ බෝතල් කරපු වතුර නෙමෙයි.
එකම ජූස් වීදුරුව යහළුවන් හතර දෙනෙකුට බෙදා ගත්තට අපි කවදාවත් අසනීප වුණේ නැහැ.
අපි හැමදාම බත් ගොඩක් කෑවත් කවදාවත් බර වැඩි වුනේ නෑ.
පාවහන් නොමැතිව සැරිසැරුවත් අපේ දෙපාවලට කිසිවක් සිදුවුනේ නැහැ.
අපේ අම්මයි තාත්තයි කවදාවත් අපිව නිරෝගීව තියාගන්න කියල කිසිම ආහාර අතිරේකයක් පාවිච්චි කරලා නෑ.
අපි අපේම සෙල්ලම් බඩු නිර්මාණය කර ඒවා සමඟ සෙල්ලම් කළා.
අපේ දෙමව්පියෝ පොහොසත් අය නෙවෙයි. ඔවුන් අපට දුන්නේ ආදරය මිස ලෞකික දේවල් නොවේ.
අපිට කවදාවත් ජංගම දුරකථන, ඩීවීඩී, ප්ලේ ස්ටේෂන්, එක්ස්බොක්ස්, වීඩියෝ ක්‍රීඩා, පුද්ගලික පරිගණක, අන්තර්ජාල කතාබස් තිබුණේ නැහැ.
නමුත් අපට සැබෑ මිතුරන් සිටියා.
අපි අනාරාධිතව අපේ යාලුවන්ගේ ගෙවල් වලට ගිහින් ඔවුන් එක්ක කෑම රස වින්දා.
ඔබේ ලෝකය මෙන් නොව, අපට සමීපව ජීවත් වූ නෑදෑයන් සිටි නිසා පවුලේ කාලය හා බැඳීම් එකට සතුටින් ගත කළා. 
අපි කළු සුදු ඡායාරූපවල සිටියා විය හැකි නමුත් එම ඡායාරූපවල වර්ණවත් මතකයන් ඔබට හමුවනු ඇත.
අපි අද්විතීය සහ, වඩාත්ම අවබෝධය ඇති පරම්පරාවකි, මන්ද **තම දෙමාපියන්ට සවන් දුන් අවසාන පරම්පරාව අපි* වෙමු.
*එමෙන්ම , තම දරුවන්ට ඇහුම්කන් දීමට සිදු වූ පළමු අය.*
අපි තවමත් බුද්ධිමත් වන අතර අප ඔබේ වයසේදී කිසිදා නොතිබූ තාක්‍ෂණය භාවිතා කිරීමට දැන් ඔබට උදව් කරන්නෙමු !!!
අපි *සීමිත* මිනිස් සංස්කරණයක්!
ඉතින් ඔබ වඩා හොඳයි -
අපව ආදර්ශයට ගන්න.
අපෙන් ඉගෙන ගන්න .
*අපි පෘථිවියෙන් සහ ඔබේ ජීවිතයෙන් අතුරුදහන් වීමට පෙර*.
*_අපිව ආදර්ශයට ගෙන නිධානයක් ලෙස සලකන්න

 A day in the life



2025-06-12

නම්බ සින්න පිල්ලේ......




තේ දළු නෙලන්නියක්.

සින්න පිල්ලේ නම් දෙමල කතකට
රූපසිංහ  නම් කවියා කියූ කවි.


නම්බ සින්න පිල්ලේ නී මා                 වෙතට
රෙම්බ රෙම්බ ගිනි,දෙනවා සරිද             මට
සම්බ කරපු දේ එල්ලාම් දෙමි                 නුඹට
ඉන්බන් කොන්ඩ උඹෙ මන දෙනවාද     මට
 
කන්නේ නී කන්ඩනියේ             කන්ඩාක්කී
එන්නේ ගිනි ඉන් ලමැදේ             කඩාසකී
උන්නේ ඉන්ද ගිනි ලදේ ආරැඩ         බසකී
යන්නේ එනුඩ පණ නී තී,නොලබනු දිනකි
 
තන්නිකි පෝර පෙන්නේ නී මඟ             සිටලා
අන්නෙකි සොන්න වචනය මතක නැති     කළා
එන්නෙකි එන් කන්නෙ සමඟින් සැප     විඳලා
ඉන්නෙකි මන් යන්නෙ තපසට නුඹ     ඇරලා
 
නම්බි ඉරැන්දෙන් ලදෙ නී මට             ලැබෙතේ
තම්බි සොන්න බස් එල්ලන් ගියෙ         අපතේ
රෙම්බ එනුඩ කන් කඳුලෙන් වැවු         පිරෙතේ
තම්බි එන්නෙ වාරුනි නී බොලඳ             කතේ


කමල් පී අලහකෝන් 
මුණු පොතේ පලකල පැදි පෙලකි.

A day in the life

2025-06-11

ආචාර් ය එන්. එම්. පෙරේරා.


පීඩිත පන්ති ජනයාගේ විමුක්තිය පතා ඇරඹුණු අරගලය අරබයා තම මුළු ජීවිතයම කැප කළ 'සමසමාජ' පක්ෂ නායක එන්. එම්. පෙරේරා සහෝදරයාගේ 120 වන ජන්ම දින සමරුව යෙදී තිබුණේ 2025 ජූනි 06 වන දිනටය.

මෙවේලේ මගේ මතකය අතීතය වෙත දිව යන්නේ ඉබේය. මගේ තිඹිරි ගෙය වූයේ සොයිසා ලයිනිං හෝම් එක වුවද මා හැදුණේ වැඩුණේ කළුබෝවිල ගමේ මගේ අම්මාගේ මහ ගෙදරය. සිය නෑ කෝරලේ කන්නිමහර ගමේ උපන් මගේ තාත්තා සල්පිටි කෝරලේ අම්මාගේ මහ ගෙදර බින්න බැස හුන් හෙයිනි. 
බිරියගේ කිරිබත්ගොඩ මහ ගෙදර බින්න බැසීමෙන් මම තාත්තාගේ නොට්ටිගෙ පුතෙක් (Naughty Son)නොවීමි. 

පාසල් වියේදීම මට මාක්ස්වාදයේ ඉඳුල ගැන්වුණේ කළුබෝවිල අපේ ගමේ සමසමාජ තරුණ සමිතියෙනි. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ පාසල් සගයෙකු සේම එක ගමේ කුලුපගයෙක් වූ ගිල්බට් ද කෝස්තා සහෝදරයා මගේ පළමු සමසමාජ ආභාස උල්පත විය. එකල අපේ ගම අයත් වුණු වැල්ලවත්ත ගල්කිස්ස පාර්ලිමේන්තු ආසනයේ මන්ත්‍රීවරයා වූයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහෝදරයාය. ලංකා සමසමාජ පක්ෂයේ පැරණි සාමාජිකයෙකු මෙන්ම කොළඹ යුගයේ ප්‍රකට කවියෙක් වූ නිමල් හොරණ සහෝදරයා මා පළමු වරට හඳුනා ගත්තේ ගිල්බට් සහෝදරයා මගිනි. 

