Monday, July 28, 2025

අධ්‍යපන ප්‍රතිසංස්කරණ - 3


Education reforms have arrived.

Mother Buddha.. We're dead.. That's what it is.

Mothers are more upset than children.
Guys... Call the captured house.
Watch FB watch YOUTUBE
In the meantime, stories are spreading.

That's why what is this?
Reforms.
I'm trying to put it a little simpler.

It's not just the Olevel guys here.
For those who want to do A/L
STEM (Science -Technology -Engineering -Maths )
A subject category has been identified.
So those who do A/L
It's worth understanding.

The first change proposed here is
Instead of the 9 core subjects currently being studied in Olevel
Containing only 7 subjects
A lot of kids like that job.
There will be 5 general subjects.
At that five
Mother Tongue
English language
Mathematics
Science
Includes the study of religion and values
There will be three credits for each of these subjects and
For the study of religion and values only
I get two credits.

And then there's
As the children like
Subjects you can choose
You have to choose two of them.
It's about including history.
Reluctance goes a little too often these days.
History must be inevitable.
Do you want to choose that?
That's how the story goes.

Here's what you want.
Subjects you can choose
Second National Language
Information and Communication Technology
History
Citizen Education
Health and Physical Education
Technology
Geography
Aesthetic Education
Entrepreneurship and Financial Literacy

But in order to provide the necessary access to the Higher Level
STEM (Science -Technology -Engineering -Maths ) Subjects and
Humanities and Social Sciences or Management
Subjects related to the curriculum can be studied.
If a student chooses STEM, that student
STEM subject category including Mathematics and Information Technology
4 subjects to be studied,
They are from humanities and social sciences category.
There are two subjects to study, including history and aesthetics.

In addition, they must pursue vocational training in one subject.
When selecting subjects under these subject categories
Students under all subject categories
History and aesthetics have to be studied.
That's why history and aesthetics are in the coming story.
The argument changes here.
Not only that, in addition to the 7 core subjects
Additional subjects have to be studied.

There are also plans to replace ABCS with a GPA.
By introducing the CREDIT system, this GPA system will be adopted.
According to this new educational reform
The following subjects and the following credits should be earned.
අනිවාර්ය විෂයන් 05: ක්‍රෙඩිට් 14
තෝරාගත් විෂයන් 02: ක්‍රෙඩිට් 04
වැඩිදුර අධ්‍යාපන විෂයන් 07: ක්‍රෙඩිට් 14
තීර්යක් විෂයයන් (transversal): ක්‍රෙඩිට් 03
ඒ අනුව සිසුන් සාමාන්‍ය පෙළ සඳහා ඉහත විෂයන් අධ්‍යයනය කළ යුතු
අතර උපයා ගතයුතු මුළු ක්‍රෙඩිට් සංඛ්‍යාව 35ක්
ඉතින් මේ ප්‍රතිසංස්කරණ ගැන දරුවන්
ගොඩක් ඔලුවට අරන් වද වෙන්න එපා
ඒවා හිමින් සැරේ සිදුවේවි .
අපි අපේ වැඩේ කරගෙන යමු
යහපත් දෙයක් වෙයි කියලා හිතමු
ඒ වගේම අපේ අදහස්
හොඳ විදිහට බෙදා ගමු
අඩුපාඩු කතා කරමු
උපුටා ගැනීම

