මීරිය බැද්දේ නාය ගියා. වැස්සා වැස්සා......... තාමත් වහිනවා.
වැස්ස ගැන කරන
කතා අතරට ජනාධිපතිවරණය ආවා . චැනල් වලින් හැම
දෙනාම මඩ ගහගෙන අනිත් එක්කෙනාගේ පැටිකිරිය දිගාහරින තම තමන්ගේ පැටිකිරිය නිකම්ම
දිග ඇර ගන්නවා. ඒව බලා ඉන්න අපිට ඡණ්දේ
දෙන්න එක් කෙනෙක්වත් ඉතිරි වෙන්නේ
නෑ.
අපේ අවසාන නිරීක්‍ෂණය වෙන්නේ ඔක්කොම හොරු කියලා.
අඩුවෙන් ම හොරකම් කරලා තියෙන එක්කෙනා කියලත් තෝරා බේරා
ගන්න බැහැ. හැමෝම තමන්ගේ බලයේ තරමට හොරු.
ඒ හින්දා ඡණ්දය ගැන සංකාවක් ගැටළුවක් ඇති කරගන්න ඕන නැහැ.
අට වෙනිදාට තියෙන්න
හොදට පොරව ගෙන නිදා ගන්න. පහුවෙනිදා වෙන කොට “මැකෝ “ කියයි., මෙන්න මේ අලි බබා අපි තෝරා ගත්තා කියලා. අපි එයාට
ජනාධිපති කියමු.
එතෙක් වාද විවාද
තර්ක විතර්ක නොකර පාඩුවේ ඉන්න එක හොදයි. කාගෙවත් මගුලකට අපි දගලන්නේ ඇයි ?.
-
මේ මගේ අදහස.
ඒත් තව තව අයගේ අදහස් ඕන තරම්. ඒවා අහගෙන ඉන්න පුළුවන්
තැනක මම ඉන්නේ . මේ කතා කාරයෝ රත්වෙන්න රත් වෙන්න එක එක අදහස් වමාරනව. මම පහුගිය
දින කිහිපයේ අවධානය යොමු කලේ මේ කතා මතකයේ රදවා ගන්න.
“ආණ්ඩු පක‍්ෂෙයන් හොදට කාපු අයට ආණ්ඩුව රැක ගන්න ඕනී. ඔය
කොන්ත්‍රාත් කාරයෝ බාර් කාරයෝ හෝටල් කාරයෝ වගේ අයට.මෙහෙම කියන රොමානිස් අයියා
අනිත් පැත්තටත් ප්‍රහාර එල්ල කරනවා.
මායිම් ගම්මාන
ආරක‍්ෂාවට කැළැ බිම් මොරටු පටවපු, පුංචි මෝල් කාරයෝ හින්දපු ,වැව් පිරවෙන්නේ නැතිව වාං දොරටු නවීකරණය කරපු වැව් තාවුළ්ලේ හෝටල් ගහපු අය එළියට බැහැලා
තියෙන්නේ රට බේර ගන්න. රට බේර ගත්තේ නැත්නම්
ඔය මොකවත් කරන්න තැනක් නෑ නේ. පුංචි පදයක්
හලනව.
ගමේ ගොඩේ ඇත්තන්ට ඔය මොනවත් තේරෙන්නේ නෑ. “
-
රොමානිස් අයියා පැරණි වාමාංශිකයෙක්.
කතාවට හවුල් වෙන්න ඉන්නවා ගානට පදම් උන සිරිසේන
උන්නැහේ.එයා ටිකක් මොළ කාරයා. එයාගේ දෘෂ්ධිවාදය යොමුවන්නේ අමුතුම කෝනයකින් !. මහින්ද
ගැන කරන්නේ ඇගයීමක්.
“බලන්න හැමදාමත් මහින්ද රාජපක්‍ෂට එරෙහිව ආවේ මහින්ද
රාජපක්‍ෂ ගේ කල්ලියේ කෙනෙක්.
කැලේ ගහක් නසන්න
කැලේ ගහක්ම යොදා ගන්න ඕන කියලා සැලසුම් කරන අය හිතුවාද නැත්නම් රණිල්ට.තරගයක්
දෙන්න බැරිද ?. මහින්දත් එක්ක .
පුධාන දේශපාලන පක්‍ෂ දෙකේ ගමන් මග පිලිබදව ඔහුගේ විවරණය ලග
මගේ හිත නතරවුනා. ඔහුට අනුව චණ්ද්‍රිකා ගේ
ශ්‍රිලනිපය මහින්ද දෙස බලන
ලෙසින්මයි රණිල්ගේ එජාපය සජිත් දෙස බලන්නේ. මහින්ද ශ්‍රීලනිපයේ වැට කඩොළු බිදගෙන
ඉදිරියට යනවා. සජිත්ට තාමත් එතනට එන්න බැරිවෙලා. මෙවර එජාපයේ අපේක්‍ෂකයා විය යුතුව
තිබුනේ රණිල් නැත්නම් සජිත් කියලයි සිරිසේන උන්නැහේගේ මතය. මෛත්‍රී එදත් අදත් චණ්ද්‍රිකාට අවනත වුන - තමන්ගේ
පංතියේ සිට ඉහලට ගිය මහින්දට ඇහුම් දීමට අකමැතිවු චරිතයක් දෙසයි ඔහු දකින්නේ. චණ්ද්‍රිකා
ඔහු යොදා ගෙන මහින්දව වට්ටන්න හදන්නේ රටට ආදරයෙන් නෙමෙයි - මහින්ද කෙරෙහි තියෙන
පංති වෛරයට .
මුන් අපිව වෙන්දේසි කරනවා ! කතාවට එක්වෙන සරත්ගේ මතය.
එකෙක් දහ දාහාක් දෙනවා කියන කොට - අනිත්
එකා විසි දාහක් දෙනවා කියනවා. එකෙක් රුපියල් පනස් දාහට බයිසකලයක් දෙනවා කියන කොට
අනිත් එකා නිකම් දෙනවා කියනවා. අනිත් පැත්ත හැරිලා කියනවා ජාතික ආර්ථිකය ආයාලයේ
ඇරලා - විනාශ කරලා කියලා. ඒකා කලෙත් ඒක- මේකා ඇවිත් ඒක දෙගුණයකින් වැඩිකරලා කරන්න
හදනවා. “ අපි හදෙන් හරි හාල් ගෙනත් දෙනවා කිව්වා - ඇට අටක් දෙනවා කිව්වා- තවත්
එක්කෙනෙක් බත් ටක කාලා එවර වෙන කොට අතුරුපස දෙනවා කිවා. ඒ කාලයෙන් කාලයට පොරොන්දු
පත්‍රයේ මොඩලය අද වන විට වෙනස් කරලා. ඕවට
රවට්ටන්න දැන් අමාරුයි.
ඡන්දය ගැන කාටත් තියෙන්නේ පොදු කලකිරීමක් .1948 ඉදන්
මෙතෙක් ජනතාව රවට්ටලා. 2014 දිත් ඒක කරන්න උත්සහා ගත්තම ප්‍රතිපලය ඒ තරම්ම පලදායි
වෙන එකක් නැහැ කියලා කාලෙකට පස්සේ කරපු මේ වියමනෙන් සමුගන්නවා.
notes of imaginary
1 comments:
මීරියබැද්ද නායගියා........ ඒ මිනිස්සු උතුරයි දකුණයි බෙදාගන්න දැගලුවා....... ඒ මිනිස්සු ඒතනමයි... උතුරයි දකුණයි දැන් ඡන්ද සටනේ
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.