wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2024-11-24

නිදහස් වෙළද පල.









නිදහස් වෙළඳපල වෙනුවෙන් කතා කරන නව ලිබරල්වාදීන් කියන දෙයක් තමයි, රජය ආර්ථික කටයුතු වලට නැතිනම් වෙළඳපලට මැදිහත් නොවිය යුතුයි කියන කාරනාව වගේම වෙළඳපලට රිසිසේ ක්රියාත්මක වීමට ඉඩ දිය යුතුයි කියන කාරණය. අපි ගත්තොත් Advocata වගේ think tanks, ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ශ්රී ලංකාවේ ක්රියාත්මක කිරීමට උත්සහ කරන්නේ මේ කියන ආර්ථික ප්රතිපත්තිය. බැලූ බැල්මට කෙනෙක්ට පෙනෙන්න පුළුවන් මේක නිරවද්ය තර්කයක් විදිහට. නමුත් නිදහස් වෙළදාම කියල දෙයක් පවතින ලෝකයේ හෝ අතීතයේ පැවතියේ නැහැ කියන කාරණය, "හා ජූන් චැන්ග්" කියන ආර්ථික විද්යාඥයා හොදින් පැහැදිළි කරනවා. ඔහු කියන විදිහට ඊනියා නිදහස් වෙළඳපොළකට යටින් පවතින නීති රෙගුලාසි මොනවද කියන දේ දකින්න අපි අපොහොසත් වෙනවා නැතිනම් හිතා මතාම අපි ඒක නොසලකා හරිනවා.
1819දී එංගලන්තයේදී නීතියක් සම්මත කරනවා. මේ නීතිය තමයි, එකල පැවති කපු කර්මාන්තශාලාවල අවුරුදු නවයට අඩු දරුවන්ට වැඩ කිරීම තහනම් කිරීමත් වයස අවුරුදු දහයත් දහසයත් අතර දරුවන්ගේ වැඩ කාලය පැය දොළහකට සීමා කිරීම. නමුත් ඒ කාලයේ හිටපු ලිබරල්වාදීන් දැඩි ලෙස මේ නීතියට විරුද්ධ වෙනවා, මොකද මේ නීතිය නිදහස් වෙළඳපල කියන සංකල්පයට විරුද්ධව යාමක් කියලා. ඔවුන් නගපු තර්කය තමයි, යම් පාර්ශවයකට ශ්රමය විකිණීමට අවශ්යතාවයක් පවතිනවානම් (කුඩා දරුවන්ට) සහ අනිත් පාර්ශවයට ශ්රමය ලබාගැනීමට අවශ්යතාවයක් පවතිනවානම් (කපු කර්මාන්තශාලා හිමියන්ට), එයට රජය මැදිහත් නොවිය යුතුයි කියන කාරනය. නමුත් අද වෙනකොට අන්ත දක්ෂිණාංශික නව ලිබරල්දිවායෙක් වත් නොකියන දෙයක් තමයි ළමා ශ්රමය පැවතිය යුතුයි කියන එක. ඒ කියන්නේ නිදහස් වෙළඳපලේ මේ කියන තහනම දකින්න අද ඉන්න නව ලිබරල්වාදීන් අපොහොසත් වෙනවා, නැතිනම් හිතාමතාම නොසලකා හරිනවා. මේකෙන් අදහස් වෙන්නේ free market නැත්තන් නිදහස් වෙළඳපල යන්න subjective කියන එක. ඒ කියන්නේ නිදහස් වෙළඳපල interpretation එක අනුව වෙනස් වෙනවා කියන කාරණය.
මේක තවදුරටත් විස්තර කළොත්,රජය පරිසර දුෂණය අවම කිරීම සඳහා වෙළඳපොලේ පවතින රථ වාහන වලට නීති රෙගුලාසි පැනවීමට වසර කිහිපයකට පෙර මැදිහත් වෙනවා. මේ මැදිහත්වීමට ඒ කාලයේ නවලිබරල් වාදීන් නැගු තර්කයක් තමයි, පරිසරය දුෂණය වුවත් යමෙකුට ඒ කියන වාහනය පාවිච්චි කිරීමට අවශ්යනම් සහ රථවාහන කර්මාන්තශාලාවට ඒ හරහා ලාභයක් ලැබෙනවානම්, රජය එයට මැදිහත් නොවිය යුතු බවත් ඒක නිදහස් වෙළඳපොල කියන සංකල්පයට පටහැනියි කියන කාරණය. නමුත් වසර කිහිපයක් ගතවෙනකොට අද සිටින නවලිබරල්වාදීන් මේ කියන නීති රෙගුලාසි දැකීමට අපොහොසත් වුවත් ඊනියා නිදහස් වෙළඳපොලේ මේ කියන රජය විසින් පැනවූ රෙගුලාසි පවතිනවා.
කුඩා කාලයේදී චීන කුන්ග්ෆු කතාවල සිටින බොහෝ සටන්කාමින්ගේ කතා බැලීමට අපි බොහෝ සෙයින් කැමතියි. නමුත් කාලයක් ගතවෙත්ම ඒවායේ සටන් ජවනිකා රගපෑම් බව අප ඉගෙනගන්නවා. නිදහස් වෙළදපොලත් එවැනිම වූ කාරණයකි. නිදහස් වෙළඳපොළක් තුළ දේවල් වෙළඳාම් කිරීමට කිසිදු තහංචියක් නැතැයි සිතුනත් බොහෝ තහංචි ඇති බව අපට දැනගැනීමට පුලුවන්. උදාහරණයක් විදිහට සර්වජන ජන්ද බලය, රජයේ රැකියා, නීතිමය තීරණ, බොහෝ රටවල අවි ආයුධ වෙළඳාම් කිරීමට නොහැකිය. ඒ වගේම වෛද්යවරුන්ට, ඉංජිනේරුවන්ට බලපත්ර තිබීමත් අනිවාර්යය කරුණක් වගේම බොහෝ රටවල් බැංකු ස්ථාපනය කිරීම සඳහා යම් ප්රමාණයක ප්රාග්ධනයක් තිබීමත් අනිවාර්යය රෙගුලාසියක්. නමුත් මෙවැනි නීතිමය රෙගුලාසි අපි හිතාමතාම නොසලකා හරිනවා. නියාමනය නොමැතිකම හේතුවෙන් 2008 ගෝලීය අවපාතයට හේතු වූ කොටස් වෙළඳපොලේ පවා වෙළඳාම් කළ හැක්කේ කාටද යන්න පිළිබඳ නීති තියෙනවා. සමාගම් තම කොටස් වෙළඳාම සඳහා ඉදිරිපත් කිරීමට පෙර නිශ්චිත කාලයක් සඳහා දැඩි විගණන ප්රමිතීන් සපුරාලිය යුතුයි. ඒ වගේම කොටස් වෙළඳාම් කිරීමට අවසර ඇත්තේ බලපත්රලාභී තැරැව්කරුවන් සහ වෙළඳුන්ට පමණයි. මේ සියලු නීති රෙගුලාසි නිදහස් වෙළඳපොළක් කියන සංකල්පයට පටහැනි කාරණා.
ධනවත් රටවල මිනිසුන්ට ගෙවන මුදල ප්රධාන වශයෙන් තීරණය වෙන්නේ අවම වැටුප් කියන නීති මත නොව ආගමන පාලනය මගින්. ඒක තවදුරටත් පැහැදිලි කලොත් රටකට ඇතුළු වීමට අවසර දී ඇති උපරිම සංක්රමණිකයන් සංඛ්යාව තීරණය කරන්නේ නිදහස් වෙළඳපොල විසින් නොවෙයි, එහි ප්රතිඵලයක් ලෙස ස්වදේශික කම්කරුවන් වෙනුවට ලාභදායී, වඩා ඵලදායී සංක්රමණිකයන් විසින් ප්රතිස්ථාපනය වෙනවා. ඒ වෙනුවට ආගමනය බොහෝ දුරට තීරණය වන්නේ දේශපාලනය මගිනි. මෙයින් අදහස් කරන්නේ රජය නිදහස් වෙළඳපොල ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන අතර අපගේ සියලුම වැටුප් අවසානයේ දේශපාලන තීරණ මත තීරණය වන බවයි.
2008 මූල්ය අර්බුදයෙන් පසු, නොකඩවා පොලී අනුපාත අඩු කිරීම හේතුවෙන් බොහෝ රටවල ණය මිල විය. මෙය සිදු වූයේ මිනිසුන්ට හදිසියේ ණය අවශ්ය වූ නිසා නොව, පොලී අනුපාත අඩු කිරීමෙන් ඉල්ලුම ඉහළ නැංවීමට ගත් දේශපාලන තීරණ නිසායි. සාමාන්ය කාලවලදී පවා, බොහෝ රටවල මහ බැංකුව විසින් පොලී අනුපාත නියම කරනු ලබනවා, එයින් අදහස් කරන්නේ දේශපාලනය විශාල කාර්යභාරයක් ඉටු කරන බවයි. ඉතින් පොලී අනුපාත තීරණය වෙන්නෙත් දේශපාලනය විසින්.
සමහර අවස්ථාවලදී රෙගුලාසි නරක දෙයක් ලෙස පෙනෙන්නේ අප ඒවායේ වටිනාකම් සමඟ එකඟ නොවන විටය. නිදසුනක් වශයෙන්, අතීතයේ දී, එක්සත් ජනපද රජය ඉහළ තීරුබදු සමඟ නිදහස් වෙළඳාමට සීමා පැනවූ අතර, මෙය වහල් හිමියන් කෝපයට පත් කළේ මිනිසුන් වෙනත් ඕනෑම දෙයක් මෙන් වෙළඳාම් කළ හැකි යැයි ඔවුන් සිතූ බැවිනි. වහල් වෙළඳාම තහනම් කිරීම ගැටලුවක් ලෙස ඔවුන් දුටුවේ මිනිසුන් අයිති කර ගැනීම වැරදි යැයි ඔවුන් විශ්වාස නොකළ බැවිනි.
ආර්ථික විද්යාඥයන් යම් යම් රෙගුලාසිවලට එරෙහිව තර්ක කරන විට එය වෙළඳපලක "නිදහස" සීමා කරනු ඇතැයි විශ්වාස කරන නිසා, ඔවුන් ඇත්තටම කරන්නේ ඔවුන්ගේ දේශපාලන මතය ප්රකාශ කිරීම පමණි. ඔවුන්ගේ මතය objective ආර්ථික සත්යයක් මත පදනම් වූවක් බව ඔවුන් මවාපාමින් සිටින නමුත් එය සැබවින්ම ඔවුන්ගේම දේශපාලන මතයක් පමණි. ධනවාදය සත්ය වශයෙන්ම තේරුම් ගැනීමට නම් වාස්තවික වෙළඳපොළක් නොමැති බවත් එය හැඩගැස්වීමේදී දේශපාලනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවත් අප හඳුනා ගත යුතුයි.
2008 දී එක්සත් ජනපද රජය Fannie Mae සහ Freddie Mac ඇතුළු මුල්ය සමාගම් වලට ඩොලර් බිලියන 200 ක් ලබා දුන් අතර මූල්ය පද්ධතිය අර්බුදකාරී වූ නිසා ඔවුන් පාලනය කර ගත්තේය. ජිම් බන්නින් නම් රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු මෙම ක්රියාව විවේචනය කළ අතර එය ප්රංශය වැනි සමාජවාදී ප්රතිපත්ති ඇති රටක පමණක් සිදුවන දෙයක් බව පැවසීය. 2008 සැප්තැම්බර් 19 වන දින, ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් TARP නම් සැලැස්මක් ප්රකාශයට පත් කරන ලද අතර, එක්සත් ජනපද මූල්ය පද්ධතියේ ගැටළු ඇති කරන "toxic assets" මිලදී ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් අවම වශයෙන් ඩොලර් බිලියන 700ක් භාවිතා කර ඇත. මූල්ය ක්රමය අවුල් සහගත තත්ත්වයක පැවති අතර විශාල ආර්ථික අර්බුදයක අවදානමක් පවතින බැවින් මෙම ක්රියාමාර්ගය ගෙන ඇත. බදු ගෙවන්නන්ගේ මුදලින් troubled assets මිලට ගැනීමේ ආන්ඩුවේ සැලැස්ම සමාජවාදී නොව ඒ වෙනුවට වෙලඳපොලට මැදිහත්වීම අත්යවශ්ය බව ජනාධිපති බුෂ් විශ්වාස කලේය. ඇමරිකානු නිදහස් ව්යවසාය ක්රමය විශ්වාස කරන්නේ රජය මැදිහත් විය යුත්තේ අවශ්ය අවස්ථාවලදී පමණක් බවත් ඔහුගේ අදහසට අනුව මෙම තත්ත්වය තුළ මූල්ය අංශයෙන් විශාල කොටසක් ජනසතු කිරීම අවශ්ය වූ බවත් ඔහු තර්ක කළේය. එය ඇත්ත වශයෙන්ම පෙන්නුම් කරන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙළඳපොල පිළිබඳ අදහස යථාර්ථවාදී නොවන බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් රජයේ කාර්යභාරය විද්යාත්මක කරුණකට වඩා දේශපාලන මතයක් බවත් ය.
නිදහස් වෙළඳපල බලකොටුවක් සේ සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේද ආර්ථිකයට රජය ඉහතකී ලෙස මැදිහත්වන අතර, ශ්රී ලංකාවේ වෙසෙන නවලිබරල්වාදී ඔස්තාර්ලා මේ කිසි දෙයක් නොදන්නා අතර ඔවුන් නිදහස් වෙළඳපල පිළිබඳව ගුණ ගායනා කරයි. ඒ නිසා Advocata වැනි think tanks වගේම, රනිල් වික්රමසිංහ සිදු කරන්නේ දේශපාලනයක් මිස ආර්ථික සත්යයක් යැයි සිතීමෙන් අප වැළකිය යුතු යි.
මහාචාර්ය හා ජූන් චෑන්ග් ගේ "23 things they don't tell you about Capitalism" කෘතිය ඇසුරෙනි.
- මිගාර රත්නායක


