![]() |
හක්ගල උද්‍යානය |
![]() |
හක්ගල උද්‍යානය - |
![]() |
හක්ගල උද්‍යානය - |
නුවරඑළිය නගරය අනෙක් නගර වලට වඩා
විශේෂිතයි. ප්‍රදේශවාසීන්ට වඩා නගරයේ තාවකාලිකව එන යන සංචාරකයන්ගේ නවාතැන්පලක්.
හක්ගල උද්‍යානය ,හෝර්ටන්තැන්න,අඹේවෙල
සත්‍ව ගොවිපල,ඇවිද ගොස් නවාතැන් සදහා නුවරඑළිය තෝරා ගන්න බොහෝ සංචාරකයන් ගේ
පුරුද්දක්. අප්රේල් නිවාඩු කාලය නුවරඑළියට
වසන්ත සමය උදාවෙනවා. නගරය දේශිය සංචාරකයන්ගෙන් පිරී ඉතිරෙන මේ වකවානුව නවාතැන් ආහාර
පහසුකම් සපයන අයගේ සහ අතමිට සරුවෙන කාලයක්. සීතල නුවරඑළිය මේ දිනවල - ඔවුන්ගේ වහර අනුව “ වේලෙනවා” .
හෝර්ටන් තැන්න පාමුල නිවසි මට උදෙන්ම
නුවර එළියට ගොස් අවට කරක් ගසා හවස්වෙන කොට නිවසට ආපසු පහසුවෙන් එන්න පුළුවන් . බලන්ගොඩ,
බෙරගල,හපුතලේ, බොරලන්ද, කැප්පෙට්ටිපොල, හරහා නුවරඑළිය ගමන්මග මාර්ග පද්ධතිය දියුණු
කරපු නිසා පැය දෙකක ගමනක්.අපේ පැරන්නෝ හොර්ටන්තැන්න හරහා පයින් නුවරඑළියට පැමිනිලා
තියෙනවා. ඒ වගේම විදේශික වැවිලිකරුවන් අශ්වයින් පිට කොළඹ ගිය යුගයේ නුවරඑළියේ සිට
බෙලිහුල්ඔයදී බදුල්ල -කොළඹ මාර්ගයට අවතීර්න වෙලා තියෙනවා. ඒ යුගයේ බෙලිහුල්ඔය
තානායම ඔවුන්ගේ නවාතැන්පල වෙලා තිබුනා.
හක්ගල උද්‍යානය නඩත්තු වෙනවා දකින මට
වික්ටෝරියා උද්‍යානය වල් බිහිවෙන නිමිති පහල වෙලා කියලා මම දකිනවා. මේ දැක්ම ආයතන
දෙකක ක්‍රියාශිලිත්‍වය පෙන්නුම් කරනවා. මෙයට හේතුව පලාත් පාලන ආයතන අක්‍රීයවිමේ
විපතක් කියලයි මම හිතන්නේ.ගෙග්‍රරි වැව ආශ්‍රිත විල්ලුවත් විනෝද පහසුකම් සපයන අය
හැරෙන්න නඩත්තු කටයුතු ඇනහිටලා වගෙයි මම දැක්කේ. නුවරඑළිය වසන්තය එනකොට නිදා ඉන්න නගර
සභාව අවදි වේවි.හැමදාමත් අවදියෙන් ඉන්න ඕන කියලා කවුරුත් කියලා නැතිව ඇති.
notes of imaginary
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.