notes of imaginary
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
5 comments:
මට හිටිය මල්ලිලා දෙන්නම අවරුදු දෙකක් තුල (2002, 2004) හදිසි නතුරු වලින් මියගියා. එක්කෙනෙක් සුනාමියෙන්, අනික් එක්කෙනා වාහන අනතුරකින්. අපි හිටියේ අයියලා මල්ලිලා වගේ නෙවෙයි. යාළුවො වගේ. මේවා ගැන හිතන්න ගියාම පපුව හිරවෙනවා. ජීවිතේ හැටි මෙහෙමයි කියා හිතලා දුක තුනී කරගන්නවා.
ඒ දිනවල මා ලංකාවේ සිටියත් දැන ගන්න නොලැබුණේ ඇයිද යන්න ප්‍රහේලිකාවක් මේ පෝසටුව දැකීමෙන් මට ඇතිවූ පසුතැවිල්ල හා වේදනාව වදන් බවට පත් කරන්න යන එකේ තෙරුමක් නැහැ. කලකට පෙර හදිසියේ සමුගත් මගේ පොඩි මල්ලී නිසා තවමත් විඳවන මා ඔබ ලබන වේදනාව යම්තරමකින් හෝ ස්පර්ශ කරන්නට සමත් වෙනවා විය හැකියි. කළ හැකි එකම දේ ඔබේ මල්ලීට නිවන්සුව පතමින් නැවතීම පමණයි හිතවත.
සංවේදී සටහනක් , මල්ලිට නිවන් සුව පතමි
අන්තිම වාක්‍ය කීපයෙන් මල්ලී සමඟ තිබු ඔබේ ලෙංගතුකම පැහැදිලියි..
ඔහුට නිවන් සුව !!
මටත් මානසික දුර්වලතාවයක ඉන්න නංගි කෙනෙක් ඉන්නවා .ඇයත් වයස හතලිහ ඉක්මවු කෙනෙක්. අම්මාගෙයි, එයාගෙයි බැඳීම හරිම පුදුමාකාරයි. අපේ පවුලේ සියල්ලන්ගෙම සුරතලිය ලෙස ඇය ජීවත්වෙනවා. මට මේ පෝස්ට් එක අමතක වෙන එකක් නැහැ. අපේ දුවගේ උපන්දිනය එන්නෙත් නොවැම්බර් 29. ආපු කවුරුත් යන්න ඕන කියන සත්‍යය මෙනෙහි කරලා හිත හදාගන්න.
Post a Comment