A day in the life

2024-11-23

කුලියට හැඬූ මීගමු කාන්තාවන් .




“කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ
කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ
මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ
ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ”

මෙම ජන කවිය බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත. මෙය මතු පිටින් එක්තරා ආකාරයකට පරිසර වර්ණනාවක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. පාසල් පෙළපොත්වල ද මේ කවිය පරිසර වර්ණනාවක් ලෙස දක්නට ලැබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ උපත ලද මෙම ජන කවිය අපේ රටේ සිවිල් සේවා නිලධාරියෙකු ව සිටි, විශිෂ්ට ජනශ්‍රැති පර්යේෂකයකු ද වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් 1964 වර්ෂයේදී සම්පාදනය කරන ලද “සිංහල කාව්‍ය සංග්‍රහය – මාතර යුගය” කෘතියෙහි ද ඇතුළත් කර තිබේ.

මේ කවියෙහි මතුපිටින් ධ්වනිත වන අර්ථයට වඩා බෙහෙවින්ම වෙනස් අරුතක් මෙහි අභ්‍යන්තරයෙහි පවතින බව වර්තමානයෙහි ප්‍රකට ජනශ්‍රැති පර්යේෂකයෙකු වන මාධ්‍යවේදී තිලක් සේනාසිංහ මහතා සියනෑ කෝරලයෙහි ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ කරන ලද ගවේෂණයක් මගින් අනාවරණය කරගෙන තිබේ. කුවේණිගේ සනුහරේ ගැන කතා කරන මා ඒ පිළිබඳ කතාව පසෙක තබා මේ ලෙස ජන කවියක් විවරණය කරන්නට යන්නේ ඇයිද? යන්න මෙය කියවන ඔබට ගැටලුවක් විය හැකිය. නමුත් මීට වඩා හොඳ ආරම්භයක්, ඊට තිබිය හැකි යැයි මට නම් නොසිතේ. එනිසා අපි යළිත් ඒ ජන කවියේ කතාවට යමු. සේනාසිංහ මහතාගේ ගවේෂණයෙහි මෙවැනි සඳහනක් වෙයි.

කුලියට හැඬූ මීගමු කාන්තාවන් ගේ කතාව
“දහ අට වන සියවසේ අග භාගයත්, දහ නව වන සියවසේ මුල් භාගයත් අතර අපේ රටේ සියනෑ කෝරළයෙහි විසූ මහා ධන කුවේරයකු ගේ ලිංගික ජීවිතය මෙම ජන කවියෙහි ඇතුළතින් ගම්‍ය වන අර්ථයයි. මේ තැනැත්තා සුවිසල් පොල් ඉඩම් ඇතුළු විශාල දේපළකට උරුමකම් කියූවෙකි. අපේ රටේ බොහෝ ප්‍රභූ සහ රදළ පැලැන්තියේ අතීතයේ බහුලව දක්නට ලැබුණු තත්ත්වයක් නම් තමන්ගේ ඉඩකඩම් ආදියෙහි වැඩ කටයුතුවල යෙදෙමින් ජීවනෝපාය සලසා ගන්නා එම ගම් ප්‍රදේශවලම වාසය කරන සේවක කාරකාදීන්ගේ රූමත් බිරියන් සහ තරුණ දියණියන් තම ලිංගික අවශ්‍යතා සඳහා යොදා ගැනීම ය. මෙහිදී එම භාර්යාවන්ගේ ස්වාමිපුරුෂයන් හට මීට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අවසර දෙන්නට සිදුවේ. “කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ” යනු ඒ තැනැත්තාගේ එම ලිංගික චර්යාවයි.

“කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ” යනු එම දෙදෙනා අතර සිදුවන ලිංගික කාර්යය බව දැක්වේ. එසේම මෙම ධන කුවේරයා සමග අනියම් ඇසුරක් පැවැත්වීම පවා එම කාන්තාවන් සලකන්නේ තමන්ට ලැබෙන ගරු නම්බුවක් ලෙස ය. එනිසා ඔවුන් තම සැමියාට සේම ගම්මුන්ට පවා මහත් උඩඟු බවක් පෙන්වූ බවද ප්‍රකට කරුණකි. මෙම දෙවන පද පේළියෙන් එම අරුත ද ගම්‍ය වන බව පැවසේ.

“මී හරකානෝ – නිතරම ඔලුව වනානෝ” යන්නෙන් එම කාන්තාවන්ගේ සැමියන් පිළිබඳව අදහස් කෙරේ. එම ප්‍රභූවරයාගේ දාසයන් වන තමන්ට සිදුවන මෙවැනි ප්‍රබල අසාධාරණයකදී පවා හිස වනා එය පිළිගැනීම මිස ඊට එරෙහිව යෑමට ඔවුන්ට හයියක් තිබුණේ නැත. එනිසා මෙම ස්වාමිපුරුෂයන්ව මී හරකාට උපමා කෙරිණි.

“ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ” මෙහි සිව්වන පේළියයි. ඇටිකිත්තන් යනු කුඩා ගෙඹි විශේෂයකි. මීට ජානෝ හෙවත් ජනතාව යන පදය එකතු කිරීමෙන් කවියා අදහස් කරන්නට ඇත්තේ අවශේෂ ජනතාව ය.

“ජෙග ජෙග” ගෑම යනු ඔවුනොවුන් රහසේ කතිකා කිරීමයි. ගමේ ප්‍රභූවරයකුගේ කුමන ක්‍රියාවකට වුවද එළිපිට විරෝධය දැක්වීමට අතීතයේ සාමාන්‍ය ජනතාව බිය වූහ. එනිසා ඔවුන් මෙවැනි දෙයක් කතා කරන්නේ රහසේ ය. මෙහි “ජෙග ජෙග” යන්නට තවත් විවරණයක් ද සේනාසිංහ මහතා සිය ලිපියෙහි දක්වයි. අරාබි බසින් ලිංගික ක්‍රියාව දක්වන පහත් ඕලාරික වදනක් වන්නේ “ජිගි ජිගි” යන්න ය. මෙහි ජිගි යන වදන having sex යන අරුත ගෙනෙන, නමුත් පහත් වදනක් ලෙස ඉංග්‍රීසි ශබ්ද කෝෂවල දැක්වේ.

අපේ රටේ අතීතයේ ජීවත් වූ බොහෝ ප්‍රභූවරුන්ගේ සහ රදළ පැලැන්තියේ ක්‍රියාකාරකම් ඉහත සඳහන් කළෙමු. මෙයින් අදහස් කරන්නේ වර්තමානයේ මෙවැනි දේවල් නැති බවක් නොවේ. සිදු වී තිබෙන්නේ ඒවායේ මුහුණුවර වෙනස් වීම පමණි. ඒ කෙසේ වුව ද එම කුලවතුන්ගේ සහ ප්‍රභූවරුන්ගේත්, ධන කුවේරයන්ගේත් භාර්යාවන් වන කුමාරිහාමිලා, මැණිකේලා, ළමාතැනීලා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මේ කෙරුවාවල් නොදැන හිඳින්නේ නොවේ. එම ගම් ප්‍රදේශවල තම ස්වාමිපුරුෂයාගේ මුහුණුවර ඇති දරුවන් ද ඔවුන්ට සාමාන්‍ය දෙයකි. මේවා එම පැලැන්තිවල අංගයක් වීම ඔවුන්ට සුපුරුදු ය. ඊට අකැමැති වුවත් මොන හේතුවකටවත් දික්කසාද වීම ඔවුන් සිහිනෙකින්වත් නොසිතූ බවක් පෙනේ. එය එම කාන්තාවට සේම ඇගේ හත්මුතු පරම්පරාවට පවා සිදු කරගන්නා විශාල කැළලක් ලෙස අතීතයේ සැලකිණි. එසේම දික්කසාද නිසා ඔවුනොවුනට අහිමි වන ධනය සහ දේපළ කන්දරාව ගැන ද සුළු කොට සැලකිය නොහැකිය. මේ සියලු දේ තුළ අතීතයේ ප්‍රභූ කාන්තාවන්ට තමන්ගේ සැමියාගේ අනාචාරයන් දරාගෙන සිටීමේ හැකියාව පරම්පරාවෙන්ම උරුම වන්නට ඇති බවට සැකයක් නැත.

මෙවැනි ජීවිතයක් ගත කළ සැමියකු මියගිය පසු එම කුමාරිහාමිට, මැණිකේට නැතහොත් ළමාතැනීට එය ඒ හැටි දුකක් වන්නට කාරණාවක් නොවේ. වර්තමානයේ අවමඟුල් ගෙවල්වල ශෝක කරන්නන් මිස කෑ ගසා ළතෝනි දෙමින් හඬන අය අඩු ය. නමුත් අතීතයේ එලෙස විලාප දෙමින් කෑගසා නොහැඬුවොත් එය මියගිය පුද්ගලයාට කරන මදි පුංචිකමකි. අනෙක් අතට මියගියේ සැමියා නම් ඔහුගේ බිරිඳ එලෙස විලාප නඟා නොහැඬුවොත් “ඒකිට හොර මිනිහෙක් ඉන්නව ඇති” කියන්නට තරම් අපේ සමාජය සැහැසි වූහ. හඬන්නේ කවුදැයි බලන්නටම මළ ගෙවල්වලට ගොඩ වූ අයත් නොසිටියා නොවේ. මෙය පිරිමින්ට අදාළ නොවන්නේ පිරිමින් සාමාන්‍යයෙන් හඬන්නේ නැතැයි හෝ හැඬිය යුතු නැතැයි නිගමනයක් සමාජය විසින්ම ගෙන තිබූ නිසා ය.

මෙබඳු වාතාවරණයක් තුළ හැඬීම සඳහා ගැහැනුන් ව කුලියට හෝ ගැනීමට මියගිය පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරිඳ ඇතුළු පවුලේ අය පෙළඹීම පුදුමයට කරුණක් නොවේ. කුලියට හඬන ගැහැනුන් පිළිබඳ කතන්දරය කරළියට එන්නේ මෙලෙස ය.

කුවේණිගේ සනුහරේ කාන්තාවන් ලෙස සැලකිය හැකි මෙම කාන්තාවන් එකල ජීවත් වුණේ පුත්තලම සිට කොළඹ දක්වා වෙරළබඩ තීරයේ බවත්, ඉනුත් මීගමු ප්‍රදේශය විශේෂිත බවත් පෙර ලිපියෙහි සඳහන් කළෙමු. කුලියට හඬන කාන්තාවන් මීගමුවේ සිටි බව ප්‍රචලිත ය. එක්දහස් අටසිය ගණන්වලටත් පෙර සිටම මෙය ආදායම් මාර්ගයක් ලෙස ඔවුන් විසින් කරගෙන ආ බව කරුණු සොයා බැලීමේදී පැහැදිලි වෙයි. එක්කෙනෙක් දෙන්නෙක් නොව කාන්තාවන් පිරිසක් විසින් මෙය සාමූහිකව කරගෙන ආ ක්‍රියාදාමයකි.

මොවුන්ගෙන් සේවය ලබා ගත්තේ ඉහත විස්තර කළ පරිදි අපේ රටේ ධනවතුන්ගේ නිවෙස්වල ය. අවමඟුල් නිවසේ සෙනඟ වැඩි අවස්ථාවට මේ කාන්තාවෝ පැමිණ හඬන්නට පටන් ගනිති. මියගිය පුද්ගලයාගේ බිරිඳට සිය සැමියා වෙනුවෙන් කෑ ගසා වැළපීමට තරම් හේතුවක් නොමැති වීම පමණක් නොව, ඔහුගේ හොර අඹුවන් ඔහුට දාව උපන් දරුවන් ද සමග පැමිණ යම් හෙයකින් ඒ දරුවන් “අනේ අප්පච්චි” නැතහොත් “අනේ තාත්තේ” යනුවෙන් කෑ ගසා හඬන්නට වුවහොත් එවැනි තත්ත්වයකදී ඇති විය හැකි ලජ්ජාව මකා ගන්නට ද මෙසේ කුලියට හඬන කාන්තාවන්ගෙන් විශාල සේවයක් ඔවුහු ලබා ගත්හ. සමූහයක් මැද මෙලෙස විලාප නගමින් කාන්තාවන් හඬන ආකාරය රැස්ව සිටින අනෙක් අයගේ ද දෑස්වලට කඳුළු උනන්නට සමත් වෙයි. එහි දී ඔව්හු මෙම මිය ගිය ප්‍රභූන්ගේ නැති ගුණ පවා වර්ණනා කරමින් හඬා වැළපෙති. අප රටේ අවමඟුල්වල දී මෙවැනි ගුණ වැයුම් විලාපයක් දෙවන රාජසිංහ රජ සමයේ (ක්‍රි.ව 1635-1687) ද පැවැති බව ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් කියයි. මෙහිදී තවත් දෙයක් සඳහන් කළ යුතුය. මෙලෙස කුලියට හඬන කාන්තාවන්ගේ සේවය ලබාගන්නේ ඉහත කී ආකාරයට ධන කුවේරයන්ගේ නිවෙස්වල එම ගෘහ මූලිකයා මියගිය අවස්ථාවල පමණක්ම නොවේ. අවශ්‍ය ආකාරයට පවුලේ වෙනත් අය මියගිය අවස්ථාවල වුවද එම මරණය හඬා දොඩා වැළපෙන්නට තරම් කාරණයක් නොවේ නම් තම ජාමෙ බේරා ගැනීම සඳහා කුලියට හඬන කාන්තාවන්ගේ සේවාව ලබා ගැනේ.

සමහරුන්ගේ මතය වන්නේ මෙම කාන්තාවන් මත්පැන් පානය කර මෙම කාර්යයට එන බවයි. මීගමු කාන්තාවන් බහුතරයක් අතර, විශේෂයෙන් වෙරළබඩ කාන්තාවන් අතර මත්පැන් ප්‍රචලිත බව මුසාවක් නොවේ. නමුත් මෙය එම කාන්තාවන්ගේ රාජකාරියක් මිස, මෙය ඔවුන් මත්පැන් බී වෙරි වී මළගෙදර නාඩගමක් නටන්නට එන ගමනක් නොවේ.

මෙම හඬා වැළපීම් අතීතයේ හැඳින්වූයේ “ළතෝනි” ලෙසිනි. සිංහලයෙහි ළතෝනි යන්න ළ තැවුම යන්නෙන් බිඳී ආ එකක් බව පෙනෙයි. ක්‍රිස්තියානි ආගමිකයන් යේසුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගැසීම සිහිකරමින් කරනු ලබන දුක්ප්‍රාප්ති ගායනා ද ළතෝනි ලෙසින් අතීතයේ හැඳින්විණි. දුක්ප්‍රාප්ති ගායනාවලින් සංකේතවත් වන්නේ යේසුස් වහන්සේගේ මෑණියන් වන මරියතුමියගේ වැළපිල්ලයි.

ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ ළතෝනි යනු litany (ලිටනි) යන ඉංග්‍රීසි වදනින් බිඳී සිංහලයට නැගුණු වදනක් ලෙස ය. litany යන්නෙහි අරුත් දෙකක් දක්වයි. එකක් නම් යාඥාව ය. අනෙක වෙහෙසකර වූ එක දිගට කියාගෙන යෑම ය. ළතෝනි යනු වෙහෙසකර කියාගෙන යෑමක් ලෙස දක්වන්නට පුළුවන. litany යන ඉංග්‍රීසි වදන ග්‍රීක භාෂාවෙන් litaneia ( ලිටානියා) වෙයි. ලිටනි, ලිටානියා යන වචන දෙකම ළතෝනි යනුවෙන් සිංහලයට වර නගන්නට නොහැකිකමක් නොමැත.

මුලින්ම මෙම දුක්ප්‍රාප්ති ගායනා හඳුන්වා දුන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස සිටි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා ය. සංගීත ශිල්පය හොඳින් හදාරා තිබූ මෙම පියතුමා වයලීන වාදනයෙහි අතිදක්ෂයකු ලෙස සැලකේ. සිංහල භාෂාවෙන් ළතෝනි ලියා ගොන්සාල්වෙස් පියතුමා ඊට තනු යොදා තිබුණේ බෞද්ධයන් මළගෙවල්වල අතීතයේ සිට ගායනා කළ වෙස්සන්තර ජාතක කතාව ඇසුරින් නිර්මාණය වූ වෙස්සන්තර වැළපිල්ලෙහි තනුව ඇසුරු කරගෙන ය. මෙම කිතුණු ශෝකාකූල නාද රටාවන් ළතෝනි, දුක්ප්‍රාප්ති ගායනා මෙන්ම පසම් ලෙසින් ද හඳුන්වයි. පසම් යනු පෘතුගීසි පයිසම් යන වදනින් බිඳී ආවකි. පයිසම් යන්නෙහි අරුත ද දුක්ප්‍රාප්ති යන්නයි. සාමාන්‍යයෙන් මේවා ගායනා කරන විට වාද්‍ය භාණ්ඩ යොදා ගන්නේ නැත.

මෙම දුක්ප්‍රාප්ති ගායනා විලාසය මීගමු කාන්තාවන්ගේ පාරම්පරික උරුමයක් බඳු ය. ඔවුන් කිතුනු බැතිමතුන් බැවින් ජන්මයෙන්ම ඔවුන්ට මෙය ලැබී ඇති දෙයකි. එනිසා අවමඟුල් නිවෙස්වල වැළපීම ද ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ අසන්නන්ගේ සිරුරු ලොමුදැහැගැන්වෙන ආකාරයට මහත් කම්පනයක් ඇති කරවන අයුරිනි. අවමඟුලට පැමිණෙන කිසිවකුටවත් මේ පිළිබඳව සැකයක් ඇති නොවෙන අයුරින් අගේට මේ කටයුත්ත කරන ආකාරය ඔවුහු දනිති. ඇත්තටම හඬන්නේ කවුද, බොරුවට හඬන්නේ කවුද මේ කිසිවක් අමුත්තන්ට වෙන් කර සොයා ගැනීමට කෙසේවත් හැකියාවක් නොලැබේ.

අද වන විට කුලියට හඬන මීගමු කාන්තාවන් යනු ජන වහරට සීමාවූවක් පමණි. ඉතිහාසඥයන් සහ මානව විද්‍යාඥයන් මේවා ගවේෂණය කර අනාගත පරපුර වෙනුවෙන් ලියා තැබීම සුදුසු යැයි සිතමු.


ඉන්දු පෙරේරා
-Sunday Divaina'



මේ ඉන්දු පෙරේරා ගේ ලිපියට ලැබුන ප්‍රතිචාරයක්. ( සමාවෙන්න ප්‍රතිචාරය පල කල කියවන්නා පල නොකිරීම සම්බන්ධව.)


පොඩි අවුලක් තියෙනවා අපිට පහ වසරේ සිංහල පොතේ නම් තිබුණු කවිය මීට වඩා වෙනස්
කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ
කෙටෙල පටානෝ උඩ යට කෙටෙල පටානෝ
ඇටිකිති ජානෝ නිතරම ජෙක ජෙක ගානෝ
අඩු දිග ජානෝ දිය පිට පැන පැන යානෝ


දන්නේ නැති නිසයි අහන්නේ එතකොට මේ කවිය මොකක්ද?

2024-11-22

බාලගිරි දෝෂය







Shehan Madushan


අපි හැමෝම මෙ බාලගිරි දෝෂය කියුවම යන්නෙ අපෙ සොඳුරු ලමා කාලයට
දැන් මේ දෝෂය ගැන ගොඩක් සැලකිලිමත් නොවුනට ඉස්සර කාලෙනම් පුංචි අලුත උපන් දරුවෙක් ඉන්න ගෙදරක දොරේ "බාලගිරි දෝෂය අද නොවේ හෙට " යන වාක්ය අනිවාර්යයෙන් සටහන් වී තිබුනා.
දැන් අපි යමු ඇයි මම බාලගිරි කියන්නෙ යක්ශයෙක් නෙවේ කියන්න හේතුව බලන්න.
"බාලගිරි දෝෂය අද නොවේ හෙට"
මේ වැකියේ සඳහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනයි. ඇය ගිරි ලිය දොලහ නමින් සිටින ගිරි දේවියයි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. කුඩා දරුවන්ට වින කරන නිසා ඇය පිදිම මේරට අතිතයේ සිටම පැවත එන විශ්වාසයකි.
දැන් ඔයාලට කල්පනාවට එනව ඇති
ගිරි දේවිය යනු කවුරුන්ද ?
ඇය පිළිබඳ විස්තර රාශියක් ගිරිදෙවි අස්න , ගිරිදේවි උපත ,ගිරිදෙවි කව යන පොත පතින් දැනගත හැකිය. එම ග්රන්ථවල සඳහන් ආකාරයට ඇයගේ වගතුග මෙසේය. ඇය දඹදිව දන්තපුරයේ විසු සිංහකූමාර රජු සහ ඇගේ දේවිය වූ හංසවති බිසවගේ දියණියක් වූවාය.
අනාවැකි කරුවෙක් ඇය ගැන මෙසේ අනතුරක් ප්රකාශ කලේය
ඇය තමන් වැඩිමහල් සොහොයුරා වූ දල කුමාරයා සමග සංවාසයේ යෙදෙන බවයි.
එම නිසා ඇයව තම වැඩි මහල් සොයුරාගෙන් ඈත් කර තැබීමට සිතා.
දෙමව්පියෝ කුඩා කුමරිය දළ කුමරාට නොපෙනේන සේ ගල්කුලක සඟවා කුඩා කලසිටම ආරක්ෂා කිරිමයි. මේ නිසා ඇය ගිරි දේවිය වුවාය.
🤔ගිරි දේවිය කොහමද එතකොට බාලගිරි යක්ශනිය උනේ?
තරුණ වියට පත් දළ කුමරාට මෙසේ ලෙනක සඟවා ඇති දැඩි කරන ගිරි දේවිය ගැන අසන්නට ලැබුණේය. කීපවරක්ම බැලීමට අවසර ඉල්ලු නමුත් අවසර නොලැබිම නිසා දළ කුමරා බොරු ලෙඩක් හදා ගත්තේය. අවසානයේ අවසර ලැබිණි. ගිරි දේවිය දැකිමෙන් උන්මාදයට පත්වූ දළ කුමරා කෙසේ හෝ ඇය පොළබවාගෙන නිමිත්ත කී පාඨකයින් කී පරිදිම සංවාසයේ යෙදුනේය.
ගිරිදෙවි අස්නේ එය මෙසේ දැක්වේ.
"රන්දම් සේ අත්දෙක අල්ලාගෙන
කැන්දා ගොස් යහනේ ඉන්දාගෙන
මන් දැන් විඳි දුක නුඹම සිතාගෙන
රන් තලි මද යුද හැසුරුනු කැන්දන "
තම සොයුරා අතින් කෙලෙසුනු නිසා ගිරි දේවිය අවසානයේදි දිවිනසා ගත්තාය.
ගෙළ වැලලාගෙන මියගිය කුමරිය ගැන දළ කුමරුට අසන්න ලැබුනේ පසුවය . මේ වනවිට ඇගේ සිරුර ශක්ර දේවේන්ද්රයා විසින් සඟවන ලද්දේය. ඒනිසා ගිරිකුමරියගේ සිරුර දැකගැනිමට දළ කුමරුට නොහැකිවිය, ඔහු සක්වල පුරා උන්මත්තකයෙකු ලෙස ගම්බිම් පාළුකරමින් සතුන් මරා දමමින් ගමන් කළේය .
මෙසේ මිනිසුනට වන හානිය දුටු ශක්රයා දළ කුමරුට කුමරියගේ සිරුර පෙන්වා පසුව ඇගේ පණ පිහිටුවා ශක්ර භවනට ගෙනගියේයැයි කියවේ .
ගිරි දේවිය වරක දේවතාවියකි වරක යක්ෂණියකි. එසේම දළකුමරා වරක දෙවියෙකි වරක යක්ෂයෙකි. . ඔවුන් දෙදෙනාටම වෙන්වූ දේවාල ලංකාවේ කිසි ස්ථානයක නැතිමුත් දෙදෙනාම අදත් ලංකාවේ නොයෙක් පලත්වල පුද ලබති.
දළකුමරුට සියලුම කැතකුනු කිලි ඉවත්කිරිමේ බලයක් ඇත . එම බලය ලැබුනේ තම එකකුසින්ම උපන් සොහොයුරිය සමග සංවාසයේ යේදිම නිසා බව පැවසෙයි. මෙම දෝෂ පහ කිරිමේ හැකියාව නිසා සියලුම ගම්මඩු බලි තොවිල් අවසානයේ ගරායාකා පුදකිරිම සිදුකෙරේ . සමහර නව නිවාසවල හෝ නිවාස ඉදිරිපිට යක් මුහුනක් තබා ඇත්තේ මේ ගරායකා සිහිකිරිමටයි.ඔහුට ඇස්වහ කටවහ නැතිකිරිමට බලයක් ඇතිබව ගැමි විශ්වාසයි.
ගිරිදේවිය මෙන්ම ගරායක්ෂයා පිලිබඳව ඇතැම් ග්රන්ථවල අවතාර 12ක් සඳහන් වේ
1.මදනගිරි
2.හපුමල් ගිරි
3.බාලගිරි
4.මෝලන් ගිරි
5.භූතගිරි
6.නීලගිරි
7.රත්නගිරි
8.හඳුන්ගිරි
9.පට්ටගිරි
10. කොටගිරි
11.අඳුන් ගිරි
වැව් බැඳි රාජ්යයේ අනුරාධපුර – පොලොන්නරුව ද්රිස්තිකවල අපූරු යාතුකර්මයක් තද ඉඩෝර කාලවල වෙයි. මෙය වර්ෂාව ලබා ගැනිමට කරන එකකි . දළකුමාරයාගේ සහ ගිරි දේවියගේ නිරුවත් රූප දෙකක් අඹා අඳුර වැටෙත්ම දෝලාවකින් වැව්පිටිය වෙත ගෙනයනු ලබයි. අනතුරුව කවි කීයමින් නටා මොහොතකින් නිරුවත් රූප දෙක එතැන හුදකලා කර ගමට පියමං කරතී. මෙය දළකූමාරයාගේ හ ගිරිදේවියගේ බල්ලිය නමින් හැන්දින්වේ
ගිර්දේවිය බලිය නිර්වස්ත්රව තබා යාමෙන් මැටී රූදෙක කාටවත් ඇසගැසෙන්නට පෙර සේදීයාමට වර්ෂාවක් ඇදහෙලන බවය. මෙය තවමත් රජරට වාසින් අතර පවතින විශ්වාසයකි. අනූරාධපුර ත්රීකූණාමලය මායිම් ගම්මානවල යාන් ඔය මහදිවුල්වැව තිරප්පනේ කිවුලකඩවල කූඩා ගම්මානව කැලැපතර මේ යාතුකර්මය දැකිය හැක. ලදරුවන් නිතර නිතර, අධික ශබ්දයකින්, දිගු වේලාවක් හැඬීම බාලගිරි දෝෂය ලෙස සිංහලයන් හඳුන්වයි.
කුඩා දරුවන් ඉපදී මාස 03 ක කාලයක්‌ දක්‌වා පෙර විසූ ආත්මය පිළිබඳව සිහිනෙන් දකිතැයි වැඩිහිටියෝ සිතයි. වැඩි කාලයක්‌ නින්දෙන් ගත කරන සිඟිත්තෝ අඬන බව, සිනාසෙන බව අප නිතර දකියි. ඒ වගේම නිතර ඇස්‌ දෙක උඩ හොවාගෙන සිටීම, මව්ගෙන් කිරි ඉල්ලා ඇදුම, වෙනකෙකුට දරුවා සනසාලිය හැකි වුවත් මව්ට නොහැකි වීම, ඇස්‌ උඩ හිදුවා නිතර ඇඬිම ආදී නොයෙකුත් දෑ අප දැක ඇත. මෙයට අප බොහෝ දෙනෙක්‌ "බාලගිරි දෝෂය" යෑයි කියති.
ඉපදී මාස 12 ක කාලය තුළ දී එක්‌ එක්‌ මාසයට යක්‌ෂ යක්‌ෂනියන් දොළොස්‌ දෙනෙකු දරුවන් වෙත එළෙඹ මෙසේ දරුවන් බියගැන්වීම්, වඩා ගැනීමට තැත් කිරීම් ආදී දෑ කරන බව පොත පතෙහි සඳහන් වේ. බාලගීරි, නීලගිරි, මදනගිරි, සඳුන්ගිරි, අඳුන්ගිරි යනාදි යක්‌ෂ යක්‌ෂනියන් මේ කාලයේදී දරුවන් බිය ගන්වමින් නොයෙක්‌ දෝෂ කරන බව පොත පතෙහි සඳහන් වේ.
"දෙදරුවන් වඩා උකුලේ නලවම්වා
ළඳරුවන් වඩා ඉඳගෙන අඬවම්වා
සොඳුරු වන් මෙපුද දැක සෙත සලසම්වා
නුදුරුවන් නීල ගිරි නම් කිරි අම්මා"
මෙවැනි කවි වලින් මේ ගිරි යක්‌ෂ යක්‌ෂනියන් දරුවන්ට කිරි පෙවීම, පහරදීම බිය කිරීම ආදී දෑ කරන බවද අලි ඇතුන් ආදී සතුන් පාගා මරා දමන බවත් සිහිනෙන් පෙනීමට දරුවන්ට සලස්‌වන බවත් පොතපතෙහි සඳහන් වේ.
"බිළිඳු වඩා රෑ සිහිනෙන් කිරි පෙව්වා
විරිදු පොළොං අලි වලසුන් පෑගෙව්වා
සිනිඳු ඇඟේ ඇඟ වයිරන් නැංගෙව්වා
මෙබඳු දෝෂ ගිරි යකු කල දුරලැව්වා"
මෙම කවි ද ශාන්ති කර්ම වලදී කියවීමෙන් ඒ බව තහවුරු වේ. මෙවන් දෝෂ තිබෙන විට කුඩා බිළිඳන්ට එම දෝෂ නැති කිරීමට නිතර රතන සූත්රය භාවිතය, රතන යන්ත්රය සාදවා කොට්‌ටයට පැළඳවීම, කරනු ලබයි. ඒ වගේම බාල ගිරි දෝෂයට සුවඳ දූප අල්ලනු ලැබේ. එම අබ, සුවඳ කොට්‌ටං,පුදාහල මල්, කොහොඹ කොළ, බෙලි කොළ, නයි හැව, සුදු ළුණු යනාදිය පැඟිරි තෙල්, තල තෙල් සමඟ මුසු කර රතන සූත්රයෙන් ජපකර දුම් ඇල්ලීමෙන් දරුවාට සහනයක්‌ ලැබේ. තවද "බාලගිරි අද නොවේ හෙටයි" යනුවෙන් පත් ඉරුවක ලියා දරුවා සිටින කාමරයේ දොරකඩ එල්ලීමද කරනු ලබයි
✏️තරූ විතානවසම් .
" උපුටා ගන්නා ලද්දකි "
A day in the life

2024-11-21

ධර්‍මචක්‍රය





ප්‍රතිවේධ ධර්‍මචක්‍රය දේශනා ධර්‍මචක්‍රය යි ධර්‍මචක්‍ර දෙකකි. අතීත ලෝකයෙහි සතුරන් නසනු පිණිස පාවිච්චි කරන චක්‍රායුධ නම් ආයුධ විශේෂයක් තිබිණ. එය කැරකෙන කල්හි හසු වුවන් කැපී යන රෝදයෙකි. සතුරු ජනයා මැදට එය ගෙන ගොස් කරකවති. එයට හසු වන සැම දෙනම කැපි යති. තථාගතයන් වහන්සේ ගේ ධර්මයෙන් එය පවත්වන කල්හි කෙලෙස් සතුරෝ කැපී යෙති. එබැවින් ඒ ධර්මයට ද ධර්මචක්‍රය යි කියනු ලැබේ තථාගතයන් වහන්සේ ගේ බෝධිපර්‍ය්‍යංකයෙහි වැඩ හිඳ ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි උන්වහන්සේගේ සන්තානයෙහි උපදවා ගන්නා ලද ඉන්ද්‍රිය බල බෝධ්‍යංග මාර්ගංගාදි ධර්ම සමුහයේ බලයෙන් උන්වහන්සේට සතුරුවන එක් දහස් පන්සියයක් ක්ලේශයෝ චක්‍රායුධයෙන් මෙන් කැපි ගියහ. කෙළෙසුන් නැසිමට තථාගතයන් වහන්සේට උපකාර වු ඒ ධර්ම සමුහය ප්‍රතිවේධ ධර්‍මචක්‍ර නම් වේ. තථාගතයන් වහන්සේ බෝධිමූලයේ දී ප්‍රතිවේධ ධර්ම චක්‍රය පවත්වා සව් කෙළෙසුන් නසා ලොව්තුරා බුදුබවට පැමිණ වද්‍රළ සේක.
සර්‍වඥයන් වහන්සේ විසින් කරන ධර්මදේශනය අසන්නා වූ මනුෂ්‍ය දේව බ්‍රහ්මයන්ගේ සන්තානවල පවත්වන්නා වූ රාගාදි ක්ලේශධර්‍මයෝ ඒ ධර්‍මයේ බලයෙන් කැපි යෙති. දුරු වෙති. එබැවින් ඒ ධර්මය ද සතුරන් කපන චක්‍රායුධයක් වැනිය. එබැවින් එයට දේශනා ධර්මචක්‍රය යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් පළමු වරට බරණැස් ඉසිපතනයේ දී දේශනා ධර්ම චක්‍රය පවත්වන ලද්දේ ය. එය ඇසු පස්වඟ මහනුන් ඇතුළු බෝහෝ දේව බ්‍රහ්මයන් තුළ පැවති කෙලෙස් සතුරෝ එහි ආනුභාවයෙන් දුරු වූහ. දේශනඥානයටම ද ධර්මචක්‍රය යි කියනු ලැබේ. සත්වයන්ට ඒ ධර්ම දේශනය කිරිම දම්සක් පැවැත්වීම නම් වේ. තියුනුවූ ද වේගවත් වූද නුවණ ඇත්තා වූ සර්‍වඥයන් වහන්සේට කිසි තැනක පැකිළිමක් ඇණ සිටිමක් නැතිව අහසින් පොළොවට ගලා වැටෙන ගඟක් වේ නම් එහි ජලවේගය මෙන් ඉතා වේගයෙන් ඒ ධර්මය දේශනය කළ හැකිය. අසන්නවුන්ගේ සිත් වලට කා වැදෙන පරිදි - සිත්වල පිහිටන පරිදි දේශනය කළ හැකිය. අන්නවුන්ට අවබෝද වන පරිදි දේශනය කළ හැකිය. සියක් යොදුනකින් ඔබ සිට අසන්නකුට වුව ද ළඟ සිට අසන්නකුට සේ ඇසෙන පරිදි ධර්‍මය දේශනා කළ හැකිය. සතරදිගම සිට අසන්නවුන්ට නොවෙනස්ව ඇසෙන පරිදි ධර්‍මය දේශනය කළ හැකිය. ලෝකයෙහි අන්කිසි ශ්‍රමණයකුට බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට බ්‍රහ්මයකුට හෝ එසේ දම්සක් පැවැත්වීමකක් නො කළ හැකිය. තථාගතයන් වහන්සේම දම්සක් පැවැත්වීමට සුදුසු වු සේක. අරහං යන පදයෙන් ඒ සුදුසු බව කියැවේ. ඒ සුදුසු බවද තථාගතයන් වහන්සේගේ අරහං ගුණය ය.
“එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං”
(සංයුක්ත නිකාය ධර්‍මමචක්ක සූ.)
යනුවෙන් තථාගතයන් වහන්සේගේ ධර්මචක්‍රයේ අනුත්තරභාවය දක්වා තිබේ. ‘යම්කිසි ශාස්තෲවරයකු විසින් ප්‍රකාශිත ධර්මය එසේ නො විය හැකිය’ කියා අනිකකු විසින් කරුණු සහිතතව ප්‍රතික්ෂේප කළ හැකි නම් අවලංගු කළ හැකි නම් ඒ ධර්මය යහපත් නොවේ. ‘තථාගතයන් වහන්සේ විසින් මේ දුකය කියා යම් ධර්මයක් ප්‍රකාශ කරන ලද නම් ඒ ධර්මය දුඃඛ සත්‍යය නොවේය’ කියා ලෝකයෙහි කිසිම ශ්‍රමණයෙක්ට හෝ බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට බඹකුට හෝ කරුණු සහිතව ඔප්පු කොට ප්‍රතික්ෂේප නො කළ හැකි ය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත දුඃඛසත්‍යය නියම දුඃඛසත්‍යය නොවේය. නියම දුඃඛ සත්‍යය මේය’ යි අනික් දු:ඛ සත්‍යය ද නොදැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් වදාළ සමුදය නිරෝධ මාර්ගසත්‍යයන් ද කරුණු සහිතව කිසිවකුට ප්‍රතික්ෂේප නො කළ හැකිය. ඒවා වෙනුවට අන් සත්‍යයන් නො දැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් වඳාළ කුශලාකුශලාදී ධර්මයන්ද කිසිවකු විසින් අවලංගු නො කළ හැකිය. ලෝකයෙහි කිසිම සමතකුට තථාගතයන් වහන්සේ ගේ ධර්මචක්‍රය අනික් අතට පෙරලිය හැකි නොවන බැවින් එය අනුත්තර ධර්‍ම චක්‍රය වේ. අනුත්තර යන්නෙහි තේරුම සියල්ලට උතුම්ය යනු යි.
තථාගතයන් වහන්සේ විසින් පවත්වන අනුත්තර ධර්මචක්‍රයෙහි මහානුභාවයක් ද ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ ධර්මය කන වැටීමෙන් අංගුලිමාලාදී මහාප්‍රචණ්ඩයෝ සෞම්‍යයෝ වෙති. අහක දමන දෙයකුදු දීමට නො කැමති මහ මසුරෝ ත්‍යාගවත්හු වෙති, පාරදාරිකයෝ සඡ්ජනයෝ වෙති. මෘෂාවාදීහු සත්‍යවාදීහු වෙති. සුරාසොණ්ඩයෝ - සූදුකාරයෝ සඡ්ජනයෝ වෙති, අලසයෝ වීර්ය්‍ය ඇත්තෝ වෙති. පඤ්චකාම නැමති මඩෙහි එරී සිටියෝ එයින් ගොඩ වෙති, නොරහන්හු රහත් වෙති. රෝගිහු නිරෝගී වෙති. මැරෙන්නට ඉන්නෝ දිවි ලබති. අපායට යන්නට සිටින්නෝ සුගතියට යෙති, අපමණ සත්වයෝ ජාති ජරා ව්‍යාදී මරණාදි දුක් වලින් මිදී නිවන් සුව ලබති. මේ ධර්ම චක්‍රයේ අනුභාවයය.
පුණ්‍යානුභාවයෙන් චක්‍රරත්නය පහළ වු රජුට ‘චක්‍රවර්ති රජය’ යි කියනු ලැබේ. ඔහුට කිසිවෙකු ගෙන් බාධාවක් නැතිව මුළු පොළොවෙහිම චක්‍ර රත්නයේ බලයෙන් ගමන් කළ හැකි ය. ප්‍රදේශ රජහු එතුමා ගෞරවයෙන් පිළිගෙන එතුමාට අනුකූල වෙති. තථාගතයන් වහන්සේද කිසිවෙකුගෙන් බාධාවක් නැතිව ලෝකයෙහි අනුත්තර ‘ධර්මචක්‍රවර්තිරාජයෝ’ වෙති. තමන් වහන්සේගේ රාජභාවය උන්වහන්සේ විසින්ම සේල බ්‍රාහ්මයා හට මෙසේ වදාල ඇත්තේය.
‘රාජා හමස්ම් සෙල - ධම්මරාජා අනුත්තරො,
ධම්මේන චක්කං වත්තේමි- ලෝකේ අප්පටිවත්තියං’
(මජ්ක්‍ධිමනිකාය සෙලසුත්ත)
‘සේලය මම රජ වෙමි, අනුත්තර වු ධර්මරාජ වෙමි, කිසිවකු විසින් ආපසු නො පෙරළිය හැක්කාවු ධර්මචක්‍රය මම දැහැමින් ලෝකයෙහි පවත්වමි’ ය යනු එහි තේරුමය.
තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රයට සමාන ආඥාචක්‍රයක් ලෝකත්‍රයෙහි අන් කිසිවකුට නැත්තේය. ආඥ බලය ඇති රාජාදීන්ගේ අණසක පවත්නේ සුළු පෙදසක පමණෙකි. චක්‍රවර්ති රජුගේ ආඥා චක්‍රය වුවද පවත්නේ ද්වීප සතරෙහි පමණෙකි. භාග්‍යවතුන් වහසේගේ ආඥාචක්‍රය කෝටි ලක්ෂයක් සක්වළවල පවත්නේ ය. එබදු විශාල ආඥචක්‍රයක් දෙවියකුටද නැත.
විසල්පුර වැසියන්ට තෙ වැදැරුම් භය දුරු කරනු පිණිස තථාගතයන් වහන්සේ රතන සුත්‍රය දේශනා කළ සේක. එහි අණ කෝටි ලක්ෂයක් සක්වළවල අමනුෂ්‍යයෝ පිළිගත්හ. එහි බලය කෝටි ලක්ෂයක් සක්වළවල පවතී. එසේම ධජග්ගපරිත්ත, ඛන්ධපරිත්ත, මෝරපරිත්තාදියේ බලය ද කෝටි ලක්ෂයක් සක්වළ වල පවතී.
බුදුරදුන්ගේ ආඥාචක්‍රයෙහි ඉමහත් බලයක් ඇත්තේ ය. අන් කිසිම බලයකින් උන්වහන්සේගේ ආඥාබලය මැඩලිය නොහැකිය, රාජාදීන්ගේ අණ බොහෝ ජනයා රහසින් කඩ කරති. අසු නුවුවහොත් ඔවුනට එයින් වන විපාකයන් නැත. තථාගතයන් වහන්සේගේ ආඥචක්‍රය රහසින් වුව ද කඩ කළහොත් එහි විපාකය ලැබේ. සමහර විට උන්වහන්සේගේ ආඥව කඩ කරන්නාට එහි විපාකය එ කෙණෙහිම ලැබේ. බුදුරදුන් හා වාදයට ගිය සච්චකගෙන් තථාගතයන් වහන්සේ ප්‍රශ්ණයක් ඇසූහ. එයට පිළිතුරු දුනහොත් තමාට අවාසි වනු පෙනුනෙන් සච්චක පිළිතුරු නොදී තුෂ්ණිම්භූත විය. තථාගයන් වහන්සේ අසන ප්‍රශ්ණයනට තුන්වනවර පිළිතුරු නොදී උන්වහන්සේගේ අණ කඩ කරනහුට වන විපාකය තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
