'Silent Night, Holy Night' ගීතයේ ඇරඹුම'
වර්ෂ 1816 දී නත්තල් සතියක ඔස්ට්‍රියානු පූජකයෙකු වූ ජෝශප් මෝර් නගරයේ නිස්කලංකව ඇවිදිමින් සිටියේය. ඒ ශීත සෘතුවේද ඔහු එසේ ඉමහත් ආශ්වාදයක් ලබමින් ඇවිදින අතර ඔහු කවියක් සිතේ ධාරනය කර ගතී. පසුව ඔහු එය කොළයක සටහන් කර ගතී. ඔහු එය සටහන් කළේ ජර්මානු භාෂාවෙනි. එය Stille Nacht, Heilige Nacht, යනුවෙන් හැඳින්විනි.
ජෝශප් මෝර් කතෝලික ජූජකයෙකුට අමතරව ගීත රචනා කිරීම හා ගායනා කිරීමට ද දක්ෂයෙක් විය. ඔහු වඩාත්ම ගීත රචනා කළේ කුසගින්නෙන් පෙළෙන සහ කම්පනයට පත් වූ මිනිසුන්ට දෙවියන්වහන්සේ සැලකිල්ල දක්වන බවට බලාපොරොත්තු ඇති කිරීම පිණිසය.
ෆ්රාන්ස් ක්සාවර් ගෘබර් ඔස්ට්‍රියන් ජාතිකයෙකි. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ අතර, ඔස්ට්‍රියාවේ දේවස්ථානයක් බලා ගන්නා පුද්ගලයෙක් ලෙසත්, එම පල්ලියේ ඕගන් වාදකයා ලෙසත් ස්වෙච්ඡා සේවයේ යෙදුනි. ඔහු ඉතාම දක්ෂ තනු නිර්මාපක වරයෙකි. පසු කලෙක එනම් 1829 වන විට ඔහු පල්ලි කන්තාරු කණ්ඩායම් අධ්‍යක්ෂක යෙක් මෙන්ම, දක්ෂ ඔර්ගන් වාදකයෙකු හා ගායකයෙක් ලෙසටද ප්‍රචලිත විය.
පූජක ජෝශප් මෝර් තම 'Stille Nacht, Heilige Nacht කවියට තනුවක් දමා ගැන්මට ගියේ මේ ෆ්රාන්ස් ක්සාවර් ගෘබර් වෙතටය. ඔහු එය භාර ගෙන එහී තනුව තම ඕගනය ආධාරයෙන් නිර්මාණය කරන්නට පටන් ගතී. පළමු දින එහී අඩක් කර, ඉතිරි අඩ පසු දින කරන්නට තැබුවද, එදින රාත්‍රියේ විශාල වර්ෂාවක් ඇති වී පල්ලියේ තිබූ ඕගනයට වතුර වැටි එය විනාශ විය. පසු දින නත්තල් රාත්‍රිය නිසා පූජක ජෝශප් මෝර් මෙම කන්තාරූ ගීතය ගැයීමට උවමනාම විය. ගෘබර් එයට පිළියමක් යෙදීය. ඒ තනුවේ ඉතිරි කොටස ගිටාරය උපයෝගි කර තැනීමය. එම ගිටාරය තිබුණේද හොඳ තත්වයකින් නොවේ.
