භාවනාව මෙන්ම බුද්ධ ධර්මය ගැඹුරින් හැදැරීම අද බොහෝ දෙනා සාකච්ඡා කරන මාතෘකාවකි .මෙවැනි සමහරු අතර සෝවාන් වූ අයත් අනාගාමි වු අයත් සිටින බව ප්රකාශිතව පවතී. අධ්‍යාපනික කටයුතු ඉහල මට්ටමට ගිය විශ්‍රාමික බොහෝ දෙනා බුද්ධ ධර්මය යිළිබද පොත පත පරිශීලනය කිරිමට වැඩි නැඹුරු තාවයක් දක්වන බවක් සම්ප්‍රදායික පන්සල් විහාරස්ථාන වලින් බැහැරව ඇතිවී ඇති භාවනා මධ්‍යස්ථානවලට වඩාත් යොමුවන බවක් දක්නට ලැබේ.
මා බෞද්ධයෙකු වුවත් ගැඹුරින් බුද්ධ ධර්මය හැදෑරුවෙක් නොවෙමි. සෝවාන් ,සකෘදාගාමි අනාගාමි රහත් යයි මාර්ග ඵල හතරක් පිළිබදව පොත පතින් ඉගන තිබේ.අනුරාධපුර යුගයේ ද රහතුන් වහන්සේලා වැඩ සිටි බවක් ද ඉතිහාසය කියවන විට හමුවේ. මාර්ග ඵලයක් ලබා ගැණීමට අපමණ වීර්ය (වෙහෙස) දැරිය යුතු බවත් බුද්ධාගම පොත් පත්වල සදහන් වේ. මමත් එලෙස සිතමි.
මාර්ග ඵල වර්තමානයේ හෑල්ලුවෙන තරම මට නම් විමතියකි. මාර්ග ඵල යන්න විශ්ව විද්‍යාල වලන් පිරිනමන BA,MA PHd Bsc. වැනි උපාධි දැයි විමසුවොත් එයත් පුදුමයට කරුණක් නොවේ. භාවනා පංති පැවත්වේ. සහතික පත්ද ප්‍රධානය වේ. ඒවාට යන අය සෝවාන්වේ අනාගාමි වේ.(අනා -ගමි නොවේ.)
පසුගිය දිනක මාර්ග ඵල ලාභි මගේ මිත්‍රයෙකු මුන ගැසිනි . රජයේ ඉහල නිලයක් දැරූ ඔහු සේවයෙන් විශ්‍රාම ගෙන දූ දරුවන්ගෙන් නිදහස්ව පූර්ණ කාලිනව බුද්ධ ධර්මය හදාරමින් භාවනා මධ්‍යස්ථානයක භාවනායෝගීව දවස ගෙවයි.ඔහුගේ වර්තමාන ජීවිතය මට නම් මහත්ම පෙරළියකි.රාජ්‍ය සේවය කල යුගයේ වර්තමානයේ මෙන් ජීවන රටාව ගොඩ නැගී තිබුනානම් යහපත් රාජ්‍ය සේවයකුත් සේවයේ පිනින් කියන මාර්ග ඵල ලබන්නට එකල ඹහුට තිබිනි.අපා ගත වන සේවයක යෙදුන ඔහු අද සිල් රකී.ඒ මදිවට මාර්ග ඵලයකට පත්ව ඇති බව ප්‍රචලිත කරයි.
බුදුරජානන් වහන්සේ දාර්ශනිකයෙකි. යහමග යන්නට මග පෙන්වු උත්තමයෙකි.වර්තමානයේ විද්‍යාත්මකව තහවුරු කරගන්නා බොහෝ දේ අතීතයේදි දේශනාකල විද්වතෙකි.
අපි පන්සිල් පද පහ සලකා බලමු .සතුන් නොමරන්ටත්,සොරකම් නොකරන්ටත්, බොරු නොකියන්ටත් කාමයේ වරදවා නොහැසිරෙන්ටත් මත්පැන් පානය නොකරන්ටත් පන්සිල් පද පහෙන් පොරොන්දු කර ගනී.මේ සරල ශීලය රැකීමෙන් පමනක් සියළු දුෂ්චරිතයන්ගෙන් මිදුන ජීවිතයක් ගොඩනගා ගත හැකියයි මම සිතමි.සතුන් යනු සිව්පාවුන් පක්ෂීතන් දිය ගොඩ ජීවත්වන නානාවිධ උරගයින් මසුන් පමනක් නොවේ. මිනිසුන්ද අයත්වේ.කාමයේ වරදවා හැසිරීම ස්ත්‍රී පුරුෂ යම් යම් චර්යාවන්ට පමනක් ලඝු කොට සිතිය යුතු නොවේ. මත්පැන් පානය කිරීමේ ආදීනව අමුතුවෙන් කිවයුතු නොවේ සම්මත රටාවන්ගෙන් බැහැර වීමෙන් කොයි තරම් අසහනයන් ජීවිත තුල ඇතිවන්නේද යන්න අපිට අත්දැකීම් පරිසරයෙන් කොයිතරම් ලැබී ඇත්ද ?.මම වියමන් කලේ වර්තමානයේ භාවනාව ගැන උවත් පන්සිල් ගැන සදහන් කලේ පන්සිල් රැකීමවුවත් ජීවිතයේ සැනසිල්ලට හේතුවක් වන බැව් දක්වන්නටයි.
අත්දැකීම් ඇත්තෝ වෙත්නම් භාවනාව ගැන අදහස් පලකරත්වා මගේ ආරධනාවයි.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
1 day ago