අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day of the life

Recent Comments

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Random Post

Thursday, October 20, 2022
"නර පණුවෝ සහ ගරිල්ලෝ"

10/20/2022 02:43:00 pm
2

ඔබ වන් ගුරුවරයෙකු ලැබීමට අප පින් කර ඇත්තෙමු.! එද,ඔබ සේ පෑණ හසුරවන්නට අප නොසමත්මු එදා තුන් කල් දැක්මෙන් යුතුව ඔබ ලියූ දේ එදාට වඩා අදට අදාලය ශ...

Read more »
Monday, October 17, 2022
අපි නටමු....ගී කියමු.

10/17/2022 01:00:00 pm
2

අපි ලිපේ තියපු හැලියක කකුළුවෝ වෙලා. දවසින් දවස ටිකින් ටික විනාශය කරා ලංවෙනවා.වෙනස් වෙන්න තව කල් තියෙනවා.පාලකයෝ වෙනස් කරන්න ඉස්සෙල්ලා අර් බූද...

Read more »
Wednesday, October 12, 2022
ඒකානංයකාගේ කවි .

10/12/2022 06:26:00 am
2

     නර්ස් නෝන පහුකරගන චිරිස් බිරිස් හඬ නංවන හර්ස් එකේ බ්රේක් පාර මෝචරියේ දොර අද්දර...                සිකුරිටියෙක් ඕනැම නෑ                සි...

Read more »
Wednesday, September 28, 2022
මටත් පිස්සු.

9/28/2022 01:38:00 pm
1

පිස්සු හැදෙන්නේ නැතිව තියෙයියැ මේ වෙන දේවල් වල හැටියට. ඒක අහගෙන ඉන්න තව එකෙක් කියනවා. මටත් ඒ වගෙයි කියලා. ඔක්කොටම පිස්සුද ? මම ඉන්නේ ගගක් අද...

Read more »
Sunday, September 18, 2022
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්

9/18/2022 04:05:00 pm
2

පුංචි කෝච්චිය... කොළඹ ඉදන් ඕපනායකට ආපු මතකය තියෙන අය බොහෝම අඩුයි. මීට අවුරුදු විසිපහකට විතර ඉස්සර  1997-1998 තරම.ඕපනායක ඉදන් කොළඹ ගිය පුංචි ...

Read more »