2011-10-25

10/25/2011 11:35:00 am
4


ගමට කලින් හිරු  
මුළු තැන් ගෙට වඩනා
ඒ හිරු එළියේ  
නැන මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ 
අද ලොවුතුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.

රෑ කරුවල අරගෙන 
දරුවන් එනතුරු 
සිත නෑ නිවන් දකින්නේ
රෑ කරුවල ඇවිදින් 
ඉකිබිද ඇඩුවත් 
හිත නෑ නිදි විද ගන්නේ 
හෙට අරුනට සැරසෙන  
තව දවසක් ගැන
 නින්දේ සිහින දකින්නේ 
මහමයාවනි, කවාදා දෝ ඔය නෙත් 
දරු සෙනෙහෙසින් මිදෙන්නේ

වෙල් එලි වල ඇවිදෙන 
දෙපා රිදෙන විට 
විහග ගීත බණ පද වේවා
බෝමළුවක ඇවිලෙන පහන් වැටක් සේ 
තුන් සිත නිවී සැදේවා

මතු උපදින සසරේ  විශාඛාව වී 
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ -  ඔබේ නැලවිලි ගීතය 
ලොවම නිවන කවියක් වේවා

ගමට කලින් හිරු  
මුළු තැන් ගෙට වඩනා
ඒ හිරු එළියේ  
නැන මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ අද
ලොවුතුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගේය පද - සුනිල් දයානන්ද කෝණාර




4 ප්‍රතිචාර:

පිස්සා පලාමල්ල said...

දිවුල්ගනේ මහත්මයගේ බොහොම ලස්සන ගීතයක්

Anonymous said...

ගෙය පද හා තනු නිර්මාණය: සුනිල් දයානන්ද කෝණාර

ඔබ නොදු‍ටු ලොවක්..... said...

කොච්චර ලස්සන සිංදුවක්ද !!!!!!!!

ඔබ නොදු‍ටු ලොවක්..... said...

කොච්චර ලස්සන සිංදුවක්ද !!!!!!!!