රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-07-08

පැවිද්ද.

හාමුදුරුවරුන් පිලිබදව ලියවෙන පලවෙන දේවල් සුබදායක නොවන කටුක පුවත් වලින් යුක්තය.

මේවා බෞද්ධාගමිකයන්ගේ සිත් පාරන සුළුය.

දායකයින් ප්‍රතිචාර දක්වන්නේද පෙර මෙන් නිහඩව නොව ඉතාමත් ප්‍රචණ්ඩකාරීවය. බොහෝ විට උඩ බලා ගෙන කෙළ ගැසුවිට තම මුහුණට නොවැටෙන්නාක් මෙන් සිතාය.

සිදුහත් චරිතය කියවන විට අපට සිදුහත් බෞද්ධත්වය  ලබා ගන්නා තෙක් සසර සම්පත් අවබෝධයෙන් බැහැර කරමින් ගමන් කල අන්දම විවරණය වන්නේය. උන්වහන්සේ අඅවබෝධයෙන් ලෞකික සැප සම්පත් අත්හැරියේය. වර්තමාන සඝ පරපුර ඇතිවන්නේ එවැනි අල්පමාත්‍ර අවබෝධයක් දරා ගෙන නොව කිසියම් රැකියාවකට කෙනෙකු බදවා ගන්නා ආකාරයෙන් ය.

කුඩා කල මහණ කර ගන්නා පුංචි දරුවන් කෙමෙන් පන්සල තුල මුහුකුරා යන විට, සමහරුන් උපැවදිව ගිහි ගෙය ආක්‍රමණය කරන්නේය. තවත් සමහරුන් පන්සල තුල රැදෙන්නේය. ඔවුන් තම ජීවිත කාලය ගෙවන වයස් කාණ්ඩ තුල හැසිරෙන ආකාරය අප බලාපොරොත්තුවන භික්‍ෂුත්‍වයට නොගැලපෙන බව දක්නට ඇත. එය මම දකින්නේ අවබෝධයකින් තොරව පැවදිවන්නන් තම ජීවිතය සංඝ චරියාවත් සමග කරන චිත්ත අරගලයක් ලෙසය ක්‍රමයෙන් පැසුණු වයස තෙක් පැවදි දිවියේ සිටිය හොත් වස්තු තන්හාව බැහැර කල පැවිද්දන් තුල ගිහි අප බලාපොරොත්තුවන ස්වාමීන් වහන්සේලා වැඩ හිටින්නේය.

එදා ගමේ පන්සලේ හාමුදුරුවෝ ගමේ උපදේශකයා විය. ආදර්ශමත් චරිතයක් විය. දායකයන් ගෙන් යැපුණු උන්වහන්සේලා දායකයින්ටද කිසියම් බැදීමකින් යුතුවිය. කලාතුරකින් නින්දගම් රකින පවුල් රකින නායක උන්නාන්සේලාද මේ අතර ඉද හිට හමුවිය. ඒත් උන්නාන්සේලාත් අනාගත් ස්වරූපයෙන් නොව වැදගත් ස්වරුපයෙන් ගිහි සම්පත් විදිමින් සමාජයේද ඉහලින් වැජඹුනේය. පසුකාලිනව උසස් අධ්‍යාපනය සදහා විශ්ව විද්‍යාල වලට ගිහියන්  සමග යොමු වීමත් ,රජයේ රැකියා ලාභීන්වීමත්, නිසා ඔවුන්ගේ ආර්ථිකව ස්වාධීන විය.දායකයින්ට තිබු බැදීම අඩුවිය.

අද දේශපාලනය , ව්‍යාපාර,මුදල් අරමුණුකරගෙන කරනු ලබන නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදෙමින් ලෞකික  ජීවිතේ සැප සම්පත්වල ගිලෙමින් බුදුහාමුදුරුවන් ගේ ධර්මය දේශනා කරන්න උත්සහාකරන උන්වහන්සේලා පිලිබද ඇති ගෞරුත්‍වය බින්දුව කරා දක්කාගෙන යන්නේ උන්වන්සේලාමය.

මට නම් දැනෙන්නේ දුකක් සහ වේදනාවක්ය


notes of imaginary