‘බ්‍යාකරොහි’දානි අග්ගිවෙස්සන න’දානි තෙ තුණ්හීභාවස්සකාලො, යො කොචි අග්ගිවෙස්සන තථාගතෙන යාච තතියං සහධම්මිකං පඤ්හං පුට්ඨො න බ්‍යාකරොති, තත්ථෙවස්ස සත්තධා මුද්ධා ඵලති.’
‘කියනු අග්ගිවෙස්සන, මේ ඔබට තුෂ්ණිම්භූත වීමට කාලය නො වෙයි. අග්ගිවෙස්සන, යමෙක් තථාගතයන් වහන්සේ විසින් තුන්වරක් දක්වා ඇසු කල්හි ද කථා නොකර සිටී නම් එතැනම ඔහුගේ හිස සත්කඩකට පුපුරන්නේය’ යනු එහි තේරුමය.
සච්චක පිළිතුරු දී යම්තම් හිස බේරා ගත්තේ ය. තුන්වන වර විචාළ කල්හි ද තුෂ්ණිම්භූත වී නම් සච්චකට ඒ විපාකය වන්නේ ය. කිසිම කෙනෙකුට කිසිම බලයකින් එය වැලැක්විය නො හැකි ය.
තථාගතයන් වහන්සේ තමන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටින හේතුසම්පත් ඇති පුද්ගලයන් හට තමන් වහන්සේගේ ස්වර්ණවර්ණ දක්ෂිණ ශ්‍රී හස්ථය සිවුරු ගැබින් පිටතට ගෙන මධුර මනෝහර බ්‍රහ්මස්වරයෙන් ‘ඒහි භික්ඛු චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය’ යි වදාරන්නාහ. එසේ වදාරනු සමගම ඒ බුඬාඥාවේ ආනුභාවයෙන් පැවිද්ද ඉල්ලු ගිහියාගේ ගිහිවෙස අතුරුදහන් වෙයි. ඔහුට පැවිදි වෙස පහළ වෙයි. පැවිද්ද හා උපසම්පදාව පිහිටයි. ඔහු එක චීවරයක් හැඳ එක් චීවරයක් ඒකාංස කොට පොරොවා උරහිස මත තවත් චීවරයක් ඇති ව කරෙහි එල්ලුණු පාත්‍රයක් ඇති ව සියවස් පිරුණු මහතෙර කෙනෙකුන් මෙන් බුදුරදුන් ඉදිරියේ සිටී. මෙය කොතරම් ආශ්චයර්‍යක් ද? එබදු ආඥා බලයක් බුදුරදුන්ටම මිස අන් කිසිවකුට නැත්තේ ය. එසේ තථාගතයන් වහන්සේගේ ආඥාවෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබුවන් ගේ සංඛ්‍යාව සත්විසි දහස් තුන් සියයකැ යි විනය අටුවාවෙහි කියා තිබේ.
සත්තවීසසහස්සානි - තීණි යෙව සතානි ච,
එතෙ හි සබ්බෙ සංඛාතා - සබ්බෙ තෙ එහිභික්ඛුකා.
(විනය අටුවා 171)
තථාගතයන් වහන්සේගේ අඥාචක්‍රය වඩා පෙනෙන්නේ විනය පිටකයෙනි. විනය පිටකය බුදුරදුන්ගේ ආඥා දේශනාව ය. ඇතැමුන්ගේ ආඥාව අනුන්ට කරදර පිණිස පවතින්නකි. බුදුරදුන්ගේ ආඥාචක්‍රය ලෝකයට යහපත පිණිස සැපය පිණිස පවතින්නකි. එය අනුත්තර අඥාවක්‍රයක් වන්නේ ඒ නිසා ය. බුදුරදුන්ගේ ආඥාව නො ඉක්මවා විනය සිකපද අනුව පිළිපදින්නා වු භික්ෂුවට එයින් වන්නේ ඉමහත් යහපතකි. සික පද කඩ නොකරක ශ්‍රීල සම්පදාව ඇති භික්ෂුවට ‘මාගෙන් මෙනම් වරද සිදුවී ය’ යි පසුතැවීමක් ඇති නොවේ. ‘මෙතෙක් කල් මා විසින් ශිලය රක්ෂා කරන ලදැ’ යි ඉමහත් ප්‍රිතියක් ශිල සම්පදාව නිසාම ඒ භික්ෂුවට ඇතිවේ. එයින් ඔහුගේ සිත කය පිනා යන්නේ ය. ඉමහත් මානසික සුඛයක් ඇති වන්නේය. එය හේතු කොට යම්කිසි කමටහණක් මෙනෙහි කරන්නට වන් කල්හි සමාධිය ඇති වේ. සමාධිය නිසා යථා භූත දර්ශන ඇති වේ. එයින් ඒ භික්ෂුවට අර්හත්ඵලයට පැමිණ දුකින් මිදිය හැකි වේ. ධ්‍යානමාර්ගඵලයන් නෙ ලද හැකි වුවහොත් ඒ කුශලයෙන් මරණින් මතු ස්වර්ගලෝකයට පැමිණිය හැකි වේ. පිළිපදින්නාවු තැනැත්තාට එය හේතු කොට මහත් සම්පතක් ලැබෙන බැවින් තථාගතයන් වහන්සේගේ විනය දේශනා නැමති ආඥාව අනුත්තර ආඥාචක්‍රයක් වේ. ශ්‍රාවකයනට සිකපද පැනවීම පසේබුදුවරුන්ට හෝ ශාරිපුත්‍රාදි මහරතුන්ට හෝ නො කළ හැකිය. එයට සුදුසු බවක් උන්වහන්සේලාට නැත. ශ්‍රාවකයනට සික පද පැණවීම වශයෙන් අනුත්තර ආඥාචක්‍රය පැවැත්වීමට සුදුසු කම් ඇත්තේ තථාගතයන් වහන්සේට පමණෙකි.
‘ආරකා හි සො සබ්බකිලෙසෙහි විදුර සුවිදුරෙ ධීතො, මග්ගෙන සවාසනානං කිලෙසානං විඬංසිතත්තා ති ආරකත්තා අරහං’
(විසුද්ධිමග්ග 146)
‘ඒ භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් වාසනාව සහිත ක්ලේශයන් විධ්වංශනය කළ බැවින් සකළ ක්ලේශයන් කෙරෙන් ඉතා දුරුව සිටින සේක. එසේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටින සේක. එසේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටන බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වන සේක. යනු එහි තේරුම ය.
රහත්හු ද අර්හත්මාර්ගයෙන් ක්ලේශයෙන් නිරවශේෂයෙන් ප්‍රහාණය කෙරෙති, බුදුහු ද රහතුන් සේම අර්හත්මාර්ගයෙන් ක්ලේශයන් ඉතිරි නො කොට ප්‍රහාණය කෙරෙති. එහෙත් බුදුරදුන්ගේ හා රහතුන්ගේ ක්ලේශප්‍රහාණයෙහි වෙනසක් තිබේ. රහත්හු ක්ලේශ ප්‍රහාණයට මිස වාසනා ප්‍රහාණයට සමත් නොවෙති. ක්ලේෂ ප්‍රහාණයෙන් පසු රහතුන්ට වාසනාව ඉතිරිව පවති. සාමාන්‍ය ජනයා අතර ‘වාසනා’ යන වචනය ව්‍යවහාර කරන්නේ පිනට හෝ භාග්‍යටය. පින් ඇත්හුට ‘වාසනාවන්තයා’ යි කියති. වාසනා යන වචනයෙන් මෙහි අදහස් කරන අර්ථය අනිකකි. රා තුබු කළයකින් එවා ඉවත් කොට සොදා ගන්නා ලද කල්හි එහි රා මඳකුදු නැත ද රා ගඳ එහි ඉතිරිව පවතී. එමෙන්ම අර්හත්මාර්ගයෙන් සකල ක්ලේශයෙන් දුරු කළ රහතුන්ගේ සන්තානවල නො රහත් කාලයේ ඉරියවු පැවැත්වු ආකාරයෙන් - ක්‍රියා කළ ආකාරයෙන් - කථා කළ ආකාරයෙන්, ඉරියවු පැවැත්වීමට - ක්‍රියා කිරීමට - කථා කිරීමට හේතුවන ක්ලේශයන්ටම අයත් එක්තරා ශක්තියක් ඉතිරි වේ. මෙහි ‘වාසනාව’ කියනුයේ ඒ ශක්තීන් විශේෂට ය. ඒ ශක්තිය ඉතිරි වී ඇති බැවින් සමහර විට රහතන් වහන්සේ මඳවු ද රාගයක් නැතිව සරාගීන් රාගයෙන් බලාන්නාක් මෙන් බලති, කථා කරන්නාක් මෙන් කථා කරති, මඳවු ද ද්වේශයක් නැතිව කෝපවුවන් සේ ක්‍රියා කරති, කථා කරති, මඳවු ද මානයක් නැතිව මානීන් සේ ඉරියවු ඉරියව් පවත්වති, කථා කරති. ඒ නිසා සමහර විට සෙස්සෝ රහතුන්ටද කලකිරෙති. පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ රහතුන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ මානයක් නැතිවම කෝපයක් නැතිවම ‘මෙහෙ වර වසලී, පල වසලී’ යනාදීන් නො සරුප් ලෙස ගිහියන්ටත් පැවිද්දන්ටත් කථා කරති. එක් දවසක් භික්ෂුහු පිළින්දියච්ඡ තෙරුන් වහන්සේගේ මේ නො සුරුප් කථාව ගැන ශාස්තෘන් වහන්සේට සැල කළහ. තථාගතයන් වහන්සේ ‘එසේ කථා කරන බව සැබෑවදැ’ යි පිළින්දිවච්ඡ තෙරණුවන්ගෙන් අසා ‘සැබෑව’ යි සැල කළ කල්හි, අතීතය බලා වදාරන සේක්:- අතීතයෙහි පිළිවෙළින් ජාති පන්සීයක් බ්‍රාහ්මණ කූලයෙහි ඉපද එසේ කථා කරන්නට පුරුදු වී ඇති බව දැක, භික්ෂුන් අමතා ‘මහණෙනි, ක්ෂීණාශ්‍රවයන්ගේ අනුන්ට රිදවන පරුෂ වචන කියන ස්වභාවයක් නැත, මගේ පුත්‍ර වු වච්ඡ නපුරු සිතක් නැතිවීම පෙර පුරුද්ද නිසා එසේ කථා කරන්නේය’ යි වදාළ සේක. තථාගතයන් වහන්සේ වාසනාවත් සමඟම ක්ලේශයන් දුරු කොට ඇති බැවින් උන්වහන්සේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරව සිටන සේක. එය තථාගතයන් වහන්සේට ඇති ගුණ විශේෂයකි.
“තෙ චා’නෙන කිලෙසාරයෝ මග්ගේන හතාති අරීනං හතත්තා’ පි අරහං”
(විසුඬිමග්ග 146)
‘ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකෝත්තර මාර්ගයෙන් කෙලෙස් නැමති සතුරන් නසන ලද්දාහු ය. සතුරන් නසන ලද හෙයින් උන්වහන්සේ අරහං නම් වෙති’ය යනු එහි තේරුම ය. කෙළෙස්හු සත්වයන් නැවත නැවත සංසාරචක්‍රයෙහි යොදවමින් නැවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස සංඛ්‍යාත දුඃඛයන් ඔවුනට ගෙන දෙන්නො ය. එබැවින් නපුරුම සතුරෝ ක්ලේශයෝ ය. තථාගතයන් වහන්සේ ලෝකෝත්තරමාර්ගඥාන නමැති කඩුවෙන් එක්දහස් පන්සියයක් වන සියලූ කෙලෙසුන් නසාලූ සේක. එබැවින් අරහං නම් වන සේක.
