සිංහල නවකථාව ජනකාන්ත භාවයට පමුූණුවන ලේඛකයා ඩබල්යූ.ඒ.සිල්වා ය.ඔහුගේ නවකථා කෙතරම් ජනප්රියවීදයත්,ඒවායේ අළෙවියේ ප්රාමාණයෙන්ම පෙනේ.ව්යාපාරික පවුලක සාමාජිකයෙකු වූ සිල්වා දිනක්,මන්නාරම කරා යාම සඳහා රාත්රී දුම්රියට නැඟුනේඑහි "පළමුවැනි පංතියේ නිදන මැදිරියක්" වෙන්කොට ගෙන ය.තට්ටු දෙකකින් සමන්විත එම නිදන මැඳිරියේපහත ඇඳ සිල්වානන් සඳහා වූ අතරඉහළ තට්ටුව වෙන් කොටගෙන තිබුණේ ද"තරබාරු මුදලාලී" කෙනෙකු විසිනි.දෙදෙනාතර වැඩි කතා බහක් සිදු නොවින.දුම්රිය ගමණ ඇරඹීය.සිල්වානෝ තමා අදහස් කළ පරිදි නිදන්නට සූදානම් විය.නමුත් කුටියේ විදුළි පහණ දැල්වේ.!මුදලාලී පොතක් කියවයි.නිඳනු බොරු ය.මඳ වෙලාවක් ඉවසූ සිල්වානෝ"ඔය ලයිට් එක නිවන් නැත්දැ?"යි ඇසූ හ.තරමක් තිගැස්සුන මුදලාලී,"ංආ මහත්තයට ලයිට් එක කරදරයක් නෙඃ.මට මේ හොඳ පොතක් හම්බ වුණා.තව ටිකයි"මුදලාලී පිළිතුරු දුන්නේ ය.සිල්වානෝ නිහඬ වූහ.නමුත් වේලාව ගත වේ.පහණ නිවන ලකුණක් නැත.මැදියම් රැයද ලං වේ.සිල්වානන්ට මල පැන්නේ,ය."මේ අයිසෙ,වැඩිපුර මුදලක් ගෙවලා"බර්ත්"එකක් ගත්තෙ පොත් කියවන්ටද?නිදා ගන්නවා අයිසේ ඔන්න ඔය උලවු පොත වීසිකරලා!" කී ය"මහත්තයා,මේක උලවු පොතක් නෙවෙයි වීසි කරන්ට.මේක හොඳ සිංහල නව කතාවක්.මහත්තයලා ඉංග්රීසි ටිකක් කට ගාගෙනකළිසමක් ඇඳ ගත්තට මේවයේ වටිනාකම දන්නෙ නෑ!"මුදලාලී පිළිතුරු දුන්නේය."මොකක්ද පොතේ නම?" සිල්වා ඇසී ය."හිඟන කොල්ලා" මුදලාලී කීය.නිරුත්තර වූ සිල්වානෝ දෑස පියා ගත් හ.පසු කලක මේ සිදුවීම අළලා සිල්වානෝ "සිළුමිණ "පත්රයට මෙසේ කියයි."හිඟන කොල්ලා කියවමින් එදා මා සමඟ දුම්රියෙන් මන්නාරම් ගිය මුදලාලීමට බැණුම එපමණකින් නොනැවැත්වී ය.මා කෙරේ උපන් මහත් පිළිකුලෙන් හෙතෙම පොත වසා,බෑගයේ දමාමට ඇසෙන්නට නොව,වැඩියෙන්ම තමාට ඇසෙන්නට මෙන්මොන මොනවාදෝ දොඩවන්නට විය.නින්දට ගොසිනුත් ඔහුගේ දෙඩවිල්ල නොනැවතුනේ ය.පසුවදා දුම්රියෙන් බසින විටද,ඔහු මට ප්රත්යාචාර මුඛයෙනි වචනයක්වත් නොතෙපලාමහත් නොමනාපයකින් යන්නට ගියේ ය.ඔහුට මා හඳන්වා දෙන්නට නොලැබුණා ගැන දැනුදු කනගාටු වෙමි.ඉන් පසු එම මුදලාලී මම අදවන තුරුත් නුදුටුවෙමි.දැනුදු ඔහු ජීවතුන් අතර වෙතොත්මෙය කියවන ඔහුට එදා යුක්ති යුක්තව බැණ වැදුනේකා හටද යන්න මතක් වනු නිසැක ය"
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
2 comments:
හිගන කොලුවා කියන්නේ කොයි කාලයේ ආපු කතා පොතක්ද මැතිතුමා?
අජිත්
හිගන කොල්ලා 1929 ප්‍රකාශයට පත් වු පොතකි.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.