A day in the life

Sunday, July 27, 2025

ඉතිහාසය සහ අධ්‍යාපන අමාත්‍යංශය - 2


ඉතිහාසයේ පටලැවිල්ල..
අනිවාර්යද..? නැද්ද..?
අගමැතිතුමිය කියන්නේ අනිවාර්ය විෂයයන් පහක් තිබෙන බවත් ,
ඒ හැර විෂයන් දෙකක් ලිස්ට් දෙකකින් තෝරා ගැනීමට හැකි බවත්..
ඒ තෝරා ගන්නා ලිස්ට් දෙකේ සෞන්දර්ය සහ ඉතිහාසයේ තිබෙන බවත්..
අපි කියන්නෙත් ඒකම තමයි..
අපි වැඩේ වැරදියි කිව්වේ ඒක නොතේරිලා නෙවෙයි...
අනිවාර්ය විෂයයන්ගෙන් ඉතිහාසය ඉවත් කරහම,
ඉතිහාසය විෂය සාමාන්‍යයෙන් ළමයින්ට වෙහෙස අරන් පාඩම් කරන්න ඕන විෂයක් නිසා, බොහෝ දරුවන් එය තෝරා නොගැනීමට ඉඩ තිබෙනවා..
එවිට බහුතරයක් දරුවන් ඉතිහාසය විෂය හැදෑරීමෙන් ඉවත් වෙනවා..
"ඔන්න අපි ළමයින්ට තෝරගන්න දීලා තියෙනවා.. ළමයි තෝරගත්තෙ නෑ ..
ඒකට අපට කරන්න දෙයක් නෑ"
කියලා ඇඟ බේරගන්න එක රටේ පාලකයන්ගේ සිරිතක් නොවිය යුතුයි..
පාලකයන් ඉන්නේ ළමයින්ට හරි මග යන්න පුළුවන් වැඩපිළිවෙළවල්,
තීරණය කරලා ඒවා සංවිධානය කරලා ක්‍රියාත්මක කරන්න මිසක්,
ළමයින්ට ඕන දේ කරන්න නම් අධ්‍යාපන අමාත්‍යංශ ,විෂය මාලා සංවර්ධන ය ආයතන, අවශ්‍ය වෙන්නේ නෑනේ...
ඉතිහාසය යන විෂය අනිවාර්ය කළ යුත්තේ රටක් හා ඒ රටේ පුරවැසියන්ගේ බැඳීම පිළිබඳ එය ප්‍රධාන සාධකයක් වන නිසා..
අද උලපනේ හාමුදුරුවෝ කිව්වේ ඉතිහාසයක් අවශ්‍ය රටවැසියන් බිහිකරන්න ඕන නිසා කියලා..
ඉතිහාසය නැති උනහම බිහිවෙන්නේ පරවැසියන් කියලා...
ඒක නිසා තමයි ඒක අනිවාර්ය විෂයක් විදියට තියෙන්න ඕන..
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන කමිටුවේ ප්‍රධානියෙක්..

ඔහු කියනවා "මේක කලොත් හෙන ගහන්න ඕන කියලා...
අපි නම් එහෙම හෙන ගහන්න කියලා කියන්නේ නෑ..
අපි කියන්නේ ඉතිහාසය අනිවාර්ය විෂයක් විදියට සාමාන්‍ය පෙළ විභාගයට තියන්න ඕන කියලා...
එතකොට බොහොම පහසුවෙන් ප්‍රශ්නය විසඳෙනවා..
කාටවත් විරෝධතා කරන්න දෙයක් නෑ....
නවීන ලෝකයට රැකියා අවස්ථාවන්ට ැලපෙන වෘත්තියේ අධ්‍යාපන පැත්තකට දරුවන්ට අවස්ථාවක් සලසලා අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිවෙනවා නම් ඩාත් යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා..
ඉතිහාසය අයින් කරන එක නෙවෙයි කරන්න ඕනේ ,
දෙස් විදෙස් රැකියා වෙළඳපොළට ගැලපෙන වෘත්තීය අධ්‍යාපන පාඨමාලා පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ සහ ඉන් ඉහළ පන්තිවලට යනකොට ඇතුළත් කරන එක..
එහෙම වුණොත් රජයට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වේවි. තමන්ගේ පාලන කාලය තුළදී..
මොන විෂය ධාරාවක් ඉගෙන ගත්තත්,
රටක ඉතිහාසය කියන එක,
ඒ රටේ දරුවන්ගේ හදවතට බැඳීමක් ඇතිවෙන විදියට උගන්වන්න,
විෂය නිර්දේශ සකස් කරන්න ඕනේ...
තමන් ගෞරවනීය ඉතිහාසයක් තියෙන රටක පුරවැසියන් කියන එක,
රට ගැන අභිමානයහ ඇතිවෙන විදියට, දරුවන්ගේ සිත් සතන් තුළට ඇතුළත් වෙන විදියට ඉතිහාසය පාඨමාලා සැකසෙන්න ඕන..
අධ්‍යාපන බලධාරීන් ඒ විදියේ උපදෙස් රජයට දෙනවනම් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ..
අපට නොපෙනෙන සමහර බලවේග වල අවශ්‍යතාවය අනුව ඔවුන්ට වාසි සහගත විදියට ඉදිරි දරු පරම්පරාව මෙහෙයවන්න කෙරෙන
කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් යග්‍රහණය කරන්න ඉඩ දෙන්න හොඳ නෑ..
ඊයේ සමාජමාධ්‍යවල සංසරණය වුණු අධ්‍යාපන විෂය මාලාවේ වෙනස් කිරීම පිළිබඳ සටහනෙත් අනිවාර්ය විෂයයන් පේළියේ තිබුණේ ඉතිහාසය හැර අනෙක් විෂයන් පහ පමණයි..
කොහොම වෙතත් මේ වැඩේ කරන්න ගියොත් නම් බලවත් විරෝධයක් පැන නගින එක ස්ථිරයි...
සමහර විට වටවංගු කතා කියන්නේ ඒ විරෝධයේ සැර බාල කරගන්න වෙන්න පුළුවන්..
උසස් පෙළට ඉතිහාසය කවර පාඨමාලාවක් යටතේ වුවත් අනිවාර්යයි කියන කතාව පිළිබඳ ව පැහැදිලි බවක් නෑ.
සැබවින්ම එහෙම තියෙනවා නම් හොඳයි..
ඒත් හරිම අපැහැදිලි පැහැදිලි කිරීමක් තියෙන්නේ..
සාමාන්‍ය පිලොන් අනිවාර්ය බව ඉවත් කරලා උසස් පෙළට අනිවාර්ය කියලා කිව්වහම ඒක මහා අමුතු වැඩක් වගේ දැනෙනවා..
අපි අගමැතිතුමිය ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලන්නේ,
කරුණාකරලා දරුවන්ගේ සිත් සතන් ඇතුළට තමන්ගේ රට පිළිබඳව අභිමානයක් ඇතිවෙනව විදියට ,
තමන් රටට ආදරය කරන පුරවැසියෝ බවට පත්වෙන විදියට,
ඉතිහාසය විෂය දරුවන්ට අනිවාර්ය විෂයක් කරන ලෙසයි.....
දැනට අනිවාර්ය විෂයක් වන එය,
අනිවාර්ය තත්ත්වයෙන් වෙනස් නොකරන ලෙසයි..