කෙලෙසුන් කෙරෙන් දුරුවීමය, කෙලෙසුන් නැසීමය යන මේ දෙක්හි වචනවලින් වෙනසක් ඇතත් අර්ථ වශයෙන් වෙනසක් නො පෙනේ. වචන වලින් වෙනසක් ඇතත් අර්ථ වශයෙන් වෙනසක් නො පෙනේ වචන වල සැටියෙන් දෙකරුණක් සේ කිය හැකි බැවින් අර්ථකථාචාර්යයන් විසින් කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටින බැවින් අරහං නම් වෙතිය යි ද, කෙලෙසුන් නැසූ හෙයින් අරහං නම් වෙති යි ද වර්ණනා කර තිබේ.
“යඤ්චෙතං අවිජ්ජා භවතණ්හාමය නාභි පුඤ්ඤාදි අභිසංකාරාරං ජරාමරණ නෙමි ආසව සමුදයෙන අක්ඛෙන විජ්ක්‍ධිත්වා තිභවරථෙ සමායෝජිතං අනාදිකාලප්පවත්තං සංසාරචක්කං තස්සානෙන බෝධිමණ්ඩෙ විරියපාදෙහි සීලපඨවියං පතිට්ඨාය සඬාහත්‍ථන කම්මක්ඛයඤාණ ථරසුං ගහෙත්වා සබ්බෙ අරා හතාති අරානං හතත්තාති’ පි අරහං.”
(විසුද්ධිමාර්ග)
අවිද්‍යා භවතෘෂ්ණා සංඛ්‍යාත නාභිය ඇති පුණ්‍යාදි අභිසංකාර සංඛ්‍යාත දැවි ඇති ආශ්‍රව සමුදය සංඛ්‍යාත අකුරෙන් අමුණා ත්‍රිභව සංඛ්‍යාත රථයෙහි යොදන ලද අනාදිකාලයක පටන් පවත්නා වු යම් සංසාර චක්‍රයක් වේද මේ සර්වඥයන් වහන්සේ විසින් බෝධි මණ්ඩලයෙහි වීර්‍ය්‍ය නැමති පාදයන්ගෙන් ශීල නැමති පෘථිවියෙහි සිට ශ්‍රඬා නමැති අතින් කර්මක්ෂයකරඥාන නමැති පොරව ගෙන ඒ සංසාරචක්‍රයාගේ සියලූ දැවි සිඳින ලද බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වන්නාහ’ යනු එහි තේරුමය.
‘අනාදිමත් කාලයක පටන් නො නැවතී පෙරළමින් එන සංසාරය නැමති රෝදයේ ගරාදි සියල්ල සිඳ දමා ඉදිරියට සංසාරප්‍රවෘත්තිය නැති කළ බැවින් සසර ගමන අවසන් කළ බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වෙති’ යි යනු ඉහත දැක්වු පාඨයේ කෙටි අදහස ය.
සත්වයා උපදී, ඉපිද දිරයි, දිරා මැරෙයි, මැරී නැවතත් උපදී, නැවතත් දිරයි, නැවතත් මැරෙයි, නිවනට පැමිණෙන තෙක් එහි අවසානයක් නැත. එසේ ඉපදෙමින් දිරමින් මැරෙමින් ස්කන්ධයන්ගෙන් නො සිඳී පැවැත්ම සංසාර නම් වේ. සත්ත්වනාමය ව්‍යවහාර කරන්නේ රූප, වේදනා, සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේවාට ය. සත්වයාගේ නො සිඳී පැවැත්ම යි කියනුයේ ඒ රූපාදීන්ගේ නොසිඳි පැවැත්මය. ස්කන්ධ යනු රූපාදියට කියන නමෙකි. ඒ ස්කන්ධයන්ගේ නො සිඳි පැවැත්ම සංසාරය යි ද කියනු ලැබේ. ධර්මාණුකූලව කියතහොත් ස්කන්ධයන්ගේ නො සිඳි පැවැත්ම සංසාරය යි ද කිය යුතු ය. පසු කළ ජාතිය පසු කළ ජරාව පසු කළ මරණය නැවත නැවත පැමිණීම් වශයෙන් සංසාර පවත්නා බැවින් එය කැරකෙන රෝදයක් වැනි ය. එබැවින් සංසාරයට සංසාරචක්‍රය යි ද කියනු ලැබේ.
මේ සංසාරචක්‍රය පැහැදිලි කළ හැක්කේ ප්‍රතීත්‍ය සමුත්පාද දේශනය අනුව ය. පටිච්චසමුප්පාද යන නාමය ව්‍යවහාරය කරන්නේ ද මේ සංසාරචක්‍රයටම ය. අව්ජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියා එහි අංග දොළහක් ඇත්තේ ය. කරත්ත රෝදයක බොස්ගෙඩිය, ගරාදි, පට්ටම් කියා කොටස් තුනක් ඇත්තේ ය. අවිජ්ජා තණ්හා නැමති අංග දෙක සංසාරචක්‍රයේ මූල ධර්ම දෙක බැවින් ඒ දෙක සංසාරචක්‍රයේ බොස්ගෙඩිය ලෙස සලකණු ලැබේ. අවසානාංගය වන ජරා මරණ සංසාරචක්‍රයේ පට්ටම් ලෙස සලකනු ලැබේ. සංඛාරාදි අංග නවය ගරාදි ලෙස සලකනු ලැබේ. මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිශුද්ධ ශීලයෙන් යුක්තව චතුරංගසමන්වාගත වීර්‍ය්‍යය අධිෂ්ඨාන කර ගෙන තමන්වහන්සේගේ ප්‍රතිපත්තිමාර්‍ගය ගැනත් ඉන් ලැබෙන ඵලය වු ලොවුතුරා බුදුබව ගැනත් ස්ථීර විශ්වාසයක් ඇතිව භාවනාවෙහි යෙදී ‘කර්මක්ෂයකරඥානය’ යි කියනු ලබන අර්හත්මාර්‍ග ඥානය උපදවා සව්කෙලෙසුන් නසා ලොවුතුරා බුදු බවට පැමිණ වදාළ සේක. අර්හත්මාර්‍ගඥානය ඇති වන කල්හි එහි බලයෙන් සියළු කෙලෙස් සිඳෙයි. එයින් සංසාරචක්‍රය ද සිඳෙයි. අර්හන්මාර්‍ගඥානයෙන් සංසාර චක්‍රය සම්පුර්ණයෙන් සිදෙන නුමුත් අරහං යන වචනයට ගැළපෙන පරිදි සංසාරචක්‍රයාගේ අරහං (ගරාදි) සිඳින ලද බැවින් අරහං නම් වෙතැ යි කියන ලදී. අර්හත්මාර්‍ගඥාණයෙන් සංසාරචක්‍රය සිඳීම රහතුන්ට ද සාධාරණ ගුණයෙකි.
“අග්ගදක්ඛිණෙය්‍යත්තා ච චීවරාදිපච්චයෙ අරහති පූජාවිසෙසඤ්ච, තෙනෙව ච උප්පන්නේ තථාගතෙ යෙකෙචි මහෙසක්ඛා දෙවමනුස්සා න තෙ අඤ්ඤත්ථ පූජං කරොන්ති, තථා හි බ්‍රහ්මා සහම්පතී සිනෙරුමත්තෙන රතනදාමෙන තථාගතං පූජෙසි, යථාබලඤ්ච අඤ්ඤෙ දෙවා මනුස්සා ච බිමිබිසාර කොසලරාජාදයො, පරිනිබ්බුතමිපි ච භගවන්තං උද්දිස්ස ඡන්නවුතිකොටිධනං විස්සජ්ජෙත්වා අසොකමහාරාජා සකලජම්බුදීපෙ චතුරාසීති විහාරසහස්සානි පතිට්ඨාපෙසි, කො පන වාදො අඤ්ඤෙසං, පූජාවිසෙසානන්ති පච්චයාදිනං අරහත්තාපි අරහං.”
(විසුඬිමග්ග 148)
එහි තේරුම මෙසේ ය.
අග්‍රදක්ෂිණාර්හ වන බැවින් තථාගතයන් වහන්සේ චීවරාදි ප්‍රත්‍යන් හා විශේෂ පූජාවන් ද පිළිගැනීමට සුදුසු වන්නාහ. එබැවින් තථාගතයන් වහන්සේ උපන් කල්හි මහේශාඛ්‍ය දේව මනුෂ්‍යයෝ අන් තැනකට පුජා නො කෙරෙති. ඒ එසේමය, සහම්පතී බ්‍රහ්ම තෙමේ මහමෙර පමණ ඇති රුවන් දමකින් තථාගතයන් වහන්සේ පිදී. ශක්ති පමණින් සෙසු දෙවියෝ ද මිනිසුන්ද බිම්බිසාර කෝශලාදි රජහු ද තථාගතයන් වහන්සේ පිදූහ. අශෝක මහරජ තෙමේ පිරිනිවියාවු බුදුරදුන් උදෙසා ද සයානුකෙළක් ධනය වියදම් කොට දඹදිව සැමතැන සුවාසූ දහසක් විහාර පිහිටවී ය. අන්‍ය පූජා විශේෂයන් ගැන කියනු කිම? මෙසේ චීවරාදි ප්‍රත්‍යයන් පිළිගැනීමට - ලැබීමට සුදුසු බැවින් ද තථාගතයන් වහන්සේ අරහං නම් වෙති. මේ අර්ථය මෙහි මුල්ම විස්තර කර ඇත.
“යථා ච ලොකෙ කෙචි පණ්ඩිතමානිනො බාලා අසිලොකභයෙන රහො පාපං කරොන්ති, එවමෙස න කදාචි කරොතී ති පාපකරණෙ රහාභාවතො’ පි අරහං”
(විසුඬිමග්ග 148)
‘ලෝකයෙහි පණ්ඩිතමානී බාලයෝ අපකීර්තියට බියෙන් ප්‍රසිද්ධියේ පවු නොකොට රහසින් පව් කෙරෙති, තථාගතයන් වහන්සේ එසේ රහසින් ද පවු නො කරන සේක. ‘රහසින් පවු නො කෙරෙති’ ය යන අර්ථයෙන් තථාගතයන් වහන්සේ අරහං නම් වෙතියි’ යනු එහි අදහසයි. රහසින් වුව ද පවු නො කිරීම වු මේ ගුණය ද රහතුන්ට ද සාධාරණ ගූණයෙකි. රහත්හු ද රහසින් වුව ද පවු නො කරති. විශුඬිමග්ගයෙහි අරහං යන පදයේ අර්ථ පස මතක තබා ගැනීම පහසු වනු සඳහා මේ ගාථාව දක්වා ඇත්තේ ය.
ආරකත්තා හතත්තා ච - කිලෙසාරීන සො මුනි,
හතසංසාරචක්කාරෝ - පච්චයාදීන චා රහො,
න රහො කරොති පාපානි - අරහං තෙන වුච්චති.
තේරුම-:
ඒ භාග්‍යවතුන් වහන්සේ කෙළෙසුන් කෙරෙන් දුරු වු හෙයින් ද, කෙලෙස් සතුරන් නැසූ සෙයින් ද, සංසාරචක්‍රයාගේ ගරාදි සිඳ දැමු හෙයින් ද, සංසාරචක්‍රයාගේ ගරාදි සිඳ දැමු හෙයින් ද, චීවරාදි ප්‍රත්‍යන් පිළිගැනීමට සුදුසු හෙයින් ද, රහසින් වුව පව් නො කරන හෙයින් ද ‘අරහං’ යි කියනු ලැබෙත්.
විශුඬිමාර්‍ගටීකාවෙහි තවත් ආකාර සයකින් අරහං යන වචනයේ අර්ථ දක්වා තිබේ.
පරම පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි
A day in the life

2024-11-20

පියයුරු පිළිකාවක් හැදෙන්න පුළුවන් කාටද?




මේ අපි කාටත් තියෙන ප්‍රශ්නයක්. මේකට පිළිතුරු දෙන්න පුළුවන් පියයුරු පිළිකාවක් හැදෙන්න ප්‍රවණතාවයක් තියෙනවා ද නැද්ද කියලා විතරයි. යම් යම් දේ පියයුරු පිළිකාවක් හැදෙන්න තියෙන ඉඩ කඩ වැඩි කරනවා. ඉතින් මොනවාද මේ දේවල්? මෙන්න මේ සතියේ පියයුරු පිළිකා සම්බන්ධයෙන් මම ඔබට දෙන තුන් වන ලැයිස්තුව. (ඔබත් මමත් ඇතුළු සෑම අම්මා කෙනෙක්ම පාහේ ලැයිස්තු වලට කැමතියි නේ


මතක තියාගන්න පිරිමි අයටත් පියයුරු පිළිකා ඇතිවන නිසා මේ සමහර කරුණු ඔහුටත් අදාළයි.
ඔබ නියමිත බරේ ඉන්නවාද? ඊට වඩා වැඩියි නම් එය අවදානම වැඩි කරන සධකයක්.
සතියට දින කිහිපයවත් ව්‍යායාම වල යෙදෙනවාද? Active නැති වීම අවදානම වැඩි කරන්නක්.
සමබල ආහාර වේලක් ඔබ ලබා ගන්නවා ද? මේ ගැන මීට කලින් "පාට පහයි. නීරෝගී ජීවිතයයි" ලිපියේ විස්තර කලා.
ඔබ හොඳ නින්දක් ලබා ගන්නවා ද? "නිදි වරණ අම්මා" ලිපියේ හේතු ඉදිරිපත් කල නිසා ආයෙත් විස්තර කලේ නැහැ නැවත.
දීර්ඝ කාලීනව ගන්නා හෝමෝන ප්‍රතිකාර
දැන් කලබල වෙන්න එපා උපත් පාලන පෙති නිසා. හෙමින් සැරේ කියවන්න.
ඩිම්බ කෝෂ සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ හෝමෝන ප්‍රමාණය සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරනවා. ඉතින් ඩිම්බ කෝෂ ඉවත් කල කෙනෙකුට හෝ ආර්තවාභාවය (menopause) වුණු කෙනෙකුට වෛද්‍ය උපදෙස් මත hormone replacement therapy නැතිනම් හෝමෝන පිටතින් ලබා දෙනවා. මෙසේ දීර්ඝ කාලීනව ලබා ගන්නා හෝමෝන (ර්ස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්) යන හෝමෝන පියයුරු පිළිකාවක් ඇති වීමේ ප්‍රවණතාවය වැඩි කරනවා.
පෙති ලෙස ලබා ගන්නා හෝමෝන හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගන්න ලබා ගන්නා පෙති වගේම වසරක් හෝ ඊට වඩා කාලයක් පුරාවට ලබා ගන්නා ඇතැම් උපත් පාලන පෙති පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාවය වැඩි කරනවා.
* ඒ නිසා හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගන්න ලබා ගන්නා පෙති ජිවිතයට එක වරකට වඩා ගන්න එපා. ලුපය වැනි විධිමත් උපත් පාලන ක්‍රමයකට යොමු වන්න.
* කෙටි කාලයකට (මාස කිහිපයකට) ලබා ගන්නා පෙති හැර උපත් පාලනය ලබා ගන්න පෙති ගැන ඔබේ VOG හා කතා කරන්න. වෙනත් ක්‍රමයක් copper loop එක හෝ හෝමෝන ලූපය ඒ වෙනුවට ගන්න බලන්න.
දැන් කියන්න යන්නේ ලයිස්තුවේ අපිට වෙනස් කරන්න බැරි ටික.
වයසට යාම.
පවුලේ අනෙක් කෙනෙකුට (අම්මාගේ හෝ තාත්තාගේ පැත්තෙන්) පියයුරු හෝ ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකා ඇති වී තිබීම.
ලිම්ෆෝමා වගේ දෙයකට මිට පෙර පපුව ප්‍රදේශයට Radiation Therapy ලබා ගෙන තිබීම.
Dense Breasts
කලින් ලිපියේ කිව්වා පියයුරු වල සම්බන්ධක පටක ගැන. මීට අමතරව මේද අම්ල පටකත් තියෙනවා. සම්බන්ධක පටක ප්‍රමාණය වැඩි වෙන්න පියයුරු පිළිකා ඇති වීමේ ප්‍රවණතාවය වැඩි කරනවා. රුපය බලන්න. එක රුපයක් සම්බන්ධක පටක වැඩි සහ අනෙක මේද අම්ල පටක වැඩි උදාහරණ දෙකක්. නමුත් මේ උදාහරණ දෙකම සාමාන්‍යයයි. නිරෝගියි.
ජානමය වශයෙන් එන ගැටළු.
මේ ජානමය ගැටළු බොහෝ විට පවුලේ පරම්පරාවෙන් පරම්පරාවට යනවා. මේ නිසයි සමහර විට අම්මා තරුණ කාලයේ පියයුරු පිළිකාවකට ගොදුරු වුනා නම් පවුලේ දරුවන් (ගැහැණු සහ පිරිමි) මේ ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. මේ සඳහා BRCA 1 සහ BRCA 2 ලෙස හඳුන්වන ජාන දෙකේ වෙනස්කම් බොහෝ විට මුල් වෙනවා. නමුත් මේ දෙකට අමතරව වෙනත් ජන වල බලපෑම් ඇති බව මතක තියාගන්න.
සමහර විට පවුලේ ඉතිහාසය එක්ක, මේ ජන වල වෙනස්කම් තියෙන යට අවුරුදු 25ට කලින් දරුවෙක් හදන්න, පියයුරු ඉවත් කරන්න වගේ පියයුරු පිළිකා වලක්වා ගන්න අවශ්‍යය වන උපදෙස් ලැබෙනවා.
තේරුම් ගන්න මතක තබා ගන්න ලැයිස්තුවේ ඇති දේවල් පියයුරු පිළිකාවක් ඇති වෙන්න ඇති ඉඩ කඩ වැඩි කරනවා පමණයි. මේ ලයිස්තුවේ ඇති දේවල් එක්ක පියයුරු පිළිකාවක් හැදුනේ නැති අය ඉන්නවා වගේම මේ ලයිස්තුවේ තියෙන එක දෙයක්වත් තමන්ට නැති වුණත් පියයුරු පිළිකාව හැදුනු අය ඉන්නවා. ඒ නිසා මේ සතිය පුරා ගෙන ආ අනෙක් ලිපි කියවන්න. ස්වයං පරීක්ෂාව අනිවාර්යයෙන් පුරුද්දක් ලෙස කරන්න.
මේකේ මුල් කරුණු කිහිපය ඔබට වෙනසක් ඇති කරන්න පුළුවන් දේවල්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වන්න.
Sanoji Samarakkodi
A day in the life