wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2024-10-29

වී ප්‍රභේද



සටහන - වී වගාකරුවන්ගේ සංගමය


නව වී ප්‍රභේද නාමකරණයේ දී එම ප්‍රභේද අභිජනනය කළ ස්ථාන හදූනා ගැනීම සදහා භාවිතා කරන සංකේත අක්ෂර පහත පරිදි වේ.

BG _ බතලගොඩ
BW _ බෝඹුවල
LD _ ලබුදුව
AT _ අම්බලන්තොට
ප්‍රභේදයේ අංකය අනුව වයස් කාණ්ඩය
අංකය ⬇️ වයස් කාණ්ඩය ⬇️
300 සිට 349 මාස 3
350 සිට 399 මාස 3 1/2
400 සිට 449 මාස 4
450 සිට ඉහළට මාස 4 1/2
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දෙශ කරන ලද වී ප්රභේදවල වැදගත් ගුණාංග
{වී ප්රභේදය} {අස්වැන්න} {විශේෂ කරුණු}
{බුසල්/අක්}
මාස 3 ප්‍රභේද
Bg 300 100 120 සුදු මධ්‍යස්ථ දිගින්
යුත් සහලකි.
At 306 100 120 සුදු දිගැටි සහලකි.
At 307 140 සුදු මධ්‍යස්ථ දිගැටි
සහලකි.
At 308 130 135 සුදු සම්බා ප්‍රභේදයකී
මාස 3 1/2 ප්‍රභේද
Ld 365 120 130 රතු සහල් සහිත
සම්බා ප්‍රභේදයකි.
Bg 357 160 සුදු මධ්‍යස්ථ දිගින්
යුත් සහලකි.
Bg 360 150 ගුණාත්මකභාවයේන්
ඉහළ සුදු සම්බා
සහලකි.(කිරි සම්බා)
Bg 364 140 160 රතු සහල් වර්ගයකි.
At 362 150 රතු සහලකි.
මාස 4 ප්‍රභේද
Ld 408 140 රතු පැහැ සහල්
ප්‍රභේදයකි.
Bg 407 H 300 ලංකාවේ පළමු
දෙමුහුන් ප්‍රභේදය වේ.
සුදු පැහැති සහලකි.
Bg 379_2 150 සුදු මධ්‍යස්ථ දිගින් යුත්
සහලකි.
Bg 403 150 සුදු සහලකි. වියළි
(මහසෙන්) කලාපයට වඩා සුදුසු යි.
At 405 120 බාස්මතී සහලේ
(ලංකා සමෘද්ධි) ගුණාංග සහිත
සහලකි.
මාස 4 1/2 ප්‍රභේද
Bg 400_1 140 150 සුදු සහලකි.
Bg 450 140 සුදු සම්බා සහලකි.
Bg 451 100 සුදු සම්බා සහලකි.
Bg 452 80 රතු සහලකි.
Bg 453 120 සුදු සහලකි.
මාස 5' 5 1/2 ප්රභේද
Bg 3_5 100 සුදු සහලකි.
Bg 407 120 සුදු සහලකි.
Bg 38 120 සුදු සම්බා සහලකි.
Bg 745 100 සුදු සම්බා සහලකි.
තවත් කෙනෙක්ට බලන්න share කරන්න

A day in the life

2024-10-28

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා





Sheikh Irshad Sahabuddeen is with Amal Angunawala and 
24 others



ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණු තුඩුවට ඔබ්බෙන් පිහිටි පාරිසරික සාධක රැසකින් සහ අන්‍යන්ය වූ ජීව විවිධත්වය සහිත පාරාදීසයකි. ශ්‍රී ලංකාව ජනාවාස වීම ක්‍රිස්තු පූර්ව 300,000 සහ ක්‍රිස්තු පූර්ව 130,000 අතර කාලයේ ආරම්භ වී ඇති බව නවතම පුරාවිද්යා පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. මුල් ප්‍රාග් ඓතිහාසික යුගයේ අන්තර් හිම තත්ත්වයක් දිවයිනේ තිබී ඇති බව නවතම පුරා විද්‍යා පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. එම ශීත දේශගුණය නිසා අධික ලෙස වායුගෝලයට බලපා ඇති බව පෙනේ. මධ්‍යම කඳුකරයේ සුළං තත්ත්වය මත එම ප්‍රදේශයේ අධික වර්ෂාව ලබා ඇති අතර වියලි කලාපීය ප්‍රදේශ අධික ශුෂ්ක බවින් යුක්ත වෙයි. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පාරිසරික පද්ධතිය විවිධ වීම හේතුවෙන් ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වීමට උචිත පරිදි පරිසරය හැඩගැසී ඇත.
ක්‍රිස්තු පූර්ව 1800 - 1000 වන විට ජ්‍යාමිතික ශුද්‍ර ගල් මෙවලම් භාවිතා කළ ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් ව සිට ඇති බව නවතම පුරාවිද්‍යා පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. මධ්‍ය ශිලා යුගයේ දී සත්ත්ව පාලනය සහ වගා කටයුතු සිදු කළ බව පෙනේ. වැසි වනාන්තර හෙළි පෙහෙළි කිරීම සඳහා පූර්ව යකඩ යුගයේ දී තැනූ උපකරණ භාවිතා කර ඇති බව තහවුරු වී ඇත පූර්ව ශිලා යුගයේ දී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ වී තිබුණි. මුහුදු මට්ටමේ අඩු වැඩි වීම නිසා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර වෙන්වීම සිදු වූයේ වසර 7000කට පමණ පෙර බව තහවුරු වී ඇත. පුරාවිද්‍යා හා පාරිසරික සාධක අනුව අපට පැහැදිලි වන්නේ අදින් වසර 250,000කට පෙර ලංකාවේ උතුරු සහ ගිණිකොනදිග ප්‍රදේශයේ මානව වාසස්ථාන තිබූ බවට සැකයක් මතු වීමයි. එමෙන්ම ක්රිස්තු පූර්ව 125,000 පමණ වන විට මෙම ප්‍රදේශය ජනාවාස වී ඇති බව නවතම පුරාවිද්‍ය පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. එම මානවයා මුල් කාලීන හෝමෝ සේපියන්ස් වර්ගයේ අය බව අනුමාන කර තිබේ. මධ්‍යම පලයිස්ටොසීන යුගය වන විට ඇතිවූ අන්තර් ජයිවීය වෙනස්‌කම් සහ අන්තර් වර්ෂාපතනය හේතුවෙන් ශාක හා සත්ත්ව සම්පත්වල විවිධත්වයක් නිර්මාණය වී මානව පරිණාමය සඳහා බෙහෙවින් ඉවහල් වූ බව පෙනේ. පුරාවිද්‍යා නිරීක්ෂණය අනුව ක්‍රිස්තු පූර්ව 125,000 පමණ ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ජන ඝනත්වය වර්ග කිලෝමීටර් 1කට පුද්ගලයන් 1.5 සහ 0.8 ලෙස ඇස්තමේන්තු කර ඇත.
ක්‍රිස්තු පූර්ව 35,000කට මෙපිට අතීතයේ ජීවත් වූ මානවයා සහ එම පරිසර පද්ධතිය කාබන් කාල නිර්ණය අනුව සොයා ගෙන තිබේ. ඒවා පහත සඳහන් වේ.
1. පාහියන්ගල වසර 38,000
2. කුරුවිට බටදොඹලෙන වසර 28,000
3. කිතුල්ගල බෙලිලෙන වසර 15,000
4. බෙල්ලන්බැඳි පැලැස්ස වසර 12,000
5. අත්තනගොඩ අලුලෙන වසර 10,350
6. මානියම්ගල වසර 7900
7. සීගිරිය පොතාන වසර 5800
8. සීගිරිය අලිගල වසර 5500
9. උඩමළල වසර 5330
10. මාතොට වසර 3800
11. හෙනගහපුගල වසර 3370
මෙහි ජනාවාස ව්යාප්ත වී ඇති ආකාරය පහත සඳහන් ආකාරයට වර්ග කල හැක.
1. වෙරළාශිත එළිමහන් කඳවුරු - මිනිහාගල්කන්ද, බුන්දල, පතිරාජවෙල.
2. පහතරට තෙත් කලාපීය ලෙන් - පාහියන්ගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන.
3. පහතරට වියලි කලාපීය ලෙන් - පොතාන සහ අලිගල.
4. පහතරට වියලි කලාපීය එළිමහන් කඳවුරු - බෙල්ලන්බැඳිපැලැස්ස.
5. කඳුකර එළිමහන් දඩයම් ස්ථාන - බණ්ඩාරවෙල, හෝර්ටන් තැන්න.
කායව්‍යවජ්ජේද සොයා ගැනීම් අනුව පුරාන මානවයා පිළිබඳ සාක්ෂි ක්‍රිස්තු පූර්ව 38,000කට අයත් පාහියන්ගලෙන් ලැබී ඇත. කුරුවිට බටදොඹලෙන ක්‍රිස්තු පූර්ව 28,000, සහ කිතුල්ගල බෙලිලෙන ක්‍රිස්තු පූර්ව 15,000 ආදී වශයෙන් මේ කාල සීමාව තුළ එකී පරිසරය ආශ්‍රිතව මෙම මානවයා ජීවත්ව ඇති බව සොයාගෙන තිබේ. පොදුවේ මෙම මානවයා බලංගොඩ මානවයා ලෙස හැඳින්විය හැකිය. එසේ හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ පර්යේෂණ සිදු කර තොරතුරු අනාවරණය කල මහාචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා විසිනි. එතුමා විසින් ලියන ලද ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය යන කෘතිය The Pre History of Sri Lanka දෙස් විදෙස් සම්මානයද පාත්‍ර විය.
මෙම බලංගොඩ මානවයාගේ පුරුෂ පක්ෂයේ උස සෙන්ටිමීටර් 174 කි. ස්ත්‍රීන්ගේ උස සෙන්ටිමීටර් 166කි. අස්ථි ශක්තිමත් වන අතර හිස් කබල ඉතා ඝනය. මේ ආකාරයෙන් ඔවුන්ගේ ශාරීරික ලක්ෂණ දැකිය හැකිය. මේ මානව විශේෂය ලංකාවේ තෙත් බිම්වල සිට වියලි කලාපීය ප්‍රදේශ දක්වා අසමාන ලෙස පැතිර ගිය අතර ඉතාමත් පුළුල් ලෙස ආහාර දාම ද වෙනස් වී ඇත. ඔවුන් ජ්‍යාමිතික ශුද්‍ර ගල් මෙවලම් භාවිතා කර ඇති අතර මෙවැනි ගල් ආයුධ හා මෙවලම්(ක්‍රිස්තු පූර්ව 28,000-17,000) බුන්දල වෙරළබ හා බෙලිලෙන අසලින් සොයාගෙන ඇත. එමෙන්ම ක්‍රිස්තු පූර්ව 27,000 සිට මෙම මානවයා ලුනු භාවිතා කළ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඔවුන් ආහාරයට ගන්නා ලද බෙල්ලන්ගේ කටු වලින් මාලයක් ද නිර්මාණය කර ඇත.
විශේෂයෙන් ම වියලි කලාපයේ සොයා ගත් ගුහා සිතුවම් ද මෙම මානවයා ජීවත් වූ බවට සාක්ෂි දරයි. එමෙන්ම ක්‍රිස්තු පූර්ව 6500 වන විට මැටි බඳුන් භාවිතා කර ඇති බව දොරවකකන්ද ගල් ගුහාවේ කල කැනීම් වලින් තහවුරු වී ඇත. එසේම ලංකාවේ පාරිසරික සාධක විශේෂයෙන් ම සමක ඝන වැසි වනාන්තර සහ ඊට සරිලන පාංශු පද්ධතිය ද මෙම ජනාවාස සංවර්ධනය වීම කෙරෙහි බලපා ඇති බව පෙනේ. ලංකාවේ භාවිත වන ශාක විශේෂයෙන් ම කලු ගම්මිරිස් ආදිය මානවයන් පැමිණිමට හේතුවක් විය හැකිය. මෙම කාල වකවානුව සංසන්දනය කරන්නේ නම් එය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දෙවැනි නාගරීකරණය ක්‍රියාවලිය සමගය. ක්‍රිස්තු පූර්ව 900 වන විට අනුරාධපුරයේ යකඩ මෙවලම් ද පිත්තල, තඹ ආදිය භාවිතා කළ මානවයන් ජීවත්ව සිට ඇති බව නවතම පුරාවිද්‍යා පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. එසේම දකුණු ඉන්දියාව සමග දුරස්ථ වෙළෙඳාමක් ද පැවති බව සාක්ෂි සොයාගෙන ඇත.
පුරාතන ඓතිහාසික යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත වලං කැබලි සොයාගෙන ඇති අතර ඒවායේ අනුරාධ යැයි සටහන් කර ඇති මැටි බඳුන් ඉන්දියාවෙන් ගෙන්වන ලද බව මතයක් පවතී. එය එසේ වන්නේ නම් ක්‍රිස්තු පූර්ව 6වන සියවසේදී ලංකාවේ ජනාවාස පිහිටුවීම යන පුරාවෘත්තය බිඳ වැටෙයි. ලංකාව ජනාවාස වීම කාබන් කාල නිර්ණය සහ තාප සංදීප්තා කාල නිර්ණය අනූව තවත් වසර 28,000 කට ඈතට යයි. උතුරු ඉන්දියාවේ සොයා ගන්නා ලද ක්‍රිස්තු පූර්ව 600ට අයත් මැටි බඳුන් සහ රතු වීදුරු පබලු වලට සමාන ද්‍රව්‍ය අනුරාධපුරයේ කල කැනීම් වලින් හමුවී ඇත. අනුරාධපුරයේ හමුවූ පැරණි මැටි බඳුන් වල අක්ෂර කොටා ඇත්තේ පූර්ව ඉන්දියානු ප්‍රාකෘත අකුරු වලිනි. මීට සමාන අක්ෂර ඉන්දියාවේ අරියකමෙයිඩු සහ කොමඩුමනල් යන ස්ථානවල හමුවූ පැරණි මෙගලතික ශිලා ලේඛන වල දක්නට ලැබේ.
ජායාරූපය : සීගිරිය පොතාන ගල් ගුහාවේ කල කැනීම් වලින් හමුවූ මානවයාගේ අස්ථි කොටස්. මෙය ක්‍රිස්තු පූර්ව 5800ට අයත් වේ.
©
ජායාරූප අනුග්‍රහය - පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැළණිය විශ්ව විද්යාලය.
සටහන 📝
ඉර්ෂාඩ් සහබ්දීන්
BA (OUSL), PGD Archaeology (PGIAR) University of Kelaniya, Merit pass
MSc Archeology( PGIAR )University of Kelaniya
MA (INDIA MKU),
DIP. PUBLIC POLICY (CISS),
Member of Royal Asiatic Society Sri Lanka
ආශ්‍රිත ග්‍රන්ථ.
The Prehistory of Sri Lanka - An Ecological Perspective., Professor Shiran Deraniyagala, Memoirs Volume 8, Volume 1 & 2., Department of Archaeology Sri Lanka, Second Edition 1992.
ඉතිහාසය 10 ශ්‍රේණිය පෙළ පොත, අධ්‍යාපන ප්‍රකාශණ දෙපාර්තමේන්තුව. 2018.
ඉපැරැණි ලෝක ශිෂ්ටාචාර, රාජ් සෝමදේව, පත්මසිරි කන්නන්ගර, අනුත්තරාදේවි විද්යාලංකාර, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පිටු 427, 2016.
The Evolution of Technological Innovations in Ancient Sri Lanka, Edited by M. Ashoka T. De Silva., 2011, Vijitha Yapa.
Ancient Anuradhapura., Professor Anuradha Seneviratne, second edition 2008, Sarasavi
A day in the life

2024-10-27

උපන් දිනයක ස්මරණයක්.






අද මට ආපහු හැරිලා හිතන්න හොද දවසක්. 

මාත් උපන්නේ 1948 . ලංකාවට නිදහස ලැබුන අවුරුද්දේ. 

අවුරුදු හැත්තෑ හයක්, තාමත් නූපන් දරුවන්ගේ සිහින මරාපු පරපුරක සාමාජික යෙක්.

එහෙමනේ කියන්නේ. 

මම ඉපදුනේ ගෙදරදී. “කත්තෝ අම්මා“ කියලා ආත්තම්මා කෙනෙක් ගමේ හිටියා. කාගෙත් තිඔීරි ගෙදර මව්වරුනට උපසස්ථාන කලේමම ගැන ලියන එකත් පුුංචි ලමයින්ගේ වැඩක්. 

එත් එතුමිය. අපේ අම්මටත් එතුමියගේ ඇප උපකාර ලැබුන බවයි අම්මා කිවුවේ . එවන් වැඩිහිටි කාන්තාවන් හැම ගමකම එකල ඉදල තියෙනවා.

දැන් සෞඛ්‍ය පහසුකම් ඊට වඩා දියුණුයි.

ඒත් වර්තමාන තරුණ පරපුර කියන්නේ අවුරුදු හැත්තෑහයක්  තිස්සේ ඒ පරපුරේ සිහින අපේ පරපුුර විසින් විනාශ කලා කියලා.

අපි ඉපදෙන කොට ලාම්පු තෙලින් දැල්වෙන කුප්පි ලාම්පු චිමිණි ලාම්පු තමයි හැම ගෙදරකම තිබුනේ. පස්සේ  කාලයක මැන්ටලයක් බැදපු ඇලඩින් ලාම්පු , පැට්‍රෝල් ලාම්පු භාවිතයට ආවා.

දැන් නම් හැම ගමකම හැම ගෙදරකම විදුලිය තියෙනවා. තෝමස් අල්වා එඩිසන්ටත් ලංකාව පාලනය කල විවිධ දේශපාලනඥයයන්ගේ කැපවීමත් නිසා.

ඒත් කියන්නේ ඔවුුන් අනාගත පරපුරේ සිහින විනාශ කරපු අධමයෝ කියලා.

කොළඹ – බදුල්ල පාරේ අයිනේ පිදුරු හෙවිල්ලපු පුංචි ගෙදරක මෙලොව එළිය දැක්ක මම කලක් යන කම් දැක්කේ මේ පාරේ යන බස් හතරක් විතරයි.ඒවා කොළඹ ගියේ පානදුරය හරහා. ලියෝ ප්‍රනාන්දු සමාගමේ තමයි මේ බස් හතර. බස් ජනසතුව දක්වා මේ තත්වයේ වෙනසක් තිබුනේ නැහැ. පැය දොළහක පමනකින් අපේ ගෙදර ගාවා ඉදන් කොළඹට යන්න පුළුවන්.බදුල්ලේ ඉදන් නම් පැය පහ‍ලොවක් විතර යනවා ඇති.පුංචි පාරේ වල ගොඩැලි මැදින් මේ යන ගමන හරි අපූරුවට තියෙන්න ඇති. මම නම් ඒ් කාලේ දුර ගමන් ගිහින් නෑ .

අර පුංචි ගෙදර දැන් නම් නැහැ. තාත්තා කාලෙට ගැලපෙන ගෙයක් එතන හදලා. කරත්ත පාර වගේ තිබුන පාර මංතීරු දෙකක කාෆට් කරපු පාරක් වෙලා. තොරතෝංචියක් නැතිව ඉහලට පහලට යන වාහන නිසා කන් දෙකට කිසිම නිදහසක් නැහැ. ගේ වටේ තියෙන තාප්පේ නිසා ඇස් දෙකට නම් විවේකයක් තියෙනවා. දැන් මෙතනින් කොළඹට , පානදුරේට පැය හතරකින් පොදු වාහනයකින් ( බස් එකකින්) යන්න පුළුවන්. මඩකලපුවට , අම්පාරෙට, මෛයියන්ගනේට, බදුල්ලට ,කුරුණෑගලට , ඇඹිලිපිටියට යන්න පොදු ප්‍රවාහණ සේවා තියෙනවා

අවුරුදු හැත්තෑහයක් තිස්සේ වෙලා තියෙන දේවල්……….

මම හෝඩියේ පන්තියට ගියේ ගමේ ඉස්කොලෙට. එක ගොඩනැගිල්ලයි. ලොකු ස්කෝලේ මහත්තයාගේ නවාතැන උනෙත් ඒ ගොඩනැගිල්ලේ  වෙන්‍කර තිබු කෙළවරක කාමර දෙකක්.ලොකු මහත්තයා ජයසේන , ලොකු නෝනා පෙරේරා. පුංචි අපිට හරි ආදරෙයි. මේ දෙපලට දරුවෝ නැහැ. මම පාසලට ඇතුල්වෙන කොටත් විශ්‍රාම යන වයස දකිමිනුයි හිටියේ .අවට ගම් හය හතකට තිබුුනේ මේ පාසල විතරයි. දැන් කිමි. දෙකක් ඈතින් සබරගමුව විශ්ව විද්‍යාලය තියෙනවා. මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල දා හතරක්ද කොහෙදත් ,ගානක් නැති පෞද්ගලික විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපන ආයතන තියෙනවා.

සිහින මරාපු අවුරුදු හැත්තෑ හයක් අනාගත සිහින දකින්න ඉතිරි කරලා මඩ නාගෙන ඉන්න පරපුරක සාමාජිකයෙක් වන මම අද සමරන්නේ හැත්තෑ හයවෙනි උපන් දිනය.

සැමට සෙත් වේවා !. යි ප්‍රාරථනා කරනවා.


උපන් දින සැමරුමක්...

මට නොපෙනන මාව පෙනුන හැටි.


සුභම සුභ උපන් දිනක් වේවා...ලයනල් අයියේ...
ළෙන්ගතු හිනාවෙන් පිරි ඔබෙ මුව මඩල
කාටත් එකවගේ බෙදනා සෙනේ ගඟ
අය්යණ්ඩියක් හඳුනාගෙන බෝ කලෙක
අක්කා නිසා නෑකම ළඟ විය දිනෙක
නුඹවන් අය වටී රටටම මහමෙර සේ
දැනුමැති කමයි ගුණ නුවණයි එක විලසේ
ලොකුකම් නොමැති මිනිසත්කම පිරි මනසේ
අයියේ මොහොතකින් පැතුමක් දෙනු කෙලෙසේ
සිතුම් පැතුම් තව තව ඉටුකර ගන්න
දවසින් දවස නිරෝගි සුව අත්වෙන්න
සුපුරුදු සිනාවම සැම දා දැක ගන්න
සම්බුදු සරණ ලැබ ආයුෂ වැඩි වෙන්න....
සුභ පැතුම් අයියේ......
A day in the life

2024-10-26

ජීවය දයාද කරන සොඳුරු වස්තුවක්





මේ සිතුවම දුටු සැණින් බොහෝ දුරට එය අශිෂ්ට ගණයේ කලා සිතුවමක් යැයි ඔබට හැඟෙනු නොඅනුමානයි. මේ කලා නිර්මාණයට පසුබිම් වූ කතා පුවත නොදන්නා අයට එසේ හැඟීම බොහෝ දුරට සාධාරණීය කල හැකි නමුත්, මේ සිතුවමට පසුබිම් වු, ඒ පිටුපස ඇති කථා පුවත බොහොම සංවේදී , සංවේගය දනවන්නක්.
මේ සිතුවමට පාදක වන කතා පුවත 17 වන හා 18 වන සියවස අතර මැද රෝමයේ සිදු වූ සංවේදී සිදුවීම් මාලාවක්.රෝමානු ඉතිහාසය තුළ රෝමන් චැරිටි(Roman Charity)යනුවෙන් හැඳින්වෙන මේ කතා පුවත ගෙනහැර දක්වන්නේ සිමන් නම් වු (Cimon)ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම වූ මහලු මිනිසෙක් හා තම පියා කුසගින්නේ මිය යා නොදී සිය මව්කිරි වලින් පෝෂණය කල අසීමිත ආත්ම පරිත්යාගශීලිත්වයෙන් හෙබි වූ ඔහුගේ දියණිය පෙරෝ (Pero) පිළිබඳවයි.
මේ පෙරෝ නමැති මහලු මිනිසා කුසගින්න නිසාවෙන් පාන් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙනවා. ඔහුට ලැබෙන දඬුවම නම් මරණාසන්න වන තෙක් කුසගින්නේ තැබීමයි. ඒ කියන්නේ ඔහුට මේ සිරගෙය තුළ කිසිදු ආහාරයක් හෝ බීමට වතුර පොඳක් ලැබෙන්නේ නැ.ඉතින් මේ මහලු මිනිසා දිනෙන් දින කුසගින්නේ මරණාසන්න තත්ත්වයට ලඟා වෙමින් ඉන්නවා. තම පියා සිරගෙය තුළ මරණාසන්නව සිටීම බලා සිටිම නොහැකි වු තැන ඔහුගේ දියණිය, පෙරෝ බොහෝම අමාරුවෙන් සිය පියා බැලීම සඳහා සිරගෙයි නිළධාරින්ගෙන් අවසර ලබා ගන්නවා.
නමුත් ඔවුන් බොහෝම අවධානයෙන් ඉන්නවා, මාස 06 ක් පමණ වයසැති සිය කුඩා දරුවාද කැටුව පියා බැලීමට යන මේ කාන්තාව ගැන.කොහොමහරි දවසට වතාවක් ගානේ සිය පියා බලන්න මේ දියණිය නොවරදවා සිරගෙට පැමිණියා.මේ විදිහට සිව් මසක් අවසානයේ මහලු මිනිසා මරණයට පත් නොවීමත් , ශරීර සෞඛ්ය තරමක් දුරට යහපත් අතට හැරීමත් නිසා සිරගෙය භාර නිළධාරින් පුදුමයට පත් වෙනවා.ඔවුන් වැඩිදුර සොයාබලනවා මහලු මිනිසාට පිටතින් ආහාර ලැබෙන විදිහක් තිබෙනවාද යන්න. නමුත් පුදුමයට කරුණ නම් මහලු මිනිසාගේ ශරීරයේ බර වර්ධනයක් පෙන්නුම් නොකිරීමයි.
මේ නිසා නිළධාරින් ඉතා දැඩිව මහලු මිනිසාව නිරික්ෂණය කරන්න පටන් ගන්නවා.ආරක්ෂක නිළධාරින්ට සැක කිරීමට ඇත්තේ මහලු මිනිසාව බැලීමට පැම්ණෙන ඔහුගේ දියණියත් ඇගේ අත දරුවාත් පමණයි. ඉතින් එක් දිනෙක නිළධාරින් දුටු දසුනින් ඔවුන් ගල් ගැසෙනවා...!!! ඒ මහලු මිනිසාගේ දියණිය , සිරගෙයි යකඩ කූරු මතින් සිය පියවුරු වලින් රූරා හැලෙන මව්කිරි වලින් තම පියා පෝෂණය කරන දසුනයි.
දැඩි ලෙස කෝපයට පත් වන ඔවුන් ඇයට විරුද්ධව චෝදනා ගොනු කරනවා. නමුත් අවසානයේදී ජීවිත අවදානමද නොතකා තම පියාගේ ජීවිතය වෙනුවෙන් ක්රියා කිරීම නිසා නිළධාරින්ගේ සංවේදී අවධානය දිනා ගන්නවා.ආත්ම පරිත්යාගශීලිත්වයෙන් යුතුව මවක දරුවෙකු පෝෂණය කරන්නාක් මෙන් සිය පියා පෝෂණය කිරීම නිසා ඇය, අවසානයේදී සිය පියාගේ නිදහසද දිනාගනු ලබනවා.

පසුකාලීනව , මේ සිදුවීම යුරෝපයේ චිත්ර ශීල්පීන් හා කලා කරුවන් තම නිර්මාණ සඳහා පාදක කරගෙන තිබෙනවා.ඒ බොහොමයක් ඉතාමත් අධික වටිනාකම් වලට අලෙවි වු සිතුවම්.බෙල්ජියමේ මෙම්ලොක් ප්රතිමාව (Memmelocke Statue) මේ සිදුවීම පාදක කොට නිර්මාණය කරන ලද ප්රතිමාවක්.මේ ප්රතිමාව ස්ථානගත කරලා තිබෙන්නේ බෙල්ෆ්රි (Belfry) සහා ලැන්කන්හෝල්(Lankenhalle) අතර මැද තියෙන කුඩා ගොඩනැගිල්ලක් මුදුනේ. නගරයේ පිහිටි සිරගෙදර සඳහා පිවිසුම වැටි තිබෙන්නේ මේ ගොඩනැගිල්ල හරහායි.
මේ කතාවෙන් තහවුරු වෙනවා කාන්තාව යනු ආදරය ,පරිත්යාගය පිරුණු සොඳුරු පෞරුෂයක් බව. මවක ,බිරිඳක ,සහෝදරියක වගේම දියණියක ලෙස විවිධ භුමිකා තුළ ඈ, ලොවට ආදරය,සෙනෙහස ,ජීවය දයාද කරන සොඳුරු වස්තුවක් බව.
©️ කැණිමඩල..
-ධම්මික අමරසිංහ , කැනිමඩල

day in the life

2024-10-25

මහ ගෙදර...






සේරු දෙකක් ඉදුණු ගෙදර
හාල් බෙලෙක්ක දෙකයි දැන් ඉදෙන්නේ
ඉස්සර තුන් වේලටම ඉව්වට
උදේ මාලුපිනිමයි හවසටත් කන්නේ
කෑ කෝ සද්ද බර බර කරදර
නෑ එහි දැන් දැන් ඇහෙන්නේ
තෙල් බෙහෙත් ගද ගේ පුරා
දුව පැන පැන ඇවිදන් යන්නේ
දෙවේලක් තෙවේලක් රත් වුණු
තේ පෝච්චිය නිකරුනේ නිවෙන්නේ
බණක් පිරිතක් ඇරුණම කිසිත්
මහගෙදර නෑ සිංදු ඇහෙන්නේ
අළුවා වැලිතලප හැලප
වන්ඩුවක්වත් නෑ ඉදෙන්නේ
ඒ රහ දන්න හැලි වලන්
දුම් මැස්සේ විශ්රාම ගන්නේ
අම්මේ තාත්තේ වචන ටික
ගොළුවො හොරකම් කර ගිහින්නේ
ලිපේ ගින්නට වැඩිය රස්නෙන්
දවස් අවසන හීල්ලෙන්නේ
අඹ රඹුටන් මැංගුස් ඉදි ඉදී
ගස් යට බිම වැටී යන්නේ
ඉස්සර වගේ පේර ගැටේටත්
නෑ කිසි කෙනෙක් රණ්ඩු වෙන්නේ
රස්සාවක් කසාදයක් ජීවිතේ කිව්වට
ඒක මහ බරක් කියලයි දැනෙන්නේ
මහ ගෙදර හිටි දවස් වල තමයි
ඇත්තටම අපේ ජීවිතේ තිබ්බේ
බත් ගොඩක් මට කවපු හන්දාද අම්මේ
අපි හරි ඉක්මනින් ලොකු වුණේ පිම්මේ
අම්මලා ඔහේ අපි මෙහේ තනියෙන්
ඉන්නවා දන්නවානම් නෑ කටක්වත් මං කන්නේ
යශී ගුරුසිංහ...


A day in the life

2024-10-21

දෙවොල් මඩු ශාන්තිකර්මය




සටහන - Ranga Pokura 


පහතරට නැටුම් සම්ප්‍රදාය හා බැඳුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්තිකර්මය ජනී ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි. පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රාදේශීය සම්ප්‍රදායක් ලෙස සලකනු ලබන රයිගම් නර්තන සම්ප්‍රදාය හා ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන හෙයින්, එකී නැටුම් සම්ප්‍රදාය ව්‍යාප්ත වී ඇති රයිගම් කෝරළය, සල්පිටි කෝරළය, හේවාගම් කෝරළය, පස්දුන් කෝරළය සහ සියනෑ කෝරළයෙහි මෙකී ශාන්තිකර්මය ව්‍යාප්තව ඇත. මීට අමතරව ගාල්ල, මාතර, ඇල්පිටිය, බෙන්තර, රයිගම වැනි පහතරට ප්‍රදේශවල දේවාශිර්වාද පතා දෙවොල්මඩු පවත්වනු ලැබේ.
පුරාවෘත්තය (කතා පුවත)

දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍ය සමයෙහි රජ කල සේරමාන් රජුගේ උයන පාළු කරමින් සිටි එක්තරා ගෝනෙකු මරා දමන ලෙස රජ තෙමේ තම සේවකයන්ට අණ කළේ ය. සේවකයන් විසින් ලුහුබඳිනු ලැබූ ගෝනා උයනේ පොකුණක වැටී මිය ගියේ ය.රජු කෙරෙහි වෛරයෙන් යුතුව මිය ගිය ගෝනා එම පොකුණෙහි ම මැඬියකු වී උපන්නේ ය. මුව දෝවනය සඳහා පොකුණට පැමිණි රජු නෙළුම් මලක් කඩා ආඝ්‍රහණය කරද්දී මලෙහි සැඟවී සිටි මැඬියා රජුගේ නාසය තුලට ඇදී ගියේ ය. මේ හේතුවෙන් රජුට හිස අමාරුවක් සෑදී රෝගාතුර විය. කොතෙකුත් ප්‍රතිකාර කලත් රජුගේ හිසරදය සුව නොවීය. මෙසේ කලක් ගත වන විට රජුට සිහිනයෙන් ඉතා රූමත් කාන්තාවක් පෙනුණි. ඒ බව දැන ගත් පුරෝහිත බමුණන්ගේ අදහස වූයේ, සිහිනෙන් පෙනී ඇත්තේ පත්තිනි දේවතාවිය බවත් ඇගේ සාපයක් රජුට ඇති බවත් ය. එහෙයින් බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් දේවතාවිය වෙනුවෙන් පින් පැමිණ විය යුතු බවත් ය. මීට සුදුසුම රට ලංකාව බව තීරණය කල රජු වත්තලින් දිවයිනට පැමිණ කැලණියට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පිං දී නවගමුවේදී ප්‍රථම දෙවොල් මඩුව කරවූ බවත් එදා පටන් රජුගේ හිසරදය දුරු වූ සේම ලංකාවේ දෙවොල් මඩුව ආරම්භ වූ බවත් පුරාවෘත්තවලින් කියවේ.

දෙවොල්මඩු ශාන්තිකර්මයේ ඇදහිලි සහ විශ්වාස

මෙහිදී ප්‍රධාන වශයෙන් දේව වන්දනය හා යක්ෂ වන්දනය ප්‍රධාන වේ. තම භව බෝග සම්පත් සශ්‍රීක කරනුයේ දෙවියන් යැයි විශ්වාස කරන ගැමියෝ තම බෝගයන්ගේ අග්‍ර ඵලය දෙවියන්ට පූජා කිරීමෙන් මීලඟ කන්නය වඩාත් සශ්‍රීක වේවා යැයි ප්‍රාර්ථනා කරති.කුඹුරට බැස නෙලා ගන්න මුල්ම කොටස නැතිනම් අක්යාල පේකොට තබා දෙවොල් මඩුවේදී දෙවියන්ට පුදා දෙවියන් සතුටු කරයි. ගම්තුලානෙ මිනිසුන් අතර විරසක ආරවුල් ඇති වීම,නිසි කල වැසි දිය නොලැබී යාම,බවබෝග සම්පත් පාලු වීම, ස්වභාවික විපත් ආපදා ඇති වීම,වසංගත රෝග බෝවීම දෙවියන්ගේ උදහස මත සිදු වෙතැයි විශ්වාස කරන ගැමියන් දෙවියන් කමා කර ගැනීමට, දෙවියන් සතුටු කිරීමට දෙවොල් මඩු නටනු ලබයි.
පත්තිනි දේවිය හා දෙවොල් සත් කට්ටුව ප්‍රධාන කොට, විශ්ණ, කතරගම, නා, ගම්භා, දොළහ දෙවියන්, වීරමුණ්ඩ දෙවියන්, මංගර දෙවියන්, වාහල දෙවියන් පුද ලබන අතර යකුන් ලෙස කඩවර යක්ෂයා, දෙවොල් කුරුම්බරයින්, ගරා යක්ෂයා, භූත ප්‍රේත කොටස් පුද ලබයි. පත්තිනි දෙවියන් හ දෙවොල් දෙවියන් වෙනුවෙන් දෙවොල්මඩු ශාන්තිකර්මයේ පත්තිනි භාගය හා දෙවොල් භාගට ලෙස කොටස් දෙකකට වෙන්කර දක්වන්නේ එකී පූජාර්ථය පදනම් කොට ගෙනය.
ප්‍රධාන කොට පුද ලබන පත්තිනි දේවීය සත් පත්තිනි නමින් ද දොලොස් පත්තිනි නමින් ද හඳුන්වයි. සත් පත්තිනි ලෙස හඳුන්වන්නේ ඇය දියෙන්, දලෙන්,ගලෙන්, මලෙන්, කුලෙන්, ගින්නෙන්, අඹෙන් යනාදී සත් ආකාරයට උපන් නිසාය. පත්තිනි දේවිය හා බැඳුණු ඇතැම් කවි, සන්න, ශ්ලෝක, ආදියෙහි දැක්වෙන තොරතුරු අනුව පත්තිනි දේවියගේ උපත හා බැඳුණු තවත් අවස්ථා ද ඇත.
ජලෙනි,දලෙනි,මලෙනි,සළඹ වරෙක උපන්නා
ගලෙනි,කුලෙනි,සළුවෙනි එක් වරෙක උපන්නා
අඹෙනි,දඹෙනි,නයිකඳුලෙනි වරෙක උපන්නා
එවැනි තෙදැති පතිනි මෙලක දිවබල පෙන්නා
පත්තිනි දේවියගේ උපත් සංඛ්‍යාව දොළක් බව ඔඅහටහ් කවියෙන් කියැවේ.
සම්මා සම්බුදු බව පතා
රක්ෂා කළේ පතිදහම්
නම්මා සිත් ගෙන බව බැව්හි දැඩිව දුක්
වින්දේ අමා යැයි සිතා
දැන් මේ අප සැල කළ වදන්
නම්මා අසාල පෙමින්
අම්මා සාමිනි දොළහ පත්තිනි උතුම්
මල් යහනින් දිවස් ලා
මේ ආකාරයට පත්තිනි දේවියගේ උපත් කථා ගණනාවක් ව්‍යවහාරයේ පවතී. එයි වඩාත් ප්‍රචලිතම පුවත ලෙස සැලකෙන්නේ අඹෙන් උපන් කථා පුවතයි. එකී කතා පුවත දෙවොල් මඩුවේ අඹ විදමන නාට්‍යමය අවස්ථාවෙන් නිරූපනය වේ.
දෙවොල්මඩු ශාන්තිකර්මයත් සමඟ බද්ධ වී පවත්නා අනෙක් දේව සංකල්පය නම් දෙවොල් දේව සංකල්පය යි. දාර්මිශ්ටයන්ට යහපතෙහි පිහිටවන අධර්මිෂ්ඨයන්ට අච්චු කරන රුහුණට තෙද අණසක පතුරවන දෙවි කෙනෙකු ලෙස දෙවොල් දෙවියන් වන්දනාවට පාත්‍ර වේ. දෙවොල් දෙවියන් ද සත්කට්ටුවකි. එනම් හිරු රැස් සාමි, සඳ රැස් සාමි, තෙද රැස් සාමි, ගිනි රැස් සාමි, යස රැස් සාමි, මහා සාමි, දෙවොල් සාමි යන සත් දෙනාය.


දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජා විධි රටාව
1.අක්යාල වෙන් කිරීම

අක්යාල යනු අග්‍ර සශ්‍ය යන්නයි. අක්යාල, අකියොලය, අග්‍ර සශ්‍ය, අක්කියාල යන නම්වලින් මෙම චාරිත්‍රය හඳුන්වයි. කෘෂිකාර්මික පරිසරයක වාසය කරන පහතරට වැසියෝ ස්වකීය භව බෝගයන්ගෙන් අග්‍ර කොටස දෙවියන් වෙනුවෙන් වෙන් කිරීම නැතිනම් නිල කිරීම මෙහිදී සිදු වේ.මෙනිසා ඊලඟ කන්නය වඩාත් සශ්‍රීක වේ යැයි ගැමියන්ගේ විශ්වාසයක් තිබේ. කපා ගන්නා පළමු ගොයම් මිට සුදු පිරුවටයක ඔතා නිවසේ මුදුන් ලීයේ එල්ලා දෙවොල්මඩු පවත්වන කලට එය සහල් බවට පත් කර දේව දානය සකස් කිරීමට පුදනු ලැබේ. මෙම චාරිත්‍රය තුල සාමුහිකත්වය, කෘතගුණ දැක්වීම යන සමාජ සම්බන්ධතාව හා සාරධර්ම ප්‍රකීනමාන වේ.
2.කප් සිටුවීම

ප්‍රථම පූර්ව චාරිත්‍රය යි.නියමිත දින ගණනක් ඇතුලත දෙවොල් මඩුවක් පවත්වන බවට දෙවියන්ට ඇප කැප වීම මෙහිදී සිදු වේ. මේ සඳහා ශුභ දිනයක්, ශුභ නැකතක් නැකැති කුලයේ නැකැත්‍ රාළ කෙනෙක් සකස් කරදෙන අතර ගව මඩු, කැසිකිළි වැසිකිළි, නාන තොට, රදාතොට ආදියෙන් තොර වූ ශුද්ධ භූමියක් තෝරාගෙන කප් සිටුවනු ලැබේ.මඩු භූමියට උතුරු දෙසින් පිහිටි නෑඹුල් කිරි ගසක උතුරු දිගට ගිය අත්තක් රන් කඩුවකින් කපා වෙන් කර ගනී.මෙම කප් ගස කැපීමට හේවිසි හොරණෑ මධ්‍යයේ පෙරහැරෙන් යනු ලබයි. වෙන් කර ගන්නා කප් කණුව සුදු පිරුවටයක ඔතා උඩුවියන් පාවඩ පිට හේවිසි හොරණෑ මධ්‍යයේ වැඩම කරවයි. වළක් කපා එයට ඇල් වී සත් මිටක් දමා මඟුල් බෙර මධ්‍යයේ කප් කණුව සිටුවයි. කප් ගසේ ස්වස්ථිකය සළකුණු කල පොල් ගෙඩි 2ක්, පොල්මලක් ගැටගසයි. ගොප් කොළවලින් දේවතෝඩු බැඳ සැරසිලි කරයි. ප්‍රධාන කපු පත්තිනි ඉස් සෝදා නා පිරිසිදු වී දෙවියන් වෙනුවෙන් යාතිකා කරයි. මෙහිදී කෙන්ඩි පාලිය, සළු පාලිය, දූප පාලිය, නර්තනය කර කප් ගසට පූජා පවත්වයි. අනතුරුව ගම් වැසියෝ සියලු දෙනා හා එක්ව තම බාරහාරවලට කප් ගසේ පඬුරු ගැට ගසයි. මෙම චාරිත්‍රය තුළින් ඇපවීම පොරොන්දු වීම සාමුහිකත්වය සමාජ සම්බන්ධතා ප්‍රකීනමාන වේ.

3.රුක් පේ කිරීම

දෙවොල්මඩුවට අවශ්‍ය ගස් වැල් නිලකිරීම හෙවත් වෙන් කිරීම රුක් පේ කිරීම නම් වේ. නිල කරන ලද වෘක්ෂයක් වටා පවිත්‍ර කොට සතර කොන ගොප් රැහැන් අදී.පසෙකින් මල් පහන් පැලක් තනයි.ප්‍රධාන කපු පත්තිනි ඇතුළු පිරිස නිල කරන ලද වෘක්ෂයන් වෙත ගොස් පැහැදුන් කඳක් වෘක්ෂයන්ට ඔප්පු කරයි.අනතුරුව දෙවියන් යකුන් වෙනුවෙන් කන්නලව්වක් කර මෙම විමාන අතහැර යන ලෙසට අයැද සිටී.මෙම චාරිත්‍රය රුක් පේ කිරීම නම් වේ.

.මිල්ල පේ කිරීම

එදා දෙවොල් දෙවි සත් කට්ටුව ලක් බිමට ගොඩබසින තැනේදී පත්තිනිය විසින් අසළ වූ මිල්ල කැළෑවට ගිනි තබන ලද බවත් එම ගිනි මැඩගෙන දෙවොල් දෙවියන් මෙරටට පැමිණි ආකාරයත් සංකේතවත් කිරීමට ගිණි පෑගීම සිදු කරයි. ඒ සඳහා අවශ්‍ය දර සපයා ගැනීමට මිල්ල කැපීමේ චාරිත්‍රය සිදු කරයි. පංචතූර්ය වාදන මධ්‍යයේ මිල්ල ගස වෙත යන කපුපත්තිනිවරු මිල්ල ගසට පැහිදුන් කඳක් ඔප්පු කර අතු කැබැල්ලක් කපා ගනී.එය සුදු පිරුවටයක ඔතා උඩුවියන් පාවඩ මධ්‍යයේ මඩු භූමියට වැඩම කරවයි.මිල්ල අතු කැබැල්ල පත්තිනි තොරණේ තැම්පත් කර තබා ගිනි මැලය දල්වන කල්හි එයට දමනු ලැබේ.මෙම චාරිත්‍රය මිල්ල කැපීම ලෙසද හඳුන්වයි.

5.තොට පේ කිරීම(තොට මෙට යාම)

යාගය සඳහා අවශ්‍ය කරන ජලස්ථාන ගොප් රැහැන් ඇද වෙන් කර ගැනීම නැතිනම් නිල කර ගැනීමයි.තොට පේ කිරීමේදී භූමි දෙවියන්ට, පොළෝ මහී කාන්තාවට, බහිරව දෙවියන්ට පුද පූජා පවත්වයි. යාගය පවත්වන දින සියලු කපු පත්තිනිවරුන් දිය කළගෙඩි රැගෙන ජලස්ථානය වෙත ගොස් මල් පහන් දල්වා දෙවියන්ට නමස්කාර කර මුලින්ම ගන්නා නොඉඳුල් ජලයෙන් කළගෙඩි පුරවා ගනී. අනතුරුව අඳුන් සඳුන් දෙහි උලා පවිත්‍ර වේ.ඉන්පසු උඩුවියන් පාවඩ මධ්‍යයේ දිය කලගෙඩි ගෙනැවිත් පත්තිනි තොරණ ඉදිරිපිට තැන්පත් කරයි.මෙම බොළපැන් දෙවියන් නානුමුර කිරීමට, අඩුක්කු සැකසීමට, කහ දියර සකස් කිරීමට යොදා ගැනේ.

6.ඔරුමාල පිදේනිය ඔප්පු කිරීම

පතිනියගෙ උත්පත්තිය හා සම්බන්ධ වඳුරුමාල කතාව මෙයට සම්බන්ධ වේ. පත්තිනියගේ නාමයට ඔරුමාල පිදේනිය ඔප්පු කරයි. අලුත් නෑඹිලියකට රතු කැකුළු බත්, හත් මාළිව, පලතුරු ආදිය දමා විලක්කු තුනක් ගසා ප්‍රධාන කපු ඔඅත්තිනි විසින් ජලස්ථානට පා කර හරී. නොඑසේනම් කණුවක් සිටුව එහි තැන්පත් කරයි. මෙසේ ඔරුමාල පිදේනිය ඔප්පු කිරීමෙන් සියලු ෆ්‍රෝග දුරුවන බව විශ්වාස කෙරේ.

7.මඩු පේ කිරීම

දිගින් සැට රියනක් ද, පළලින් තිස් රියනක් ද, උසින් පස් රියනක් ද සහිත මඩුවක් සකස් කෙරේ. බ්‍රහ්ම පාදයෙන් හෝ දේව පාදයෙන් මඩුව සකසන අතර උතුරට හෝ නැගෙනහිරට දොරටුව තබයි. වියන් සැරසිළි, ගොප් සැරසිළි ආදියෙන් මඩුව සැරසීමෙන් පසු මඩුව පේ කර ගනී.මෙහිදී පොලෝ මහී කන්තාවට, භූම දෙවියන්ට, බහිරවයින්ට පුද පූජා පවත්වයි. කෙණ්ඩි පාලිය, දූප පාලිය නටා පැන් ඉස සුවඳ දුමෙන් මඩුව සුවඳවත් කරයි.අනතුරුව දොරටු ආරක්ෂක නූල් දමා සිර කරනුලැබේ.මෙම චාරිත්‍රය මඩු පේ කිරීම නම් වේ

8.වේරන් වැඩමවීම(දෙවියන් වැඩමවීම)

ගමේ දේවාලයේ සිට දෙවියන්ගේ මුර ආයුධ, ආභරණ මඩු භූමිය වෙත වැඩමවීමයි. ප්‍රධාන කපු පත්තිනිය ඇතුළු පිරිස දේවාලයට ගොස් නානු මුට්ටයකින් දේවාභරණ නානුමුර කරයි. අනතුරුව දෙවියන්ගේ ආභරණ හෙප්පුවක දමා උඩු වියන් පාවඩ පිට ඉතා ගෞරව සම්ප්‍රයුක්ව මඩු භූමිය වෙත වැඩම කෙරේ.

ශාන්තිකර්මය දිනයේ කරන චාරිත්‍ර වාරිත්‍ර
1.බිසෝ කප සිටුවීම

එදා සේරමාන් රජු ඇතුළු පිරිස නැව් නැඟ මෙරටට පැමිණෙන කල්හි බිසව විසින් රන් රිදී මුතු මැණිකෙන් සරසන ලද කප් ගසක් සිටුවන ලදී. එය බිසෝ කප නම් බේ. රජුගේ සිරස් රෝගය සුව වුව හොත් රජුගේ හිසේ ප්‍රමාණයට රන් අඹයක් පුදන බවට බිසව විසින් භාර වන ලදී. මෙම සිදු වීම සිහිපත් කිරීමට අදත් දෙවොල් මඩුවේ බිසෝ කප සිටුවයි. සවියත් සාඟුලක් දිගින් යුත් කෙසෙල් බඩයක් පවිත්‍ර කර විචිත්‍රවත් ලෙස සකසා ගොප්කොල කැටයමින් අලංකාර කරයි. මුදුනෙහි පොල් මලක් ගසනු ලැබේ. මෙම කප් ගස දෑතට ගෙන බිසෝ කප උපත් ගයා ආතුරයාට සෙත් ශාන්ති කරයි. අනතුරුව බිසෝ කප මඩු භූමියේ සිටුවනු ලැබේ. බිසෝ කප වූ කලී සරල වූ විචිත්‍රවත් සැරසිල්ලකි. මෙය ආතුරයාට භාවත්මක වින්දනයක් ඇති කරවීමට සමත් වේ.

2.කාලපන්දම් පූජාව

සේරමාන් කතා පුවතට අනුව සේරමාන් රජුගේ නැවේ කුඹ ගස මුදුනෙහි මැණකක් වූ බවත් එහි ආලෝකයෙන් සියලු රෝග සුව වන බවටත් පුරාවෘත්තයේ සඳහන්වේ. ඒ අනුව රෝග දුරු කරවා සෙත් ශාන්තිට ආශිර්වාදය අපේක්ෂාවෙන් කාල පන්දම් පූජාව සිදු කරයි. මෙහිදී රියන් 11ක් උස පුවක් ගසක් තෝරා එය සුද්ද කර මුදුනේ පන්දමක් ගැට ගසයි. අනතුරුව ගොප් කොල දේව තෝඩු බැඳ කාල පන්දම් ගස සරසයි. පසුව ගොප් කොළ කනවැල් ආධාරයෙන් කාල පන්දම් ගස ඔසවනු ලැබේ. එහිදී අසූ කාලයක් ආලෝකය පවතීවා යැයි සියලු රෝග දුරු වේවා යැයි ප්‍රාර්ථනා කරයි. මෙම අවස්ථාවේ ගැමියන් විසින් ස්වකීය භාරහාර උදෙසා පඬුරු ගැට ගැසීම සිදු කරයි.

දෙවොල් මඩු යාගයේ නර්තන අංග
1.යහන් දැක්ම

දෙවොල් මඩු යාගයේ ඇදහිලි විශ්වාස හා සබැඳි සුවිශේෂ නර්තන අංගයක් ලෙස යහන්දැක්ම හැඳින්විය හැකිය. දෙවොල් මඩුවේ පුද ලබන සෑම දේව කොට්ඨාසයකටම යහන, පත්තිනි තොරණට වඩිනා ලෙස ආරාධනා කරමින් යහන්දැක්ම නර්තනය කෙරේ. මාතර සම්ප්‍රදායේ යහන් දැක්ම භාවිතයේ නොමැති වුව ද බෙන්තර හා රයිගම් සම්ප්‍රදායේ යහන් දැක්ම සුවිශේෂ කොට නර්තනය කරයි. සුදු අත් දිග බැනියම්, සුදු සේල ඇද ඉන පච්ච වඩමකින් වෙලනු ලැබේ. හිසට සුදු ලේන්සුවක් ගැට ගසයි. බෙන්තර සම්ප්‍රදායේ පපුවට සුවිශේෂී ආභරණයක් පළඳිනු ලැබේ. දෙවියන්ගේ නාමයට ආශිර්වාද කවි ගායනා කොට යහන් දැක්ම පුරනු ලැබේ. සියලු කපු පත්තිනිවරුන් ද සියලු බෙර වාදක ශිල්පීන් ද මෙම අවස්ථාවට සහභාගී වේ. භක්තිමත් විලාසයෙන් වැඳුම් අත් සහිතව නර්තනයේ යෙදේ. විලම්භ, මධ්‍ය, දෘත යන ලය මානයන්ට අනුව නර්තනය ඉදිරිපත් කරන අතර සෑම ලය මානයකටම වැඳුම් අතක් නර්තනය කරයි. අලංකාර ගමන් මාත්‍රා සහිත නර්තනයකි. අවසානයේ යහනට වැඳ නර්තනය හමාර කරයි.

2.තොරණ් යාගය

ගායනය සහිත නර්තනාංගයන්කි. සේරමාන් රජු හට රන් රිදී මුතු මැණිකෙන් සරසවා සකස් කරන ලද තොරණ සිහිපත් කරමින් දෙවොල් මඩුවේ තොරණක් ඉදි කරයි. මෙම තොරණ මකර තොරණ, පත්තිනි තොරණ, පත්තිනි මාලිගාව ආදී නම්වලින් ව්‍යවහාර කරයි. මෙසේ මුදුන් කොත් 5ක් සහිතව සකස් කරන විචිත්‍රවත් වූ මකර තිරණ පිළිබඳ විස්තරයක් තොරන් යාගයෙන් ඉදිරිපත් කෙරේ. විවිධ කවි ගායනා කරමින් අදාළ තිත් රූප අනුව අලංකාර පද මෝසම් පද නර්තනය කරයි. අවසානයේ තොරණට වැඳ නමස්කාර කර කඩතුරා කවි කියා කඩතුරාව ඉවත් කරයි. විචිත්‍රවත් අලංකාර මාත්‍රා මෙහි කැපී පෙනේ.

3.තෙල්මෙ නැටීම

තෙල්මේ යනු තෙල් සහ මල් යන්නයි. දොළහ දෙවියන්ට තෙල් හා මල් පූජා කිරීමෙ අභිලාෂයෙන් තෙල්මෙ නර්තනය කරයි. දොළහ දෙවියන්ගේ ඇඳුම් කට්ටලය ලෙස සැලකෙන තෙල්මෙ ඇඳුමෙන් සැරසී කපු පත්තිනිවරුන් 7 දෙනෙකු විසින් තෙල්මෙ නර්තනය කරයි. මෙහිදී බෙර වාදකයෝ මඟුල් බෙර වයයි. නර්තකයෝ මඟුල් බෙර අවසානයේ තෙල්මෙ නැටුම ආරම්භ කරයි. ශාස්ත්‍රීය නැටුමක් වූ මෙහි දී නේරංගම හා තෙල්මෙ පද හතක් නටනු ලැබේ. මෙහිදී තෙල්මෙ තටුව රඟ බිමේ මැද තබා නළුවත් එය වටේට නටන සිරිතක් ඇත.සෑම තෙල්මෙ පදයක්ම විලම්භ, මධ්‍ය, ධෘත ලයට නර්තනය කරන අතර මෝසම් පද අලංකාර පද නටා රංගනය කරයි. බර කඩිනම් මෝසම් පද නර්තනය කරන අතර ගමන් මාත්‍ර මඟින් නර්තනයේ විචිත්‍ර භාවය ප්‍රදර්ශනය කරයි. ශිල්පීන් ස්වකීය ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරනු වස් මාලක්කම්, බඹර වළල්ල, පතා විස්ස, කෙටෙල කැපීම යන ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරයි. නර්තනය තාණ්ඩව ස්වරූපයක් ගන්නා අතර තේජවන්ත භාවයක් නර්තනයෙන් ප්‍රදර්ශනය වේ.

4.වාහල නැටීම

මෙය වාහල දෙවියන්ට පූජා පිණිස කෙරෙන නර්තනකි. ප්‍රධාන කපු පත්තිනි හෝ ජ්‍යෙෂ්ඨ ශිපියෙකු සම්බන්ධ වේ. මෙය වරමකින් සිදු කෙරෙන්නක් බව ඇදුරන්ගේ මතයයි. දුම්මලවලට මතුරා වරම් ගන්නා ශිල්පියා පේ කරන ලද පොල් ගස්වලින් කපා ගත් පොල් මල් සුවඳ දුම් අල්ලා දෑතට ගෙන වාහල පද හතක් නටනු ලැබේ. නර්තනය අවසානයේ මල වේගවත්ව පරල වූ විලාශයෙන් හිසේ ගසා සුනු විසුණු කරයි.පොල් මල් 7ක් හිසේ ගසා ගැනීමෙන් ඉතුරු වූ හනස්ස කප් ගසට තබා බැද තබයි.

5.පත්තිනි නැටීම

දෙවොල් මඩුවේදී සශ්‍රීකත්ව, සෞභාග්‍යය, වර්ශාව, රෝග නිවාරණය අපේක්ෂාවෙන් සෙත ශාන්තිය අපේක්ෂාවෙන් පත්තිනි නටනු ලැබේ. මේ සඳහා ප්‍රධාන කපු පත්තිනි සම්බන්ධ වන අතර සත් දිනක් පේ වීම සම්ප්‍රදායික පිළිවෙතයි. පත්තිනි නැටීමට පෙර ජීවමාන පත්තිනය ලෙස සමාරෝපය වේ. පත්තිනි කවි ගායනා කරමින් උඩුවියන් පාවඩ මධ්‍යයේ ලාලිත්‍යවත් ගමනින් පැමිණ ශෘංගාරාත්මක භාව චලන ඉදිරිපත් කරමින් පත්තිනි නර්තනය සබයේ රඟ දෙයි. මෙහිදී පත්තිනි පද 7ක්, සුරල් පද 7ක්, කරඬු පද 7ක් නර්තනය කරයි.අවසානයේ පත්තිනි තොරණට වැඳ හළං සළු කරකවා සෙත් ශාන්ති කර සැමට ආශිර්වාද කරයි.
උඩින් සළුව සලන් පතිනි
බිමින් සළුව සලන් පතිනි
වටතිර සළු සලන් පතිනි
ආතුර දොස් හරින් පතිනි

 6.දෙවොල් නර්තනය

මෙය දෙවොල් දෙවියන් ලංකාවට ගොඩ බැසීම නාට්‍යාකාරයෙන් රඟ දැක්වීමකි. බුදුන්ට දන් කඨිනයක් පුදා දේවත්වය ප්‍රාර්ථනා කල දෙවොල් දෙවි සත් කට්ටුව එදා පත්තිනිය විසින් මවනලද ගිණි වැට සිසිල් කර සීනිගමට ගොඩ බසින ලදී. එතැන් පටන් සීනිගම මහ දෙවොලේ පුද ලබන මහා දෙවියෝ මුළු රුහුණටම තෙද අණසක පාති. සීනිග මහා දේවාලයේ විරාජමාන වන දෙවොල් දෙවි සත් කට්ටුව යහපත් මිනිසුන්ට යහපත ද, අයහපත් මිනිසුන්ට අයහපත ද උදා කර දෙන දෙවි කෙනෙකි. දෙවොල් දෙවියන්ගේ සෙත් ශාන්තිය පතා දෙවොල් මඩුවේ දෙවොල් නර්තනය සිදු කරයි.මෙයට දෙවොල් ඇඳුමෙන් සැරසුණු ශිල්පීන් 7 දෙනෙකු සහභාගී වේ. රංග වස්ත්‍රාභරණ සඳහා ජ්‍යාමිතික හැඩතල යොදා ගැනෙන අතර ත්‍රිකෝණාකාර හැඩතල බහුලව යොදා ගනී. දෙවොල් නර්තනය අතරතුර සිදු කෙරෙන දෙවොල් ගොඩ බැසීම නාට්‍යමය ස්වරූපයක් ගනී. දෙවොල් දෙවි සත් කට්ටුව ලක්දිවට ගොඩබට ආකාරය එමඟින් නිරූපනය කෙරේ. අනතුරුව දෙවොල් පද පුරනු ලැබේ. එහිදී දෙවොල් පද 7ක්, සුරල් 7ක්, කාඟුල් වට්ටම් නටනු ලැබේ. සෑම දෙවොල් පදයක්ම ලය තුනට නර්තනය කරයි. බර, කඩිනම්, ගමන් මාත්‍රය නර්තනය කරන අතර තාණ්ඩව නර්තන ලක්ෂණ ප්‍රදර්ශනය කරයි. ශිල්පීන් සිය දක්ෂතා ඉදිරිපත් කරනු වස් මාලක්කම, බඹර වළල්ල, පතාවිස්ස ආදිය ඉදිරිපත් කරයි. අවසානයේ ගිනි පාගා නර්තනය හමාර කරයි.

නාට්‍යමය පෙළපාලි
1.අඹ විදමන

දෙවොල් මඩු යාගයේ එන අඹ විදමන පත්තිනියගෙ එක් උත්පත්තියක චරිත විස්තර විදහා පාන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. නාට්‍යමය ලක්ෂණවලින් සුපෝෂිත අන්තර්රංගමය පෙළපාලියක් ලෙස අඹ විදමන ඉදිරිපත් වේ. පඬි රජුගේ ඔද තෙද සිඳිනු වස් පත්තිනිය මවිත අඹයක්ව උපන් අතර පඬි රජු මෙය කැඩීමට උත්සාහ කරද එය ව්‍යාර්ථ විය. අවසානයේ මහළු වෙස් ගත් සක් දෙව් රජ පැමිණ අඹය කඩා දමයි අඹයේ කිරි බිංදුවක් රජුගේ ඇසට වැටී දෙනෙත් අඳ වේ. මෙම අඹ ගෙඩිය රන් කරඬුවක බහා කාවේරි නදියේ පාකර හරී.මෙය වෙළඳ කුමාරයෙකුට හසුව වැලි මළුවේ සඟවා තබයි. දින කීපයකින් ඉන් රූමත් කුමරියක උපත ලබා සිටිනු දකී. ඇය පත්තිනයයි. මෙම කතා පුවත නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීම මෙහෙදී සිදු වේ. මෙහි එන දෙබස් සංවාද හාස්‍ය රසයෙන් යුක්තය. වචන වරද්දවා කීම, වචන කනපිට පෙරළා කීම, අසභ්‍ය වචන ප්‍රකාශ කිරීම, ග්‍රාම්‍ය ඕලාරික දෙබස් සංවාද වල යෙදීම, දෙබස් සංවාද ගැටුමක ස්වරූපයක් ගැනීම මඟින් හාස්‍ය ප්‍රභලව ඉස්මතු කරයි.

2.දොළහ පෙළපාලිය

දොළහ දෙවියන්ගේ නාමයට දොළහ පෙළපාලිය නටනු ලැබේ.පූජා භාණ්ඩ 12ක් මෙහිදී දොළහ දෙවියන්ගේ නාමයට කැප කර පූජා කරනු ලැබේ. උඩුවියන්, පාවාඩ, කුඩ, කොඩි ,සේසත්, චාමර, දවුල්, තම්මැට්ටම, නලාව, හොරණෑව, හක්ගෙඩිය හා වීණාව එම භාණ්ඩ 12යි. මේ එක් එක් පූජා භාණ්ඩය ඊට අදාල ක්‍රියාකාරකම් සහිතව රංගනයෙන් ඉදිරිපත් කර දොළහ දෙවියන්ට පූජා කරයි. මෙය හාස්‍ය රසයෙන් අනූන නාට්‍යමය පෙළපාලියක් වන අතර අනුකරණය, අනුරූපණය, දෙබස් සංවාද භාවිතය පැහැදිලිව කැපී පෙනේ.