කෙසේ හෝ එම නත්තල් දා රාත්‍රියේ ඔවුන් එම ගීතය සම්පූර්ණ කර ගැයුහ. පසුව ලෝ පතල වූ මෙම ගීතය මුලින්ම ගායනා කර ඉතිහාසයට එක්වන්නේ ද මෙම ගීතය ලියූ තරුණ පූජක ජෝශප් මෝර් සහ එයට තනු සැපයූ ෆ්රාන්ස් ක්සාවර් ගෘබර් ය. එම නත්තල් රාත්‍රියේ ඔවුන් එය ගායනා කර ඇත්තේ ද එහී තනුවේ ඉතිරි කොටස තැනූ ගිටාරය ම වාදනය කරමිනි. ඒ එම දේවස්ථානයේ ඕගනය අක්‍රීය තිබූ නිසාය. ජර්මන් බසින් ලියූ Stille Nacht, Heilige Nacht ගීතය පසු කළෙක ලොව පුරා ප්‍රචලිත වූයේ 'Silent Night Holy Night' ලෙසට ය. මෙම ගීතයේ රචකයා ලෙස පූජක ජෝශප් මෝර් මෙන්ම එහී තනු නිර්මාපකයා ලෙස ෆ්රාන්ස් ක්සාවර් ගෘබර් ඉතිහාස ගත වන්නේ එසේය.
මුලින්ම මෙම ජර්මන් ගීතය ජනප්‍රිය කර ඇත්තේ ජනගීත ගායනා කල පවුල් දෙකකි. ඔවුන් 'ස්ට්රෙසර්ස් පවුල හා රෙයිනර්ස් පවුල විය. ඔවුන් නත්තල් කාලයේදී ගෙයින් ගෙට ගොස් මෙම ගීතය ගායනා කළහ. එසේ නිවෙස් වලට ගොස් ගායනා කරන කැරොල් ගීත සම්ප්රදාය පටන් ගත්තේද, මේ අයුරිනි. මෙහී පළමු තැටිගත කිරීම සිදුවී ඇත්තේ 1905 වසරේදීය. එහෙත් මෙම ගීතය ප්‍රථමයෙන් ඉදිරිපත් වීමක් සිදුවූයේ 1818 දෙසැම්බර් 24 වන දිනයේ වූවද, එය ප්‍රසිද්ධ කර ඇත්තේ 1833 වසරේය. 1905 වසරේ තැටි ගත කිරීමෙන් පසු මෙය භාෂා 300 යකටත් වඩා පරිවර්තනය විය. එමෙන්ම මෙය 137,000 වාරයන්ටත් වඩා තැටි ගත විය
නමුත් පසු කළෙක පූජක ජෝශප් මෝර් ලියූ මෙම පදපෙල සහිත කොලය නැතිවී යාම නිසාත් , මෙම තනුව ලෝකප්‍රසිද්ධ සංගීතඥයන් වූ මොසාට්,බීතෝවන්, හයිඩ්න් සහ ෂෙර්බට් වාදනය කර ලොව පුරාම ප්‍රසිද්ධ වූ නිසා ඉන් පසු බිහිවුනු පරම්පරාවන් සිතුවේ මෙම 'Silent Night Holy Night ' ගීතයේ තනු නිර්මානය ඔවුන් විසින් කල එකක් බවය. එය ලියූ ජෝශප් මෝර්ව කොලය නැතිවීමත් සමඟම ඔහුගේ නම යටපත් වූ අතර, මොසාට් සහ බීතෝවාන් නිසා එහී තනු නිර්මාපක ගෘබර් ගේ නමද යටපත් වී ගියේය.
1859 වසරේදී ඇමරිකාවේ 'එපිස්කෝපල්' පූජකවරයෙකු වූ ජෝන් ෆ්රීමන් යංග් නිව්යෝක් නගරයේ ට්‍රින්ටි දේවස්ථානයේ නත්තල් මෙහෙය සඳහා Stille Nacht ගීතය ඉංග්‍රිසියට පරිවර්තනය කළේ මෙසේය
'Silent Night, Holy Night
All is calm, All is bright
Round yon virgin, mother and child
Holy infant so tender and mild
Sleeping heavenly peace
Sleeping heavenly peace
Silent Night, Holy Night
Shepherds quake at the sight
Glories stream from heaven afar
Heavenly hosts sing alleluia
Christ the savior is born
Christ the savior is born
Silent Night, Holy Night
Son of God, love's pure light
Radiant beams from thy holy face
With the dawn of redeeming grace
Jesus, Lord, at thy birth
Jesus, Lord, at thy birth
පසු කලෙක මෙය ලොව පුරා ගායක ගායිකාවන් ගනනාවක් ගයා තැටි ගත කරන ලදී. බින් ක්‍රොස්බි ගායනා කෙරූ තැටියේ පිටපත් මිලියන 30 කට අධික සංඛ්‍යාවක් විකිණී තිබූ අතර, එය, දැනට වැඩිම ප්‍රමාණයක් අලෙවි වූ 'Silent Night Holy Night තැටිය ලෙස ගනනය කරනු ලැබේ. පසුව මෙය ජිම් රීව්ස්, එල්විස් ප්‍රෙස්ලි , ෆ්රෑන්ක් සිනාට්රා, පෙරි කොමෝ, කෙනි රොජර්ස්, විලී නෙල්සන්,සෙලින් ඩියෝන්,ජෝශ් ටර්නර්,සාරා ඉවන්ස්, වැනි ගායක ගායිකාවන් ද ගයා තැටි ගත කර ඇත.
'Silent Night Holy Night ගීතයේ සංගීත ස්වරය ඉතාලියානු සංගීතය අනුව නිර්මාණය වූ බවක් කියවෙි. එය ඉතාලි සංගීත ස්වර රටාවක් වූ 'සිසිලියානා' අනුව C Major වැනි පහසු ස්වරයකිනි ෆ්රාන්ස් ක්සාවර් නිර්මාණය කර තිබුණේ.
මෙම ගීතය නිර්මාණය කිරීමේදී එකල යුරෝපය පුරා ඇතිවූ නැපෝලියන් යුද්ධය නිමවීමෙන් පසු ව මිනිසුන් පත්ව තිබූ දුක්බිත තත්වයත් එයින් ලද මානසික පීඩාවන් යම් තාක් දුරට හෝ සමනය කිරීමේ අදහස මෙම ගීතය තුළ ට ගැබ් කෙරූ බවක් මෙම නිර්මාණ කරුවන් කියා තිබුණි. එම ගීතයේ තනුවේ තිබෙන ලයාවන්තික බව එම කරුන,සනාථ කළේය.
නත්තල එළැඹෙන දෙසැම්බරය, යුරෝපය පුරා ඇත්තේ තද ශීත කාලගුණයකි. එමෙන්ම මුලු යුරෝපයම හිමෙන් වැසෙන සමයකි. ගහ කොළ පවා හිම තැවරී තිබෙන විට දැක ගත හැකි වන්නේ අමුතුම චමත්කාරයකි. විශේෂයෙන් හිම වැටුණු රාත්‍රියන් තුළදී පවතින නිහඬ බව මුල් කර ගෙනය මෙම ගීත රචක පූජක ජෝශප් මෝර් ගීතය ලියා තිබුණේ. Stille Nacht (Silent Night)යනුවෙන් ඔහු එම ගීතය පටන් ගෙන තිබුණේ ඒ නිසාය.
එමෙන්ම Stille Nacht, Heilige Nacht තුළින් පූජක ජෝශප් මෝර් පනිවිඩයක් දීමටද උත්සහ කර ඇත. ඒ 'යුද්ධය, කුසගින්න, රෝග සහ ස්වාභාවික විපත් වලින් ගහනවු මෙම කාලයට අවශ්‍ය වන්නේ සාමය ' බවය.
'ඔබ සැමට ශුභ නත්තලක් වේවා.'
-ශෝන් මැක්ස්මස් දිසානායක-
6 comments:
ඔබට සුභ නත්තලක් වේවා . මේ කමෙන්ට් දමන ක්‍රමය ටිකක් කරදරයි . කෙලින්ම දාන්න තියෙනවනම් ලෙහෙසියි .
සුබ නත්තලක් !
සරල කරන්නම්
සරල කරන්නම්
නත්තලට පුංචි අපිට සලකන්න මීදුම වලව්වේ නිළමේතුමා
හැමදාම අපි හමුවෙමු.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.