රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-06-20

කිරිකෝඩු



මාලිගාවෙ කප් හිටෝල
පෙරහැර මංගල්ලෙට ,අද
කිළි කුණු හෝදල දාලා
ගම්මානෙම එළිය වෙලා .
අලුත්ම ගොම අරං ඇවිත්
ගොම මැටි ගෑවා තනියම
සොපි නැන්දළ එක්ක ගෙහුං
දර මිටි බැඳගෙන ආවා.
දියකපලා ඉවරවෙලා
ආපහු කට්ටිය එනකං
පිලිහුඩුවක් උයන්නෙ නෑ
කිල්ලට අහුවේවි බයට.
දළදා මංගල්ලෙ වෙලේ
බෙර ගහන්න යන්නෙත් අපි
උඩ කරනම් ගහන්නෙ අපි
රජ කාලේ ඉඳලම එන
චාලිත්තරයක් ළු ඒක .
රතු තුප්පොට්ටිය බැඳලා
වෙස් ආයිත්තම් ඇඳලා
අපුච්චලා නටන රඟේ ...
කරඬුව නොවැ වඩම්මන්නෙ !.
ඉලංගමේ මහය වෙච්චි
මයෙ ලොකු අප්පුච්ච වෙච්චි
උඩවෙල නයිදේ කියලයි
හැමෝම ගරු සරු කොරන්නෙ.
දෙයියො බුදුන් අදහන අපි
අවසර ගන්නට ඕනිළු
කප් හිටෝපු දාට, ගමේ
සාන්ති කර්මය කරන්නෙ
ලොකු අපුච්චලා ගෙ ඉඩමෙ .
ගම්බාර දෙයියොත් එදාට
පාන් පැලට වඩිනවා ලු.
හැන්දෑවට මලය එක්ක
මහගෙදරට දුවල යන්නෙ
විලක්කු පන්දම් එළියෙන්
යාතිකාව බලා එන්ට.
කන්ද උඩින් හඳ පායල
රුක් අත්තන මල් සුවඳයි .
පන්දම් එළියෙන් බැබළෙන
මස්සිනාගෙ ඇස් දෙක ළඟ
මට ආසයි ටිකක් ඉන්ට .
පෙරහැර අහවර උණාම
මංගල්ලෙට නැකත් හදල
උජාරුවට මගුල් කන්න
අපුච්ච වචනේ දුන්නට
ළඟින් තුරුල්වෙලා ඉඳන්
පිල් කණ්ඩියෙ රටා පැදුරෙ
නිදාගන්න තියෙනවනම් ..
ආසයි නොවැ ඒත් බයයි...
රෝ.සි.

notes of imaginary