 

A day in the life

Saturday, July 26, 2025

ඉතිහාසය සහ අධ්‍යාපන අමාත්‍යාංශය 1.


තිහාසය ඉගෙනගන්න එක අනිවාර්ය නෑ කියලා අධ්‍යාපන අමත්‍යංශය පාසල් විශය නිර්දේශයෙන් ඉතිහාස විෂය අයින් කරන්න උත්සහ කරනවා.මෙ සඳහා මැදිහත්ව කටයුතු කරන්නෙ අධ්‍යාපන ඇමති වන රටේ අගමැතිනිය වීම මොන තරම් අවාසනාවක්ද ? අගමැතිනියගෙ අරමුණ අපි කවුරුන්ද වග නොදන්න අනාගත ජාතියක් බිහි කිරීමද ?
අපේ දරුවන්ට තමන්ගේම රටේ ඉතිහාසය දැනගන්න අනිවාර්ය නැහැ කියලා කියන එක විකෘති අදහසක්. ජාතියක එකමුතු හැඟීමක්, පුරවැසි වගකීමක්, සංස්කෘතික උරුමය පිළිබඳ අවබෝධයක් ඇතිවෙන්න ඉතිහාසය ඉගෙනීම අත්‍යවශ්‍යයි.

Friday, July 25, 2025

මේක කියවන්නම ඕන කතාවක් - රුසියාව.



මේක කියවන්නම ඕන කතාවක්....
රටක් බංකොලොත් වුණොත්, මොකද වෙන්නේ?
මම මේ ලියන්නේ එහෙම බංකොලොත් වුණ රටක ගෙවුණු මගේ ජීවිතේ අත්දැකීම්.
කියවල බලන්න එතකොට තේරුම් යාවි කොයිතරම් අමිහිරි ද කියල.
මම_උසස් අධ්‍යාපනය ලැබුවේ_රුසියාවේ.මම හිතන විදිහට අපි තමයි_රුසියාවට ශිෂ්‍යත්වෙන් ගිය අවසාන කණ්ඩායම හෝ අවසන් කණ්ඩායමට පෙර කණ්ඩායම.

Thursday, July 24, 2025

ඇමේසන් වනාන්තරයේ පැරණි නගර සංකීර්ණයක් .



ඇමේසන් වනාන්තරයේ වසර 2,500කටත් වඩා පැරණි නගර සංකීර්ණයක් අනාවරණය වෙයි...
අපගේ පෘථිවියේ තවමත් නොදන්නා රහස් බොහෝමයක් ඇති බවට තවත් සාක්ෂියක් සපයමින්, ඇමසන් වනාන්තරයේ පුරාණ අතීතය පිළිබඳ අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් කරන විස්මිත සොයාගැනීමක් ඉක්වදෝරයේ, ඇමේසන් වනාන්තර සීමාවේ උපනෝ නිම්නයෙන් (Upano Valley) වාර්තා වෙනවා. එනම්, දියුණු ලේසර් සිතියම්කරණ තාක්ෂණයක් වන Lidar (Light Detection and Ranging) තාක්ෂණය භාවිත කරමින්, පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් වසර 2,500කටත් වඩා පැරණි, අති විශාල හා සංකීර්ණ නගර ජාලයක් සොයාගෙන තිබෙනවා.
 

Wednesday, July 23, 2025

ජෝ .......ජෝ අබේවික්‍රම.


ජෝගෙ ඇක්ටින් අද තරුණ පරපුරත් රස විඳිනවා. මං හිතන්නෙ ජෝ අබේවික්රමයන් කරපු චිත්රපට 162 අතරින් වැඩි දෙනෙක් කැමති ම චරිතෙ වැලිකතර ෆිල්ම් එකෙ ගෝරිං මුදලාලි වෙන්න ඕනෙ.

Tuesday, July 22, 2025

ගසක් සමග මිතුරු වෙමු.





1. ඔබේ ගස බුද්ධිමත්ව තෝරන්න.
සොබාදහමේ ඇවිදින්න, ගසකට සිත ඇදී යාමට ඉඩ දෙන්න. ඔබ එයට ළඟා වන විට ඔබට හැඟෙන ආකාරය ගැන අවධානය යොමු කරන්න.
එය සමහර විට සන්සුන් හෝ හුරුපුරුදු බවක් විය හැක.
2. ගස පිළිගෙන ආචාර කරන්න.
ගෞරවාන්විතව ගස ළඟට ගොස් ඔබ මිතුරෙකු මෙන් එයට ආචාර කරන්න. ඔබට හඬ නගා ආයුබෝවන් කියන්නට හෝ සරලව මානසික සුබපැතුම් පිරිනැමීමට හැකිය. එය ජීවියෙකු ලෙස සිතා ගන්න.
3. එහි ව්යුහය නිරීක්ෂණය කිරීම සහ අගය කිරීම.
ගසේ අතු, කොළ, පොතු සහ මුල් දෙස මොහොතක් බලන්න. එහි හැඩය, වර්ණය සහ පරිසරය සමඟ අන්තර් ක්රියා කරන ආකාරය අගය කරන්න. ගසෙහි අද්විතීය පෞරුෂය සහ චරිතය දැකීමට මෙය ඔබට උපකාර කරයි.(නිශ්ශබ්දව වාඩි වී ගස දෙස බලන්න, කිසිදු විනිශ්චයක් හෝ සිතුවිලි නොමැතිව එහි විස්තර කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබේ මනස නිශ්චලව තබා ගසේ සාරය උරා ගැනීමට උත්සාහ කරන්න. මෙම භාවනා ක්රමය මඟින් ඔබේ පැවැත්ම පිළිබඳ හැඟීම සහ අභ්යන්තර සාමය ගැඹුරු කළ හැකිය.)
4. භෞතිකව ස්පර්ශ කර සම්බන්ධ කරන්න
ගසේ කඳ හෝ අතු මත ඔබේ අත් තබන්න. හැකිනම් ගස බදාගන්න.. පොත්තේ වයනය විද ගන්න, ඔබ ගස සමඟ ශක්තිය හුවමාරු කරන බව සිතන්න.
5.ගස යට වාඩි වන්න.
ගසට එරෙහිව ඔබේ පිටුපසින් ඉඳගන්න, එහි කඳට ඔබට සහාය වීමට ඉඩ දෙන්න. ඔබේ ඇස් වසාගෙන ඔබට යටින් ඇති පෘථිවියට අවදානය යොමු කරන්න කෙමෙන් කෙමෙන් අවදානය පෘථිවිය මත ඇදී යන ගසේ මුල් වෙත ගෙන එන්න දැන් ගසේ මූල පද්ධතිය සමඟ ඒකාබද්ධ වෙන්න.ඔබ සහ ගස අතර ශක්තිය චලනය වන ආකාරය දෘශ්යමාන කරන්න. ගසෙහි මූලයන් පෘථිවියෙන් ශක්තිය ලබාගෙන එය ඔබ වෙත මාරු කරන අතර, ඔබ ඔබේ ශක්තිය නැවත එයට ලබා දෙන බව සිතන්න. මෙම චක්රය හරහා ගමන් කරන දිදුලන ආලෝකයක් සිතින් මවා ගන්න.
6. ගැඹුරින් හුස්ම ගන්න සහ ගසේ ශක්තිය සමඟ සමමුහුර්ත කරන්න.
ගස සමඟ වාඩි වී ගැඹුරු හුස්මක් ගන්න. සෙමින් ආශ්වාස කරන්න, ඔබ ගසෙන් ශක්තිය ලබා ගන්නා බවක් එවිට දැනේ, ඔබේ මනස සන්සුන් කර ගසේ ආත්මය හෝ විඥානය සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන්න.ගස ඔබ සමඟ හුස්ම ගන්නා ආකාරය දෘශ්යමාන කරන්න. ඔබ ආශ්වාස කරන විට, ගසෙන් ශක්තිය ඔබේ ශරීරයට ඇද ගන්නා බව සිතන්න, ඔබ හුස්ම ගන්නා විට, ඔබේ ශක්තිය නැවත ගස තුළට යැවීම සිතින් මවා ගන්න. මෙය හුස්ම ගලායාමක් සහ බලශක්ති හුවමාරුවක් ඇති කරයි, ඔබේ බැඳීම ගැඹුරු කරයි.
7. ගස සමඟ ඔබේ අභිප්රාය බෙදා ගන්න
ඔබට සුවපහසුවක් දැනෙන විට, ඔබේ ජීවිතයේ අරමුණු, ඉලක්ක හෝ සිහින ගස සමඟ බෙදා ගන්න. ඔබේ මනසින් ඒවා ශබ්ද නඟා හෝ නිහඬව කතා කරන්න. බොහෝ අය විශ්වාස කරන්නේ ගස්වලට සහජ ප්රඥාවක් ඇති අතර අපගේ ගමනට අපට සහාය වෙමින් අපගේ අභිප්රායන් සඳහා ඉඩක් තබා ගත හැකි බවයි.
8. ගසට කෘතඥතාව පළ කරන්න.
පිටත්ව යාමට පෙර, එහි ශක්තිය ඔබ සමඟ බෙදා ගැනීම සඳහා ගසට කෘතඥතාව පළ කරන්න. ඔබට මෙය නිශ්ශබ්දව හෝ ශබ්ද නඟා කළ හැකිය. ස්තුතිය පිරිනැමීම බැඳීම ශක්තිමත් කරන අතර ගසේ පැවැත්මට ගෞරවය පෙන්වයි.
9.බැඳීම ශක්තිමත් කිරීම සඳහා නිතිපතා ආපසු යන්න.
ගසක් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට වෙනත් ඕනෑම සම්බන්ධතාවයක් මෙන් කාලය ගතවේ. නිතිපතා ගස වෙත ගොස්, එය සමඟ බිම හිඳ ගැනීම, හුස්ම ගැනීම සහ භාවනා කිරීම දිගටම කරගෙන යන්න. කාලයාගේ ඇවෑමෙන්, සාමය සහ සම්බන්ධතාවයේ ගැඹුරු හැඟීමක් ඔබට දැකිය හැකිය.(සෘතු සමග ගස වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන්න. අවුරුද්ද පුරා එහි කොළ, පොත්ත සහ සමස්ත ශක්තිය වෙනස් වන ආකාරය සැලකිල්ලට ගන්න. එහි චක්රවලට අනුගත වීමෙන්, ඔබට ස්වභාවධර්මයේ රිද්මයන් සහ ඒවා තුළ ඔබේම ස්ථානය පිළිබඳ වැඩි අවබෝධයක් ලැබෙනු ඇත.)
10. තෑග්ගක් හෝ අගය කිරීමේ සංකේතයක් තබන්න
අගය කිරීමේ සංකේතයක් ලෙස මලක්, කොළයක් හෝ දිරාපත් විය හැකි පූජාවක් තැබීම සලකන්න. විකල්පයක් ලෙස, ඔබට ගස වටා ඇති කුණු අහුලා ගැනීමට මිනිත්තු කිහිපයක් ගත කළ හැකිය.

- චන්මිත් විනුල්
A day in the life

"ORDER OF THE PEOPLES HERO"


ජර්මන් හමුදාව ඔය පින්තූරේ ඉන්න ගෑනු ළමයව ප්රසිද්ධියේ එල්ලලා මරනකොට එයාගේ වයස යන්තම් අවුරුදු දාහතයි.
වයස දාහතක් උනාට එයා හිට්ලර්ගෙ එස් එස් හමුදාවට වෙඩි තියල.
එස් එස් හමුදාව එයාව අත්අඩංගුවට අරගෙන දින ගාණක් නොයෙකුත් වධහිංසා පමුණුවමින් ප්රශ්න කරත් එයා තමන්ගේ සංවිධානයේ කිසිම සාමාජිකයෙක් පාවලා දෙන්නෙ නෑ.
අන්තිමේ එල්ලන්න කලින් එයාට දෙනවා ජීවිතය ගැන අවසාන බලාපොරොත්තුව..
ඒ..
මරණයෙන් බේරෙන්න ඕනෑ නම් තමන්ව මෙහෙයවන සංවිධානයේ නායකයන් සහ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු හෙළි කරන්න.
ජර්මන් දඩ බල්ලන් ඉස්සරහ ඉන්න අවුරුදු දාහතක ගෑනු ළමයා ඒකට උත්තර දෙනවා මෙහෙම.
"කවදාහරි දවසක ජයග්රහණයත් අරගෙන මගේ මිනිස්සු ඔයාලව මුන ගැහෙන්න ඒවි. අන්න එදාට ඕගොල්ලෝ හැමෝටම එයාලගෙ නම් දැනගන්න පුළුවන්"
එල්ලලා මරලා දාන්න මොහොතකට කලින්
"නිදහස් වෙනුවෙන් සටන් කරන්න. සංවිධානය සහ සාමාජිකයන් දිගුකල් දිනේවා"
කියලා ප්රසිද්ධියේ ශබ්ද නගමින් කෑ ගහලා එයා මරණයට මුහුණ දෙනව.
මේ කවුද..
එයාගෙ නම "ලෙපා රේඩික්" (Lepa Radic) සර්බියානු සම්භවයක් තියෙන යුගෝස්ලාවියානුවෙක්.
1941 අප්රේල් 10 නාසි හමුදා (ඉතාලි, ජපන්, ජර්මන්) එයාගෙ රට ආක්රමණය කරනව. ඒ අවුරුද්දෙදිම ඒකට විරුද්ධව ලෙපා රේඩික් යුගෝස්ලාවියානු කොමියුනිට්ස් පක්ෂයට බැඳෙනව. එතකොට එයාට වයස අවුරුදු පහලවයි.
1941 අවුරුද්දෙ නොවැම්බර් මාසෙදී එයා එයාගෙ පවුලේ සියලුම සාමාජිකයන් එක්කම අත්අඩංගුවට පත්වෙනවා. මාසයක කාලයක් ඇතුළත තමන්ගේ සහෝදරිය එක්ක අත්අඩංගුවෙන් පැනලා යන්න තරම් ලෙපා රේඩික් දක්ෂ වෙනව.
1943 මුල ආයෙත් එයාව නාසින්ට අහුවෙනව. එයා ඒ දවස්වල නෙරටිවා (Neretva) සටනෙ තුවාල වෙච්චි අය ආරක්ෂිතව ප්රවාහනය කිරීමේ වගකීම දරන ගමන්.
කිසිම තොරතුරක් ලබා නොදුන්න ලෙපා රේඩික් 1943 පෙබරවාරි අට වෙනිදා වීරවරියක් වගේ ප්රසිද්ධියේ මරණයට මූණ දෙනව.
අවුරුදු අටකට පස්සෙ එයා "ORDER OF THE PEOPLES HERO" සම්මානයෙන් පිදුම් ලබනව.
ඒක අසාමාන්ය වීරෝධාර ක්රියාවල යෙදුණු පුද්ගලයන්ට, හමුදා ඒකක වලට දීපු සම්මානයක්. පස්සෙ අවුරුදු පහලවක කෙනෙක් ඒක දිනාගත්තත්, එදා වෙද්දි ඒක ලබාගත් ලාබාලතම තැනැත්තිය වෙන්නෙත් ලෙපා රේඩික්..
..සමීර බෝපගේ..
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon