Friday, August 23, 2024

කවුරු දිනයිදද ?.




2019 ජනාධිපතිවරණය 

 

ගම්පහ දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 855,870 (59.28%)

සජිත් ප්රේමදාස- ඡන්ද 494,671 (34.26%)

කළුතර දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 482,920 (59.49%)

සජිත් ප්රේමදාස- ඡන්ද 284,213 (35.01%)

මහනුවර දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 471,502 (50.43%)

සජිත් ප්රේමදාස- ඡන්ද 417,355 (44.64%)

මාතලේ දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 187,821 (55.37%)

සජිත් ප්රේමදාස- ඡන්ද 134,291 (39.59%)

නුුවරඑළිය දිස්ත්‍රික්කය

සජිත් ප්රේමදාස- ඡන්ද 277,913 (58.28%)

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 175,823 (36.87%)

ගාල්ල දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 466,148 (64.26%)

සජිත් ප්රේමදාස- ඡන්ද 217,401 (29.97%)

මාතර දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 374,481 (67.25%)

සජිත් ප්රේමදාස- ඡන්ද 149,026 (26.76%)

හම්බන්තොට දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 278,804 (66.17%)

සජිත් ප්රේමදාස- ඡන්ද 108,906 (25.85%)

යාපනය දිස්ත්‍රික්කය

සජිත් ප්රේමදාස- ඡන්ද 312,722 (83,86%)

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 23,261 (6.24%)

වන්නි දිස්ත්‍රික්කය

සජිත් ප්රේමදාස- ඡන්ද 174,739 (82.12%)

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 26,105 (12.27%)

මඩකලපුව දිස්ත්‍රික්කය

සජිත් ප්රේමදාස- ඡන්ද 238,649 (78.70%)

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 38,460 (12.68%)

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

සජිත් ප්රේමදාස- ඡන්ද 259,673 (63.09%)

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 135,058 (32.82%)

කුරුනෑගල දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 652,278 (57.90%)

සජිත් ප්රේමදාස- ඡන්ද 416,961 (37.01%)

පුත්තලම  දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 230,760 (50.83%)

සජිත් ප්රේමදාස- ඡන්ද 199,356 (43.91%)

අනුාධපුරය  දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 342,223 (58.97%)

සජිත් ප්රේමදාස- ඡන්ද 202,348 (34.87%)

 

පොලෙන්නරුව දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 147,340 (53.01%)

සජිත් ප්රේමදාස- ඡන්ද 112,473 (40.47%)

බදුල්ල දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 276,211 (49.29%)

සජිත් ප්රේමදාස- ඡන්ද 251,706 (44.92%)

මොනරාගල දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 208,814 (65.34%)

සජිත් ප්රේමදාස- ඡන්ද 92,539 (28.95%)

රත්නපුර  දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 448,044 (59.93%)

සජිත් ප්රේමදාස- ඡන්ද 264,503 (35.38%)

කෑගල්ල දිස්ත්‍රික්කය

ගෝඨාභය රාජපක්ෂ- ඡන්ද 320,484 (55.66%)

සජිත් ප්රේමදාස- ඡන්ද 228,032 (39.60%)

 

සමස්ත ඡන්ද ප්‍රතිපලය.

ගෝඨාභය රාජපක්ෂ (ශ්රී ලංකා පොදුජන පෙරමුණ)- ඡන්ද 6,924,255 (52.25%)

සජිත් ප්රේමදාස (නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ)- ඡන්ද 5,564,239 (41,99%)

අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)- ඡන්ද 418,553 (3.16)


A day in the life

Thursday, August 22, 2024

·සල්ලි වලට වස කවන අපේම මිනිස්සු



 



මේ කතාව යෝගට් ගැනයි

මේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි නිශාපාදන සමග ලොකු සම්බන්දයක් තියෙන... ලොකු පලපුරුද්දක් තියෙන මහත්මයෙක්.. ඔහු තමා ඒ කිරි නිශ්පාදන ආයතනයේ නිශ්පාදන මෙහෙයුම් අධ්‍යක්ශකවරයා... සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්.. ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා ලංකාවේ යෝගට් ගැන..ඔහු කියපු දේවල් ඇහුවාම අපිට තරු වීසි උනා ..ඒ නිසයි මේක ලියන්නම හිතුනේ..
යෝගට් සඳහා හොදා ගන්නේ එළකිරි.. මුහුන්.. රසකාරක.. ප්‍රදානවශයෙන්ම... ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්.. කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්යත් එකතු කරනවා.. ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන..
යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැනි රසයක් නෙවෙයි.. ඒත් සමහර ප්‍රසිද්ද යෝගට් කනකොට සෑහෙන්න පැනි රසයි.. ඒ වගේම ඝනයි.. මම ඒකට හෙතුව අර මහත්මයාගෙන් ඇහුවාම ඔහු දුන්න උත්තරේ මේන්න..
" යෝගට් වලට හොඳම එලකිරි ඕනෙ.. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුලු වශයෙන් එකතු කරනවා..මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලන්කාවේ තියෙනවා..එයාලා කරන්නේ.. ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අදික ලෙස යොදන එක. ඒ යෝගත් හරි උකුයි.පැනි රසයි.. හැන්දෙන් යෝගට්ගන්නකොටම තේරෙනවා උකුයි කියලා.. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට.. හොද යෝගට් එකක් ඇඹුල්.. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක..ඒ හොද එලකිරි දාලා හරියට හදන යෝගට්..ඒත් අර ජෙලටින්..පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ..ඒවා අදික පැනි රසයි.. ඝනයි.. ඒකනිසා පොඩි ලමයි වැඩියෙන් කැමති පැනි රස යෝගත් එකට..
දැන් මොකක්ද මේ පැනි රස යෝගට් එකේ අවුල.. මම ඒකත් ඇහුවා..එතකොට තම නියම කතාව කිව්වේ.
සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිද දෙවල් එකතු කරනවලු.. යුරියා...කිරිපිටි...සීනි වගේ දෙවල්...එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවලඒත් දෙමල අය ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ..ඒ දෙමල අයගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුනාත්මක එලකිරි තියෙන්නේ දෙමල අය ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්..
කිරි පිටි දාන එකේ අවුල මොකක්ද..කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා..අවුල තියෙන්නේ ඒ දාන කිරිපිටිවලයි... ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකෙනෙනවා එක එක නම් වලින්.. ඒ නම් ගහන්නෙත් පිටකොටුවෙමලු... නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා.. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ.. ඒ පිටි තමා ලන්කාවේ ගොඩාක් හෝටල් වල බොන්න දෙන්නේ.. ගාන ගොඩාක් අඩුයි... අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ..නොයෙක් වස විස දානවා ඒවට..
තුනක් ගත්තාම එකක් දෙනවා වගේ ප්‍රයෝග දාලා එක එක නම් වලින් විකුනන ජරාව පොඩි අයට දෙන්නම එපා..අර මහලොකු ඇඩ් දාලා විකුනන බහුජාතික සමාගමේ යෝගත් නම් දෙන්නම එපා පොඩි අයට.. ඕනෙනම් කාලා බලන්න.. සෑහෙන්න පැනි රසයි.. ඝනයි.. එහෙම වෙන්නේ ජෙලටින් හා සීනි එක්ක පිටිකිරිවලින් හදන නිසා...
කෝන් ෆ්ලවර්...යුරියා.. වීසිකරන ජරා පිටිකිරි.. ඔබේ පොඩි එකාට ගිල්ලවන්න එපා... පව්..
------ Edited 2020-09-05 -------
සාමාන්‍යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය සති 2යි. ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනේ...
දැනට අපේ රටේ වෙළදපොලේ තිබෙන ප්‍රධාන යෝගට් වර්ග බොහොමයක් අරගෙන මම බලලා තියෙනවා සති 2ට වඩා අඩුවෙන් තියාගන්න පුලුවන් මොනවද කියලා. එතකොට මම දැකපු දෙයක් තමයි ඇත්තටම කල් ඉකුත්වීමේ දිනය සති 2ට සීමා වෙලා තිබුණ එකම යෝගට් එක හයිලන්ඩ් යෝගට් එක කියලා.
- මහාචාර්ය ශිරාණි රණසිංහ
වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
තවත් කෙනෙකුට කියවන්න ශෙයා කරන්න
සම්මා සම්බුදු සරණයි !

සටහන---අභිමානය මෙටාවෙන්.
A day in the life

Wednesday, August 21, 2024

ගජමන් නෝනාට පෙම් කළ ඇලපාත මුදලි .




ඇලපාත හාමුදුරුවෝ තම සිවුරු හැර ගිහි ජීවිතයට පැමිණියේ ගජමන් නෝනාගේ ගෘංගාර කවි පිළිතුරු නිසා බවත් සමහර ජනප්‍රවාදවල කියවෙනවා. ඇලපාත මුදලි කෙසේ හෝ ගජමන් නෝනා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගන්නට නිතර උත්සාහ කර තිබෙනවා. සැමියා මිය යාමේ ශෝකයෙන් සිටි ගජමන් නෝනා එයට මුලදී ඉඩ දී නැහැ. සැමියාගේ මරණයෙන් අවුරුදු හයකට පසුව ගජමන් නෝනා ඇලපාත මුදලි සමඟ පෙමින් බැඳෙනවා. ඉන්පසුව ඇලපාත මුදලි ගජමන් නෝනා සොයාගෙන නිතර පැමිණෙනවා.

ඇලපාත මුදලි ද මාතර යුගයේ සිටි ප්‍රකට කවිකාරයෙකි. ඔහු සුරූපී ගජමන් කිවිඳියගේ සිත ගන්නට විශේෂ වෑයමක්‌ දැරූ අයෙකු ලෙස ප්‍රසිද්ධය. ඔහු විටක ඇයගේ ගුණ වර්ණනා කළ අතර විටෙක අගුණ ප්‍රකාශ කළේය. තව විටෙක ඇයට අව කැපෙන දේ කියමින් හිංසා කළ බව පෙනේ. මේ ඇලපාත ඇගේ ගුණ වැනූ සැටිය.

“මදමත් දිග සොඬින් දස අත පිඹින්නි ය
ලැමපත් පියයුරන් හස පොළඹවන්නි ය
සිරිමත් එගජමන් නෝනා ඇතින්නි ය
සිත ගත් රඹ උයන සිඳ බිඳ හෙලන්නි ය“
ඉන් ඇගේ හැඩ රුව, සිරුරේ මහත දෙහෙත පමණක්‌ නොව ඇගේ කාමාශක්‌ත බව ද මතු වී පෙනේ. මුදලිතුමන්ගේ කවියට ඇය කවි දෙකක්‌ම ලීවාය.
“නාම රුක පසිඳු ඇලපාතින් පොරණ
සේම දළු ලමින් නැණ අතු විය දියුණ
සෝම ගුණ දහම් පල ඉදෙමින් නැමුන
කාම නල වැදී සහමූලයෙන් බිඳුන“
“වැස තදින් ගලන සිව් ඕගය ඈත
විසරමින් පිරීගිය නොර මෑත
නව දහම් බැම්ම බැඳ වෙර ඇල පාත
බිඳ ගොසින් වැටුණි නාරිය තොට ඈත“
ඇලපාත මුදලි සමග තහනම් ප්‍රේමයේ රස පහස භුක්ති විඳීමට ඇය පටන් ගන්නවා. අවුරුදු කීපයකින් පසුව ගජමන් නෝනාගේ රූසිරිය වැහැරී යන්නට වූ විට ඇලපාත මුදලි ඇය හැරදමා ගමට ගොස් පවුල් ජීවිතයක් ආරම්භ කළ බවයි පැවසෙන්නේ. ඉන් පසුව ගජමන් නෝනා ආර්ථික වශයෙන් ද විශාල ගැටලුවලට මුහුණ පානවා. කලකිරීමට පත් ගජමන් නෝනා සියතින් පිහියෙන් ගෙල සිඳගෙන මරණයට පත්වූ බව කියවෙනවා. ඇය සියදිවි නසා ගත්තේ 1814. 12. 15 දින බව රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් කෘතියේ එච්. එම්. ජයන්ත විජේරත්න‍ සඳහන් කරනවා. කිවිඳියගේ මළගමට ඇලපාත මුදලි පැමිණෙන අතර අවමඟුලේ කටයුතු සිදු වන්නේ ඔහුගේ මූලිකත්වයෙන්.
ඇලපාත මුදලි සහ සබරගමුව පාලනය කළ ඇහැලේපොල අදිකාරම අතර පෞද්ගලික හේතු නිසා විසරකයක් හටගත් බව පැවසෙනවා. මේ නිසා ඇලපාත නිලමේ දේපල ඇහැලේපොළ පවරාගනීවි යයි බියෙන් පසුවූ බව ජෝන් ඩෙයිලිගේ සටහන්වලින් පේනවා. ජෝන් ඩොයිලිගේ දිනපොතට අනුව 1816 මැයි 4 දා බටුගෙදර දී ඇලපාත උණ රෝගයෙන් ඔත්පල වෙනවා. දින කිහිපයකට පසුව ඇලපාත මහ වලව්වට ගෙන යාමෙන් පසු ඔහු මරණයට පත් වෙනවා.
මියයනවිට ඔහුගේ වයස අවුරුදු 36ක් පමණයි. ඔහුගේ අවසන් කටයුතු වලව්ව අසල විහාරයකදී සිදුකර තිබෙනවා. භෂ්මාවශේෂ තැන්පත් කර සොහොන් කොතක් ද ඉදිකර තිබෙන බව ඩොයිලි සඳහන් කරනවා. තවත් ජනප්‍රවාදවල සඳහන් වන්නේ ඇහැලේපොළ වෙනත් කෙනකු ලවා වස දී ඇලපාත මරණයට පත්කළ බව යි.

උපුටා ගැනීමකි - ස්තූතිය මුල් හිමිකරුට.

Nimal Perera

A day in the life

Tuesday, August 20, 2024

මුහුදක් අසලකවත් නැති ලීච්ටන්ස්ටයින් රාජ්‍යය


 


මුහුදක් අයිති නොමැති රටවල් එහෙම නැත්නම්, ලෑන්ඩ් ලෝක් රටවල් ගැන ඔබ අසා තිබෙන්න පුළුවන්. එවැනි රටවල්වලට මුහුදක් අයත් නොවන අතර වට වී තිබෙන්නේ අසල්වැසි රටවල්වලින් පමණ යි.
මුහුදක් නොමැතිව වෙනත් රටවල්වලින් පමණක් වට වී තිබෙන රටවල් 49ක් ලෝකය පුරා විසිරී තිබෙනවා. මෙවැනි රටවල් ආනයන, අපනයන ක්‍රියාවලියේ දී දැඩි අපහසුතාවලට ලක් වෙන්නේ ඔවුන් සතුව වරායන් නොමැතිකම හේතුවෙන්. රට කුමන පැත්තකින් හෝ මුහුදට නිරාවරණය නොවීම රට තුළ ආර්ථිකය දුර්වල කිරීමට බලපාන එක් සාධකයක්. එවැනි බොහෝ රටවල්වල ආර්ථිකය එතරම් යහපත් නෑ.


