කවියා මිනිස් සිත හා ජීවිතය කියවයි. හේ සොබා දහම විදියි. ඔහු මිනිසා විසින් නිර්මිත භෞතික බුද්ධිමය හා කාව්‍යමය ලොකය ගවේෂණය කරයි.ඉන්පසු එයින් ඇවසි දේ ඇවසි පමනට ගෙන නැවුම් කවියක් නිමවයි. එබදු නැවුම් කවි පිරුණු පොතකි මේ. “ ……………………මෙසේ කියන්නේ විශ්රමලත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පී.ජී. ආරියපාල විද්යාරථියාය . සහෘද හිතැති මානව හිතවාදියාය.A day in the life
ඔහු පල කල “ කටු අතැර මල සිබිමු “ ඇත්තෙන්ම කටු අතැර මල සිඹීමකි.
ඔහු කටු අතැර මල සිබින්නේ මෙලෙසිනි.
පස් පව් දස අකුසල් ගැන
මෙලෝ හසරකුත් නොදැනම
ලිව්වා බුදු ගුණ ගීයක්
සදහම් සිසිලස බෙදන්න
අමතක කර ඇගෙ ගුණ කද
නිවසෙහි කුටියක සිරකර
ලිව්වා මව් ගුණ ගීයක්
ඇසු දන දෙනුවන් පියවන
වාරු නොමැති කල පියතුම
පිටමන් කර දොරටු වසා
ලිව්වා පිය ගුණ ගීයක්
කරුණා රස උතුරවන්න.
රුව දන බල ගැනම සිතා
කුලගෙට කැදවාගෙන ඈ
ලිව්වා ආදර ගීයක්
පෙම් හැගුමින් උමතුවන්න.
විචාරකයෙකු නොවන මට රසවිදින්න සීමා මායිම් නොමැත.
එහෙයින් නොදන්නා දේ කියා වරිගේ නසා නොගත්තෙමි.
සරසවි ප්රකාශනයක් වන කටු අතැර මල සිබිමු රුපියල් හයසීයයක් මිල කල එවන් දස ගුණයක් වටිනා සාහිත්‍ය කෘතියකි.
ආරියපාලයන් අතින් තව තවත් මෙවන් රස කෘතීන් බිහිවෙනවා සිකුරුයි.
එය මගේ පැතුමයි.
Sunday, January 05, 2025
කටු අතැර මල සිබිමු
Saturday, January 04, 2025
පස්ගෝ රස චතුමධුර
Manel Abeysinghe
පස්ගෝ රස චතුමධුර සහිත ලක්වැසියන්ගේ ආහාර පාන.
ක්‍රි.ව. 1284 දී ලංකාවට පැමිණි දේශගවේෂකයකු වූ මාර්කෝපෝලෝ සහල්, කිරි හා මාංශ වර්ග ලක්වැස්සන්ගේ ප්‍රධාන ආහාරය විය යෑයි සඳහන් කර ඇත. මෑතක් වනතෙක්ම අපේ පැරන්නෝ දිනපතාම මුදවන ලද කිරි ආහාරය සමඟ මුසු කර ගත්හ.
පොදුවේ ගත් කළ ප්‍රධාන ආහාරය බත වශයෙන් ප්‍රචලිත වුවද දවසේ තුන් වේලටම කුරුක්කන්, බඩඉරිඟු, මුං, මෑ, වැනි කටුසර ධාන්‍ය වර්ග භාවිතයට ගත් පිරිසක් ලංකාවේ වියළි කලාපයේ ජීවත් වූහ. ඔවුන් ජීවත් වූ ප්‍රදේශයන් හි පැවති දේශගුණික තත්ත්වයන්ටත් එම ප්‍රදේශයන්හි පැතිර යන වසංගත රෝගවලටත් ඔරොත්තු දෙන කාය ශක්තියක් ඇතිකර ගැනීම සඳහා කුරක්කන්, මුං, මෑ, ඉරිගු ආදී ධාන්‍ය ආහාරත් කිරි, ගිතෙල්, දුන්තෙල්, වෙඬරු, දීකිරි ආදී පස්ගෝ රසයනුත් ඔවුනට ලැබුණේ පිටිවහලකි.
කුරක්කන් පිට්ටු සමග මීකිරි මුසුකර කෑමට ගන්නා ගොවියා ව්‍යංජන පිසගැනීමේදී ගිතෙල්, දුන්තෙල් හෝ මී තෙල් යොදා ගනියි.
නැන්දේ මාමට බඩගිනි නැද් දෝ
රෑ ඉවු හැළියේ දන්කුඩ නැද් දෝ
ඒවා කන්නට දී කිරි නැද් දෝ
දීකිරි නැත්නම් කොහොමට කද්දෝ
යනුවෙන් ගැමි දරුවන් එදා ගැයූ ජනගීයෙන් කිරි ආහාරයක් වශයෙන් ගැනීමේ වැදගත්කම කියාපායි.
සිංහල ජන සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වන කිරිබත පිසීම සඳහා පුරාණයේදී යොදා ගන්නා ලද්දේ එළකිරි හෝ මී කිරිය. පසුව එය පොල් කිරිවලට මාරු විය. පැරණි ලක්වැසියෝ කැකුළු හාලේ බතුත් සමඟ කිරි කෑමට ලොල් වූහ. ඇතමෙක් ප්‍රධාන ආහාර වේලෙන් පසු අතුරු පසක් ලෙස කිරි වැළ»හ.
කිරි නොමැති ආහාර වේල දුබල ආහාරයක් ලෙස සැලකූ ගැමියෝ ගමේ කවර හෝ නිවසක කිරි නොමැති බව දැනගත හොත් ඔවුනට කිරි කොරහක් දෙකක් යෑවූහ.
දානමානාදී උත්සව අවස්ථාවලදී මෙන්ම මඟුලකදී ද කිරි අවශ්‍යම ප්‍රධාන ආහාරයක් බවට පත්වී තිබිණි. දිගාමඩුලු බින්තැන්නේ මෙන් ම රුහුණේ ද මුදවපු කිරිවලට ලැබී තිබුණේ ප්‍රධාන ස්ථානයකි. එළකිරි පානයක් වශයෙන් ආහාර වේලට එක්කර ගැනීමටත් වඩා "කිරිපුස්සා" ගිතෙල් කකාරා ගැනීම වැඩි වශයෙන් සිදුකෙරුණේ ගිතෙල් ශක්තිජනක ආහාරයක් මෙන් ම ඖෂධයක් වශයෙන් වැදගත් වූ හෙයිනි. 'ගිතෙල්' හා මී කිරිවලින් ගන්නා දුන්තෙල් ආහාරයට ගැනීමට පුරුදුව සිටි ලක්වැසියෝ බත්, පිට්ටු, රොටී හා මුසුකර ඒවා අනුභව කරති.
ව්‍යංජන රසවත් කිරීම සඳහා තෙම්පරාදු කිරීමට මෙන්ම මැල්ලුම් සඳහා ද ගිතෙල් හා දුන්තෙල් යොදා ගන්නා අතර භික්ෂූන් වහන්සේලා සඳහා දානය දීමේදී ද ගිතෙල් මිශ්‍ර ආහාර පාන පිළියෙළ කර ගනිති. ගැමුණු රජතුමාගේ දානමය පුණ්‍යකර්මයක් ගැන සඳහන් කරන එක් ඡේදයක ගිතෙල් ආහාර සඳහා යොදාගත් අන්දම දක්වා ඇත්තේ මෙසේ ය.
'සුසාළිස් තැනක නිරන්තරයෙන් තෙල් උපුළුවා පිස කිරිබත් තබා දුන්හ. තවද සුසාළිස් තැනෙක එළඟිතෙලැ බදනා ලද පුළු බදරා සමඟ සූප ව්‍යංජන සහිත බත් දුන්හ.
මහසෑ පින්කමට පැමිණි සඟුන් වැළඳු පාත්‍රා සේදු අභය වැවේ සතර'ඟුලක් ඝනව ගිතෙල් මිදී සිටියේ ලු ය එක්ගතක සඳහන් වේ.'
මෙහි අතිශයෝක්තිය හැර දැමූවත් එකල ගිතෙල් ආහාරයක් වශයෙන් බහුල ව භාවිත කළ බව පැහැදිලි වේ. ගිතෙල් මිශ්‍ර බත 'කල්යාණභත්ත' නමින් හැඳින්වේ. පස්ගෝ රසය සිංහලයන්ගේ ආහාරයෙහි අවශ්යංගයක් බවට පත්ව තිබුණ බව දේශගවේශකයන්ගේ චාරිකා සටහන්වල පවා සඳහන් ව ඇත.
'ගිතෙල් හා කිරි නැති විටක ඔවුහු රහසේ අහර ගනිති.' යි මහුවාන් නමැති චීන ජාතිකයාගේ වාර්තාවක දක්වා ඇත. ගව සම්පත පිරිහී යැම නිසා වර්තමානයේදී පිරිසිදු ගිතෙල් බිඳක් බෙහෙතකටවත් සොයා ගැනීම අසීරු කරුණක් වී ඇත.
එහෙත් පෙර කළ පොහෝ දිනයන්හි බලු කපුටු දානය දීම සඳහා ද ගැමියන් ගිතෙල් මුසු කිරිබත් පිසූ බව පැවසේ. පැරණි ලක් වැසියන් දී කිරි හෙවත් මුදවන ලද කිරිවලට අමතරව වෙඬරු ද ආහාරයට ගත් බව පැවසේ. වර්තමානයේ බටර් නමින් හැඳින්වෙන වෙඬරු සිංහලයන්ගේ ආහාර වට්ටෝරුවට ඇතුළත් ව තිබූ බව රොබට්නොක්ස් සඳහන් කර ඇත්තේ මෙසේය. "කිරි උණුකොට වළඳක බහා තැබීමෙන් දී බවට පත්වෙන කිරි ඊට පසුදා උදැසන යොදය ගෙන බඳුනක බහා, ලී කඩකින් ගටගටා සැලීමෙන් පදම් වූ කල්හි, ඇතිලියක තබා දිය සින්දා ගැනීමෙන් පසු වෙඬරු සෑදෙන්නේ ය. එම වෙඬරු භාජනයක බහා පරිභෝගය පිණිස ගනු ලැබේ.
ආහාර පාන සඳහා කිරි ප්‍රයෝජනවත් වූයේ යම්සේ ද එළවළු සහ පලා වර්ග අපේ ආහාර වට්ටෝරුවේ ප්රමුඛස්ථානයක් හිමි කරගෙන ඇත. හේන්වල හා ගෙවතුවල වගා කරන එළවළුවලට අමතර ව පලා වර්ග ආහාරයට එක්කර ගැනීම අපේ ගෘහනියන්ගේ සිරිතකි. බොහෝ විට ගමේ ඕවිටෙන් වනපෙතෙන් ඔවුනට පලා වර්ග හා පලතුරු සපයා ගත හැකි විය.
අප්‍රකට ජීවිතයක් ගතකරද්දී වළගම්බා රජුගේ උප මෙහෙසිය පවා රජතුමාට පෝෂ්‍යදායක ආහාර වේලක් සපයා දීම සඳහා වනපෙතට වැදුන බව ඉතිහාසයේ සඳහන් වේ. පරසතුරු උවදුරුවලින් බේරී තනසීවයන්ගේ නිවසේ සිටියදී රජතුමාට පෝෂ්‍යදායක ආහාර සපයා දීම සඳහා රජ මෙහෙසිය කැලෑ කොළ සෙවූ බව මේ අන්දමට පැවසෙන අතර සාලිය කුමරුගේ පෙම්වතිය වූ අශෝක මාලාවන්ගේ උසස් වූ සූප ශාස්ත්‍ර ඥනය කෙරෙහි දුටුගැමුණු රජතුමා පැහැදීමට පත්වූ බව සද්ධර්මාරත්නාකරයෙන් හෙළිවේ. ඇය ඉතා පෝෂ්‍යදායක වූ ඖෂධීය කැඳක් පිසීමට දැන සිටි බවත් ඉන් පිරිහී ගිය කාය ශක්තිය ඇත්තන්ගේ ශරීර ශක්තිය වර්ධනය වන බවත් සඳහන් වේ.