1968 අවුරුද්දේ මුල් කාලයේ දෙවන වරට පටන් ගත් 'ජන දින' හා 'ජන සතිය' වාමාංශික පුවත්පත් දෙක පළ කළ 'සූරිය' ප්‍රකාශන ආයතනයේ පාලකයා වූයේ ආචාර්ය එන්.එම් . පෙරේරා සහෝදරයාය. මා 'ජනදින' හා 'ජන සතිය' පුවත්පත්වලට මෙන්ම ආචාර්ය එන් .එම් . පෙරේරා සහෝදරයාටද ළං කළේ මගේ සන්මිත්‍ර නිමල් හොරණ සහෝදරයාය. 1968 අවුරුද්දේ මුල හරියේ මා එම පුවත්පත් කතු මඬුල්ලට බැඳෙන විට නිමල් හොරණයෝ 'ජනදින" අග සකසු වූහ. 'ජන සතිය' අග සකසු පදවි දැරුවේ කොළඹ යුගයේ පතළ කිවි බටුවන්දර ගුණවර්ධන සහෝදරයාය. නිමල් සහෝදරයා විසින් කලක් 'ජන දින' පුවත්පතේ ප්‍රවෘත්ති කතු තනතුරද අනතුරුව එහි විචිත්‍රාංග කතු තනතුරද මවෙත පවරන ලද්දේ ආචාර්ය එන් . එම් සහෝදරයාගේද අභිමතය අනුවය. 

එකල 'ජනදින' පුවත්පතට නිතර ලිපි සැපයූ චතුර අංකුර පුවත්පත් ලේඛකයෙක් විය. ඔහු එවක පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකැයි සිතමි. එකල ජනදින පුවත්පතේ විචිත්‍රාංග කතුවරයාව සිටි මම ඔහුගේ ලිපි පුවත්පතෙහි පළ කළේ ඇහැ පියාගෙනය. ඒවා එතරම්ම විචාරවත්ය. ව්‍යක්තය. ඒ අංකුර ලේඛකයා වූකලී අනිකෙක් නොව නොබෝ දිනකට පෙර මෙලෝ හළ ව්‍යක්ත දේශක පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්හුය. 

'ජනදින' පුවත්පතේ පළවුණු ඔහුගේ ලිපි හා පැවති මගේ සම්බන්ධය දැන සිටි ඔහු වරක් අප දෙදෙනා සහ අධ්‍යාපනඥ දයා රෝහණ අතුකෝරාලයන් එකට සහභාගී වූ ස්වාධීන රූපවාහිනියේ 'දොරමඬලාව' වැඩසටහනකදී මා ඔහුගේ ගුරුවරයෙකු වශයෙන් ප්‍රසිද්ධියේ හැඳින්වූයේ අති අනතිමානයෙනි.

'ජනදින' , 'ජනසතිය' පුවත්පත් පළ කළ 'සූරිය' ප්‍රකාශන ආයතනයේ 'ලොක්කා' වන ආචාර්ය එන්.එම්. පෙරේරා එහි සේවක ජනයාට සහෝදරයා විය. එන්.එම්. සහෝදරයා පෞද්ගලික වශයෙන් දැන හැඳින ගැනීමේ භාග්‍යය මට උදා වූයේ ඒ දිනවලය. 
කතුකමට අමතරව තවත් වැදගත් රාජකාරියක් මටම පැවරී තිබුණි. එනමි එන්.එම්.සහෝදරයා විසින් 'ජන දින" හා 'ජන සතිය" පත්තර දෙකට මෙන්ම වෙනත් අවස්ථා සඳහාද ඉංග්‍රීසි බසින් ලියැවුණු නොයෙක් ලිපි සිංහලට නැගීමේ කාරියයි. 
මෙහිදී එක් වැදගත් කරුණක් අවධාරණය කළ යුතුය. ඒ සියලු සිංහල පරිවර්තනයක්ම ඉතා පරීක්ෂාවෙන් කියවා බැලීමට ඔහු ප්‍රෝත්සාහී වීමය. තම ඉංග්‍රීසිය නිදොස් ලෙස හෙළයට පෙරැළී ඇද්දැයි නිශ්චය කර ගනු රිසියෙනි. එය නිදොස් බැව් නිසැක ලෙස පසක් කර ගත් කල මුව පුරා පැසසූ ඔහු සදොස් තැන් වෙතොත් එය නිදොස් කරවීම කෙරෙහිත් වෙසෙස් සැලකිල්ලක් දැක්විය. 

එන්.එම්. සහෝදරයා සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන් පමණක් නොව දෙමළ බසින්ද ජනතාව ඇමතීමට සමත් වූ බව මෙහි ලා වෙසෙසින් සඳහන් කළ යුතුය. එය බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් යැයි සිතමි.

දිනක් උදේ වරුවේ එන්.එම්. සහෝදරයා කොළඹ උසාවිය පාරේ පිහිටි 'ජන දින' කන්තෝරුවට පැමිණියේ මුද්‍රණ අංශයේ ප්‍රශ්නයක් ගැන කරුණු සොයා බලන්නටය. රාත්‍රී සේවයේ යෙදී සිටි මැෂින් මයින්ඩර් වරයා මුණ ගැසී කතාබහ කිරීමට ඔහුට අවශ්‍ය විය. එළි වන තුරු නිදි මැරූ මැෂින් මයින්ඩර් සහෝදරයා මැෂින් කෑල්ලේම කොනක වැතිරී නිදා සිටිනු ඔහු දකී.පියදාස බාසුන්නැහැ ඔහු අවදි කිරීමට ගියා මට මතකය. "කතා කරන්න එපා! ඇහැරුණාම ඒ සහෝදරයට ඇවිත් මාව හම්බ වෙන්න කියන්න." 

එක් නිවාඩු දිනයක එන්.එම්. සහෝදරයා භදිසියේ කන්තෝරුවට එන විට එවකට එහි ආරක්ෂක කාරියේ නිරතව සිටි ගුණතිලක අයියා උඩ තට්ටුවට නගින පඩි පෙළ මුදුනේ හරහට වැතිරී තද නින්දක වැටී සිටියේය. එන්.එම්. සහෝදරයා ගුණතිලක අයියා නමැති කඩුල්ල පැන ගෙන තම මේසය වෙත ගොස් යම් කිසි වැඩක යෙදී සිට යළි ඒ කඩුල්ල පැන ගෙනම ආපසු ගියේ ඔහුගේ නින්ද නොකඩමිනි.මේ සිද්ධිය දැනගත් ගුණතිලක අයියා පසු දිනම එන්. එම් සහෝදරයාගේ කොටා රෝඩ් ගෙදරට ගොස් ඔහු අසල එකත්පස්ව සිටියේ තම නිදහසට කරුණු කීමටය. හිස පාත් කරගෙන මේසය ළඟ යමක් ලියමින් සිටි ඔහු තමා දුටු සැණින් කෝපයෙන් වියරුව බැණ වදින අයුරු ගුණතිලක අයියාගේ සිතේ මොහොතකට මැවී යයි. හිස ඔසවා බලන එන්.එම්. සහෝදරයා ගුණතිලක අයියා හඳුනා ගනී.
" මොකද ගුණතිලක?"
"සර් එදා කන්තෝරුවට එන වෙලාවේ මට නින්ද ගිහිල්ලා හිටියෙ. හෙම්බිරිස්සා අමාරුවට ඔළුව උස්ස ගෙන ඉන්න බැරි හින්දා. සර් ඇවිල්ල යනවවත් මං දන්නෙ නෑ. මං ඒක කියන්නයි ආවෙ."
"ෂැහ්! පිස්සුද අයිසෙ! ඕක කියන්නද ආවෙ? මං හිතුවෙ කන්තෝරුවෙ මොකක් හරි උවමනාවක් කියන්න ආවයි කියලා!" 

'ජන දින' මුද්‍රණාලය බාර පියදාස බාසුන්නැහැ දිනක් කන්තෝරුවට දුව ගෙන ආවේ හිස ගිනි ගත්තෙකු ලෙසිනි. ඔහු එන විට එන්. එම්. සහෝදරයා මේසය අසල හිඳ ගෙන වැඩක යෙදෙමින් සිටියේය.
"මොකද පියදාස සහෝදරයා කලබලෙන්?"
"මගේ අයියා හදිස්සියේ අන්තරා වුණා."
"දැන් මොනවද අපෙන් කෙරෙන්න ඕනෑ"
" කන්තෝරුවෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්නයි ආවෙ."
මුදල් භාර කාර ප්‍රනාන්දු උන්නැහේගෙන් මුදල් තත්ත්වය විමසූ එන්.එම්.සහෝදරයාට එවේලේ කන්තෝරුවේ එතරම් මුදලක් නොමැති බව දැනගන්නට ලැබුණි. කිසි කතා බහක් නැතිව තම පෞද්ගලික චෙක් පොත අතට ගෙන චෙක් පතක් ලියු ඔහු එය වහා මාරු කොට පියදාස බාසුන්නැහැට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ගුණතිලක අයියාට කීය. 

දිනක් උදය වරුවේ එන්.එම්. සහෝදරයා කන්තෝරුවට රැගෙන ආ ඔහුගේ රියැදුරු ආපසු මෝටර් රථයද ගෙන එවෙලේම පිටත්ව ගියේය. දවල් කෑම වෙලාව කිට්ටු වන තුරුම කන්තෝරුවේ රැඳී සිටි ඔහු පඩි පෙළ දිගේ පහළට බැස්සේ කන්තෝරුව ඉදිරි පිට නවතා තිබෙන තම මෝටර් රථයේ නැගී නිවස බලා පිටත් වීමටය. වෙන දා රිය නවතා තිබෙන තැන එය නැත. තම රියැදුරු මෝටර් රථය ගෙන එතැයි මඳ වේලාවක් කන්තෝරුවේ පඩිපෙළ දොර කඩ හිටගෙනම ගුණතිලක අයියා සමග කතා කරමින් සිටි ඔහුට රිය එන ලකුණකුදු නොපෙනුණි. අත රැඳි බෑගයෙන් තම තට්ට හිස වසා ගත් ඔහු අව් කාස්ටකේ උසාවිය පාරට බැස ගමන් කරයි. ගුණතිලක අයියා සමග කතා බහ කරමින් 'දවස' කන්තෝරුව ඉදිරිපිට බස් නැවතුම් පළට ගිය ඔහු කොටා රෝඩ් හරහා යන බසයක නැගී ගෙදර යයි. එහෙත් තමා අතර මං කිරීම ගැන රියැදුරු සේවයෙන් නෙරපා හැර දැමූ බව කෙසේ වෙතත් ඔහුට බැණ වැදුණ බවක් වත් අපට අසන්නට නොලැබුණි.ඉන් පසුවද එන්.එම්. සහෝදරයා ගමන් ගියේ අර රියැදුරු සමගමය.
 
එන්.එම්.සහෝදරයා එක්තරා දිනක 'ජන දින' කන්තෝරුවේ තම මේසය ළඟ හිඳ යම් කිසිවක් ලියයි. පක්ෂයේ කම්කරු සහෝදරයෙක් හදිසියේ ඔහු වෙත පැමිණ යම් කිසි වෘත්තීය ප්‍රශ්නයක් ගැන නිර්දය විවේචනයක් එල්ල කරයි. එවේලේ කතු මඬුල්ලේ සිටි අප කීප දෙනාට ඔහුගේ බලවත් චිත්තාවේගය මැනවින් පසක් වන්නේ නොනැවතී එල්ල වන වාග් ප්‍රහාරයෙනි. දෑස පියා ගෙන මාපටැඟිලි හා දබරැඟිලි තුඩින් නළල පිරිමදිමින් එන්. එම්. සහෝදරයා මුවින් නොබැණම කම්කරු සහෝදරයාට සවන් දී හිඳියි. තම නායකයාගෙන් එකද වදනකුදු නෑසූ කම්කරු සහෝදරයා දැල්වුණු කෝපයෙන් පිටව යයි.

එදින සවස් වරුවේ නිමල් හොරණයන් සහ මා එන්. එම්. සහෝදරයා සිටි මේසය අසලට ගියේ පුවත් පතට සම්බන්ධ යම්කිසි කරුණක් ගැන සාකච්ඡා කිරීමටය. ඉන් අනතුරුව නිමල් හොරණයෝ තම පක්ෂ නායකයාගෙන් මෙසේ ඇසූහ.
"සහෝදරයට තිබුණනෙ අර කම්කරු සහෝදරයාගෙ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න."
"සහෝදරයා , මම ආනන්ද විද්‍යාලයෙ ඉගෙන ගන්න කොට මට සිංහල ඉගැන්නුවෙ බලංගොඩ ආනන්ද මෛත්‍රේය හාමුදුරුවො. ඒ හාමුදුරුවො ඉගැන්නුවා සුභාෂිතයෙ කවියක්.ඒ කවි උපදේසෙ මං තාම පිළිපදිනවා.
"තමන් හට නොසමයන් වන
කලට සම
මුවෙන් නොබැණ ඉවසනු සුදන
ගරු කම"
"ඒ සහෝදරයා හිටියෙ හොඳටම කේන්තියෙන්.කේන්තියෙන් ඉන්න මිනිහෙකුට කරුණු ඒත්තු ගන්නන්න බෑ. මං ඒ සහෝදරයට ඇහුම් කන් දීලා ප්‍රශ්නෙ තේරුම් ගත්තා.
දැන් එයා ගෙන්නලා ප්‍රශ්නෙ විසඳන්න ලේසියි." 

තහනමෙන් පසු යළි ඇරඹූ 'ජන දින' පුවත් පතට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් 1969 පෙබරවාරි 15 වැනි දා කොළඹ නව නගර ශාලා භූමියේ පැවැති සල්පිල අවසානයේ හිටිවන කවි සන්ධ්‍යාවක් විය.රෑ කල පුරහල් බිම් කෙළවරකට වී කවි රස විඳිමින් සිටි අපි , රැස්ව හුන් සෙනග අතර දිස් වුණු රුව එක් වරම හඳුනා ගත්තෙමු. එන් .එම් . සහෝදරයා ඒ මේ අත සක්මන් කරමින් කවි රස විඳියි. ජනතාව සමග සුහද ලෙස කතා බස් කරමින් එකට සතුටු වෙමින් ඔහු ඒ රැය ගෙවූ අයුරු දැනුදු මගේ සිතේ මැවී පෙනේ.

මගේ ඇතැම් මිතුරන් ඔහුට එල්ල කළ විවේචනයක් ඇත.එනම් ඔහු සාහිත්‍යය හා කලාව ගැන අවධානයක් යොමු නොකළ බවයි.ඔහු කලකට පෙර බර්නාඩ් ෂෝ පිළිබඳව අගනා ලිපියක් ලියූ බව මා ඇසූයේ මගේ ළෙන්ගතු මිත්‍ර අතීත ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හුන් සරත් නාවාන සහෝදරයා ගෙනි.එන් .එම්. සහෝදරයා තුළ වූ සෞන්දර්ය කාමය පිළිබඳ මහා ගාන්ධර්ව අමරදේවයන්ගේ අමර සමර මෙයුරුයි.
"සිය මනස තුළ නිතර රජයන විප්ලවකාරී සිතිවිලි අතර සෞන්දර්ය හැඟීම්වලටද මනා ඉඩකඩක් තිබුණේය. වරක් මගේ සංගීත සංදර්ශනයක් පැවති අවස්ථාවක දළදා මාලිගාවේ මහ මළුවේදී මගේ 'සසර වසන තුරු' ගීතය දෙවරක්ම ඔහු මා ලවා ගායනා කරවූයේය. තමාගේ ජනප්‍රිය ගීතයක් වන්නේ 'සසර වසන තුරු' ගීතය යැයි එදා කීවේය. තිසා වැවේ රැළි අතරින් ,මහ බෝ සෙවණින්, සීගිරියෙන් ඔහුගේ හදවතේ රිද්මය දේශ වාත්සල්‍යයෙන් පිරී යන ආකාරය මම එදා දුටුවෙමි." 

ව්‍යායාම සඳහා එන්.එම්. සහෝදරයා බෙහෙවින්ම කළේ ටෙනිස් ක්‍රීඩාවය. ඇමති රාජකාරියට නිල රථය පාවිච්චි කළ ඔහු ටෙනිස් ක්‍රීඩාවට ගියේ පෞද්ගලික මෝටර් රියෙනි.ගමන් යද්දී රියැදුරු අතින් සිදු වන ප්‍රමාද දෝෂයන් ගැන මුවින් නොබැණ සිට නිවසට පැමිණි පසුවම අවවාද කිරීම ඔහුගේ සිරිතය. එසේම තමා වරක් කියූ දෙයක් එය ඇසූ තැනැත්තා සිය වරක් පැමිණ ඇසුවත් එම අමතක වීම ගැන නොකිපී නොබැණ එය ඒ අයුරින්ම යළි යළිත් ඒ තැනැත්තාට කියා දීම ඔහුගේ සිරිතය. 
අවුරුදු ගණනකින් මුණ නොගැසුණු හිතෛෂීයෙකු යළි හමු වූ විට ඔහුට නමින්ම අමතා දුක සැප ඇසීමද සිරිතක්මය. කවර තරාතිරමක පුද්ගලයෙකු වුවත් ඔහු අවංක කෙනෙකු බව තම සිතට එකඟව පිළිගැනී ඇත්නම් කවුරු කෙසේ කීවත් එන්.එම් .සහෝදරයාට ඔහු අවංක තැනැත්තෙකි. ඒ තත්ත්වය වෙනස් වන්නේ ඔහු වංක කෙනෙකු බව කවදා හෝ තමාටම පසක් වූ පසුවය. වංචාවක් හෝ කපටිකමක් කර අසුවූ පුද්ගලයා ඔහුට මෝඩයෙකි. 

සුළු අසනීප ගතියක් ඇති වුණු හැම විටම ඉඟුරු කොත්තමල්ලි තම්බා බී ගුණාගුණ බලා මිස වෛද්‍යවරයෙකු සොයා දිවීමට නොසිතූ එන්.එම්. සහෝදරයාගේ එම ජන්ම ගතිය බටහිරින් ලබා ගත් ඉරට්ටේ ආචාර්ය උපාධියෙන් බිඳකුදු නොසෙල්වුණි. 
දිනක් මා එන්.එම් සහෝදරයාගේ නිවසේ ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වෙමින් සිටින අවස්ථාවේ සමසමාජ පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙක් වූ ඩී.ජී.විලියම් සහෝදරයා එතැනට පැමිණියේය. 'එක්ස්කියුස් මී' යැයි පැවසූ ඔහු තම පක්ෂ නායකයා සමග කතා කරන්නට පටන් ගත්තේ දුබල ඉංග්‍රීසියකිනි.එම ඉංග්‍රීසියෙන් කරුණු පැහැදිලි කරන කම්කරු සහෝදරයාගේ කතාවට උභය ආචාර්ය උපාධි ධර කම්කරු පක්ෂ නායකයා සවන් දුන්නේ සාවධානව මිස සාවඥව නොවේ. ඉංග්‍රීසියේ අඩුව තඹ දොයිතුවකටවත් ගණන් නොගෙන විලියම් සහෝදරයා කී දේ අවංක උනන්දුවකින් අසා සිටි එන් .එම් . සහෝදරයා ඔහු තමාගෙන් සමුගෙන ගිය පසු යළි මා සමග කතාබහ ඇරැඹුවේ කිසිම අමුත්තක් නොපෙන්වමිනි. වෘත්තීය සමිති නායක ගෝල්ෆේස් විලියම් සහෝදරයා අධ්‍යාපන වරප්‍රසාද නොලත් සමාජ පන්තියට අයත් තැනැත්තෙකු බව මැනවින් දන්නා එන්.එම්.සහෝදරයා ඔහු දිරි ගෙන ඉංග්‍රීසි බස හුරු කර ගැනීමට දරන තැත අවංකවම අගය කරන්නට ඇත. මේ පීඩිත පන්ති නායකයාගේ දැක්ම එතරම් පුළුල්ය. හදවත එතරම් විසල්ය. 
විලියම් සහෝදරයා හදිසියේ මිය ගිය මොහොතේ එන්. එම්. සහෝදරයා සිටියේ පිටරටය. සමසමාජ පක්ෂයේ ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති නායකයෙකු වශයෙන් තම මුළු ජීවිතයම පක්ෂය හා පීඩිත පන්තිය වෙනුවෙන් කැප කළ ගෝල්ෆේස් විලියම් සහෝදරයාගේ හදිසි අභාවය පිළිබඳ පුවත අසා බලවත් කම්පාවට පත් ඔහු වහා මවු බිමට පැමිණි සැටි මට අද මෙන් මතකය. 

'ජන දින' පත්තර කන්තෝරුව මගින් පළ කරන ලද 'ජන කවි' පත්තරයේ අග සකසු වූයේ පී. බී .අල්විස් පෙරේරා කිවිඳුය. ඔහු හදිසියේ මිය පර ලොව ගිය වේලේ එන්. එම්. සහෝදරයා දැඩි සේ කම්පාවට පත් වූ අයුරු මට තවමත් මතකය. කිවිඳුගේ අවමඟුල් උත්සව සභාව අමතමින් ඔහු පැවැත්වූ හද හඬවන කතාව එකිවිඳුන් කෙරෙහි පමණක් නොව ලෝ සියල් සාහිත්‍යය හා කලාකරුවන් කෙරෙහි ඔහු තුළ පැවති ස්නිග්ධ ස්නේහය ධ්වනිත කරන්නකි. 

1947 ඇරඹුණු පළමු වන පාර්ලිමේන්තුවේ පටන් එදා මෙදාතුර , ස්වතන්ත්‍ර ලෙස , එනම් තමා විසින්ම , අයවැය ලේඛනයක් සකස් කළ එකම මුදල් ඇමතිවරයා හැටියට එන්.එම්. සහෝදරයා ඉතිහාස ගතව ඇත. ඔහු සතු තීක්ෂ්ණ බුද්ධිය මෙන්ම පරිණත අර්ථශාස්ත්‍රඥානයද සනාථ කරන ‍ප්‍රත්‍යක්ෂ සාධකයක් හැටියට එය සැලකීම කවර වරදද? 1970 සමගි පෙරමුණු ආණ්ඩුව වෙනුවෙන් එන්.එම් සහෝදරයා ඉදිරිපත් කළ පළමු අයවැය ලේඛනයට එ.ජා.ප නිල පුවත්පත වන 'සිය රට' අතිශය අපහාස මුඛයෙන් අවඥා කළේ 'තොට ළඟ මාටියාගේ බොරු ගණන්' යන මුල් පුවත් සිරස්තලයෙනි. එදා පාර්ලිමේන්තු සභා ගැබ තුළ උත්තුංග ප්‍රඥා පෞරුෂ්‍යයකින් නැගී සිටි එන්.එම්. සහෝදරයා අල්ප මාත්‍ර හීන මානයකිනුදු නොමැඬී මේ ප්‍රශස්ත අභිමානවත් ඓතිහාසික ප්‍රකාශය කළේය. 
" මට මාටියා කීමේ කිසි වරදක් නෑ මං මාටින් නිසා. ඒත් මගේ පියාට කළ අපහාසය මට දරා ගන්න බෑ. මං ඉපදුණේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක්. පුංචි කොණ්ඩයක් බැඳලයි හිටියෙ. සමහර දවස්වලට තාත්තා මට කියලා කොණ්ඩෙ තෙල් ගාව ගෙන පීරවල බන්ද ගන්නවා. මම ඒක කරන්නෙ ලොකු සතුටකින්. සතෙන් පටන් අරන් බොහොම අමාරුවෙන් දියුණු වෙන්න උත්සාහ කළ එයා සමාජවාදියෙක් නෙමෙයි. ඩඩ්ලි සේනානායක මහත්තයගෙ තාත්තා වලව් කාරයෙක්. බෝතලේ වලව්වෙ මහාමාන්‍ය ඩී. එස්.සේනානායක මහත්තය තමන්ගේ පුතා වැඩි දුර ඉගෙන ගන්න එංගලන්තෙට යැව්වා. තොට ළඟ සුළු කඩ වෙළෙන්දෙකු වන අබරන් මුදලාලිත් වැඩිදුර අධ්‍යාපනය ලබා දෙන්න තමන්ගෙ පුතත් එංගලන්තෙට යැව්වා. ඉතින් ඩඩ්ලි සේනානායක මහත්තයයි මායි දෙන්නම ඉගෙන ගත්තේ එංගලන්තෙ. එයා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ. මම ලන්ඩන් විශ්ව විද්‍යාලයෙ. අන්තිමට එයා පෝලෝ ක්‍රීඩාවෙන් සමත් වුණා. පෝලෝ කියන්නෙ ධනපති මිනිස්සු අස්සයො පිට නැගලා කරන සෙල්ලමක්. මං පී.එච්.ඩී විභාගෙන් සමත් වුණා. අපි දෙන්නා අතරෙ වෙනස ඒකයි." ‍

'ඩබල් ඩොක්ටර්' යන තම කීර්ති නාමයට හේතු වූ එන්. එම්. සහෝදරයා සතු ආචාර්ය උපාධි දෙක පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ සාවද්‍ය වැටහීමකි. ඔහු ශූර අර්ථ ශාස්ත්‍රඥයෙකු නිසා ඒ උභය උපාධියම අර්ථ ශාස්ත්‍ර විෂයට අයත් සේ සැලකීම බහු සම්මතය වී ඇත.එහෙත් ඉන් එකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විෂය පාදක කර ගත්තක් බව බොහෝ දෙනා නොදනිති. හිට්ලර් විසින් පෙරළා දමන ලද 'වයිමර්' නම් ජර්මන් සමූහාණ්ඩුවට [Weimar Republic - (1919-1933)] අයත් ව්‍යවස්ථාව විෂය කර ගෙන ඔහු විසින් සම්පාදිත විශිෂ්ට ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධය වූකලී අදද .ලොව පුරා ව්‍යවස්ථා විශේෂඥයන්ගේ අඛණ්ඩ පරිශීලනයට පාත්‍රව පවත්නා ප්‍රාමාණික ග්‍රන්ථයකි. 
1978 අගෝ: 31 වැනි දා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඇටවූ ව්‍යවස්ථා කටුකම්බි වැටේ පැටලී ඉන් ගැලවී ගත නොහැකිව අද වන තෙක්ම මුකපූට්ටු වී දඟලන සකල ලක් වැසි ජනතාවට මේ නස්පැත්තිය පිළිබඳව මුල්ම අනාවැකිය පළ කළ දේශපාලන අනාගත වක්තෘ වරයා වූයේ එන්.එම්.සහෝදරයාය. ඔහු ඒ අනා වැකිය පළ කළේ ඉංග්‍රීසි
පුස්තිකාවක් මගිනි. එය වූකලී Socialist Nation යන ඉංග්‍රීසි පත්‍රයට ඔහු ලියූ ලිපි පෙළක එකතුවකි. එය තම මව් බසට නැංවීම සඳහා බාර කළේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ පුස්තකාලයාධිපතිව සිටි ටී.ජී.පියදාස සහෝදරයාටය.සිංහලට පරිවර්තිත කෘතිය 1981දී 'විවේචනාත්මක විශ්ලේෂණයක්' නමින් පළ විය. (78) ව්‍යවස්ථා ශාපයේ අනිවාර්ය පල විපාක වශයෙන් හටගත් ජන පීඩනය හා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ විනාශය පිළිබඳව සසාධකව සකාරණව තර්කානුකූලව කරුණු හෙළිකරන එවන් යථාර්ථවාදී විවේචනාත්මක දේශපාලන විශ්ලේෂණයක් එදා මෙදා තුර පුස්තිකාවක් වශයෙන් වුව මෙරට ප්‍රකාශයට පත්ව ඇද්දැයි නොදනිමි.

එන්.එම් සහෝදරයාගේ ඉංග්‍රීසි පුස්තිකාවේ සිංහල පරිවර්තනයට 'පෙරවදන' ලියන කොල්වින්.ආර්.ද. සිල්වා සහෝදරයා එහි ලා පවසන මෙබස් ඔබ හැම ඇසින් අසත්වා!.
"ආචාර්ය පෙරේරා තම ග්‍රන්ථයෙන් පෙන්වා දී ඇති පරිදි ඇමෙරිකානු ආකෘතියේ නාමයෙන් අපට ඇත්ත වශයෙන්ම දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ධනපති පංතියේ අවශ්‍යතාවයන්ට සුදුසු වන සේ සකස් කරන ලද, නොයෙකුත් ජනාධිපති ක්‍රමයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල, ආචාර්ය පෙරේරාගේම වචනවලින් කියතොත්, අවුල් ජාලයකි. එම අවුල් ජාලය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නොව, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැළඳගත්, ව්‍යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපතිත්වයකි." 
එන්.එම් සහෝදරයා තම පුස්තිකාවට ලියා ඇති 'ප්‍රස්තාවනාව' අවසන් කොට ඇත්තේ පහත එන අනාවැකි පාඨයෙනි.

"බලය දූෂ්‍ය අතර නියත බලය නියත වශයෙන්ම දූෂ්‍ය වන්නේය. එබැවින් ඇමෙරිකානු සමුහ ආණ්ඩු ඒකාධිපති භාවයෙන් දුඹුල් වීම වටහා ගත හැකිය. සීමිත කාල පරිච්ඡේදයක් තුළ අසීමිත බල පරාක්‍රමයෙන් හෙබීමට ජනාධිපති ක්‍රමය අවස්ථා සලසන්නේය. එහෙත් බලය බුක්ති විඳීමෙන් වර්ධනය වන රසය හා තෘෂ්ණාව පහසුවෙන්
සංසිඳවිය නොහැක. ශ්‍රී ලංකාව වැනි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ගැන විශාල අත්දැකීම් සමුදායක් ලබා ඇති, සාර්ථක අන්දමින් එහි මුල් අවධියේ වූ අර්බුදවලින් ජය ගත් රටක්, දැන් එය ව්‍යවස්ථා අර්බුදයේ පල්ලමට පෙරලා දමමින්, අවසානයේදී ප්‍රජාතන්ත්‍රය පවා උවදුරට පත් කිරීම ඛේද ජනකය." 

(78) ව්‍යවස්ථාව පර සක්වළ ගසමැයි වහසි බස් දොඩමින් ආ හැම එකාම එය නොකළේත් ඉදිරියේදී එය කරන බවක් තවමත් අසන්නට නොලැබෙන්නේත් අර බලය බුක්ති විඳීමෙන් වර්ධනය වන රසය හා තෘෂ්ණාව පහසුවෙන් සංසිඳවිය නොහැක්කක් වන නිසාවත්ද? 

සත් මසින් මෙලොව එළිය දුටු එන්.එම්. කිරි සප්පයා හදා වඩා ගෙන ඇත්තේ කිරි පොවමිනි. එහෙත් ඔහු පසුව ප්‍රතාපවත් ප්‍රාඥයෙකු බවට පත් විය. මෙරට පහළ වූ අසාමාන්‍ය ගණයේ පුරුෂ ශ්‍රේෂ්ඨයෝ දෙදෙනෙක් එකම නාමයෙන් කීර්තිමත් වූහ. එක් අයෙක් නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා හෙවත් එන්.එම්. පෙරේරාය. අනික් තැනැත්තා මාර්ටින් වික්‍රමසිංහ සූරීහුය. දෙදෙනාගේ අභාවප්‍රාප්තියේද විශේෂ සමානත්වයක් විය. එනම් අවසානය ළඟා වෙද්දී දෙදෙනාගේම සිරුරුවල අන් සියලුම අවයවයන් නැවතුණු පසුවත් හදවත් දෙක පමණක් දින ගණනක් යන තුරුම එක සේ නියම රිද්මයෙන් ස්පන්දනය වීමය. 
ඒ බව මා අසා දැනගත්තේ එන්.එම් සහෝදරයා මඤ්චපරායණව සිටියදී ඔහු ළඟින්ම නොසෙල්වී සිටි වෛද්‍ය කාලෝ ෆොන්සේකා සහෝදරයාගෙන් හා තම පියා වන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අවසන් හුස්ම පොද වා තලයට එක් වෙන තුරුම ඔහු ළඟම දැවටෙමින් සිටි ඔහුගේ බාල පුත් වෛද්‍ය හිමාංශු රංග වික්‍රමසිංහයන්ගෙනි. 

තම ජීවිතයේ කිසිදු අවස්ථාවක හෘදයාබාධයකට ගොදුරු නොවූ එන්.එම්. සහෝදරයා සහ මාර්ටින් වික්‍රමසිංහ සූරීහු මෙරට ජන හද රිද්මයට දැඩි ආදරයෙන් සවන් දුන් ළතෙත් මානව හිතවාදීන් දෙදෙනෙකු නොවූහයි කාට නම් කිව හැකිද?

මුණු පොතට - කරුණාරත්න අමරසිංහ. 

A day in the life

2025-06-10

උම්බලකඩ




අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය. 
ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය.

ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය.
ලංකාවේ කිසිම දවසක උම්බලකඩ විකුණන්නට රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කළේ නැත.
උම්බලකඩ කෑල්ල අද ඒ තත්ත්වයට පත්ව ඇත්තේ බහුජාතික සමාගම් උම්බලකඩ බිස්නස් එකට අත දැමීමත් සමගය. බොහෝ සමාගම් උම්බලකඩ විකුනන්නෙ උම්බලකඩ පවුඩර් මිශ්‍රණයක් නමිනි.
එම ලේබලයේ සැබෑ උම්බලකඩ සමගින් යනුවෙන් තවත් සඳහනක් ඇත. එයින් කියැවෙන්නේ සැබෑ උම්බලකඩවලට අමතරව තවත් ඒවා ඇති බවයි.
ඒවා මොනවාදැයි සොයා බැලූ විට පෙනී යන්නේ අප උම්බලකඩ කුඩු කියා කන්නේ අජිනොමොටෝ බවයි.
මෑතකදී පිළිකා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ පිළිකා රෝහලට අතීතයේදී දිනකට පැමිණෙන නවක රෝගීන් ගණන 7-8 පමණ වූ බවයි. වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට 80 පමණ වන බව ඔහු ප්‍රකාශ කළේය.
පිළිකාව අප උපතින් අරන් එනවාද, නැතිනම් බහුජාතික සමාගම් අපට පිළිකා හදනවාද යන්න වටහාගත යුතු කාල සීමාව දැන් එළැඹ ඇත.
ඉස්සර අප දැන සිටියේ ක්ෂණික මෝචනය පමනි. දැන් ක්ෂණික නූඩ්ල්ස්වල සිට හැම කන කෑමක්ම, බීමක්ම ක්ෂණික වී තිබේ.
අපේ ජීවිත ක්ෂණික කරදී ක්ෂණිකව ස්වර්ගයට යන පාර කපාදීම බහුජාතික සමාගම්වල ක්ෂණික කාර්යභාරය වී තිබේ.
මෙකී බහුජාතික සමාගම් ජනතාවගේ ඇස්වලට වැලි ගසන තවත් උපාය මාර්ගයක් ඇත. එනම් ඔවුන් විකුණන ආහාර වර්ග ඇසුරුම්වල ඉදිරිපස 'no added msg' යනුවෙන් ලොකුවට සඳහන් කර තිබීමයි. අපේ රටේ මෝඩ ජනතාව සිතන්නේ මේක මරු කෑමක් කියායි.
එහෙත් ඇසුරුම පිටුපස බැලූවිට යථාර්ථය මොනවාට පැහැදිලි වෙයි. ඉහත 'no added msg' යන පාඨයෙන් කියවෙන්නේ අමතරව msg අඩංගු කර නැති බවයි. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් එක් කරන msg ප්‍රමාණය එහි අඩංගුව ඇත.
බහුජාතික සමාගම් මෙරට ජනතාවට මෙලෙස වස ගිල්ලවද්දී සෞඛ්‍ය බලධාරීන් නිසොල්මනේ බලා සිටීම විමතිය දනවන කරුණකි. පාරිභෝගික ආරක්ෂා පනත්, පාරිභෝගික අධිකාරිය යනාදී වශයෙන් නහුතයක් අධිකාරි හා සංවිධාන මේ රටේ පිහිටුවා තිබේ. නිදි වැද සිටීම හැර මෙම සංවිධාන කරන වෙනත් කාර්යභාරයක් නැතිදැයි ඇතිවන්නේ බලවත් සැකයකි.
අපි දැන් උම්බලකඩ කුඩු දෙසට හැරෙමු.
උම්බලකඩ කුඩු පැකට්ටුවක් පිටුපස දෙස බලන්න .
එහි සඳහන්ව ඇත්තේ මොනවාද...?
Salt, monosodium glutamate, disodium guanylate, disodium 5- inosinate, corn starch, sugar, palm fat, caramel powder, silica ආදිය එහි අඩංගු බව සඳහන් වේ. මෙයට අමතරව උම්බලකඩ කුඩුද ඇතුළත් කර තිබේ.
ගෙදර උම්බලකඩ කුඩු ටික කොටා ගන්නට කම්මැලි අමන මෝඩ පාරිභෝගිකයෝ උම්බලකඩ නාමයෙන් තම දරුවන්ට අජිනොමොටෝ ගිල්ලවා තමනුත් ඒවා ගිල දමති.
Made in China චිත්‍රපටයේ මෙවන් ප්‍රකාශයක් එයි.
'පාරිභෝගිකයා මෝඩයෙකි'
ලංකාව සම්බන්ධයෙන් නම් එය 100% ක්ම නිවැරදිය. මෝඩයින්ට අමතරව අපි හරකුන්ද වන්නෙමු.
කඩේ උම්බලකඩ කිලෝව රුපියල් 2000 කට ගත හැකිව තිබියදී ඒ වෙනුවට අපි අජිනොමොටෝ දැමූ උම්බලකඩ කුඩු මිශ්‍රණය කිලෝවට රුපියල් 3000 ක් වැයකරමු. (ග්‍රෑම් 40 රුපියල් 120 බැගින් කිලෝ එකට රුපියල් 3000)
අප කන උම්බලකඩ කුඩු මිශ්‍රණයේ තිරිඟු පිෂ්ඨය සහ සීනි ඉහළ ග්ලයිසමික් දර්ශකයක් ගන්නා අතර දිගු කලක් පාවිච්චි කිරීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධයක් වීමටත් ඉඩ ඇත. ඒ සමගම මෙහි අඩංගු පාම් මේද මගින් ක්‍රියාශීලී ජීවන රටාවක් නැති අපට අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් සහ අක්මාව එසේත් නැත්නම් සිරෝසීස් වැනි රෝග තත්ත්වයන්ට අත වනනු ඇත.
මේ බහුජාතික සමාගම් අපට වස කවනුයේ පාරිභෝගිකයා නොමඟ යවන සුළු වාක්‍යවල සඟවාය. ඒවා මෙසේය.
ස්වභාවික රසකාරක, අනුමත රසකාරක, රස යාමනයන්, මෝල්ටඩ් බාර්ලි, වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වභාවික චිකන් රස, ආහාර පදම් කාරක, තිරිඟු සිරප් යනාදී වශයෙනි.
මේවා සියල්ලේම අඩු වැඩි වශයෙන් සඟවා ඇත්තේ අජිනමොටෝය. නැතිනම් msg ය.
අජිනොමොටෝ නම් වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා මොනෝසෝඩියම් ග්ලූටමේට් නැතිනම් msg යන මෙම රසායනිකය මදසරුභාවයට, ලිංගික බෙලහීනතාවයට ප්‍රධාන වශයෙන් බලපායි.
Msg මගින් මොළයේ ඇති රසය හඳුනා ගන්නා සෛලය අධි උත්තේජනයට ලක් කරයි. ඒ අනුව කටේ දමා ගන්නා ඕනෑම දහජරාවක් ඉතාමත් ප්‍රනීත රසයෙන් යුක්ත බව මොළයට සන්නිවේදනය කරයි.
අවසානයේ පුන්නක්කු වුවත් msg දමා එව්වොත් අපේ ජනතාව විසින් ඉමහත් අතිරුචියකින් බුදින තත්ත්වයකට දැන් පත්ව ඇත. අද අප කරමින් සිටිනුයේ එයයි.
පරිප්පුවලටත් අපට සුප් කැටය දැමීමට අවශ්‍යය. පරිප්පු අප කෑවේ දශක ගණනක් එහා සිටයි. අද ඒ පරිප්පුම අජිනමොටෝ දමා චිකන් රසට කන්නැයි බහුජාතික සමාගම් අපට උගන්වයි.
අපි හිස් මුදුනින්ම ඒවා පිළිගන්නෙමු.
අවසානයේ මේ සියලු දෙනාම ගොඩවන්නේ 119 මහරගම- දෙහිවල බස් එකටය. ගමනාන්තය වන්නේ මහරගම පිළිකා රෝහලයි.

(උපුටා ගැනීමකී)

A day in the life

2025-06-09

ඌව වෙල්ලස්ස ජන ජීවිතයෙන් උපන් කවි.

අටිය වඩන අටුගොඩ කුරු මරකාවා
නැටිය බරින් පලගත්තේ පලදාවා
කටුවට එන බඹරිඳුගේ ගෝසාවා
කටුවත් රසයි අටුගොඩ කුරු වරකාවා 

මස් නිසා කැලේ ඇවිදින දිවි දේනූ
ඇස් වසා සතුන් අල්ලා කති පේනූ
බස් නිසා පරුස නොකියන් මට යේනූ
කොස් නිසා අඬති මීයාගල ගෑනූ 

උඩට එළිය වැටුණා තල මල පිපිලා
බිමට අඳුර වැටුණා තල මල නැමිලා
කඳන් විස්ස විසි පැත්තට බේද වුණා
පිටදෙණියට ඔබිනා තල මල පිපුණා 

නමක් තැරෑලේ පැවතුණි විහාරේ
බිමක් මෙතන කෙටුවා සේම පාරේ
පිනක් කරගන්ට බැරිවුණි නිස්සාරේ
දෙකක් පිපුණි හොඳ තල මල් විහාරේ 

ගල් කැඩුමට මහ පාරත් යස සුද්දා
දිය නෑමට අඹ ගහ ළිඳ සුවි සුද්දා
මල් පිපුමට ටැම්ගොඩ පන්සල සුද්දා
යල් කුඹුරට පිපි තල මල පරසිද්දා 

අහසකි උසකි උස පමණකි රන් කොතකී
මූදකි රැලකි රැල පිට යන තල ගේකී
දේස දේසවල කියනා සන්නයකී
මෙවැනි ආකාර අම්මේ, තලමලකී 

අහස උපන්නේ මොනදා මොන නකතෙන්
පොළොව උපන්නේ මොනදා මොන නකතෙන්
මුහුද උපන්නේ මොනදා මොන නකතෙන්
සිවුපද උපන්නේ මොනදා මොන නකතෙන් 

කුරක්කන් කපන වාරෙත් ආපි ළමා
ඉණේ තිබෙන වත ඇඳපන් දෙපොට නමා
කනේ තිබෙනු කොළ මැදපන් දියෙන් තෙමා
වටපිට නොබලන්න නුඹෙ අත කැපෙයි ළමා 

නෙරිය එන්ඩ එතු සේලේ ඇඳගන් හදියේ
ඉසපීරා ගෙඩිමාලේ බැඳගන් හදියේ
මල් කොතලෙයි පන් කැත්තයි ඇරගන් හදියේ
කිරි කුරහන් කපා ගන්ට යමකෝ හදියේ 

ගල් ගල් කුරක්කන් කැපුවේ පුතුගෙ ගෙට
මල් මල්, කුරක්කන් කැපුවේ මගේ ගෙට
මල් කරල ද කිරි පෙව්වේ පුත, නුඹට
ඔන්න පුතේ; මල් පෙට්ටිය පුටුව උඩ 

රෝද දෙකට තෙල් දාපන් කැරකෙන් න
අං හතරට කොපු දාපන් දිලිසෙන් න
බෙල්ල පල්ලෙ මිණි බැඳපන් නද දෙන් න
දක්කාපන් බිබිලේ පාරෙන් යන් න 

කළුගල් කඩාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි අපි නඟින්නේ 

තිස්තුන් දෙනෙක් බැසලා මාවතට අපි
නොදුටු ස්ථාන වැඳ වැඳ යන්න අපි
සතර වරම් හැම දෙවියෝ පිහිට වෙතී
කතරගමට බැහැලා පඬුරු දෙමු අපී 

පේළිකර කියමි අහගන්න පද නිතී
ආනුභාව ඇති දෙවිඳුගෙ රටේ ඇති
මූණු සයකි මයුරාසන වැඩ හිඳිති
රුහුණු රටේ කිරි වෙහෙරේ කඩුව ඇතී 

දුර කතරයි වෙල්ලස්සේ අපි ඉන්නේ
ළඟ කතරයි ගහ අස්සේ තොපි ඉන්නේ
දිය නිස්සට අපි ආවේ කිය පස්සේ
අපි බුන්නට කිළුටු ද ළඳ දිය ඉස්සේ 

වරාගමට හොඳ සූකිරි පනික්කියෝ
උල්ලාපොළට ගස් කැපුමට එන්ට ගියෝ
පීරාලා නිල් වරලස බැඳල ගියෝ
බඹර ගසෙන් වැටුණලු ඒ පනික්කියෝ

වෙන හෙල්වලට වැඩි මරගල උතුම්කමා
මේ හෙල උඩට වැල එලුවා හපන්කමා
ආදි සිටි අයගෙ අත තිබු සපන්කමා
කෝඩි තොපට දෙන ලස්සන මොකද මෙමා 

පොල්ගහගම පනික්කි ගුරු සැවොම ගියා 
වලස් බඹර දැක්කියලා එන්ඩ ගියා
කිතුලා පොළේ බුක්කීරිය කන්ඩ ගියා
කිතුලාපොලේ හඬ ඇරගෙන බඹරු ගියා 

වේලි හෙලේ ගෙල වටකර මුළුල්ලා
ගල් නළලේ බැන්දා වැනි තොටිල්ලා
තොටිල්ල මැදට යන විට කරකැවිල්ලා
මඬුගම හෙල බලතොත් මෙහෙ වරෙල්ලා 

පුරා තියෙන වළු පෙට්ටිය නිඹ දෙල් ලා
අඩුව තියෙන වළු පෙට්ටිය කැට පල් ලා
ගෙනා දලු බුලත් සුරතට කා පල් ලා
විඩා බෝයි අම්මා ‘හූ’ කැටිල් ලා 

උන්ඩි වෙන්ඩි උන් යන එන ගමන කට
මන්ඩි ගැසීලා ඉන්නා මොවා වට
කලක් පහන් කළ කෙතලක් ගෙනා වට
පණ්ඩිත නගාලා එනවද කඨින යට
 
රිදී වළලු අත ලා ලා අත වට ට
සේල ටිකිරි අන්දවලා තුනු විඟ ට
දහුරු ටිකිරි පොරවාලා උරිස් පි ට
රිදී ටිකිරි එනව ද වලු කටින ය ට




Gamini Karunachandra
නයන සංජීව - මුණුපොතට.

A day in the life

2025-06-08

ගජමන් නෝනාගේ අප්‍රකට කවි



වරක් එක්තරා මුදියන්සේ කෙනෙක් ගජමන් නෝනාට මෙ,කව කීවේ ලු. 
 
රෑබර දිගැසියන් වෙල මැදට බසිමිනේ
ආදරයෙන් කරල් මිටි,රැගෙන යන තැනේ
වා සර යෙන් ඉන ඇඳි වත ඉවත් වුණේ
වානර මුව සේ නැබ මුළ සුරති ගති පෙනේ 
 
ස්ත්‍රීලිංගය වඳුරු මූණකට සමාන කරමින් ඔහු මෙ,කව කීවේ
ගජමන්ට සරදම් පිණිස ය.
ඊට ගජමන් නෝනා දුන් පිළිතුරයි මේ ! 
 
කේසර එන්ට පෙරතුරු ගජතුගේ දක්සේ
වේ සර හට වුවොත් කුරැළුට වෙයි දුක්සේ
ඒ සැර ලියෝ ඇසවොත් මේ වග දක්සේ
වානර මුව උලති හම යනතුරු හොස්සේ