Thursday, November 10, 2011
Belihuloya
Belihuloya Slideshow Slideshow: මෙතනින් යන්න. TripAdvisor™ TripWow ★ Belihuloya Slideshow Slideshow ★ to Polonnaruwa, Belihuloya (near Ella) and Deniyaya. Stunning free travel slideshows on TripAdvisor
Tuesday, November 08, 2011
විශ්වාස කරනවද ?.
Friday, November 04, 2011
යදමින් බැද - විශාරද නන්දා මාලණී
යදමින් බැද විලංගු ලා මගේ පුතා
රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.
කාකා බිබි නටන අතර නරුම
යහළු හෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල
පාසල් වල අමනයන්
රට ගිණිගෙන ඇති වග දුටු
මගේ එකම පුතනුවන්
එ ගිණි නිවන මග නිවන මග සෙවීම
වරදක් දැයි මට කියන්
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.
ගිණි ගන්නා රටක කෙළින
මී හරකුන් වැනි පුතුන්
කුමකටද මට මහ විරුවෙකි
සිරගෙයි මල මගේ පුතුන්
කෝටි ගනන් බිහිවේවා
මගේ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම්
එවන් පුතුන් ලග උතුම්
යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇගිලි තලා
දෙතිස් වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම
දඩුවම් දෙන වරදනම්.
කුමට එරට අධිකරනය නිතිය සහ විනිසුරන්.
රට කරවන්න නම් ........ විශාරද නන්දා මාලණී
රට කරවන්නට නම් - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය
යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
දළදා මැදුර
අධිකව
මිළ කල හැකිය
සිරිමා බෝධියේ
ලන්සුව පැහැදිලිය
කළු ගල්වලට
විකුණාගෙන සීගිරිය
සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්නට නම් - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය
යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
හෝරටන් තැන්න
දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය
ලී මෝලකට
දුන්හිද ඇල්ල හරවා
ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු
හෝටලයකට
රට කරවන්නට නම් - රට කරවන්නට නම්
මසුරන් ඇතිව කැටේ
වටිනා කියනදේ
විකිණිය
යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත්
අප හැම මකර කටේ.
Sunday, October 30, 2011
දවසම අප්සට් !.
![]() |
ආවේ මෙන්න මේ දඩුමොනර යන්ත්‍රයෙන්. |
පාන්දරින්ම
අපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලෙට
ගියේ පුංචි පහේ වැඩක් කර ගන්න.
වෙනදා ප්‍රාදේශිය
ලේකම් තුමාගේ වාහනය ගාල් කරන තැන අද අමුතු වාහනයක්.
දඩු මොනර යන්ත්‍රයක් වගේ.
එක පාරටම හිතුනේ රාවනා රජ්ජුරුවෝ මොකක් හරි වැඩකට
පාන්දරින් ඔෆීස් එකට එන්න ඇති කියලා.
මිනිහාටත් අද වතුර පොදක් වත් නැතිව හවස් වෙනකම් මිස්ලා මැඩම්ලා මහත්තුරු ගාවා මේසේ ලග එටෙන්සන් ගහ ගෙන යටත් පහත්ව වේලෙන්න වෙයි කියලා හිතා ගෙන , කාකසයත් දොර ගාවා නැති හින්දා ප්‍රාලේගේ කාර්යාල කාමරේට ඔළුව දැම්මා.
මිනිහාටත් අද වතුර පොදක් වත් නැතිව හවස් වෙනකම් මිස්ලා මැඩම්ලා මහත්තුරු ගාවා මේසේ ලග එටෙන්සන් ගහ ගෙන යටත් පහත්ව වේලෙන්න වෙයි කියලා හිතා ගෙන , කාකසයත් දොර ගාවා නැති හින්දා ප්‍රාලේගේ කාර්යාල කාමරේට ඔළුව දැම්මා.
![]() |
ඔඩිට් එකක් !. |
අම්මෝ ශක්‍ර දෙවියෝ පාන්දර ඇවිත් වැඩ චෙක් කරනවා
!.අවුරුදු ගානක ඉදන්මේසේ උඩ රාක්කයේ ගොඩ ගැහිච්ච වැඩ !.
අද නම්
බඩුම තමයි. කියලා හිතට ආවම පොඩි ජොලියකුත් ආවා.
අද මගේ වැඩෙත් ටක් ගාලා ඔෆීස් එකේ මහත්තුරු කරදුන්නා.
දෙවියන්ගේ අනු හසින්ද කොහෙද ?.
යන්තම් වැහිපොදෙත් එක්ක පාරට බැස්සා .
යන්තම් වැහිපොදෙත් එක්ක පාරට බැස්සා .
කුඩේ ගෙනියන්න කවදත්
පුරුද්දක් නැති මීදුම ගෙදර ගියාම නිදහසට කරුණු කාරනා කියන්න , කරුණු කාරනා එකතු කර
කර කඩ පිලකට වෙලා වැස්ස තුරුල් වෙනකම් බලා ගෙන හිටියා.
මෙන්න බොලේ ! අළුත් අදහසක් .
මෙන්න බොලේ ! අළුත් අදහසක් .
![]() |
අළුත් අදහසක් !. |
වැස්ස පෑව්වා දුවලා දුවලා ගිහින් ප්‍රයිවට් බස්
එකකට නැග්ගා. වැස්ස නිසා සෙනග අඩුයි කියලා වැස්සට බනින කොන්දොස්තර කොළුවාගේ කන්දොස්ක්‍රියාව
බස් එකේ ශබ්ද විකාශණයෙන් නැගෙන සුභාවිත
ගීතය පරදවා ගෙන ඇහෙද්දී කවුළුවෙන් පාර දිහා බැළුවා.
මෙන්න සහෝදරයෝ හතර දෙනාම එකම වාහනේ !.
කොන්දොස්තර කොළුවාට එකටත් තද වෙලා. !
මෙන්න සහෝදරයෝ හතර දෙනාම එකම වාහනේ !.
කොන්දොස්තර කොළුවාට එකටත් තද වෙලා. !
![]() |
සහෝදරයේ හතර දෙනෙක් !. |
හෝල්ට් එකෙන් බස් එකෙන් බැහැලා පෙති පෙති කපාපු පාන් බෑග් එකකුත් අරගෙන ඇවිද
ගෙන යන කොට මෙන්න ඩොක්ටර් ගාවට බෙහෙත්
ගන්න යන අම්මයි දරුවෝ දෙන්නයි !. ප්‍රයිවට් චැනල් සෙන්ටර් එකක් හොයනවා.
![]() |
කාටද බෙහෙත් ගන්න යන්නේ !. |
මේ තුන්දෙනා දැකලා තවත් මහත්තෙක් කැමරාව මාන ගෙන
පින්තූර ගන්නවා.
මම ඇස් දෙක පියා ගෙන ඔළුව තදින්ම හොලවලා බැළුවා මට අප්සට්ද ? කියලා
Tuesday, October 25, 2011
කලාවැවේ නිල් දියවර අපේ අම්මා - දිවුල්ගනේ.
ගමට කලින් හිරු
මුළු තැන් ගෙට වඩනා
ඒ හිරු එළියේ
නැන මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ
අද ලොවුතුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.
රෑ කරුවල අරගෙන
දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කරුවල ඇවිදින්
ඉකිබිද ඇඩුවත්
හිත නෑ නිදි විද ගන්නේ
හෙට අරුනට සැරසෙන
තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමයාවනි, කවාදා දෝ ඔය නෙත්
දරු සෙනෙහෙසින් මිදෙන්නේ
වෙල් එලි වල ඇවිදෙන
දෙපා රිදෙන විට
විහග ගීත බණ පද වේවා
බෝමළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ - ඔබේ නැලවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා
ගමට කලින් හිරු
මුළු තැන් ගෙට වඩනා
ඒ හිරු එළියේ
නැන මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ අද
ලොවුතුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගේය පද - සුනිල් දයානන්ද කෝණාර
Saturday, October 22, 2011
Beautiful yacht.
Yes you
read it right, a whole amazing island built right on a beautiful yacht. Created
by
UK-based yacht design company Yacht
Island Designs, bringing a whole island on to a yacht.
The design as you can see is inspired by tropical islands, with huts, a pool and to top of that, a whole volcano that is sure not to erupt. Since this is a yacht, it comes packed with special VIP rooms, arcades, gym, lounges, spas and even a helipad. The volcano adds a lot of beauty to the whole look of the yacht, it also happens to have water flowing out of it onto the pool creating this amazing river complementing the whole tropical look.
The back of the yacht has a retractable beach deck where structures float on the sea making the sea accessible to swim in and of course grant access to various water activities such as wake boarding and jet-skis. The whole concept is pure genius and the result looks even better.
The design as you can see is inspired by tropical islands, with huts, a pool and to top of that, a whole volcano that is sure not to erupt. Since this is a yacht, it comes packed with special VIP rooms, arcades, gym, lounges, spas and even a helipad. The volcano adds a lot of beauty to the whole look of the yacht, it also happens to have water flowing out of it onto the pool creating this amazing river complementing the whole tropical look.
The back of the yacht has a retractable beach deck where structures float on the sea making the sea accessible to swim in and of course grant access to various water activities such as wake boarding and jet-skis. The whole concept is pure genius and the result looks even better.
Image from http://1.bp.blogspot.com/-Lbq-qcMekrs/TqLKHp9UlcI/AAAAAAA...
Wednesday, October 19, 2011
සේරුවාවිල රජ මහා විහාරය.
1921
වසරේ දී දඔගස්ආරේ සුමේධංකර මහා නා හිමියන් ඉතා දුෂ්කර ගමනක් ගෙවා මෙම පුද බිම සොයා
පැමිණෙන විට චෛත්‍ය මහ වන ගහනක් මැද රූස්ස ගස් කොළන් වලට මැදිව පස් ගොඩැල්ලක් ලෙස තිබි
ඇත. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් සහ බෞද්ධ දානපතියන්ගේ සහයෙන් මෙම පස් ගොඩැල්ල මහා සෑයක් ලෙස
පුණරුප්පත්තිය ලබන්නේ 1924 වසරේ දීය . 1930 සැප්තැම්බර් මාසයේ
දී කොත් පැළඳවීමෙන් චෛත්‍ය කර්මාන්තය
සම්පූර්ණ වන්නේය.
1984
වසරේදී සුමේධංකර මහා නා හිමියන්ගේ අපවත් වීමෙන් පසුව මෙම ඓතිහාසික රජ මහා විහාරයේ වර්මාණ
විහාරාධිපතිත්වයට පත්වන්නේ සේරුවිල සරණකිත්ති නාහිමියන් ය. කොටි ත්‍රස්තවාදය විසින්
යලිත් අඳුරු කාලයක් උදා කර දී තනිවන්නට ඉඩ
හැර තිබු සමය නිමා කර අද යලිත් පිබිදෙන සේරුවාවිල රජ මහා විහාරය නැගණහිර සංචාරය යෙදෙන කොයි
කාගේත් වන්දනාවට පත්වන පුදබිමකි.
ත්‍රිකුණාමලයේ සිට
සේරුවාවිල පුද බිමට වන්දනාමාන කිරීම සඳහා යන්නේ නම් මුහුද හරහා මෙන්ම ගොඩබිම මතින්
ද ගමන් කළ හැකි මාර්ග කිහිපයකි
- Ø මින් එක් මගකින් ත්‍රිකුණාමලයේ සිට බෝට්ටුවෙන් කි.මී. 14 1/2 ක් පමණ දුරක් පමණ මුතූර් දක්වා ගමන් කර එතැන් සිට තවත් කි.මී. 16 ක් පමණ ගමන් කර සේරුවාවිල රජ මහා විහාරයට ලගාවිය හැක..
- Ø තවත් මගක් වන්නේ ත්‍රිකුණාමලයේ සිට කින්නියාතොට, උප්පුආරුතොට හරහා පැමිණෙන විට කි.මී. 15 කට ආසන්න දුරක් ගෙවීමෙන් මෙම පුද බිමට ළඟාවිය හැකි ය.
- Ø කන්තලේ සිට සේරුවාවිල දක්වා වැටී ඇති මාර්ගයේ දී කි.මීටර් 90 ක පමණ දුරක් ගෙවා සේරුවාවිල පුද බිම වෙත පැමිණිය හැකි ය.
මාගම රාජ පරපුර ආරක්ෂා
කරගෙන සිටි බව කියන සර්වඥයන් වහන්සේගේ ලලාට ධාතුව සහ තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන්ට
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේස ධාතූන් ගෙන් කොටසක් ද නිධන් කර සෑදූ
මහා සෑය මංගල මහා සෑය වශයෙන් වහරණු ලබන අතර මීට වසර දෙදහස් දෙසීය ගණනකට පෙර මෙම
ස්තූපය සඟසතු කර පූජා කර ඇත්තේ චුල්ල පිණ්ඩපාතික හා තිස්ස විහාරයේ සාගල නම් භික්ෂූන්
වහන්සේගේ උපදෙස් පරිදි බව ද ධාතුවංශයේ සඳහන් වෙයි.
එදා ලංකාවේ පළාත් බෙදීම්
අනුව, රුහුණු බෞද්ධ රාජ්‍යයේ කෙළවර
පිහිටි මෙම පුදබිමෙහි කාවන්තිස්ස රජතුමා විසින් තුන් යොදුනක් මානයේ ගම් බිම් පුදා
මෙම පූජනීය පුදබිමෙහි මතු දියුණුවට වැඩ සැලසූ බවත් වංශකතාවන්හි සඳහන් වෙයි.
Subscribe to:
Posts (Atom)