යම් රටක් වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ තවත් රටවල් කිහිපයකින්නම් එවැනි රටවල් හඳුන්වන්නේ ඩබල් ලෑන්ඩ් ලෝක්ඩ් රටවල් ලෙස යි. එවැනි රටවල් දෙකක් ලෝකයේ පිහිටා තිබෙන අතර, ඒවා මධ්‍යම යුරෝපයේ පිහිටි ලීච්ටන්ස්ටයින් හා ආසියානු කලාපයේ පිහිටි උස්බෙකිස්තානය ලෙස නම් කළ හැකියි.
රටවල්වලින් වට වීම ආර්ථිකය කඩා වැටීමට බලපාන හේතුවක් වුව ද, ලීච්ටන්ස්ටයින් යන රට එම කරුණු මුසාවක් බවට පත් කරමින් දළ දේශීය නිෂ්පාදිතය අතින් මෙන්ම පුද්ගල රැකියා නියුක්තික ප්‍රතිශතය ද ඉහළ මට්ටමක පවතින ප්‍රමුඛ පෙළෙහි රටක් ලෙස හඳුන්වා දිය හැකියි. ඉතින් අද ලිපිය ලීච්ටන්ස්ටයින් පිළිබඳව යි.


මධ්‍යම යුරෝපීය රටක් වන ලීච්ටන්ස්ටයින් බටහිරෙන් හා දකුණෙන් සීමා වී තිබෙන්නේ ස්විස්ටර්ලන්තයට යි. ස්විස්ටර්ලන්තයට ද මුහුදක් නොමැති අතර වට වී තිබෙන්නේ රටවල් කිහිපයකින් ය. ලීච්ටන්ස්ටයින්හි නැගෙනහිර හා උතුරු දේශ සීමා අවසන් වන්නේ ඔස්ට්‍රියාවෙන්. ඔස්ට්‍රියාව ද ගොඩබිමෙන් පමණක් වට වූ රාජ්‍යක් ලෙස නම් කළ හැකියි. මේ පිහිටීම හේතුවෙන් වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ ගොඩබිමෙන් පමණක් හෙවත් ඩබල් ලෑන්ඩ් ලෝක්ඩ් රටක් ලෙස ලීච්ටන්ස්ටයින් හඳුන්වනු ලබනවා.

ව. කි. මී. 160ක වැනි කුඩා ඉඩ ප්‍රමාණයක් මෙම රටට අයත් වන අතර, ලෝකයේ කුඩාම රටවල් අතරින් හය වන ස්ථානය ද, යුරෝපයේ පිහිටි කුඩාම රටවල් අතරින් හතරවන ස්ථානය ද හිමිකරගෙන සිටිනවා.
38,000කට ආසන්න කුඩා ජනගහනයකින් යුක්ත මෙම රට පාලනය සඳහා කොටස් 11කට බෙදා වෙන්කර තිබෙනවා. ප්‍රධාන නගරය ලෙස හඳුන්වන්නේ ෆදුට්ස්.
රටේ සුවිශේෂී කාරණයක් ලෙස සඳහන් කලොත් අපරාධ හා මිනීමැරුම් අඩු රටවල් අතරට මෙම රට ද ඇතුළත් වෙනවා. එහි අවසන් මනුෂ්‍ය ඝාතනය වාර්තා වෙන්නේ 1997 වසරේ දී යි. තව ද සිර කඳවුරුවල දිවි ගෙවන පිරිස ඉතා අඩු අගයක් ගන්නවා.
ඒ වගේම ලෝකය තුළ භාවිතා වෙන බොරු දත් කුට්ටම්වලින් 20%ක් සපයනු ලබන්නේ ලීච්ටන්ස්ටයින්හි කර්මාන්තශාලා විසින්. තව ද බොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය සමග මෙම කර්මාන්තශාලා බොරු දත් වෙළඳාම පිළිබඳව සම්බන්ධතා පවත්වනු ලබනවා.

මුළු රටේම වැසියන්ව වසරේ එක දිනයක රජ මාළිගයට කැඳවන අතර එම දිනය පුරා මුළු රජ මාළිගාවම උත්සවශ්‍රීයෙන් ඇලළී යාම ද මෙරට දකින්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණයක්.

වට වී තිබෙන රටවල් ද වට වී තිබෙන්නේ තවත් රටවල් කිහිපයකින් වූවත්, එය බාධාවක් නොකරගෙන ඉතා ඉහළ ආර්ථිකයකට හිමිකම් කියන කුඩා ලීච්ටන්ස්ටයින් රාජ්‍යය ලෝකයේ අනෙකුත් රටවලට මනා ආදර්ශයක්.
A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon