ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2011-11-04

රට කරවන්න නම් ........ විශාරද නන්දා මාලණී

රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
දළදා මැදුර
අධිකව  මිළ කල හැකිය
සිරිමා බෝධියේ
ලන්සුව පැහැදිලිය
කළු ගල්වලට
විකුණාගෙන සීගිරිය
සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
හෝරටන් තැන්න
දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය
ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා
ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු
හෝටලයකට
රට කරවන්නට නම්  - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
 විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.



0 ප්‍රතිචාර: