ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග හුදෙක්ම ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා විදින්නේය. මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2025-01-27

අපිට ආතතිය .




අපි හැමෝම සමහර වෙලාවට ආතතියට පත් වෙනවා.
🔹අපට ආතතියක් දැනෙන විට, අපගේ මොළයේ හයිපොතලමස අධිවෘක්ක ග්රන්ථි වලට කෝටිසෝල් සහ ඇඩ්රිනලින් ( එපිනෙප්ෆ්රින්) ඇතුළු ආතති හෝමෝන මුදා හැරීමට සහ වැඩි කිරීමට සංඥා කරයි. කෙටි කාලිනව ආතතියට ප්රතිචාර දැක්විමට මෙය සිදු වේ
🔹අපගේ ශරීරය අපව තැතිගන්වන තර්ජනය පහව ගිය පසු, අපගේ කෝටිසෝල් සහ ඇඩ්රිනලින් මට්ටම සාමාන්ය තත්වයට පත්වේ.
🔹නමුත් දිගුකාලීන ආතතිය නිසා කෝටිසෝල් සහ ඇඩ්රිනලින් මට්ටම ඉහළ මට්ටමේ පවති
🔹 මෙය හෝමෝන අසමතුලිතතාවයක් ඇති කළ හැකි අතර අපගේ සෞඛ්යයට,ප්රබල බලපෑමක් ඇති කරණ අතර ලෙඩ රෝග වැලදිමේ හැකියාවත් පවතින ලෙඩ රෝග තව තවත් වර්දනය විමේ හැකියාවත් වැඩි වේ.
🔹අධික කෝටිසෝල් අධි රුධිර පීඩනය, මනසික වියාකුලතාවය බර වැඩිවීම සහ තවත් රෝග රැසකට හේතු වේ .
🔹 දිගුකාලීන ආතතිය ටෙස්ටොස්ටෙරෝන්, ඉස්ට්රොජන් සහ ප්රොජෙස්ටරෝන් ඇතුළු අනෙකුත් හෝමෝන වලට බාධා කළ හැකි අතර, මෙම ගැටළු තවදුරටත් උග්ර කරයි.
🔹ඉහළ කෝටිසෝල් මට්ටම් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවීමට හේතු විය හැක.ටෙස්ටොස්ටෙරෝන් පිරිමින්ගේ මුලික ලිංගික හෝමෝනය වන අතර එය ,ලිංගික අප්රානිකත්වය වැනි ගැටලු රැසක් ඇති වේ.
🔹 කාන්තාවන්ටද එය ඇති අතර, එය ඊස්ට්රජන් හෝ ප්රොජෙස්ටරෝන් තරම්ම වැදගත් වේ.
🔹කාන්තාවන් තුළ, ටෙස්ටොස්ටෙරෝන් මාංශ පේශි වර්ධනයට සහ පවත්වා ගැනීමට උපකාරී වේ, ඇටමිදුළුවල රතු රුධිර සෛල නිෂ්පාදනය උත්තේජනය කරයි, කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනිමට සහාය වේ, බර පාලනය කිරීමට, වඩා හොඳ නින්දක් ඇති කිරීමට සදහා සහාය වේ.
🔹ටෙස්ටොස්ටෙරෝන් තරබාරුකම, මාංශ පේශි අහිමි වීම, සන්ධි වේදනාව, නින්ද නොයාම,අධිකකොලෙස්ටරෝල්,ඔස්ටියෝපොරෝසිස්, වඳභාවය ඇතුළු විවිධ ගැටළු වලට දායක විය හැක.
🔹අධික කෝටිසෝල් ඉස්ටජන් මට්ටම ද අඩු කරයි.
🔹 අඩු ඉස්ටජන් අක්රමවත් ඔසප් වීම, බර වැඩිවීම, රාත්රී දහඩිය, තෙහෙට්ටුව,අදික ලෙස තරහායාම සහ වෙනත් ගැටළු ඇති කළ හැකිය.
🔹කාන්තාවන්ගේ අඩු ප්රොජෙස්ටරෝන් අසාමාන්ය ගර්භාෂ ලේ ගැලීම, අක්රමවත් ඔසප් වීම, හිසරදය හෝ ඉරුවාරදය, මනසික වියාකුල විම අධික ලෙස තරහා යාම කාංසාව, මානසික අවපීඩනය, බර වැඩිවීම, ලිංගික ආශාවන් අඩුවීම, පියයුරු මුදු මොළොක් බව, ෆයිබ්රොයිඩ් සහ පිත්තාශයේ ගැටළු ඇති කළ හැකිය.
🔴නිදන්ගත ආතතිය බලපාන අනෙකුත් හෝමොන
🔹තයිරොයිඩ් හෝමෝන,
🔹Ghrelin සහ leptin, ආහාර රුචිය පාලනය කරන හෝමෝන, කුසගින්න වැඩි
කරයි
මෙලටොනින්, නොසන්සුන්තාවය සහ නින්ද නොයාම ඇති කරයි
ඉන්සියුලින්, දෙවන වර්ගයේ දියවැඩියාවට හේතු වේ
නිදන්ගත ආතතියේ වර්ග

චිත්තවේගීය ආතතිය (කෝපය, දුක හෝ කලකිරීම වැනි දුෂ්කර හැඟීම්)

පාරිසරික ආතතිය (ඔබ ජීවත් වන සහ වැඩ කරන ස්ථානය)

සබඳතා ආතතිය (ඔබ මිතුරන්, පවුලේ අය, සම-සේවකයින්, හවුල්කරුවන් , සමඟ සම්බන්ධ වන ආකාරය)
වැඩ ආතතිය (ඔබේ රැකියාවට අදාළ අභියෝග සහ පීඩනය ,)
නිදන්ගත ආතතිය මාංශ පේශි, ශ්වසන, හෘද වාහිනී, හෝමොන ,ආමාශ ආන්ත්‍රියක, ස්නායු සහ ප්‍රජනක පද්ධති ඇතුළුව ශරීරයේ සියලුම පද්ධති වලට බලපායි.
දිගු කාලින ආතතිය නිසා ඇතිවිය හැකි රෝග සහ රෝග ලක්ෂණ
තෙහෙට්ටුව
තරහා යාම
මානසික වියාකුලත්වයවය
අමතක විම
හිසරදය
ආමාශ ආන්ත්‍රයියික ගැටළු ගැස්ට්‍රයිටිස්, බඩේවෙදනාව
කොලෙස්ටරොල් වැඩි විම
පැහැදිලි කළ නොහැකි බර වැඩිවීම හෝ අඩු වීම
අක්‍රමවත් ඔසප් වීම
හිසකෙස් නැතිවීම හෝ සුදු වීම
අඩික ලෙස දහඩිය දැමිම
ලිංගික අප්‍රානිකාත්වය
බ්‍රොකන් හෘද සින්ඩ්‍රෝමය (ටකොට්සුබෝ සින්ඩ්‍රෝමය) ...
හෘද රොග ,හර්ට් ඇටැක් ...
අධි රුධිර පීඩනය. ...
දියවැඩියාව
නින්ද නොයාම. ...
මෙය ඔබේ නීරොගිභාවය තවත් දුර්වල කරයි
කාංසාව. මානසික අවපීඩනය. ..(ඩ්ප්ප්‍රෙශන්).
ශරිරයේ විවිඩ තැන්වල වේදනාව (හයිපර්ල්ජීසියා)
ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග,
ආතර්‍යිටිස්,,
ප්‍රතිශක්තිය අඩු වීම
මෙය නිතර විෂ බීජ ආශ්‍රිත රෝග වැලදිම
ආසාදන බෝවිම
තරබාරුකම
පශ්චාත් කම්පන ආතති ආබාධය
ශ්වසන ආසාදන
සමේ රෝහ
භින්නෝන්මාදය
🔰
කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමාර
A day in the life

2025-01-26

උසම කන්ද එවරස්ට් නෙමෙයිද ?




ලොව උසම කන්ද හිමාලයේ "එවරස්ට්" කන්ද නොව ඉක්වදෝරයේ "චිම්බරෝසෝ" ගිනිකන්ද බවයි භූගෝල විද්‍යාඤයෝ පවසන්නේ.
ඔවුන්ට අනුව කන්දක උස මැනීම සිදුවිය යුත්තේ පෘතිවි කබොල්ලට යටින් එම කන්ද ආරම්භ වන ස්ථානයේ සිටය. ඒ අනුව උස මැන්නොත් වඩා උස එවරස්ට් නොව චිම්බරෝසෝ ගිනිකඳු ශිඛරයයි.

පෘථිවිය ගෝලාකාර යැයි පෙනුනත් පෘථිවියේ භූ පිහිටීම ගෝලාකාර නැත. මුහුදු මට්ටමේ සිට බැලීමේදී ඉක්වදෝරයේ චිම්බරෝසෝ කන්ද අඩි 20,500 ක් උස්වන අතර එවරස්ට් කන්ද අඩි 29,029 ක් උසය. ඒ අනුව බැලූවිට එවරස්ට් කන්ද චිම්බරෝසෝ කන්දට වඩා අඩි 8,529 ක් උසින් වැඩිය.

කෙසේ නමුත් පෘථිවියේ කබොල්ලට යටසිට බැලූවිට එවරස්ට් නොව චිම්බරෝසෝ උසින් වැඩිවේ. චිම්බරෝසෝ කන්ද පිහිටා අැත්තේ පෘථිවි සමකයට ඉතාම ආසන්නයෙනි. නමුත් එවරස්ට් කන්ද පිහිටා ඇත්තේ සමකයට දුරින් උතුරු දෙසිනි. පෘථිවියේ මැද සිට උස මනිද්දී එවරස්ට් කන්ද සැතපුම් 3,965 ක් උසවන අතර චිම්බරෝසෝ ගිනිකන්ද සැතපුම් 3,967 ක් උසින් යුතුය.

A day in the life

2025-01-25

තාමත් විශ්වාසයි.



අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් ට්රිප් එක ගියාලු ලංකාවේ ටිකක් ඈත පළාතකට. දෙන්න දෙවෙනි දවසේ ටිකක් කම්මැලි හිතිලා ක්රිකට් පාරක් ගහන්න තීරණය කළා. හෝටලේට එහා පැත්තේ තියෙන ලඳු කැලෑවක් ළඟ පාලු බංගලාවක් තියෙනව. මේ දෙන්න එකේ වත්තට ගිහින් ක්රිකට් ගහන්න පටන් ගත්ත. මහත්තයා නළවල හෙමින් දාපු බෝලෙකට නෝනා වැර දාල ෂොට් එකක් ගැහුවල. බෝලේ උඩින් ගිහිල්ල පාළු බංගලාවේ උඩ තට්ටුවේ කාමරයක ජනෙල් වීදුරුවකුත් කඩා ගෙන ඇතුලට වැටුන.
දෙන්නත් එක්ක බෝලේ හොයන්න බයෙන් බයෙන් බංගලාවට ඇතුල් වෙලා සොල්දරේ උඩට නැග්ග. මෙන්න අර කාමරේ ඇතුලේ අඩ අඳුරේ පේනවලු බිම වැටිලා කුඩු වෙලා ගිය ලන්තෑරුමකුයි ඒ ලඟම හිටගෙන ඉන්න සරම් කොටයක් විතරක් ඇඳගත්ත උස මහත යෝධයෙක් වගේ කළුම කළු මිනිහෙකුයි.
"ඔහෙලා දෙන්නද මේ බෝලේ එවල ලන්තෑරුම කුඩු කලේ" යෝධයා මහා හඬින් ගෝරනාඩු කලා.
"අනේ අපිට සමාවෙන්න. හිතල කලේ නැහැ. අපි අළුතෙන් ලන්තෑරුමක් අරන් දෙන්නම්" කියල මහත්තයා බැගෑපත් වුනා.
"ඒකට කාරි නැහැ. මම තමයි මේ ලන්තෑරුම ඇතුලේ හිරවෙලා අවුරුදු දහස් ගාණක් හිටපු භූතයා. මේක කඩල ඔහේලා මාව නිදහස් කළා"
"හම්මේ යාන්තන් ඇති" කියල දෙන්නම ලොකු හුස්මක් ගත්ත.
" මාව නිදහස් කලාට ඔහෙලට මම ඕනෑම වර තුනක් ඉල්ලන්න දෙනවා. හැබැයි එක කොන්දේසියක් පිට" භූතයා කිව්ව.
"මොකක්ද මොකක්ද කියන්න අපි කරන්නම්" කියල මහත්තයටත් ඉස්සර නෝනා කතා කලා.
"මම අවුරුදු දහහ්ස් ගණනකින් ගෑණු පුළුටක් එක්ක ඉඳල නැහැ. මේ නෝන එක්ක මට මට පැය තුනක් ඉන්න දෙනවා නම් වර තුනම දෙන්නම්" කිව්ව.
දැන් නෝනයි මහත්තයයි මූණට මූණ බලනවලු. කල්පනා කරනව. ඔය අතරේ මහත්තය කිව්ව "ඔන්න ඔහේ ඕකට කැමති වෙමු අනේ. මිනිහෙක්යෑ භූතයෙක්නේ" කියල.
"අනේ ඒ වුණාට මට මොකක්ද වගේ අනේ" කියල නෝනා ඇඹරෙන්න ගත්ත.
"පැය තුනයිනේ. ඔන්න ඔහේ ඉන්න අනේ. මම අපිට ජිවිත කාලෙටම ජොලියේ ඉන්න පුළුවන් වර තුනක් ඉල්ලන්නම්" මහත්තය කිව්වා.
නෝනත් ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා කැමති වුණා.
මෙයාලගේ කැමැත්ත අහපු භූතයා මහත්තයට කිව්වා වර තුන ඉල්ලන්න කියල.
"අපේ අතුරුගිරියේ තියෙන ගේ මාලිගාවක් වගේ විශාල වෙන්න ඕනේ"
භූතයා දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා
"ගෙයි කාමර තුනක් පිරෙන්න රත්තරන් පුරවන්න"
භූතයා ආයෙමත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා
"ගෙදර ඕනෑම වැඩක් ඕනෑම වෙලාවක කරලා දෙන සේවකයෙක් මවන්න"
භූතයා තුන්වෙනි පාරටත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා
"දැන් ඉතින් මහත්තයා හෝටලේට යන්න මම පැය තුනකින් නෝනව එවන්නම්" භූතයා කිව්වා
හිතට ටිකක් මොකක්ද වගේ දැනුණත් මහත්තය හෝටලේට දිව්වේ හරිම සතුටින්.
ඔන්න ඉතින් භූතයයි නෝනායි අපූරුවට කාරිය කරගෙන ඇඳේ දෙපැත්තේ හාන්සි වෙලා ගිමන් අරිනවා.
"නෝනා ඉහලට ඉගෙනගෙන එහෙම තියෙනවද?" භූතයා ඇහුවා.
"අපොයි ඔව්. එංගලන්තේ චාර්ටඩ් අකවුන්ටන්සි ඉහලින්ම පාස් වෙලා ජපුර කැම්පස් එකේ එම් බී ඒ එකකුත් කළා"
"එතකොට මහත්තයා?"
"එයා කොළඹ කැම්පස් එකේ කෙමිස්ට්ට්රි ස්පෙෂල් එකක් කරලා, ඒකෙම මාස්ටර් එකත් කරලා දැන් පී එච් ඩී එකට රෙජිස්ටර් වෙලා ඉන්නේ"
භූතයා ලොකු සුසුමක් ඇරලා මෙහෙම කිව්වා
"අනේ ඉතින් මේ නෝනලා මහත්තයලා මෙච්චර දුරට ඉගෙන ගෙනත් තවම මේ භූත කතා විශ්වාස කරනවනේ"

අයුලි නුගාරා -
උපුටාගැනීමක්..
A day in the life

2025-01-24

කරුණාදාස මහත්තයා ( CGR )





80 දසකයේ නාවලපිටියේ වැඩකරා කරුණාදාස කියලා ප්රධාන නියාමක මහතෙක්. 80 දසකයේ රේල්වේ නිලධාරීන් වැඩිය යුනිෆෝම් ඇන්දේ නෑ. ඒ කාලෙත් කරුණාදාස මහත්තයා ෆුල් යුනිෆෝම් එක ගහලා රේල්වෙ අයිඩෙන්ටිය පවා පැලඳගෙනයි හිටියේ. කරුණාදාස මහත්තයා කථාවට අහුවුනොත් වෙලාව යනවා දැනෙන්නේ නෑ. මේක කරුණාස මහත්තයගේ කථාවක්.
කරුණාදාස මහත්තයා දවසක් බදුල්ලේ ඉඳලා අංක 36 දුම්රිය (ඒ කාලයේ උඩරට මැණිකේ දුම්රිය) වැඩ කරගෙන එනවා. ස්ටේෂන් වලදී ස්ටේෂන් මාස්ටර් විසිල් කලාට පසු කරුණාදාස මහත්තය විසිල් කරන්න ඉස්සර කෝච්චියේ ඉන්න කොල්ලෝ ටිකක් ඒ විදියටම විසිල් කරනවා ඉතිං අන්ඩගාඩ් මහත්තයත් සිග්නල් කරලා රියදුරු මහතාට එන්ජිම ගෙනියන්න අවසර දෙනවා. දැන් උඩුවර, හාලිඇල, දෙමෝදර ස්ටේෂන් වලදි මේක මේ විදියටම උනා. දැන් අපේ කරුණාදාස මහත්තයට මල්වල හොඳම එක පැනලා. ඇල්ලේදී කොල්ලෝ විසිල් කරපු ගමන්ම දුම්රියට යාමට නොහැකි වන සේ වැකූන් බ්රේක් ක්රියාත්මක කොට කෝච්චිය නැවත්වුවා.
අපේ මහත්තයා දැන් කොල්ලෝ ටික ඉන්න පෙට්ටිය ලගටම ආවා කිසි වෙනසක් නොවුනු ආකාරයට කොල්ලොත් එක්ක හිනාවුනා. ඒ එක්කම කොල්ලෝ සෙට් එකත් එක්ක හිටිය කෙල්ලෝ එක්කත් මනුස්සයා හිනාවක් දැම්මා.
පුතාලා කොහෙද ගියේ?
දැන් කරුණාදාස මහත්තයා අහනවා...
අංකල් අපි දුන්හිද බලන්න ගියා...
කොල්ලෝ උත්තර දෙනවා. අපේ මහත්තයා දැන් හිනා වෙමින් අහගෙන ඉන්නවා.
පුතාලා කොහෙද
අපි ගම්පහ අංකල්
ෂා නියම පැත්ත.
දැන් විසිල් ගහපු එකා පැත්තට හැරී මෙහෙම අහනවා
මම පුතාව දැකලා පුරුදුයි තාත්තා රේල්වේ නේද?
අපෝ නෑ අංකල් අපේ තාත්තා ප්රින්සිපල් කෙනෙක්
බොරු.
බොරු නෙවේ අංකල් ඇත්ත
ලග හිටිය කෙල්ලෙක් උත්තර දුන්නා. කරුණාදාස මහතා කෙල්ල දෙසට හැරී
වෙන්න බෑ..
කියලා කිව්ව විතරයි කොල්ලට මල පැන්නා.
අංකල් කෙහොමද අපේ තාත්තා ගැන දන්නේ?
කියලා ඇහැව්වා. අපේ කරුණාදාස මහත්තයා ඔහුට හිනාවක් එහෙම දාලා..
පුතාට කේන්ති ගියාද? නෑනේ. මේකයි පුතා අපිට කෝච්චියක් භාර දෙන්න ඉස්සර පුහුණුවක් දෙනවා. මේ විසිල් ගහන එකත් ඒ එකක්. මට මේක හරියට පිඹ ගන්න සෑහෙන කාලයක් ගියානේ. ඉතිං පුතා මටත් වඩා හොදට විසිල් එහෙකුත් නැතිව ගැහැව්වානේ?
කොල්ලා ටිකක් ආඩම්බර හිනාවකින් අපේ මහත්තයට සංග්රහ කලා.
ඉතිං පුතා ඔයාගේ අම්මා ඔය ලජ්ජාවට නොකියා ඉන්නේ. ඔයාගේ උප්පැන්නෙට විදුහල්පතිගේ නම ගියාට සංසර්ග ක්රියාවලිය සම්පුර්න කරලා තියෙන්නේ ගාඩ් කෙනෙක්....
උපුටාගැනිම - Hemalal Vidyaratne මහතා
CGR MAGAZINE
A day in the life