අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Friday, November 04, 2011

11/04/2011 10:01:00 pm
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
දළදා මැදුර
අධිකව  මිළ කල හැකිය
සිරිමා බෝධියේ
ලන්සුව පැහැදිලිය
කළු ගල්වලට
විකුණාගෙන සීගිරිය
සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
හෝරටන් තැන්න
දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය
ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා
ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු
හෝටලයකට
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.

0 ප්‍රතිචාර: