|
දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන් |
අරුගම්බේ සිට පිටත්වු අපි
ඊලගට පැමිණියේ ඓතිහාසික පසුබිමකට උරුමකම්
කියනු ලබන සේරුවාවිල රජ මහා විහාරයටයි. මේ පුදබිමට පැම්ණි මීදුමට තම පාසල් දිවියේ සිදුවු සිද්ධියක අතීත රූප රාමු
රැසක් යලිත් මැවෙන්නට පටන් ගත්තේය..
මින් දශක හතරකට පමණ පෙර කුඩා පාසල් මිතුරු නඩයක් සමග මීදුම දඹුල්ල , සීගිරිය . අනුරාධපුරය පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය සංචාරයක යෙදි
සිටියාය. උසස් පෙල විභාගය අවසන් කර “බ්‍රේන් රෙස්ට්’ කරන ගැටවර තාලයේ සංචාරයක්වු මේ සංචාරයට යොදා ගත්තේ මෙකල තරමට දියුණු
නොවු දුම්රිය සහ බස්රිය වැනි පොදු ප්‍රාවහන සේවාවන්ය.
උසස් පෙල විභාගය අවසන් වු
වහාම රාජකාරියක් ලැබී ගල්ගමුවේ වාරි ව්‍යාපෘතියක
සේවය කල සගයෙක්ගේ රාජකාරි නවාතැන හැර මේ
කිසිම ස්ථානයක අපිට නිශ්චිත නවාතැනක් නොවීය. මේ ගමනේ දින
අටක් පමණ පන්සලක් හෝ විශ්‍රාම
ශාලාවක් තාවකාලික නවාතැන බවට පත් කර ගත් අපි එකල මෙම ගමන සිහිපත් කලේ අප කල වීර චාරිකාවක් ලෙසටය.
ගමන් සගයෙකු පොලොන්නරුව
ගල්විහාරයේදී සිදු කල අව ක්‍රියාවක් සේරුවාවිල
විහාරයේ රාත්‍රිය ගත කරන විට ප්‍රතිවිපාක දුන්නේය . මෙය අප සැමටම ත්‍රාසවත් අත්දැකීමක් උරුම කර දුන් සිද්ධියක් විය. පසුකලක
මේ සගයා උසස් අධ්‍යාපනය හමාර කර ශ්‍රී ලංකා මහ බැංකුවට බැදී ඉහල මට්ටමේ වෘත්තියධරයෙකුව විශ්‍රාම ගියත්
කලාතුරකින් හෝ අපි හමුවු විට අදත් කතාබහට
එක් වන මේ චාරිකාවේ අත්දැකීම් සමග අපි අතීතයට පියමන් කිරීම සාමාන්‍ය සිද්ධිටක්ව ඇත.
අපි මේ ගමනේ එක් දිනක සැලසුම ලෙස ත්‍රිකුණාමලයට ගොස්
එදිනම සේරුවාවිල රජ මහා විහාරය බලා යාමටත්
එහි නවාතැන් ගැණිමට තීරණය කරගෙන සිටියාය.
ත්‍රීකුණාමලයේ සිට බෝට්ටුවෙන් කි.මී. 14 1/2 ක් පමණ දුරක් ගෙවා මුතුර් බලා ගොස් මුතුර්
සිට බස් රියෙන් තවත් කි.මී. 16 ක් ගෙවම්න් සේරුවාවිල රජ මහා
විහාරය දක්වා යාම එකල අපට තිබු පහසුම ගමන් මග විය.
අපි මේ සැලසුමට අනුගතව පෙරදින නවාතැනවු පොලොන්නරුවෙන් හිමිදිරි පාන්දර පලමු බස්රියෙන් පිටත්ව, පෙර
දින තැනින් තැන ඇවිද එකතු කර ගත් අත්දැකීම් සමාලෝචනය කරමින් රස විදමින් ත්‍රිකුණාමලය
බලා ගමන් ගත්තාය.
ත්‍රිකුණාමලයේ සිට මුතුර් දක්වා මගී බෝට්ටුවේ ගමන අපට නුහුරු ත්‍රාසජනක
අත්දැකීමක් විය. මුතුර්හිදී යලිත් ගොඩ බිමට පා තැබු පසු බෝට්ටුව පැද්දෙන වාරයක්
පාසා ගෙදර බුදුන්ගේ සිට සියළු දෙවි දේවාතවන්ගේත් බුදු හිමියන්ගේත් සරන පතමින් යදින ලද බව අපි එකිනෙකා පිලිගත්තාය.
මුතුර් සිට පිටක්වු අවසන් බස්රියෙන් බිම් කරුවල වැටෙන පැයේ අපට සේරුවාවිල රජ මහා විහාරයට ලගා වීමට හැකිවිය. එවකට
විහාරයේ වැඩම කර සිටි දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන් වැද පිලිසරණක් පැතු කල නවාතැන
පිණිස බණ ශාලාවත් අදුර මකන්නට පහණකුත් අනෙකුත් පහසුකම් සලසා ගන්නට උපදෙසුත් ලබා දීමට
උන්වහන්සේ ත්‍යාගිශීලිවිය.
අප ඇගපත දොවා ගෙන රාත්‍රී
කුසගින්න නිවා ගන්නා අටියෙන් ආහාර සපයා ගන්නට
ගත් උත්සහායේදී අසල කුඩා වෙළද සැලකින් මිලට ගත් රෝස්පාන් ප්‍රමාණයෙන්
සෑහීමට පත් නොවී ඥාණ කතා නම් බණිස් විශේෂයකින් ඉතිරි අඩ සතපා තේ කෝප්පයකින් බඩ
පුරවා ගැණිමටත් අපට වෙලද ද්‍රව්‍ය අලවි කල මුදළාලි අවසන් ගනුදෙනුව කරමින් වෙළද සැල හිස් කර ගත් අන්දම පිලිබදව රස කතා ගොඩනගා
ගණිමන් නින්ද සොයන්ට සැරසුනා පමණි.
අපේ නඩේ සිටි ආනන්දට තද
බල ලෙස එක්වරම උණ ගෙන ඇත. අපි හය දෙනෙකුට අල්ලා මෙල්ල කර තැණිමට නොහැකි ශක්තියක් ඔහුට
ලැබී ඇත. අපි ගසා බසා ගෙන නැගී සිටින සගයා “ අනේ ආනන්ද හාමුදුරුවනේ මට සමාවෙන්න, මම හිතලා කරපු වැරද්දක් නෙමෙයි.
ඔබ වහන්සේට මතු ආත්මයක බුදු බව අත්වෙන්න
ඕනී. මට සමාවන්න ආනන්ද හාමුදුරුවනේ “ යනුවෙන් මහා හඩින් අඩා
වැලපෙමින් ආනන්ද හාමුදුරුවන් ගෙන් සමාව අයදිමින් මහා පෙරළි කාරයෙකු බවට පත්ව ඇත.
කිසිවක් කර කියා ගත නොහැකිව
අසරණවු අපි ඔහුත් අපහසුවෙන් මෙල්ල කරගෙන දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන් පාමුල වැද
වැටී පිලිසරණ පැතිය. අප අස්වැසූ උන්වහන්සේ පිරිත් සජ්ජායනා කරමින් පෙවු පිරිත් පැන් බිදෙන් මෙහොතින් ආනන්ද යලිත්
යථා තත්වයට පත්විය. අප සේවා මුර ක්‍රමයට නිදිවරමින් පසුදාට පහන් කර උදෑසන තතු විමසීය.
ආනන්ද පොලොන්නරුවේ ගල්
විහාරයේ ආනන්ද හිමියන්ගේ පිලිරුවට හමුදා පන්නයේ අචාරයක් කර
‘ඔබත් ආනන්ද - මමත් ආනන්ද
එහෙනම් මට යන්න අවසර “
කියා ආනන්ද හිමි ගෙන්
සමුගෙන තිබු බව හෙලි වීමෙන් අප සියල්ලෝම ගමනේ කෙළවරක් වෙන තෙක් කට පරිස්සම් කර ගත යුතුයැයි අතිරේක සම්මුතියකට
එලඹීමට තිරණය කර ගත්තාය.
ඊලග වියමන මෙවර සේරුවාවිල
රජ මහා විහාරයේ දී දුටු දේ උදෙසා සදහා වෙන් කරන්නට බලාපෙරොත්තුව අදට මීදුම සමු ගන්නේය.