මස් මාංශ ආහාරයට ගැනීමේ පුරුද්ද ලක්වැසියන් තුළ පුරාණයේ සිට පැවත එන්නකි. ගොවි යුගයට පෙර දඩයම් යුගයක් ගත කළ මිනිසා ගොවිතැනට ඇබ්බැහි වුවද දඩයම අත්නොහැරියේ ය. අසල වනපෙත තුළින් ආහාරය සඳහා අවශ්‍ය දඩ මස් ලබාගැනීම සිරිතක් ව තිබුණු බව ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. ඌරන්, මුවන්, ගෝණුන්, වැනි විශාල වර්ගයේ සතුන් දඩයම් කර එම මස් ආහාරය සඳහා ප්‍රයෝජනයට ගැනීම සාමාන්‍ය සිරිත ය. එහෙත් ඇතැම් විටක තලගොයින් වැනි සතුන් ද කුකුළන් ද වළිකුකුලන් ද මස් පිණිස මරා ගත් බව පැවසේ.
අඩ ගැමුණු, ශිලා කාල, හා III කාශ්‍යප ආදී රජවරු සත්ව ඝාතනය සම්පූර්ණයෙන් ම තහනම් කළහ. නමුත් ආහාරයට ගැනීම සඳහා සතුන් මැරීම දීර්ඝකාලීන වශයෙන් නැවැත්වීමට නොහැකි වූ බව වරින් වර සත්ත්ව ඝාතනය පිළිබඳ තහංචි හා සීමා පැනවීමෙන් පැහැදිලි වේ.
පොහෝ දිනයන්හි අන්තඃපුරයට මස් නො ගෙනෙන ලෙස VIII අග්බෝ රජ අණ කළ බව සඳහන් වේ. දඩයම් පිණිස වන වැදීම එකල රජ දරුවන් ඇතුළු ප්රභූන්ගේ සිරිතක් ව පැවතිණි. සාමාන්‍ය ජනතාව ද ආහාර සඳහා මස් ලබාගැනීම පිණිස වන වැදීම හෙවත් දඩයමේ යාම සිරිතක් කරගෙන තිබුණි.
මත්ස්‍ය මාංශ ද ලක්වැසියන් සිය ආහාර වේල රසවත් කරගැනීම සඳහා යොදාගෙන ඇත්තේ කාලයක සිට ය. වන සතුන් දඩයම් කර ගන්නා මස් දඩ මස් හෙවත් ගොඩ මස් ලෙස හැඳින්වෙන අතර දිය මස් ලෙස හැඳින්වෙන්නේ මත්ස්‍ය මාංශ ය, හෙවත් මාළු ය. ක්‍රි. වර්ෂයෙන් අවුරුදු දෙතුන් සීයකට පෙර සිට ම මෙරට වැසියෝ මත්ස්‍ය මාංශ ආහාරයට ගත් අතර කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදුණෝ ද පුරානයේ සිටම මෙරට විසූහ.
මෙරට විසූවන්ගේ ආහාර වට්ටෝරුවට ඇතුළත් ව ඇති රස කැවිලි වර්ග සිය ගණනක් හෝ ඊටත් වඩා වැඩි විය හැකි තරම් ය. අතිරස, කොණ්ඩ කැවුම්, පැණි කැවුම්, හැඳි කැවුම්, නාරං කැවුම්, මුං කැවුම්, ආස්මී, කොළලාලු, අළුවා, අග්ගලා, තල ගුලි, හැළප, වැලිතලප, පුළුබදර, කොකිස්, දොදොල්, කිරි අළුවා, මුං ගුලි, පැණි වළලු ආදී විවිධ හැඩයෙන් හා රසයෙන් යුත් රස කැවිලි වර්ග ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනස් නම්වලින් හැඳින් වෙයි.
පුරා වසරක් නරක් නොවී තබාගත හැකි පරිදි පැණි කැවුම් හා කොණ්ඩ කැවුම් පිසීමට දත් ගෘහණියන් මහනුවර හා කෑගලු ප්‍රදේශවල සිටි බව පැවසේ. අවුරුදු පතා රාජකීය පෙනුම් කත් සඳහා එබඳු සුවිශේෂී කැවුම් සෑදූ බව කියති.
පලතුරු ආහාරයට ගැනීම හෙළදිව වැසියන්ගේ සිරිතක් ව තිබුණ ද වගාවක් වශයෙන් පලතුරු වැවීමක් පුරාණයේ නොවීය. එහෙත් මෑත භාගයේදී අඹ, කෙසෙල්, පැපොල්, රඹුටන්, දෙහි, දොඩම්, අන්නාසි ආදී වගාවන් වශයෙන් සිදුකරන බව දක්නට ඇත.
පැරණි ගැමියන්ගේ හා දරුවන්ගේ ආහාරයට එක්වූයේ අඹ, දඹ, නාරං, දිවුල්, පේර, දොඩම්, හිඹුටු, මසං, බෝවිටියා, මොර, කොන්, පලු, වීර, වැල, වරකා ආදියයි. පැරණි සිංහලයන්ගේ ආහාර පාන පිළිබඳ කිසියම් අවබෝධයක් ලබාගත හැකි වන්නේ ඈත එපිට පිටිසර ගම්මාන වලිනි. මීට අවුරුදු තිහ හතළිහකට පෙර තිබුණු දේශීය ආහාර වර්ග පිළියෙළ කර ගැනීමේ පුරුද්ද එම ගම්මානවලිනුත් බැහැර යමින් පවතින බව දක්නට ඇත.
යකැදුරන් විසින් දෙවියන් හා යකුන් උදෙසා තබන පූජා තට්ටුවලින් හා පිදේණිවලදී පැරණි ආහාර රටාව පිළිබඳ යම් ඡායාමාත්රයක් දැක ගත හැකි වේ. ඇට ඇටි පහ, ගොඩ මස්, දිය මස්, හත් මාළුව හා කැවුම් එහි ඇත්තේ ය.
ඇට ඇටි යනු බදිනු ලබන ධාන්‍ය වර්ගය. හෙවත් පොරි ය. එහෙත් වර්තමානයේ ආහාරයට පොරි යොදා ගන්නේ දිගාමඬුලු බින්තැන්නේ වැසියන් පමණකි. පුරාණයේ ආහාරපාන පිළිබඳ කිසියම් අදහසක් ලබාගත හැකි වන්නේ පැරණි සාහිත්‍ය ග්රන්ථ සඳහන් සංඝයාවහන්සේලා උදෙසා පිදූ දානමාන ගැන කෙරෙන විස්තර වලින් හා රජ ගෙදර කෑමබීම ගැන විස්තර වලිනි.
පැරණි සිංහලයන්ගේ ආහාර අතර වූ බත, කිරිබත, හත් මාළුව මිරිස් වැටිය හෙවත් සම්බෝලය තවමත් නොනැසී පවතී, හත් වාළුව යනු එළවළු හත් වර්ගයක් එකට මුසු කර පිසින ව්‍යංජනයකි. එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට මද වෙනස්කම් ඇතිව පිසගත්ත ද එළවළු මාෂ බෝග ආදී හත් වර්ගයක එකතුවකි. රසය ගුණය පමණක් නොව සුවඳින් ද යුතු හත් මාළුව සිංහල ආහාර වට්ටෝරුවේ අනන්‍යතාව විදහා දක්වන ව්‍යංජනයකි.
මහනුවර රාජ්‍ය සමය වන විට රජු බොජුනෙහි ව්‍යංජන දෙතිසක් තිබූ බව සඳහන් වේ. ඊට පෙර රාජ්‍ය සමයන් හිදී මෙම ව්‍යංජන ප්‍රමාණය හැටක් හැට හතරක් පමණ වූ බව ජනකතාවලින් කියෑවේ.
පැරණි ගැමි ගෘහණියෝ ව්‍යංජන වර්ග ක්‍රම පහකට සාදා ගනිති. එනම් හොද්ද, මාළුව, තියඹලාව, බැදුම, මැල්ලුමයි. හොද්ද ද එක් එක් ගෘහණියෝ තමනට සුවිශේෂී වූ ක්‍රමවේදයන්ට අනුව වෙනස් වෙනස් ආකාරයෙන් පිස ගනිති. ඉන් කිරිහොද්ද පිට්ටුවලට අනුපානී වේ.
උඩරටට විශේෂ වූ කිරිහොද්ද පොල් කිරි, ඉතුරු කොච්චි මිරිස් හෝ අමු මිරිස් යොදා දෙහි යුෂ හා ලුණු ස්වල්පයක් මිශ්‍රකොට ගින්නෙන් නොපිස සකස් කරගන්නා ව්‍යංජනයකි. රජවරු හා ප්රභූවරු අවසාන බත් පිඩ දෙක තුනක් මේ කිරිහොද්ද සමග භුක්ති විඳිති. කිරිකොස් කෑමට ද කුරහන් පිට්ටු, ඉරිගු පිට්ටු කෑමට ද කිරිහොද්ද යොදා ගනිති.
සීනි පිට්ටු කෑමේදී මේ කිරිහොද්දට මිරිස් දෙහි යුෂ මුසු නොකොට සාදා ගනිති. බත් හෝ වෙනත් ප්‍රධාන ආහාර වේලක් අනුභවයෙන් පසුව කිරි පැණි ද කැවිලි වර්ග ද අනුභව කර පලතුරු ස්වල්ප වශයෙන් කෑමට ගැනීම සිරිතකි.
පරසතුරු උවදුරු නියංසාය ආදී හේතූන් නිසා මෙරට දුගී දුප්පත් වැසියන් පීඩාවට පත්වූ අවදියේදී ඔවුන් කටුක ආහාරයෙන් පමණක් සෑහීමකට පත්වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෑත කාලයේදී පවා දුගී දුප්පතුන්ගේ ආහාර වේල කටුක දේවලින් සමන්විත විය. රොබට්නොක්ස් ලාංකික ජනතාවගේ ආහාර පිළිබඳ දක්වා ඇති විස්තරය විමසීමේදී පැහැදිලි වන්නේ ද එබඳු දුර්භාග්‍ය සම්පන්න කාලයක විසූ දුප්පත් වැසියන්ගේ ආහාරපාන පිළිබඳව ය.
ඔවුන්ගේ කෑම ප්‍රමාණය හා ගන්නා ආහාර වර්ග ඉතා ස්වල්පයකි. ගෙදර ලුණුත් වතුරත් තිබේ නම් වැඩි දෙයක් ගැන නොබලා ඉන් තෘප්තියට පත් වෙති. නිල් පලා කොළ ටිකක් කඩා දෙහි ගම්මිරිස් හා ලුණු ටිකක් මිශ්‍ර කොට බත් හා අනා බඩපුරාම කති. කිසි කෙනෙක් හරක් මස් නුබුදිති. එය නින්දාවක් කොට සලකන හෙයිනි. මස් මාංශ වඩා සුලභ නොවේ. මසක් මාළුවක් ලැබුණොත් විකොට මුදල් ලබාගැනීමට වෑයම් කෙරෙති. මේවා මිලට ගන්නෝ විදෙස්සෝ ය. බෙහෙවින් බලතල කළ රටේ ඇති ප්‍රනීත ආහාර හා මස් මාංශ භුක්ති විඳින්නන් විදේශිකයන් බව කිව යුතුය. කටුක ආහාර ගැනීම හා පිරිමසා බිදීම නින්දාවක් කොට නො සලකනු ලැබේ.
රොබට් නොක්ස්ගේ විස්තරයෙන් දැක්වෙන පරිදි දුගී දුප්පත්කම නිසා හා අලස බව නිසා ඇතැම් ගැමියන් මෙවැනි කටුක ආහාර භුක්ති විඳින බව ප්‍රකට කරුණකි. එහෙත් සරුසාර කෙත්වතුවලින් සැදුන උඩරට හා පහතරට (දකුණේ) ගැමියනට පෝෂ්‍යදායක ආහාර වේලක් සපයා ගැනීම අසීරු නොවේ. කොස් දෙල් අල බතල මෙන් ම පලා වර්ග ද අඹ, කජු, පේර වැනි පලතුරු වර්ග ද සපයා ගැනීම දුෂ්කර කාර්යයක් නොවේ.
ප්‍රධාන ආහාර වේලකින් පසු සිංහල ගැමියෝ බුලත් විටකින් ආහාර කිස නිමවති. බතින් බුලතින් සංග්‍රහ කොට නිමවීම පැරණි චාරිත්‍ර විධියකි. හුණු, දුම්කොළ වලින් හෝ බුලත් විට සැපීම අහිතකර නොවන අතර ඇතැම් ගැමියන් ප්‍රමාණය ඉක්මවා බුලත් සැපීමටත් හුණු හා දුම්කොල සැපීමටත් හුරුව සිටීම නිසා සෞඛ්‍ය ගැටලු මතුවී ඇත.
සිංහලයාගේ කට බුලත් විටකින් තොර නොවේ යෑයි මාහුවන් සටහන් කර ඇත්තේ එකල විසූ හැම වැසියෙක් ම බුලත් විට හැපීමට පුරුදුව සිටි හෙයිනි.
තුන්වන මිහිඳු රජු බුලත් මඩුවක් කරවා ඉන් ලැබෙන බද්දෙන් භික්ෂූන් වහන්සේලාට බෙහෙත් ද්‍රව්‍ය සැපයූ බව මහාවංශය ආදී වංශකතාවලින් හෙළි වෙයි.
සිංහල ජනයාගේ බුලත් හැපීමේ සිරිත කෙතරම් ප්‍රචලිතව ඇත්තේ ද යනු බුලත සිංහල සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වී ඇති සැටියෙන් ම පෙනේ. මඟුලකට, දානයකට, පිරිතකට ඇරයුම් කිරීමේදී මෙන්ම ගොයම් කයියක් සඳහා ඇරයුම් කිරීමේදී බුලත් අතක් දීම අනිවාර්ය වේ.
බුලත නිසා සිංහල සංස්කෘතිය ඔප්නැංවී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. බුද්ධ පුජාවට පවා දැහැත් විටක් තැබීමෙන් බුලත ආහාරයක් වශයෙන් වැදගත් තැනක් උසුලන බව පෙන්වන්නකි. රජු හට බුලත් මෙහෙ කිරීමට දළුමුර අප්පුහාමි නම් නිලධරයෙක් සිටි බව සඳහන් වේ. ගැමුණු රජුට බුලත් මෙහෙ කළේ බුලත් යෝදයා ය. බුලත් විටේ තරම කියාපාමින් තවමත් සිංහල ගෙවල බුලත් තට්ටුව, කිල්ලෝටය, ගිරය ගෘහ භාණ්ඩ වශයෙන් ආලින්දය අරා ප්‍රදර්ශනය වෙමින් පවතියි.
මුලාශ්‍ර සහ ජායාරූප පත පොතින් සහ අන්තර්ජාලයෙන් එකතු කරනු ලැබුවා .හෙළ ආහාර රටාව පිලිබද ඔබේ දැනුම වැඩිකිරීමට සහ සංවේදී වීමට.
ස්තුතිය 'රාජ භෝජන'
Friday, January 03, 2025
ගොඩ හොද්ද
පහුගිය දවසක මේ ගොඩ හොද්ද ගැන කෙනෙක් අහල තිබිල මතක්වුණා ඉස්සර කාපු ගොඩ හොදි ගැන.මේකට ගොඩ හොද්ද කියන්නෙ, ලිපේ තියන්නෙ නැතුව අමුවෙන්ම කෑමට ගන්න නිසා. බත්, දියබත්, පිට්ටු , තලප වගේ දෙයක් එක්ක ආහාරයට ගන්නව. පාන් එක්ක නම් කාල නැතිනිසා, ඒ ගැන කියන්න දන්නෙ නෑ.සමහර උඩරැටියන් මෙයට නිරිහොද්ද කියාත් කියනව.මේක හදන ක්ර්රම කීපයක්ම තියෙනව. වඩාත් ප්‍රචලිත ක්ර්රමය තමයි අපි දියබත් හදන විදිය.1 පොල්කිරි සමග හදන ගොඩ හොද්ද:අවශ්‍ය ද්‍රව්‍ය:-පොල් කිරි අවශ්‍ය පමණ( ඉන්න අයට කෑමට හොද්දකට සෑහෙන පමණ.)⁃ වියලි මිරිස් කරල් කීපයක්.⁃ රතුලූනු ගෙඩි කීපයක්.⁃ දෙහි ගෙඩියක්.⁃ උම්බලකඩ ස්වල්පයක්.⁃ අවශ්‍ය පමණ ලුණු⁃ කරපිංචා ඉත්තක්වියලි මිරිස් කරල් ටික හා කරපිංචා ඉත්ත ගින්නට අල්ලා හෝ කබලක දමා හෝ තරමක් කළු පැහැයට එනතුරු බැදගන්න.ඉන් අනතුරුව, රතුලූනු ගෙඩි හා උම්බලකඩ සිහින්ව ලියා, පොල්කිරි සමග මුසු කර ගන්න.බැදගත් මිරිස් කරල් ටික, කැබලි වනසේ අතින් පොඩිකර, පොල්කිරිවලට දා ගන්න. දෙහි හා ලුණු කැමති පරිදි දමා කෑමට ගන්න.උම්බලකඩ නොමැතිව වුවද සකසාගත හැකියි.ඇතැම් අය වියලි මිරිස් වෙනුවට, අමුමිරිස් සිහින්ව ලියා දමා මෙය සකසා ගන්නා අතර, වඩා රසවත් ක්ර්රමය වන්නේ වියලි මිරිස් දමා සෑදීමයි.දියබත් සමග- රාත්‍රීයට ඉතිරිවෙන බත්වලින් සකසන දියබත්වලට මේවා වෙනමම නොදමා , එකටම දමාද සකසනු ලැබේ.2 ක්ර්රමය:මේ ගොඩ හොද්ද මට කෑමට ලැබුණේ හම්බන්තොට ප්රදේශයේදීයි.එය සකස් කිරීමට අවශ්‍ය වන්නේ රතුලූනු ගෙඩි ටිකක් හා මැටි නෑඹිලියක් පමණි.රතුලූනු සුද්දකර, සෝදාගත් මැටි නෑඹිලියක ඇති දාරවල අතුල්ලා උරච්චි කළ යුතුයි. එසේ උරච්චි කරගත් තලපයට සුලු ප්‍රමාණයක් ජලය එකතු කොට, අවශ්‍ය පමණට ලුණු යොදා බත්, පිට්ටු , තලප සමග ආහාරයට ගනු ලැබේ. මැටි නෑඹිලියේ දාරවල හැර වෙනත් තැන්වල උරච්චි කර නියම රසය නොලැබෙන බව පැවසේ!මා සිතුවේ පොල් සොයාගැනීමට අපහසු නිසා සකසන්නක් බව වුවත්, එසේ නොවන බව පසුව දැනගැනීමට හැකි විය.

Wednesday, January 01, 2025
සුබ අලුත් අවුරුද්දක්.
Tuesday, December 31, 2024
ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු
ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු විශ්වාස කරන්න එපා කියලා කියමනක් අහලා තියෙනව නේද .එහෙනම් බලන්නකො මේ කතාවත් අහලාලංකාවේ පිටිසර ගමක ඉතා දක්ෂ වඩුවෙක් වාසය කෙළේය. ඔහුට ඉතා ලස්සන බිරියක්ද සිටියේය. වඩුවා වඩුකමට කොතරම් දක්ෂ වීද යතහොත් ගම්මානයේ හැම තැනකම ඔහු ගැන ප්‍රසිද්ධ විය. දක්ෂයකුගේ කීර්තිය ගමකට පළාතකට පමණක් සීමා වන්නක් නොවේ. ඉතා ඉක්මනින්ම ඔහුගේ කීර්ති රාවය රට පුරා පැතිර ගියේය. වඩුවාගේ කීර්තිය රට පුරා පැතිරී යත්ම මනනුවන් බඳනා රූසපුවකින් හෙබි ඔහුගේ භාර්යාවගේ කීර්ති රාවයද රට පුරා පැතිරී ගියේය. ඇයගේ මුහුණ පායන චන්ද්‍රයා වැනි යැයි මිනිස්සු කීහ. එහෙයින් ඕ 'සඳවතී' යනුවෙන් හඳුන්වනු ලැබුවාය.රටක රූමතියක සිටින විට එවක රජවරුන්ට කෙසේ හෝ සැලවීම සිරිති. දැන් සඳවතී ගැන රජ්ජුරුවෝ ද දනිති. තම බිරිය කෙරෙහි වඩුවා තුළ පැවැත්තේ ඉමහත් ස්නේහයකි. වඩු භාර්යාවද තම ස්වාමිපුරුෂයාට මහත් සේ ප්‍රේම කළාය..මෙසේ දෙදෙනා රන්රස ලෙසින් කල් ගෙවන කාලයේදී දිනෙක වඩු ගෙදරට රාජදූතයෙක් පැමිණියේය. වඩුරාල රජ ගෙදරට කැඳවා ගෙන එන ලෙස රජ්ජුරුවන්ගෙන් අණ ලැබුණු බව දූතයා පැවැසීය. වඩු ගෙදර සිට රජ ගෙදරට විශාල දුරකතරක් ගෙවා යා යුතු විය. රජ්ජුරුවන් තමා කැඳවන්නේ තම වඩුකමේ හාස්කම නිසා නොවේ යැයි සිතූ වඩුරාල තලියේ කිඹුලන් දකින එකකු මෙන් තම බිරියගේ සොඳුරු මුහුණ ගැන සිත සිතා දුක් වන්නට විය. 'මා රජමැඳුරට ගිය විට සඳවතීට කුමකින් කුමක් සිදුවේද? ඇයගේ තරුණ සිත කොයි අත කැරකේද?' මේ ඈ දහසක් සිතුවිලි වඩුවාගේ සිතට නැඟිණි. රජු තමා කැඳවන්නේ තම භාර්යාව කෙරෙහි පිළිබඳ සිතක් ඇති කරගෙන යැයි හේ අන්තිමේදී තීරණය කර ගත්තේය. ඒ කොයි හැටි වෙතත් රජ අණ නොයික්මවිය හැකි හෙයින් වඩුරාල තම භාර්යාවගේ සිත සනසා දෙළොස් හැවිරිදි පමණ වූ තම එකම දරුවාද සිප වැලඳ සනසා දූතයා කැටුව රජමාලිගයට යෑමට පිටත් විය. දැන් මෙන් මහාමාර්ග නැති ඒ කාලයෙහි ඒ සා දුරකතරක් ගෙවීම ලේසි පහසු වැඩක් නොවීය. වඩුවාට මාලිගයට පැමිණීමට දින ගණනක් ගත විය.ඔහුට එය අවුරුදු ගණනක් මෙන් දැනිණි. රජ තෙමේ ඔහු දැක සතුටුව තමාට වුවමනා කර තිබුණු නොයෙක් විසිතුරු සියුම් කැටයම් කර්මාන්ත කරදෙන ලෙස ඔහුට දන්වා සිටියේය. වඩුවා රජුගේ සිත දිනාගනිමින් කැටයම් සියල්ල දක්ෂ ලෙස නිම කෙළේය. මේ වැඩකටයුතු නිම කිරීමට ඔහුට තුන් වසක් ගත විය. තුන් වස වඩුවාට දැනුණේ තුන් කපක් මෙනි. තම සුන්දර බිරියත් ආදරණීය දරුවාත් නොදැක සිටීම අපහසු කාර්යයක් වූ නමුදු රජ අණ නිසා කර්මාන්ත සියල්ල අවසන් කරන තුරු ඉවසිල්ලෙන් කල් ගත කෙළේය.රජතුමා වඩුවාගේ දර්ශනීය කර්මාන්ත නරඹා බෙහෙවින් සතුටට පත් වූයේ ඔහුට ආමන්ත්‍රණය කොට 'එම්බා වඩුව, තොප කළ මේ අගනා කර්මාන්තයට මිල මුදලක් වේවයි, අවවාදයක් වේවයි ඕනෑ දෙයක් දීමට මම කැමැත්තෙමි. එහෙයින් තොපට වුවමනා දෙය කියව' යි කීයේය. ඉක්බිති වඩුවා ටික වේලාවක් කල්පනා කොට තමා රජතුමාගෙන් අවවාදය පිළිගැනීමට කැමැති බව දන්වා සිටියේය. රජ්ජුරුවෝ ඊට සතුටට තොපට යහපත් අවවාදයක් දෙමියි 'කනින් ඇසුවත් ඇසින් දුටුවත් අතින් අල්ලා ගන්නා තුරු විශ්වාස නොකරව' යන අවවාදය තල්පතක ලියා දුන්හ. තුන් අවුරුද්දක් වැඩ කොටත් හිස් අතින් ගෙදර යෑමට සිදුවීම ගැන වඩුවාට තරමක කනගාටුවක් ඇති වූ නමුදු හේ එය විඳදරාගෙන ආපසු ගමට යෑමට පිටත් වූයේය. ගමරට ළං වෙත්ම දන්නා හඳුනන බොහෝ දෙනෙක් ඔහුට මුණ ගැසුණහ. තම බිරියගේ විත්ති ඔවුන්ගෙන් ඇසූ විට ඔවුහු නොයෙක් අපූරු කතා ඇද බෑහ.වඩුවාට තල්පතේ අවවාදය සිහි වී කනින් ඇසූ පමණින් විශ්වාස නොකොට අතට හසු වන තුරුම ඉවසා සිටියේය. ගමට ළඟා වූ පසු ගෙදර ඉසව්වට නොගොස් රෑ වන තුරු කල් බලා සිට මැදියම් රෑ ගොස් නිවෙසෙහි දොරට තට්ටු කෙළේය.වඩු භාර්යාව මැදියම් රෑ ආ අමුත්තා කවරෙක් දැයි නොදන්නී දොර නාරිමියි කීවාය. දුර ගිය සැමියා තමා යැයි වඩුවා නැවත නැවතත් කියා සිටි නමුත් භාර්යාව එය විශ්වාස නොකොට 'මගේ පුරුෂයා යකුන් ගස් යන මේ මැදියම් වෙලේ කිසි විටෙකත් නොඑති යි එළිවන තුරු දොර නාරින බව' තරයේ කීවාය.තම භාර්යාවගේ රූසපුව ගැනද තරුණභාවය ගැනද කරුණු මෙනෙහි කළ වඩුවාගේ සිතේ උපන්නේ බලවත් කුහුලකි. හේ සිතුවිලි නමැති පඹගාලෙහි තව තවත් එතෙන්නට වන මෙසේ දස අතේ කල්පනා කරමින් ආලින්දයෙහි මහ රෑ ගත කරන්නට වූ ඔහුට එක් අදහසක් පහළ විය. එනම් ඉණිමගක ආධාරයෙන් වහලට නැඟ පොල්අතු ඉවත් කොට තම බිරියගේ හැසිරීම ගැන විපරම් කොට බැලීමයි. එසේ බැලූ විට තම තරුණ බිරිය තවත් තරුණයකු සමඟ එක යහනේ නිදා සිටි බව ඔහුට දක්නට ලැබිණි. වියරු වැටුණකු මෙන් වහලෙන් බැස දිග රිටක ආයුධයක් බැඳ දෙදෙනාටම ඇනීමට තීරණය කර ගත්තේය. එහෙත් මෙහිදීද ඔහුට 'තල්පතේ අවවාදය' සිහි වී 'ඇසින් දුටුවත් අතට හසු වන තුරු විශ්වාස නොකළ යුතු බව සිතා' ඒ නපුරු අදහස සිතින් දුරු කොටගෙන පහන් වූ විට දෙදෙනා අතින්ම අල්ලා ගනිමියි නිසොල්මන්ව සිටියේය.ස්වකීය පුත්‍රයා හා සමඟ නිදා සිටි වඩු භාර්යාව උදෑසනින් පිබිදී දොර විවෘත කළාය. වඩුවා ගේ ඇතුළ පරීක්ෂා කොට නිදා සිටි තැනැත්තා තම පුත්‍රයා බව දැන සිදු වන්නට ගිය මහා විපත්තිය කියා සිය බිරිය හා පුතා සිප වැලඳ ගත්තේය. වඩුවාට රජුගේ අවවාදයෙහි 'තල්පතේ අවවාදයෙහි' වටිනාකම තේරුණේ ඉන් පසුය. ඔහු අවවාදය වෙනුවට රජුගෙන් වස්තුව ලබා ගත්තේ නම් ඔහු සහ මුළු පවුලම විනාශ වීමට ඉඩ තිබුණේය. ඔහු නැවතත් රජු වෙත ගොස් සියලු පවත් සැල කර සිටි කල්හි රජතුමා යළිත් ඔහුට අවවාද කොට බොහෝ සම්පත්ද දුන්නේය.

Sunday, December 29, 2024
එතකොට මම සියඹලා ගෙනල්ලම නැද්ද...?
මේ කියමන මේ තරමටම ප්‍රසිද්ධ වෙන්න මේකට ගෙතුණු ගැමි කතාවක් තියෙනවා. ඒ කතාව මෙන්න මෙහෙමයි..ඉතිං සියඹලා වාරෙට සෑහෙන සියඹලා ගෝනි ගානක් මේ මනුස්සයා මේ කඩේට විකුණනවා.ඒත් මේ කඩේ මුදලාලියා ටිකක් කට්ටයා... අර මනුස්සයා පුරවලා ගෙනෙන සියඹලා ගෝනිවල බර මුදලාලි එකින් එක කිරනවා. ඊට පස්සේ ඒ එක් එක් ගෝනියකින් සියඹලා කිලෝ දෙකක් විතර ඒ සියඹලා දාගෙන ආපු ගෝනියේ බරට කියලා හැම ගෝනියකින්ම අඩු කරනවා. අර මනුස්සයත් ඉතිං සද්ද නැතිව මුදලාලිට එකඟ වෙලා සියඹලා ටික දීලා සල්ලි අරගෙන යනවා. සියඹලා යහමින් තියෙන කාලෙට මනුස්සයට ඒ ගැන ගානක් නැති උනත්, සියඹලා හිඟ කාලෙට මේක හරි අසාධාරණයක් බව මේ මනුස්සයට තේරුණත්, කට වහගෙන ඉන්නේ සියඹලා ටික විකුණ ගන්න ගමේ වෙන තැනක් නැති හින්දයි.සියඹලා අවාරේ කාළේ ඔන්න දවසක් මේ මනුස්සයා ඇවිදලා, ඇවිදලා අමාරුවෙන් සියඹලා ටිකක් ඇහිඳ ගෙන ගෝනියක දාගෙන කඩේට අරගෙන එනවා...මුදලාලි සියඹලා ටික කිරනවා... කිරපු ගෝනියේ තිබුණු සියඹලා ටික කඩේ ඇතුලේ තැනකින් හලලා හිස් ගෝනිය මේ මනුස්සයට ගෙනත් දෙනවා...දීලා කඩේ ඇතුලට ගිය මුදලාලි වෙන වැඩක් කර කර ඉන්නවා. මේ මනුස්සයට සල්ලි දෙන පාටක් නෑ... මනුස්සයත් ඉතිං සියඹලා වල සල්ලි දෙනකම් බලාගෙන ඉන්නවා...මුදලාලිට ගානක්වත් නෑ... මුදලාලි වෙන වැඩක...බැරිම තැන අර මනුස්සයා මුදලාලිගෙන් සල්ලි ඉල්ලනවා..." මුදලාලි මගේ සියඹලා වල සල්ලි..?"" උඹ අද හරි පොඩ්ඩයිනේ ගෙනත් තියෙන්නේ..."" ඒක තමයි මුදලාලි දැන් අවාරෙනේ... ඇවිදලා ඇවිදලා අමාරුවෙන් ඔය ටික තමයි හොයා ගන්න පුළුවන් උනේ... කොච්චර තිබ්බද මුදලාලි..?"" කිලෝ දෙකයි..."" කමක් නෑ මුදලාලි ඒ කිලෝ දෙකේ සල්ලි දෙන්නකෝ..."" මොන සල්ලිද..? ඒවා ඔක්කොම හරි..."" ඒ කිව්වේ මුදලාලි..?"" ඒ කිව්වේ... කිලෝ දෙකයි තිබ්බේ... ඒ කිලෝ දෙක මම ගෝනියේ බරට අඩු කලා... එතකොට ඒකට ඒක හරි... උඹට අද සල්ලි නෑ..."" ඈ... එහෙම වෙන්නේ කොහොමද..?ඒ කියන්නේ මුදලාලි..."" මම අද සියඹලා ගෙනල්ලම නැද්ද...????මොකක් හරි ලොකු වැඩක්, ව්‍යාපෘතියක්, කලාත්මක නිර්මාණයක් වගේම දේශපාලන වැඩකදී හෝ වෙනයම් ඕනෙම වැඩකදී මුළ ඉදන්ම කට්ට කාගෙන ශ්‍රමයෙන්, ධනයෙන් දායකත්වයක් දීලා අන්තිමට ඒ වැඩේ සාර්ථක උනාම ලොක්කන් විසින් බැරිවීමකින් හරි ඕනකමින් හරි අර මුළ ඉදලා බර ඇදපු කෙනෙක්ව සඳහනක්වත් නොකර අමතක කරලා දාපු වෙලාවට ඒ අයට ඒ ගැන කලකිරිලා හැම තැනම කියන කතාවක් තමයි " එතකොට මේ වැඩේට මම සියඹලා ගෙනල්ලම නැද්ද..?" කියලා අහන එක. මේක මේ දවස්වල බහුතර දෙනෙක් අතර ඉතාමත් ප්‍රසිද්ධ කියමනක් වෙලා තියෙනවා.ඒ වගේම මේ කතාව මේ දවස්වල ඡන්දයෙන් පස්සේ පැරදුණු මන්ත්‍රීවරුන් පළතේ ජනතාවගෙන්ද, දිනුවේ නැති උනත් හම්බවෙලා තියෙන ලිස්ට් එකේ මන්ත්රීකමට කෑදරවෙලා එක එකා පොර කනකොට ඒ පක්ෂයේ ඉහළ නිළතල වලින්ද, දිනලත් ඇදපු බර ගානට, කාපු කට්ටට හරියන හොඳ ඇමතිකමක් නොලැබුණු හෝ අඩු ධාරිතාවයකින් යුක්ත රාජ්‍ය ඇමතිකමක් ලැබුණට පස්සේ නායකයන් නැති තැන්වලින්ද අහන්න ලැබෙන ජනප්‍රිය කියමනක් වෙලා තියෙනවා...
Saturday, December 28, 2024
මිතුරන් අඩු කර ගන්න.
"මට ඇත්තටම ජීවිතයේ මිතුරන් අවශ්‍යද..?"මහලු කාන්තාව පිළිතුරු දුන්නේ."ඔව්. ජීවිතේ ඇත්තටම හරිම රළුයි. ඔයාගෙ පැත්තෙ කෙනෙක් ඉන්න ඕන ඔයාව විනිශ්චය කරයි කියලා හිතෙන්නේ නැතුව පැය ගණන් කතා කරන්න පුළුවන් කෙනෙක්, ඔයාට අඬන්න පුළුවන් කෙනෙක්, ඔයාට හැඟුම්බර සහයක් දෙන කෙනෙක්. කවුරුවත් නැති වෙලාවට ඔබ වෙනුවෙන් එහි සිටින්න, ඔවුන් සමග හොඳ කාලය බෙදා ගැනීමට සහ දුෂ්කර අවස්ථාවන් ජය ගැනීමට උපකාර කිරීමට."තරුණ දැරිය මෙසේ ඇසුවාය."ව්‍යාජ මිතුරෙකු සතුරෙකුට වඩා භයානක බව ඇත්තද.. ?"මහලු කාන්තාව පිළිතුරු දුන්නේ."ඔව්.ඒ ඔයාව දන්න නිසා, එයාල ඔයාට කාටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. ඒත් ඔයාගෙ විශ්වාසය දිනාගන්න ගමන් බොරු යාළුකමක් මවාපානවා.ඔවුන් ඔයාගෙ දුර්වලතා, රහස්, ඔයාගෙ හීන හොයනවා. එයාලා දන්නවා. කුමන බොත්තම එබිය යුතුද සහ ඔබට පිටුපසින් පිහියෙන් අනින්නේකෙසේද කියා"තරුණ දැරිය මෙසේ ඇසුවාය."ව්‍යාජ මිතුරන් වටකර ගැනීමෙන් මා ගැලවෙන්නේ කෙසේද...?"වයෝවෘද්ධ කාන්තාව මඳ වේලාවක් නතර වී මෙසේ ඇසුවාය."කුඩා වත්තක් සහ වනාන්තරයක් අතර, සර්පයන් සහ ගෝනුස්සන් වැඩිපුර සිටින්නේ කොයි එකේද..?"තරුණ දැරිය පිළිතුරු දුන්නේ:"වනාන්තරය, නිසැකවම!"වයෝවෘද්ධ කාන්තාව සිනාසෙමින් මෙසේ පැවසුවාය."හොඳයි! ඔබ කුඩා වත්තක් මෙන් ඔබේ මිතුරු කවය කුඩා කර ගත් විට, ඔබට සර්පයන් සහ ගෝනුස්සන් ගැන කරදර වීමට සිදු නොවේ, මීයන් පවා අඩු වේ. ඔබ සමග ගැවසෙන පුද්ගලයින් අඩු වන තරමට ඔබට මුහුණ දීමට සිදුවන කරදර අඩු වනු ඇතමම තරුණ වියේදී, මට ඉතා විශාල මිතුරන් පිරිසක් සිටියා. සෑම කෙනෙකුම ඔබව බොහෝ හඳුනන අය විය හැකි නමුත් සැබෑ මිතුරන් සැමවිටම ඔබ ආදරය කරන සහ විශ්වාස කරන කිහිප දෙනෙකු පමණක් අවසානයේ වනු ඇත."