3.ඇත් බන්ධය

දොළහ දෙවියන්ට කරන පූජාවකි. දොළහ දෙවියන්ගේ නාමයට ඇතෙකු අල්ලා දළ කපා දොළහ දෙවියන්ට ඔප්පු කිරීම අනුරූප මාධ්‍යයෙන් මෙහිදී ඉදිරිපත් කෙරේ. මෙහිදී එක් කපු පත්තිනි වරයෙකු ඇතෙකු ඇල්ලීමට හෙණ්ඩුව රැගෙන සැරසෙනු ලබයි. අනතුරුව ඇතෙකු ඇල්ලීමට දඩයමේ යන ආකාරය රංගනයෙන් දක්වමින් නර්තන පද තාල අනුව යාග පොළ වටා ගමන් කරයි. දෙබස් සංවාදවල නිරත වීමෙන් අනතුරුව ඇතෙකු අල්ලා ගනී. එක් පුද්ගලයෙකු සුදු රෙද්දකින් ශරීරය ආවරණය කර කෙසෙල් පතුරෙන් තනා ගත් ඇත් මුහුණක් පළඳවා ඇතෙකු ලෙස වෙස් ගන්වයි. අනතුරුව ඇතා වට කොට අල්ලාගෙන දොළහ දෙවියන්ගේ නාමයට දල කපන ආකාරයට නර්තනය කරයි. මෙහිදී ඇතා ඇල්ලීමට යන අයුරු, ඇතා වට කොට ගන්නා අයුරු, දල කපා පූජා කරන අයුරු බෙරවල තාලයට අනුව නර්තනය කරයි. රංග භාණ්ඩ වශයෙන් හෙණ්ඩුව යොදා ගනී. අනුකරණය , අනුරූපණය, සමාරෝපණය, දෙබස් සංවාද භාවිතය,රංග භාණ්ඩ, අභිනය භාවිතය මෙහි ගැඹුරින් දක්නට ලැබේ.4.මී බන්ධනය

දොළහ දෙවියන්ගේ හ මංගර දෙවියන්ගේ නාමයට මීමෙකු අල්ලා අං කපා පූජා කිරීම මී බන්ධනයෙන් සිදු කෙරේ.මෙහිදී කපු පත්තිනවරයෙකු මීමෙකු ඇල්ලීමට කෙවිටක් හා මන්දයක් (ලණුවක්) රැගෙන යන අයුරු රංගනයෙන් පෙන්වයි. පෙර පරිදිම පුද්ගලයෙකු මීමෙකු සේ සමාරෝපණය වේ. සුදු රෙද්දකින් ශරීරය වසා සතර ගාත් දැක්වීමට කෙසෙල් කොට දෙකක් ද වලිගයක් හා කෙසෙල් පතුරු හිසක්ද පළඳී. මීම සොයා යන අයුරු, මීමා වට කොට අල්ලා ගන්නා අයුරු, අං කපා ගන්නා අයුරු බෙර පද තාලයට අනුව නර්තනයෙන් පෙන්වයි. දෙබස් හා සංවාද හාස්‍ය රසෙන් යුක්තයි. අනුකරණය , අනුරූපණය, සමාරෝපණය, දෙබස් සංවාද භාවිතය,රංග භාණ්ඩ, අභිනය භාවිතය මෙහිදී ද දක්නට තිබේ. රංග භාණ්ඩ ලෙස කෙවිට හා මන්ද යොදා ගනී.
5.මරා ඉපැද්දීම

එදා පඬි රජුගේ බිසවගේ සළඹ සොරා ගත්තා යැයි සිතා කෝවලන්ව මරා දැමූ අතර කෝවල සොයා යන පත්තිනිය වෙල්ලිය අම්බලමට පැමිණි අතර එහි දී යකෙකු දමනය කරයි.පසුව කාවේරි නදියෙන් එතෙර වීමට තොටියාගෙන් උදව් ඉල්ලූ විට ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා තොටියා සමඟ වෛර බැඳ ගන්නා පත්තිනිය තම පේරැස් මුදුව ගලවා ගඟට දමා ගඟ දෙබෑකොට ගඟෙන් එතෙරව ගොස් එම තොටියාගේ හත්මුතු පරම්පරාවටම වදුරු වසංගත ඇති කරයි. පසුව සිය සැමියාගෙ මෘත දේහය වැළඳ ශාප කරමින් අඬා වැළපෙන පත්තිනිය සිය වම් පියයුර කඩා පොලොවේ ගසා පඬි රට ගිණි බත් කළ බවත්, පසුව මල් වැසි වස්සවා සශ්‍රීක කල බවත් කියයි.මෙන්න මෙකී කතාන්දරය අනුරූපණයෙන්, අනුකරණයෙන් යුතු භාවාතිශය රංගනයකින් යුතුව ඉදිරිපත් කිරීම මරා ඉපැද්දීම තුළින් සිදු වේ. මෙහිදී එක් කපු පත්තිනිවරයෙකු පත්තිනි දෙවිය ලෙස සමාරෝපණය වේ. රංග භාණ්ඩ වශයෙන් කාවේරි නදිය නිරූපණය කරන දිය කොරහ හා පේරැස් මුදුව භාවිත වේ.

6.ගරා නැටීම

පත්තිනි වෙනුවෙන් කරන සෙත් ශාන්තිවලදී විශේෂයෙන් මඩු තෝත්‍රවල දී යාග අවසානයේ ගරා යක්ෂයා වෙනුවෙන් නැටීම සිරිතයි. ඇති වූ ඇස්වහ කටවහ හෝවහ දෝස දුරු කරවා ගැනීම මෙහි අභිප්‍රායයි. කපු පත්තිනවරු දෙදෙනෙකු ගරා යක්ෂයා ලෙස සමාරෝපණය වී ගර වෙස් මුහුණක් පළඳී. මෙහිදී සුවිශේෂී සැරසිල්ලක් ලෙස ගරා අයිලයක් සාදයි. මෙම අයිලය මත නැඟී පද්දෙමින් හාස්‍ය මතු වෙන ලෙස රංගනය කරයි. අවසානයේ සෙත් ශාන්ති කර පිටව යයි.





day in the life

2024-10-20

"හුම්"




ජීවිතය අපුරුය. 
උපන් කල අසරණය. කාගෙත් උදව් උපකාරයක් නැතිව පැවතීමක් නැත. 
ටිකින් ටික උස් මහත්වන විට නිදහසේ කටයුතු කිරීමට පටන් ගනී. වැඩි හිටි පාලනයෙන් මිදී තනියෙන් කටයුතු කිරීමට පටන් ගනී. 
වැඩිහිටි පාලනය යටතේ අධ්‍යාපනය ලබයි. 
තරුණ වියට පත්වී රැකියා කටයතු අරඹයි. 
විවාහ වෙයි. 
ඒ කාලය කුරුල්ලෙකු ගේ ජීවිතය මෙනි. 
නිල් අහසේ රිසිසේ සැරිසරයි. 
මේ කාලය ජීවිතයේ කුරුළු අවධිය ලෙස හදුන්වයි.

විවාහවු පසු වගකීම් සහිත ජීවිත ගමනක් ඇරඹීමට සිදුවේ. 
දරු මල්ලන් ලැබෙති. 
ගෙවල් දොරවල් , ඉඩකඩම් ,යාානවාහන උපයා ගත යුතුවේ.
දරු මල්ලන් පෝෂණය කලයුතුවේ. 
ඔවුනට අධ්‍යාපනය ලබා දිය යුතුවේ. 
බාහිර ලෝකය හා මහ තරගයක යෙදෙමින් ලෙඩ දුක් නොසලකා අව් වැසි පිනි නොතකා දිවිය යුතුවේ.
මහත් බරක් හිස මතය. මහත් බරක් උර මතය. මේ අවධිය බුරූ අවධිය යි

බලු අවධිය
දරුවන් ලොකු මහත්වේ. ඔවුන් අආරරක්‍ෂා කල යුතුවේ . ගෙවල් වතුපිටි දරුවන්ගේ දරුවෝ බලාගන්න වෙයි.“තාත්තා නැත්නම් අම්මා ගෙදර ඉන්න“ තහංචි දැමෙයි. අන්තිමට නිදාගන්නේත් දෙමහල්ලෝය මුලින්ම අවදි වන්නේත් දෙමහල්යන්ය. ගෙදර සිදුවන සියළු අතපසුවීම් වලට වැරදිකරු ‍වන්නේත් .බැනුම් අහන්න වෙන්නේත් දෙමහල්ලන්ය. දැන් දැන් බල්ලාගේ රාජකාරිය දෙමහල්ලන් අතට පත්වී ඇත.

අන්තිමට එළඹෙන්නේ බකමුණු අවධියයි.
"හුම්"
තාත්තා බත් කෑවද? අම්මා බත් කෑවාද ? . 
"හුම්"
අද නානවද ? 
"හුම්" 
උණු වතුර මිසක් ඇල් වතුර නාන්න එපා- 
"හුම්"
බෙහෙත් බිව්වද? 
-"හුම්"
ඕනම දෙයක් ඇහුවම ප්‍රති උත්තරය - 
“හ්ම් “
වෙනත් උත්තර දීලා ලැබුන උත්තර වලට දැන් ජීවිතය පදම් වෙලා.
ඒ නිසා හැමදේටම "හුම්" කියුවම ප්‍රශ්න ඇත්තේ නැත.
"හුම්"

A day in the life